නාගිත සුත්තං
8. 2. 9. 6.
8. 2. 9. 6.
නාගිත සුත්තං
නාගිත සූත්‍රය
එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. අස්සොසුං ඛො ඉච්ඡානඞ්ගලකා බ්‍රාහ්මණ ගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලං අනුපත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො; ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට මහබික්සඟුන් හා සැරිසරන සේක් කෝසලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගලවන ලැහැබ්හි වසන සේක. ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ (සැහැපුත් සැහැකුලෙන් පැවිදි වූ) පින්වත් මහණ ගොයුම් ඉච්ඡානඞ්ගලයට පැමිණියේ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබ්හි වාස කෙරෙ යයි ඇසූහ. “මෙ කරුණෙනුදු ඒ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයහ ... එ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණකිත්ගොස උස්ව නැඟියේය. එබඳු රහතුන්ගේ දර්ශනය වේ නම් මැනැවැ”යි.
අථ ඛො ඉච්ඡානඞ්ගලකා බ්‍රාහ්මණ ගහපතිකා තස්සා රත්තියා අච්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච්ඡානඞ්ගලා වනසණ්ඩො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.
ඉක්බිති ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ ඒ රෑ ඉක්මයාමෙන් පසු බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානඞ්ගල වනළැහැබට එළැඹියහ. එළැඹ උස්හඬ - මහහඬ ඇත්තාහු බිහිදොරටුයෙහි සිටගත්හ.
තෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං නාගිතං ආමන්තෙසි: ‘කෙ පන තෙ නාගිත, උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’ ති?
එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: නාගිතය, මසුන් මරා විකුණන තන්හි කෙවුළන් සෙයින් උස් හඬ - මහහඬ ඇති ඔහු කවරහ යි.
එතෙ භන්තෙ ඉච්ඡානඞ්ගලකා බ්රාහ්මණගහපතිකා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද්වාරකොට්ඨකෙ ඨිතා භගවන්තංයෙව උද්දිස්ස භික්ඛුසඞ්ඝඤ්චාති.
වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙන භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූසඞ්ඝයා උදෙසා බිහිදොරොටුයෙහි සිටියහයි.
මාහං නාගිත, යසෙන සමාගමං, මා ච මයා යසො, යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී. සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්යාති.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් මා හා එක් නො එක් වේවා! නාගිතය, මම් යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේකසුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක්, කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම්, විපුල කොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසමසුඛය සම්බෝධසුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුල සේ නො ලබනුයේ වේ නම් හෙ මීඪසුඛ වූ මිද්ධ සුඛ වූ ඒ ලාභසත්කාර කීර්ත්ති සුඛය ඉවසනේ ය.
අධිවාසෙතු’දානි භන්තෙ, භගවා, අධිවාසෙතු සුගතො, අධිවාසනකාලොදානි භන්තෙ, භගවතො. යෙන යෙනෙවදානි භන්තෙ, භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සෙය්යථාපි භන්තෙ, ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ යතා නින්නං උදකානි පවත්තන්ති, එවමෙව ඛො භන්තෙ, යෙන යෙනෙවදානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සති බ්රාහ්මණා ගහපතිකා නෙගමා චෙව ජානපදා ච තං කිස්ස හෙතු: තථා හි භන්තෙ, භගවතො සීලපඤ්ඤාණන්ති.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසන කාලයයි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසිවූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතුවූවාහු ම වෙත්. වහන්ස, යම්පරිදි දළ පොද ඇති මේඝය වස්නා කල්හි නතු තැන් නො ඉක්මැ දිය වැටේ ද, වහන්ස, එපරිදිම දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසි වූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතු වූවාහු ම වෙත්. ඒ කවර හෙයින: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ප්‍රඥාව එසේ මැයි.
මාහං නාගිත, යසෙන සමාගමං, මා ච මයා යසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී. යස්සාහං නෙක්ඛම්ම සුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්ය.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් ද මා හා නො එක් වේවා! නාගිතය, මම යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලකොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුලසේ නො ලබනුයේ වේ නම් හෙතෙමේ මීඪසුඛ (අසුවිසුඛ) වූ මිද්ධ සුඛ (නිද්රාසුඛ) වූ ඒ ලාභසත්කාර ශ්ලෝකසුඛය ඉවසන්නේ ය.
දෙවතාපි ඛො නාගිත, එකච්චා නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනියො අස්සු අකිච්ඡලාභිනියො අකසිරලාභිනියො. යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී.
නාගිතය, මම යම් නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම් ඇතැම් දෙවතාවෝත් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්.
