යෙදුමෙන් කියවන්න

9. සතිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. සති වර්ගය

2. පුණ‍්ණිය සුත‍්තවණ‍්ණනා

2. පුණ්ණිය සූත්‍ර වර්ණනාව

නවමස‍්ස පඨමං හෙට‍්ඨා වුත‍්තනයමෙව. දුතියෙ සද‍්ධොති දුවිධාය සද‍්ධාය සමන‍්නාගතො. නො චුපසඞ‍්කමිතාති න උපට‍්ඨහති. නො ච පරිපුච‍්ඡිතාති අත්‍ථානත්‍ථං කාරණාකාරණං පරිපුච‍්ඡිතා න හොති. සමන‍්නාගතොති සාමිඅත්‍ථෙ පච‍්චත‍්තං, සමන‍්නාගතස‍්සාති වුත‍්තං හොති. එකන‍්තපටිභානා තථාගතං ධම‍්මදෙසනා හොතීති තථාගතස‍්ස එකන‍්තපටිභානා ධම‍්මදෙසනා හොති, එකන‍්තෙනෙව පටිභාති උපට‍්ඨාතීති අත්‍ථො.

නවවැනි වර්‍ගයෙහි පළමුවැන්න කියනලද ක්‍රමය ඇත්තේමය, සද්ධො යනු දෙවැදෑරුම් ශ්‍රද්ධාවෙන් යුක්තවූයේයි, නො ච පරිපුච්ඡිතා යනු අර්‍ත්‍ථය අනර්‍ත්‍ථය, කරුණ නොකරුණ විමසන ලද්දේ නොවෙයි, සමන්නාගතො යනු සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි ප්‍රථමායි. යුක්තවූවහුගේයි කියන ලද්දේ වෙයි. එකන්තපටිභානං තථාගතං ධම්මදෙසනා හොති යනු තථාගතයන් වහන්සේගේ ඒකාන්තයෙන්ම වැටහීම ඇති ධර්‍ම දේශනාව වෙයි. ඒකාන්තයෙන්ම ප්‍රතිභානය වෙයි, වැටහෙයි යන අරුත්ය.

3. කිංමූලක සුත‍්තවණ‍්ණනා

3. කිංමූලක සූත්‍ර වර්ණනාව

තතියෙ සබ‍්බෙ ධම‍්මාති පඤ‍්චක‍්ඛන්‍ධා. ඡන්‍දමූලකාති අජ‍්ඣාසයච‍්ඡන්‍දො කත‍්තුකම්‍යතාඡන්‍දො තං මූලං එතෙසන‍්ති ඡන්‍දමූලකා. මනසිකාරතො සම‍්භවන‍්තීති මනසිකාරසම‍්භවා. ඵස‍්සතො සමුදෙන‍්ති රාසී භවන‍්තීති ඵස‍්සසමුදයා. වෙදනාය සමොසරන‍්තීති වෙදනාසමොසරණා. සමාධි එතෙසං පමුඛොති සමාධිප‍්පමුඛා. ජෙට‍්ඨකට‍්ඨෙන සති අධිපති එතෙසන‍්ති සතාධිපතෙය්‍යා, සතිජෙට‍්ඨකාති අත්‍ථො. පඤ‍්ඤා උත‍්තරා එතෙසන‍්ති පඤ‍්ඤුත‍්තරා. විමුත‍්ති එව සාරො එතෙසන‍්ති විමුත‍්තිසාරා. එත්‍ථ ච ඡන්‍දමූලකාදයො චත‍්තාරොපි ලොකියා කථිතා, සෙසා ලොකියලොකුත‍්තරමිස‍්සකාති.

තෙවැන්නෙහි සබ්බෙ ධම්මා යනු පඤ්චස්කන්ධයෝයි, ඡන්දමූලකා යනු අජ්ඣාසය ඡන්දය, කත්තුකම්‍යතා ඡන්‍දය එය මූලය වූයේ මොවුනටනුයි ඡන්‍දමූලකා නමි. මෙනෙහි කරන්නාට හටගනිත්නුයි මනසිකාරසම්භවා නමි. ස්පර්‍ශයෙන් හටගනිත් රැස්වෙත්නුයි ඵස්සසමුදයා නමි. වේදනාවෙන් එක්රැස්වන්නාහුයි වෙදනාසමොසරණා නමි, සමාධිය මොවුන්ට ප්‍රමුඛවේනුයි සමාධි පමුඛා නමි. ජ්‍යෙෂ්ඨවීමේ අර්‍ත්‍ථයෙන් සිහිය අධිපති වූයේ මොවුන්ටනුයි සතාධිපතෙය්‍යා නමි. සිහිය ජ්‍යෙෂ්ඨ කොට ඇත්තාහුය යන අර්‍ත්‍ථයයි. ප්‍රඥාව උතුම්වූයේ මොවුනටනුයි පඤ්ඤුත්තරා නමි. විමුක්තියම සාරයවූයේ මොවුනටනුයි විමුත්තිසාරා නමි. මෙහි ද ඡන්‍දමූලකාදී සතර ද ලෞකික වශයෙන් කියන ලදි. සෙස්සෝ ලෞකික ලෝකෝත්තර මිශ්‍රක වූවෝය.

