සතිසම්පජඤ්ඤ සුත්තං
8. 2. 9. 1.
8. 2. 9. 1.
සතිසම්පජඤ්ඤ සුත්තං
සතිසම්පජඤ්ඤ සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සතිසම්පජඤ්ඤෙ භික්ඛවෙ, අසති සම්පජඤ්ඤවිපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය නැති කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය නටුවහුගේ හිරිඔතප් හතොපනිඃශ්‍රය (නටඋපනිඃශ්‍රය ඇතියේ) වෙයි. හිරිඔතප් නැති කල්හි නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රිසංවරය හතොපනිඃශ්‍රය වෙයි. ඉන්ද්රිය සංවරය නැති කල්හි ඉන්ද්රියසංවර විපන්නයාගේ සීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති කල්හි ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්‍යක්සමාධිය නැතිකල්හි සම්‍යක්සමාධි විපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිකල්හි යථාභූත ඥානදර්ශනවිපන්නයාගේ (බලවත් විදර්ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා (ආර්ය්යමාර්ග සඞ්ඛ්‍යාත) විරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිර්වේද විරාගය නැතිකල්හි විරාග විපන්නයාගේ (අර්හත්වඵල හා ප්රත්යවේක්ෂාඥාන සඞ්ඛ්‍යාත) විමුක්තිඥාන දර්ශනය හතොපනිඃශ්‍රය වේ.
සෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නෙ, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, සතිසම්පජඤ්ඤෙ අසති සතිසම්පජඤ්ඤ විපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ අසති හිරොත්තප්ප විපන්නස්ස හතූපනිසං හොති -පෙ- විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, අතුකොළ නැති රුකෙක් යම්සේ වේ නම් එහි පොතු ද පිරිපුන්බවට නො යෙයි, සිවියත් බොරුද් හරත් පිරිපුන්බවට නො යේ. මහණෙනි, එසෙයින් ම ස්මෘතිසම්ප්‍රජන්‍යය නැතිකල්හි ස්මෘති සම්ප්‍රජන්‍යය විපන්නයාගේ හිරිඔතප් නටුවා වු ප්‍රත්‍යය ඇත්තේ වෙයි. හිරිඔතප් නැති කල්හි හිරිඔතප් විපන්නයාගේ ... විමුක්තිඥානදර්‍ශනය නටුවාවූ ප්‍රත්‍ය ඇත්තේ වේ.
සතිසම්පජඤ්ඤෙ භික්ඛවෙ, සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්රියසංවරො. ඉන්ද්රියසංවරෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං. සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මා සමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සන සම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදා විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය සම්පන්න වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ඉන්ද්රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්ද්රිය සංවරය ඇතිකල්හි ඉන්ද්රිය සංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇතිකල්හි ශීලසම්පන්නයා ගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිකල්හි සම්යක්සමාධිසම්පන්නයා ගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිකල්හි යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදවිරාගය ඇතිකල්හි නිර්වේදවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ.
සෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ සතිසම්පජඤ්ඤෙ සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං, හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
මහණෙනි, යම්පරිදි අතුකොළින් යුතු රුකෙක් වේ නම් එහි පොතුත් පිරිපුන් බවට යෙයි ද, සිවියත් බොරුත් හරත් පිරිපුන් බවට යෙයි ද, මහණෙනි, එපරිදි ම ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍ය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.