පුණ්ණිය සුත්තං
8. 2. 9. 2.
8. 2. 9. 2.
පුණ්ණිය සුත්තං
පුණ්ණිය සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො ආයස්මා පුණ්ණියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණියො භගවන්තං එතදවොච:
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො යෙන අප්පෙකදා තථාගතං ධම්මදෙසනා පටිභාති, අප්පෙකදා නප්පටිභාතීති?
වහන්ස, යම් කරුණෙකින් තථාගතහට කිසිකලෙක ධර්මදේශනාව වටහා නම්, කිසිකලෙක නො වටහා නම් එයට හේතු කවර යැ, ප්‍රත්‍යය කවර යැ යි?
සද්ධො ච පුණ්ණිය, භික්ඛු හොති, නො ච උපසඞ්කමිතා. නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති. යතො ච ඛො පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති, උපසඞ්කමිතා ච. එවං තථාගතං ධම්මදෙසනා පටිභාති.
පුණ්ණිය, භික්ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේ ද වෙයි, එළඹෙන සුලු ද නො වෙයි. ඒ තාක් කල් තථාගතහට ධර්මදේශනාව නො වටහයි. පුණ්ණිය, යම් කලෙක භික්ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, එළැඹෙන සුලුත් වේ ද, එසේවත් ම තථාගතහට ධර්මදේශනාව වටහයි.
සද්ධො ච පුණ්ණිය, භික්ඛු හොති, උපසඞ්කමිතා ච නො ච පයිරුපාසිතා -පෙ- පයිරුපාසිතා ච නො ච පරිපුච්ඡිතා -පෙ- පරිපුච්ඡිතා ච නො ච ඔහිතසොතො ධම්මං සුණාති -පෙ- ඔහිත සොතො ච ධම්මං සුණාති නො ච සුත්වා ධම්මං ධාරෙති. -පෙ- සුත්වා ච ධම්මං ධාරෙති නො ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති -පෙ- ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති.
පුණ්ණිය, භික්ෂු ශ්‍රද්ධා ඇතියේත් වෙයි, එළැඹෙනුයේත් වෙයි, ඇසුරු නො කරනුයේත් වෙයි. ... ඇසුරුකරනුයේත් වෙයි, පරිපෘච්ඡා නො කරනුයේත් වෙයි ... පරිපෘච්ඡා කරනුයේත් වෙයි, යොමුකළ කන් ඇතියේ දහම් නො ද අසයි ... යොමු කළ කන් ඇතියේ දහම් අස අසා දහම් ද නො ද ධරයි. ... අසා ධර්මය ධරන්නේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් නො පිරික්සයි ... දැරූ දහමුන්ගේ අර්ත්ථ ද පිරික්සයි අරුත් දැන දහම් දැන ධර්මානුධර්මප්රතිපන්න නො වේ. ඒ තාක් තථාගතහට ධර්මදේශනාව නො වටහ යි.
යතො ච ඛො පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති උපසඞ්කමිතා ච පයිරුපාසිතා ච පරිපුච්ඡිතා ච ඔහිතසොතො ච ධම්මං සුණාති, සුත්වා ච ධම්මං ධාරෙති, ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. එවං තථාගතං ධම්මදෙසනා පටිභාති. ඉමෙහි ඛො පුණ්ණිය අට්ඨහි ධම්මෙහි සමන්නාගතො එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොතීති.
පුණ්ණිය, යම් කලෙක භික්ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, වෙත එළැඹෙනුයේත් වේ ද, ඇසුරු කරනුයේත් වේ ද, පරිපෘච්ඡාකරනුයේත් වේද, අවහිතශ්රෝත වූයේත් දහම් අසා ද, අසා දහමත් ධරා ද, ධැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද, අරුත් දැන, දහම් දැන ධර්මානුධර්ම ප්රතිපන්නත් වේ ද, මෙසේ තථාගතහට ධර්මදේශනාව වටහ යි. පුණ්ණිය, මේ දහම් අටින් සමන්වාගත වූවහුට තථාගතයන්ගේ ඒකාන්ත ප්‍රතිභාන ඇති ධර්මදේශනාව වේ ය යි.