යෙදුමෙන් කියවන්න

කුසීතාරම‍්භවත්‍ථු සුත‍්තං

8. 2. 8. 10.

8. 2. 8. 10.

කුසීතාරම‍්භවත්‍ථු සුත‍්තං

කුසීතාරම්භවත්‍ථු සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමානි භික‍්ඛවෙ කුසීතවත්‍ථූනි. කතමානි අට‍්ඨ:

මහණෙනි, මේ කුසීතවත්‍ථු අටදෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:

1. ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනා කම‍්මං කත‍්තබ‍්බං හොති. තස‍්ස එවං හොති: කම‍්මං ඛො මෙ කත‍්තබ‍්බං භවිස‍්සති. කම‍්මං ඛො පන මෙ කරොන‍්තස‍්ස කායො කිලමිස‍්සති හන්‍දාහං නිපජ‍්ජාමීති. සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ පඨමං කුසීතවත්‍ථු.

1. මහණෙනි, මෙ සස්නෙහි මහණ (චීවරවිචාරණාදි) කර්‍ම කටයුතු වෙයි. ඔහුට මෙ බඳු සිත් වේ: “මා විසින් කර්‍ම කටයුතු වන්නේ ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත වෙයි. එහෙයින් මම හොවිමි”යි හේ හොවියි. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ප්‍රථම කුසීතවස්තුවයි.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා කම‍්මං කතං හොති. තස‍්ස එවං හොති: අහං ඛො කම‍්මං අකාසිං, කම‍්මං ඛො පන මෙ කරොන‍්තස‍්ස කායො කිලන‍්තො, හන්‍දාහං නිපජ‍්ජාමීති. සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ දුතියං කුසීතවත්‍ථු.

2. තවද මහණෙනි, මහණ විසින් කර්‍ම කරන ලදුයේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් කර්‍ම කෙළෙම් ම ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ද්විතීය කුසීත වස්තුව යි.

3. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා මග‍්ගො ගන‍්තබ‍්බො හොති. තස‍්ස එවං හොති: ‘මග‍්ගො මෙ ගන‍්තබ‍්බො භවිස‍්සති, මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡන‍්තස‍්ස කායො කිලමිස‍්සති. හන්‍දාහං නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය ඉදං භික‍්ඛවෙ, තතියං කුසීතවත්‍ථු.

3. තවද මහණෙනි, මහණහු විසින් මඟ යා යුතු වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් මඟ යා යුතු වෙයි. මඟ යන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ තෘතීය කුසීත වස්තුව යි.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා මග‍්ගො ගතො හොති. තස‍්ස එවං හොති: අහං ඛො මග‍්ගං අගමාසිං, මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡන‍්තස‍්ස කායො කිලන‍්තො, හන්‍දාහං නිපජ‍්ජාමී’ති, සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ චතුත්‍ථං කුසීතත්‍ථු.

4. තවද මහණෙනි, මහණහු විසින් මඟ ගියේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම මඟ ගියෙම් වෙමි, මඟ යන මාගේ කය ක්ලාන්ත ය. එහෙයින් මම හොවීම්“යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ චතුර්‍ත්‍ථ කුසීත වස්තුව යි.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො න ලභති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො නාලත්‍ථං ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං, තස‍්ස මෙ කායො කිලන‍්තො, අකම‍්මඤ‍්ඤොහං, නිපජ‍්ජාමී’ති. සො නිපජ‍්ජති. -පෙ- අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ පඤ‍්චමං කුසීතවත්‍ථු.

5. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම් ගමෙක වේව යි. පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජනයක් කැමැති තාක් පිරිපුන් කොට නො ලබයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගම්හි වේව යි නියම්ගම්හි වේව යි, පිඬු පිණිස හැසිරෙන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පිරිපුන් කොට නො ලත්මි. ඒ මාගේ කය ක්ලාන්ත ය. මම අකර්‍මණ්‍යයෙමි හොවීම්”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස .... මහණෙනි, මේ පඤ්චම කුසීත වස්තුව යි.

6. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො ලභති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො අලත්‍ථං ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස මෙ කායො ගරුකො අකම‍්මඤ‍්ඤො, මාසාචිතං මඤ‍්ඤෙ, හන්‍දාහං නිපජ‍්ජාමී’ ති සො නිපජ‍්ජති -පෙ- අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ, ඡට‍්ඨං කුසීතවත්‍ථු.

6. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ වූ හේ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සෙරෙනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජන කැමැති තාක් පිරිපුන් කොට ලත්මි. ඒ මාගේ කුස බරෙක් වෙයි. අකර්‍මණ්‍ය වෙයි. තෙත් මෑ ඇටක් මෙනි. (නොහොත් මෑ බත් කෑවකුගේ කුස මෙනි. නොහොත් මෑ ඇට පිරූ පසිබ්බකයක් මෙනි) එහෙයින් මම හොවිමි”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ ෂෂ්ඨ කුසීත වස්තු යි.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනො උප‍්පන‍්නො හොති අප‍්පමත‍්තකො ආබාධො, තස‍්ස එවං හොති: “උප‍්පන‍්නො ඛො මෙ අයං අප‍්පමත‍්තකො ආබාධො, අත්‍ථිකප‍්පො නිපජ‍්ජිතුං හන්‍දාහං නිපජ‍්ජාමී” ති. සො නිපජ‍්ජති -පෙ- අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ සත‍්තමං කුසීතවත්‍ථු.

7. තවද මහණෙනි, මහණහට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. මෙ බඳු සිතෙක් වෙයි: “මට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. හෝනට අදහසෙක් නැත. එහෙයින් මම හොවිමි” යි හේ හොවියි … සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ සප්තම කුසීතවස්තු යි.

8. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ගිලානා වුට‍්ඨිතො හොති, අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. තස‍්ස එවං හොති: අහං ඛො ගිලානා වුට‍්ඨිතො අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා, තස‍්ස මෙ කායො දුබ‍්බලො අකම‍්මඤ‍්ඤො. හන්‍දාහං නිපජ‍්ජාමීති. සො නිපජ‍්ජති, න විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ අට‍්ඨමං කුසීතවත්‍ථු.

8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි. ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇති වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගිලන් බැවින් නැඟි සිටියෙම් ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල වූයේ අකර්‍මණ්‍ය වෙයි. එ හෙයින් මම හොවිමි”යි හේ හොවී. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරනු පිණිස, සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ අෂ්ටම කුසීතවස්තු යි.

ඉමානි ඛො භික‍්ඛවෙ අට‍්ඨ කුසීතවත්‍ථූනී ති.

මහණෙනි, මේ අෂ්ටකුසීත වස්තූහු වෙත්.

අට‍්ඨිමානි භික‍්ඛවෙ ආරම‍්භවත්‍ථූනි, කතමානි අට‍්ඨ:

මහණෙනි, මේ ආරම්භ වත්‍ථු අටෙකි. කවර අටෙක යත්:

1. ඉධ භික‍්ඛවෙ භික‍්ඛුනා කම‍්මං කත‍්තබ‍්බං හොති. තස‍්ස එවං හොති; කම‍්මං ඛො මෙ කත‍්තබ‍්බං භවිස‍්සති, කම‍්මං ඛො පන මෙ කරොන‍්තෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං, හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියායා’ති සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ පඨමං ආරම‍්භවත්‍ථු.

1. මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් (චිචරචිචාරාණාදි) කර්‍මාන්ත කටයුතු වෙයි, ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් කර්‍මාන්ත කටයුතු වෙයි, කර්‍මාන්ත කරන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි, එහෙයින් මම පළමු ම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි” යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ප්‍රථමාරම්භවස්තු යි.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා කම‍්මං කතං හොති. තස‍්ස එවං හොති: අහං ඛො කම‍්මං අකාසිං, කම‍්මං ඛො පනාහං කරොන‍්තො නාසක‍්ඛිං බුද‍්ධානං සාසනං මනසිකාතුං, හන්‍දාහං විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා, අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ දුතියං ආරම‍්භවත්‍ථු.

2. මහණෙනි, තවද මහණහු විසින් කර්‍මාන්ත කෙළේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම වනාහි (චිවරාදි) කර්‍මාන්ත කෙළෙමි. කර්‍මාන්ත කරන මට බුදුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකි වීමි, එ හෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩමි”යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ද්වීතීයාරම්භවස්තු යි.

3. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා මග‍්ගො ගන‍්තබ‍්බො හොති. තස‍්ස එවං හොති: මග‍්ගො ඛො මෙ ගන‍්තබ‍්බො භවිස‍්සති, මග‍්ගං ඛො පන මෙ ගච‍්ඡන‍්තෙන න සුකරං බුද‍්ධානං සාසනං මනසිකාතුං. හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි. -පෙ- ඉදං භික‍්ඛවෙ තතියං ආරම‍්භවත්‍ථු.

3. තවද මහණෙනි, මහණහු විසින් මඟ විසින් මඟ යා යුතු වෙයි. ඔහට හෙ බඳු සිතෙක් වෙයි: “මඟ මා විසින් යා යුතු වෙයි. මඟ යන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. එ හෙයින් මම ... පළමු ව වැර අරඹමි”. මහණෙනි, මේ තෘතීය ආරම්භ වස්තු යි.

4. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛුනා මග‍්ගො ගතො හොති. තස‍්ස එවං හොති: අහං ඛො මග‍්ගං අගමාසිං, මග‍්ගං ඛො පනාහං ගච‍්ඡන‍්තො නාසක‍්ඛිං බුද‍්ධානං සාසනං මනසිකාතුං, හන්‍දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික‍්ඛවෙ චතුත්‍ථං ආරම‍්භවත්‍ථු.

4. තවද මහණෙනි, භික්‍ෂූහු විසින් මඟ යන ලද වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් මඟ ගියෙමි. මඟ යන මට බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකිවීමි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ චතුර්‍ත්‍ථආරම්භ වස්තු යි.

5. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො න ලභති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො නාලත්‍ථං ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං, තස‍්ස මෙ කායො ලහුකො කම‍්මඤ‍්ඤො, හන්‍දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික‍්ඛවෙ පඤ‍්චමං ආරම‍්භවත්‍ථු.

5. මහණෙනි, තවද මහණ ගමෙක වේව්යි නියම් ගමෙක වේවයි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට නො ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට නො ලත්මි. ඒ මාගේ කය ලඝු වූයේත් කර්‍මණ්‍ය වූයේත් වෙයි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ පඤ්චම ආරම්භවස්තු යි.

6. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො ලභති ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය චරන‍්තො අලත්‍ථං ලූඛස‍්ස වා පණීතස‍්ස වා භොජනස‍්ස යාවදත්‍ථං පාරිපූරිං. තස‍්ස මෙ කායො බලවා කම‍්මඤ‍්ඤො, හන්‍දාහං විරියං ආරභාමි -පෙ- ඉදං භික‍්ඛවෙ, ඡට‍්ඨං ආරම‍්භවත්‍ථු.

6. මහණෙනි, තව ද මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට ලත්මි. ඒ මාගේ කය බලවත් වූයේ කර්‍මණ්‍ය වේ. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ ෂෂ්ඨ ආරම්භවස්තු යි.

7. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛුනො උප‍්පන‍්නො හොති අප‍්පමත‍්තකො ආබාධො. තස‍්ස එවං හොති: උප‍්පන‍්නො ඛො මෙ අයං අප‍්පමත‍්තකො ආබාධො. ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආබාධො පවඩ‍්ඪෙය්‍ය, හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි -පෙ- ඉදං භික‍්ඛවෙ, සත‍්තමං ආරම‍්භවත්‍ථු.

7. මහණෙනි, තව ද මහණ හට අල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මට අල්පමාත්‍ර ආබාධය උපනේ වෙයි. යම්හෙයකින් මාගේ මේ ආබාධය වැඩේ නම් තෙල කරුණ විද්‍යාමාන වේ, එහෙයින් මම පළමුම ... වැර අරඹමි”. මහණෙනි, මේ සප්තම ආරම්භවස්තු යි.

8. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු ගිලානා වුට‍්ඨිතො හොති, අචිර වුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. තස‍්ස එවං හොති: අහං ඛො ගිලානා වුට‍්ඨිතො, අචිරවුට‍්ඨිතො ගෙලඤ‍්ඤා. ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආබාධො පච‍්චුදාවත‍්තෙය්‍ය, හන්‍දාහං පටිගච‍්චෙව විරියං ආරභාමි අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. සො විරියං ආරභති අප‍්පත‍්තස‍්ස පත‍්තියා අනධිගතස‍්ස අධිගමාය අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකිරියාය. ඉදං භික‍්ඛවෙ, අට‍්ඨමං ආරම‍්භවත්‍ථු.

8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟි සිටි නො බෝ කල් ඇතියේ ගිලන් බැවින් නැඟි සිටියේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇතියෙම් ගිලන් බැවින් නැඟී සිටියෙම් වෙමි. යම් හෙයකින් මාගේ ආබාධය පෙරළා නැඟී සිටුනේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. එහෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”. හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කිරීම පිණිස වැර අරඹයි. මහණෙනි, මේ අෂ්ටම ආරම්භවස්තු යි.

ඉමානි ඛො භික‍්ඛවෙ, අට‍්ඨ ආරම‍්භවත්‍ථූනීති.

මහණෙනි, මොහු අෂ්ට ආරම්භ වස්තූහු වෙත්.

යමකවග‍්ගො අට‍්ඨමො.

අටවැනි යමකවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ සද‍්ධා ද‍්වෙ මරණසතී - ද‍්වෙ සම‍්පදා අථාපරෙ ඉච‍්ඡා අලං පරිහානං - කුසීතං ආරම‍්භවත්‍ථනීති.

සද්ධාව මුල්කොට ඇති (සමන්තපාසාදිකා) සූත්‍රදෙක ය, මරණ සති සූත්‍ර දෙකය, සම්පදා සූත්‍ර දෙකය, වැලි අනෙක් ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, පරිහාන සූත්‍රය, කුසිතාරම්භවත්‍ථු සූත්‍රය දැයි දසයෙකි.