4. මහා චොරඞ‍්ග සුත‍්තවණ‍්ණනා

4. මහාචොරඞ්ග සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ මහාචොරොති රජ‍්ජන‍්තරෙ දුබ‍්භිතුං සමත්‍ථො මහාචොරො. පරියාපජ‍්ජතීති පරියාදානං ගච‍්ඡති. න චිරට‍්ඨිතිකො හොතීති අද‍්ධානං පාලෙන‍්තො ඨාතුං න සක‍්කොති. අප‍්පහරන‍්තස‍්ස පහරතීති අත‍්තනො අවෙරිනෙ අප‍්පහරන‍්තෙ ගුණසම‍්පන‍්නෙ ච මහල‍්ලකෙ ච තරුණදාරකෙ ච අප‍්පහරිතබ‍්බයුත‍්තකෙ පහරති. අනවසෙසං ආදියතීති නිස‍්සෙසං ගණ‍්හාති. බ්‍යත‍්තචොරානඤ‍්හි ඉදං වත‍්තං – පරස‍්ස ද‍්වීසු සාටකෙසු එකො ගහෙතබ‍්බො, එකස‍්මිං සන‍්තෙ දුබ‍්බලං දත්‍වා ථිරො ගහෙතබ‍්බො. පුටභත‍්තතණ‍්ඩුලාදීසු එකං කොට‍්ඨාසං දත්‍වා එකො ගහෙතබ‍්බොති. අච‍්චාසන‍්නෙ කම‍්මං කරොතීති ගාමනිගමරාජධානීනං ආසන‍්නට‍්ඨානෙ චොරිකකම‍්මං කරොති. න ච නිධානකුසලො හොතීති යං ලද‍්ධං, තං දක‍්ඛිණෙය්‍යෙ නිදහිතුං ඡෙකො න හොති, පරලොකමග‍්ගං න සොධෙති.

සිවුවැන්නෙහි මහාචොරො යනු රාජ්‍ය අතර වියවුල් කිරීමට සමත්වූ මහ සොරෙකි, පරියාපජ්ජති යනු දැඩිව ගැනීමට එළඹෙයි, න වීරට්ඨිතිකො හොති යනු බොහෝ කලක් පාලනය කරමින් සිටීමට නොහැකි වෙයි, අප්පහරන්තස්ස පහරති යනු (තමන්ට පහර නොදෙන සතුරු නොවූ ගුණවත් මහල්ලන් ද තරුණ දරුවන් ද වශයෙන් වූ පහර නොදිය යුත්තන්ට පහර දෙයි. ඉතිරි නොමැතිව ගනීනුයි නිරවිශේෂයෙන් ගනියි. දක්ෂ සොරුන්ගේ මේ සිරිතකි. අනෙකාට දෙදෙනෙකු ඇති විට එකෙක් ගතයුතුය. එකෙකු ඇතිවිට දුර්‍වලයා දී ස්ථිර තැනැත්තා ගතයුතුය. බත්මුල් සහල් ආදියෙහි එක් කොටසක් ගතයුතුය යනුවෙනි. අච්චාසන්නෙ කම්මං කරොති යනු (ගම්නියම් රාජධානීන්ට සමීපතැනක සොරකම කරයි, න ච නිධානකුසලො හොති යනු ලබන ලද දෙය) දක්‍ෂිණාර්හ පුද්ගලයන් කෙරෙහි තැන්පත් කිරීමට දක්ෂ නොවෙයි. පරලොව මග පිරිසුදු නොකරයි.

