යෙදුමෙන් කියවන්න

කිංමූලක සුත‍්තං

8. 2. 9. 3.

8. 2. 9. 3.

කිංමූලක සුත‍්තං

කිංමූලක සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

සචෙ භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: කිංමූලකා ආවුසො, සබ‍්බෙ ධම‍්මා, කිංසම‍්භවා සබ‍්බෙ ධම‍්මා, කිං සමුදයා සබ‍්බෙ ධම‍්මා, කිංසමොසරණා සබ‍්බෙ ධම‍්මා, කිංපමුඛා සබ‍්බෙ ධම‍්මා, කිංආධිපතෙය්‍යා සබ‍්බෙ ධම‍්මා, කිංඋත‍්තරා සබ‍්බෙ ධම‍්මා, කිංසාරා සබ‍්බෙ ධම‍්මාති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං කින‍්ති බ්‍යාකරෙය්‍යාථාති?

ඉදින් මහණෙනි, අන් තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු ද: ඇවැත්නි, හැම දහම්හු (පඤ්චස්කන්‍ධයෝ) කුමක් මුල්කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රභවකොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් සමුදයකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍යය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරු කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු ද? කියා යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?

භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා භගවන‍්නෙත‍්තිකා භගවං පටිසරණා. සාධු භන‍්තෙ, භගවන‍්තං යෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්ති ති.

වහන්ස, අපගේ ධර්‍මයෝ භගවත්හු මුල්කොට ඇත්තාහ. භගවත්හු නේතෘකොට ඇත්තාහ. භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා! භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරත්යි.

තෙන හි භික‍්ඛවෙ, සුණාථ සාධුකං මනසිකරොථ භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

එසේ නම් මහණෙනි, අසවු, මොනොවට මෙනෙහි කරවු, කියමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

සචෙ භික‍්ඛවෙ, අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: කිම‍්මූලකා ආවුසො, සබ‍්බෙ ධම‍්මා, කිංසම‍්භවා සබ‍්බෙ ධම‍්මා, කිං සමුදයා සබ‍්බෙ ධම‍්මා, කිංසමොසරණා සබ‍්බෙ ධම‍්මා, කිංපමුඛා සබ‍්බෙ ධම‍්මා, කිං ආධිපතෙය්‍යා සබ‍්බෙ ධම‍්මා, කිංඋත‍්තරා සබ‍්බෙ ධම‍්මා, කිං සාරා සබ‍්බෙ ධම‍්මාති? එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ:

මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් සමුදය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍ය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරුකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු දැයි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු.

ඡන්‍දමූලකා ආවුසො, සබ‍්බෙ ධම‍්මා, මනසිකාරසම‍්භවා සබ‍්බෙ ධම‍්මා, ඵස‍්සසමුදයා සබ‍්බෙ ධම‍්මා, වෙදනා සමොසරණා සබ‍්බෙ ධම‍්මා, සමාධිපමුඛා සබ‍්බෙ ධම‍්මා, සතාධිපතෙය්‍යා සබ‍්බෙ ධම‍්මා, පඤ‍්ඤුත‍්තරා සබ‍්බෙ ධම‍්මා, විමුත‍්තිසාරා සබ‍්බෙ ධම‍්මා’ති. එවං ඵුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ, තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථාති.

ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය (අධ්‍යාශයඡන්‍දය, කත්තුකම්‍යතා ඡන්‍දය) මුල්කොට ඇත්තාහ, හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ, හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇත්තාහ, හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ, හැම දහම්හු සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ, හැමදහම්හු ස්මෘතිය ආධිපත්‍යය කොට ඇත්තාහ, හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇත්තාහ, හැමදහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු යි.