තථාගතාධිවචන සුත්තං
8. 2. 9. 5.
8. 2. 9. 5.
තථාගතාධිවචන සුත්තං
තථාගතාධිවචන සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සමණොති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. බ්රාහ්මණො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. භිසක්කොති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. වෙදගූ ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. නිම්මලො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. විමලො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසමාබුද්ධස්ස. ඤාණී ති භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. විමුත්තො ති භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
මහණෙනි, ශ්‍රමණ යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, බ්‍රාහ්මණ යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, වේදගූ යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, භිසක්ක යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි. මහණෙනි, නිර්මල යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමල යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, ඤාණී යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමුත්ත යන මේ තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි,
1. යං සමණෙන පත්තබ්බං බ්රාහ්මණෙන වුසීමතා, යං වෙදගුනා පත්තබ්බං භිසක්කෙන අනුත්තරං
1. බ්‍රාහ්මණ වූ වැස නිම වූ බඹසර ඇති මහණහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණයෙහි කෙළවරට පත් වෙදහු විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
2. යං නිම්මලෙන පත්තබ්බං විමලෙන සුධීමතා, යං ඤාණිනා පත්තබ්බං විමුත්තෙන අනුත්තරං.
2. විමල වූ මනා නුවණ ඇති නිර්මලහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණී වූ විමුක්තයා විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
3. සොහං විජිතසඞ්ගාමො මුත්තො මොචෙමි බන්ධනා, නාගොම්හි පරමො දන්තො අසෙඛො පරිනිබ්බුතො ති.
3. දිනූ සඞ්ග්‍රාම ඇති ඒ මම් මිදුනෙම් භවබන්ධනයෙන් (සෙස්සන්) මුදවමි. දැමුණු කෙලෙස් පිරිනිවනින් පිරිනිවි අශෛක්ෂ වූ උතුම් නාග වෙමි යි.