5. තථාගතාධිවචන සුත‍්තවණ‍්ණනා

5. තථාගතාධිවචන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ යං සමණෙනාති යං ගුණජාතං සමණෙන පත‍්තබ‍්බං. වුසීමතාති බ්‍රහ‍්මචරියවාසංවුතෙන. මුත‍්තො මොචෙමි බන්‍ධනාති අහං සබ‍්බබන්‍ධනෙහි මුත‍්තො හුත්‍වා මහාජනම‍්පි රාගාදිබන්‍ධනතො මොචෙමි. පරමදන‍්තොති අඤ‍්ඤෙන කෙනචි අසික‍්ඛාපිතො අචොදිතො සයම‍්භුඤාණෙන පටිවිජ‍්ඣිත්‍වා පරමදමථෙන දන‍්තත‍්තා පරමදන‍්තො නාම. පරිනිබ‍්බුතොති කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො.

පස්වැන්නෙහි යං සමණෙන යනු ශ්‍රමණයකු විසින් පැමිණිය යුතු යම් ගුණ සමුහයකි. වුසීමතා යනු බඹසර වැස විසූ තැනැත්තා විසිනි, මුත්තො මොචෙමි බන්‍ධනා යනු මම සියලු බැඳුම් වලින් මිදුනෙම් වී මහජනයා ද රාගාදී බැඳුමෙන් මුදවමි. පරමදන්තො යනු අන්කිසිවකු විසින් නොහික්මවන ලද්දේ නොමෙහෙයවන ලද්දේ තමන්ම අවබෝධ කළ ඥානයෙන් අවබෝධකොට පරමාර්‍ත්‍ථයෙන් දැමුණු බැවින් පරමදන්ත නම් වෙයි. පරිනිබ්බුතො යනු කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවුනේයි.

6. නාගිත සුත‍්තවණ‍්ණනා

6. නාගිත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ මා ච මයා යසොති යසො ච මයා සද‍්ධිං මා ගඤ‍්ඡි. අකසිරලාභීති විපුලලාභී. සීලපඤ‍්ඤාණන‍්ති සීලඤ‍්චෙව ඤාණඤ‍්ච. සඞ‍්ගම‍්මාති සන‍්නිපතිත්‍වා. සමාගම‍්මාති සමාගන‍්ත්‍වා. සඞ‍්ගණිකවිහාරන‍්ති ගණසඞ‍්ගණිකවිහාරං. න හි නූනමෙති න හි නූන ඉමෙ. තථා හි පනමෙති තථා හි පන ඉමෙ. අඞ‍්ගුලිපතොදකෙහීති අඞ‍්ගුලිපතොදයට‍්ඨිං කත්‍වා විජ‍්ඣනෙන. සඤ‍්ජග‍්ඝන‍්තෙති මහාහසිතං හසන‍්තෙ. සංකීළන‍්තෙති කෙළිං කරොන‍්තෙ.

සවැන්නෙහි මා ච මයා යසො යනු කීර්තිය ද මා සමඟ නොගියේය, අකසිරලාභී යනු බොහෝ ලබන්නායී, සීලපඤ්ඤාණං යනු ශීලය මෙන්ම ඥානය ද වේ, සඞ්ගම්ම යනු රැස්වීයි, සමාගම්ම යනු මනාව පැමිණයි, (එක්රැස්වීයි), සඞ්ගණිකවීහාරං යනු සමුහයා ඇසුරෙහි විසීමයි, න හ නූන මෙ යනු න හ නූන ඉමෙ යන පදයි, තථා හි පනමෙ යනු තථා හි පන ඉමෙ යන පදයි, අඞ්ගුලිපතොදකෙහි යනු අත්තලයෙන් දියපහර විදීමෙනි, සඤ්ජග්ඝන්තෙ යනු මහහඬින් සිනහ සෙන්නාවූයි, සඞ්කීළන්තෙ යනු ක්‍රීඩා කරන්නාවූයි, ක්‍රීඩාව කරන්නාවූයි.

7. පත‍්තනික‍්කුජ‍්ජන සුත‍්තවණ‍්ණනා

7. පත්තනිකුජ්ජන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ නික‍්කුජ‍්ජෙය්‍යාති තෙන දින‍්නස‍්ස දෙය්‍යධම‍්මස‍්ස අප‍්පටිග‍්ගහණත්‍ථං පත‍්තනික‍්කුජ‍්ජනකම‍්මවාචාය නිකුජ‍්ජෙය්‍ය, න අධොමුඛඨපනෙන. අලාභායාති චතුන‍්නං පච‍්චයානං අලාභත්‍ථාය. අනත්‍ථායාති උපද‍්දවාය අවඩ‍්ඪියා. උක‍්කුජ‍්ජෙය්‍යාති උක‍්කුජ‍්ජනකම‍්මවාචාය උක‍්කුජ‍්ජෙය්‍ය.

