සෙඛපරිහානිය සුත්තං
8. 2. 8. 9.
8. 2. 8. 9.
සෙඛපරිහානිය සුත්තං
සේඛපරිහානිය සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ අට්ඨ:
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්ෂ භික්ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්. කවර අටදෙනෙක යත්:
කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා, භොජනෙ අමත්තඤ්ඤුතා, සංසග්ගාරාමතා, පපඤ්චාරාමතා. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
නවකම්හි නිරත බව ය, අල්ලාපසල්ලාපයෙහි නිරත බව ය, නිද්රායෙහි නිරත බව ය, ගණසඞ්ගණිකායේහි නිරත බව ය, ඉඳුරන්හි නො අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ නොදන්නා බව ය, (පස්වැදෑරුම්) සංසර්ගයෙහි නිරත බව ය, (තණ්හාමානදිට්ඨි) පපඤ්චයන්හි නිරත බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්ෂ භික්ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්.
අට්ඨිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ අට්ඨ:
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්ෂ භික්ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර අට දෙනෙක යත්:
න කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, අසංසග්ගාරාමතා, නිප්පපඤ්චාරාමතා. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
නවකම්හි නිරත නොවන බව ය, අලප්සලප්හි නිරත නොවන බව ය, නිද්රායෙහි නිරත නොවන බව ය, ගණසඞ්ගණිකායේහි නිරත නොවන බව ය, ඉඳුරන්හි අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ දන්නා බව ය, සංසර්ගයෙහි නිරත නොවන බව ය, ප්රපඤ්චයන්හි නිරත නොවන බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්ෂ භික්ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්.