අලං සුත්තං
8. 2. 8. 8.
8. 2. 8. 8.
අලං සුත්තං
අලං සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි -පෙ- ඡහි ආවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලං පරෙසං කතමෙහි ඡහි:
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ ... ඇවැත්නි, දහම් සයෙකින් සමන්වාගත මහණ තමාහට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි. කවර සයෙකින යත්:
ඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී (වහා දක්නාසුලු) ද වෙයි. දැරූ දහමුන්ගේ අර්ත්ථ පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපත්තියට පිළිපන්නේ වෙයි. කල්‍යාණ වචන ඇතියේ කලණබස් හඩ ඇත්තේ ද වෙයි. අරුත් හඟවන විශිෂ්ට වූ නිදොස් වූ පෞර වචනයෙන් සමන්විත වෙයි. සබ්‍රම්සරුනට කරුණු දක්වනුයේත් සමාදන් කරවනුයේත් සමුත්තේජනා කරනුයේත් සම්පහංසනා කරනුයේත් වෙයි.
ඉමෙහි ඛො ආවුසො, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලං පරෙසං.
ඇවැත්නි, මෙ කරුණු සයින් සමන්වාගත වූ මහණ තමාහට සුදුසු වූයේ වෙයි. මෙරමා හට සුදුසු වූයේ වෙයි.
පඤ්චහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං. කතමෙහි පඤ්චහි:
ඇවැත්නි, මෙ කරුණු පසෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වූයේ, මෙරමා හට සුදුසු වූයේ වෙයි. කවර පසෙකින යත්:
ඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී නොම වෙයි. ඇසූ දහම් දරන්නේ වෙයි. දැරූ දහමුන්ගේ අර්ත්ථ පිරික්සනුයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපන්න ද වෙයි ... කලණ වදන් ඇතියේත් වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්වාගත වූ මහණ තම හට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි.
චතුහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං. කතමෙහි චතුහි:
ඇවැත්නි, මෙ කරුණු සතරෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
ඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී ද වෙයි. ඇසූ දහමුන් දරනසුල්ලේ වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු වූයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණ වදන් ඇතියේත් නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක නො වෙයි. මහණෙනි, මෙ සතර කරුණෙන් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
චතුහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො. කතමෙහි චතුහි:
ඇවැත්නි, සතර කරුණෙන් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර සතරෙකින යත්:
ඉධාවුසො භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති. නො ව ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති, නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො අලං පරෙසං. නාලං අත්තනො.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහමුන් දරනසුලු ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුලු ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි ... කලණ බස් ඇතියේ ද වෙයි. ... සබ්‍රම්සරුනට ... සන්දර්ශක ද වෙයි. ඇවැත්නි, මෙ කරුණු සතරින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
තීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං. කතමෙහි තීහි:
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනින්තී ච හොති කුසලෙසු ධම්මෙසු සුතානඤ්ච ධම්මානං ධාරකජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වේ ම ය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණවදන් ඇත්තේත් නො වෙයි. ... සබ්‍රම්සරුනට සන්දර්ශක ද නො වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
තීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං. නාලං අත්තනො කතමෙහි තීහි:
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඉධාවුසො භික්ඛු න භෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛී හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, කල්යාණවාචො ච හොති -පෙ- සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. කලණවදන් ඇත්තේ වෙයි. ... සබ්‍රම්සරුනට සන්දර්ශක ද වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමුන්ගෙන් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
ද්වීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නො පරෙසං, කතමෙහි ද්වීහි:
ඇවැත්නි, දෙදහමෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛී හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුල්ලේත් වෙයි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න ද වෙයි, කලණවදන් ඇත්තේ ද නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්දර්ශක ද නො වෙයි. ඇවැත්නි, මේ දෙදහමින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ද්වීහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො කතමෙහි ද්වීහි:
ඇවැත්නි, දෙදහමෙකින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඉධාවුසො භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති -පෙ- නො ච නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො ආවුසො ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනොති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහම් දරන සැහැවි ඇත්තේ නො වෙයි ... අරුත් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. යහපත් වචනඝෝෂ ඇතියේ යහපත් වදන් ඇතියේ ද වෙයි. පළිබෝධරහිත නිදොස් නො ගිලිහුණු පද ව්‍යඤ්ජන ඇති අරුත් ඇඟවීමෙහි සමත් පිරිපුන් වදනින් සමන්වාගත වෙයි. සබ්‍රම්සරුනට සම්මුඛයෙහි මෙත් කොට දක්වයි, සමාදන් කරවයි, උත්සාහවත් කරයි, ගුණ කියමින් සතුටු කරවයි, ඇවැත්නි, මේ දෙදහමින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.