සත්වැන්නෙහි නික්කුජ්ජෙය්‍ය යනු ඔහු විසින් දෙනලද දානවස්තුව නොපිළිගැනීම සඳහා පත්තනික්කුජ්ජන කම්මවාචාවෙන් යටිකුරුව තබන්නේය. අධොමුඛව නොතැබීමෙනි, අලාභාය යනු සිවුපසය නොලැබීම සඳහායි, අනත්‍ථාය යනු උවදුරු සඳහායි, අවැඩ සඳහායි, උක්කුජ්ජෙය්‍ය යනු උක්කුජ්ජන කර්‍මවාක්‍යයෙන් උඩුකුරු කරන්නේය.

8. අප‍්පසාදප‍්පසාද සුත‍්තවණ‍්ණනා

8. අප්පසාදප්පසාද සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අප‍්පසාදං පවෙදෙය්‍යුන‍්ති අප‍්පසන‍්නභාවං ජානාපෙය්‍යුං. අප‍්පසාදං පවෙදෙන‍්තෙන පන කිං කාතබ‍්බන‍්ති? නිසින‍්නාසනතො න උට‍්ඨාතබ‍්බං න වන්‍දිතබ‍්බං න පච‍්චුග‍්ගමනං කාතබ‍්බං, න දෙය්‍යධම‍්මො දාතබ‍්බො. අගොචරෙති පඤ‍්චවිධෙ අගොචරෙ.

අටවැන්නෙහි අප්පසාදං පවෙදෙය්‍යුං යනු නොපහන් බව දන්වන්නාහුය, නොපහන්බව දන්වන්නහු විසින් කුමක් කළ යුතුද යත් හුන් අසුනෙන් නොනැගිටිය යුතුය (නො වැඳිය යුතුය), පෙරගමන් නොයායුතුය, දානවස්තුව නොදිය යුතුය. අගොචරෙ යනු පස්වැදෑරුම් අගෝචරයෙහියි,

9. පටිසාරණියකම‍්ම සුත‍්තවණ‍්ණනා

9. පටිසාරණීයකම්ම සූත්‍ර වර්ණනාව

නවමෙ ධම‍්මිකඤ‍්ච ගිහිපටිස‍්සවන‍්ති “ඉමං තෙමාසං ඉධෙව වසිතබ‍්බ”න‍්ති වුත‍්තො “එවං හොතූ”තිආදිනා නයෙන පටිස‍්සවං. න සච‍්චාපෙතීති වුත‍්තං න සච‍්චං කරොති විසංවාදෙති.

නවවැන්නෙහි ධම්මිකඤ්ච ගිහිපටිස්සවං යනු මේ තෙමස මෙහිම විසියයුතු යයි කියන ලද්දේ එසේ වේවා යනාදී ක්‍රමයෙන් පිළිගැනීමයි: න සච්චාපෙති යනු කියනලද දෙය සැබෑවක් නොකරයි, එකිනෙකට ප්‍රතිවිරුද්ධ කරයි.

10. තස‍්සපාපිය්‍යසිකා සම‍්මාවත‍්තන සුත‍්තවණ‍්ණනා

10. තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍ර වර්ණනාව

දසමෙ පච‍්චෙකට‍්ඨානෙති අධිපතිට‍්ඨානෙ ජෙට‍්ඨකට‍්ඨානෙ. තඤ‍්හි ජෙට‍්ඨකං කත්‍වා කිඤ‍්චි සඞ‍්ඝකම‍්මං කාතුං න ලභති. න ච තෙන මූලෙන වුට‍්ඨාපෙතබ‍්බොති තං මූලං කත්‍වා අබ‍්භානකම‍්මං කාතුං න ලභති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දසවැන්නෙහි පච්චෙකට්ඨානෙ යනු අධිපති තැන්හි, දෙටු තැන්හි, ඔහු ජ්‍යෙෂ්ඨයා කොට කිසි සංඝකර්‍මයක් නොලබයි. න ච තෙන මූලෙන වුට්ඨාපෙතබ්බං යනු ඔහු මුල් කොට අබ්භානකර්‍මය කිරීමට නොලබයි, සෙස්ස සියලු තන්හි පැහැදිලිය.

සතිවග‍්ගො නවමො.

නවවැනි සති වර්‍ගයයි.