1. තුම්හාකම්පි ඛො නාගිත, සඞ්ගම්ම සමාගම්ම සඞ්ගණිකවිහාරං අනුයුත්තානං විහරතං එවං හොති: නහනූන මෙ ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අස්සු, අකිච්ඡලාභිනො අකසිරලාභිනො, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී. තථා හි පනමෙ ආයස්මන්තො සඞ්ගම්ම සමාගම්ම සඞ්ගණික විහාරං අනුයුත්තා විහරන්ති.
1. නාගිතය, රැස්ව මුළුදී සඞ්ගණිකවිහාරයෙහි ඇලී වෙසෙන තොපට ද මෙබඳු සිතෙක් වෙයි: මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම්, මේ ආයුෂ්මත්හු එකැතියෙන් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු රැස්ව මුළුදී සඞ්ගණික විහාරයෙහි යෙදුණාහු වෙසෙති කියා යි.
2. ඉධාහං නාගිත, භික්ඛු පස්සාමි අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි සඤ්ජග්ඝන්තෙ සඞ්කීළන්තෙ. තස්ස මය්හං නාගිත, එවං හොති: නහනූනමෙ ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අකිච්ඡලාභිනො අස්සු අකසිරලාභිනො යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී තථා හි පනමෙ ආයස්මන්තො අඤ්ඤමඤ්ඤං අඞ්ගුලිපතොදකෙහි සඤ්ජග්ඝන්ති සඞ්කීළන්ති.
2. නාගිතය, මෙ සස්නෙහි උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් (ඇඟිලි කැවිටි කොට විදීමෙන්) මහහඬින් සිනාසෙන ක්‍රීඩා කරන මහණුන් මම දක්මි. නාගිතය, ඒ මට මෙ සිත වෙයි: එකැතින් මේ ආයුෂ්මත්හු මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක්, උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වේ නම් මේ ආයුෂ්මත්හු මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් මහහඬින් සිනාසෙති, ක්‍රීඩා කෙරෙති කියා යි.
3. ඉධාහං නාගිත, භික්ඛු පස්සාමි යාවඅත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තෙ විහරන්තෙ. තස්ස මය්හං නාගිත, එවං හොති: නහනූන මෙ ආයස්මන්තො ඉමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභිනො අස්සු අකිච්ඡලාභිනො අකසිරලාභිනො යස්සාහං නෙක්ඛම්ම සුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්සං, අකිච්ඡලාභී අකසිරලාභී තථා හි මෙ ආයස්මන්තො යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තා විහරන්ති.
3. නාගිතය, මම් මෙසස්නෙහි මහණුන් කැමැතිතාක් කුස්පුරා වළඳා ශය්‍යා සුඛයෙහි පාර්ශ්ව සුඛයෙහි මිද්ධ සුඛයෙහි යෙදී වාස කරනුවන් දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වේ: එකතින් මේ ආයුෂ්මත්හු මම යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වෙම් නම් මේ ආයුෂ්මත්හු එකතින් මේ නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛය, උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්. එහෙයින් ම මේ ආයුෂ්මත්හු කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුණාහු වෙසෙතියි කියා යි.
4. ඉධාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං සමාහිතං නිසින්නං, තස්ස මය්හං නාගිත, එවං හොති:
4. නාගිතය, මෙසස්නෙහි ග්‍රාමාන්තවිහාරී වූ සමාධිගත ව හුන් මහණකු මම දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි:
ඉදානි ඉමං ආයස්මන්තං ආරාමිකො වා පච්චෙස්සති සමණුද්දෙසො වා, තං තම්හා සමාධිම්හා චාවෙස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
දැන් අරම් මෙහෙකරුවෙක් හෝ මේ ආයුෂ්මත්හු කරා පෙරළා එන්නේ ය. හෙරණෙක් හෝ ඒ සමාධියෙන් ඔහු පහකරන්නේ ය, නාගිතය, මම ඒ මහණහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
5. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං ආරඤ්ඤෙ පචලායමානං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයං ආයස්මා ඉමං නිද්දාකිලමථං පටිවිනොදෙත්වා අරඤ්ඤසඤ්ඤං යෙව මනසිකරිස්සති එකත්තන්ති: තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
5. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි නිඳමින් හුන් ආරණ්‍යක මහණක්හු දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි: දැන් මේ ආයුෂ්මත් මේ නිද්රාක්ලථමය දුරු කොටලා ඒකත්වය වූ අරණ්යසංඥාව ම මෙනෙහි කරන්නේය කියා යි. නාගිතය, මම ඒ මහණහුගේ එ අරනවිහරණයෙන් තුටුසිතැතියෙම් වෙමි.
6. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ අසමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයමායස්මා අසමාහිතං වා චිත්තං සමාදහිස්සති, සමාහිතං වා චිත්තං අනුරක්ඛිස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
6. නාගිතය, මම මේ සස්නෙහි අරනෙහි අසමාහිත ව හුන් ආරණ්‍ය මහණක්හු දක්මි. නාගිත, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිත කරන්නේ ය, සමාධිගත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, මම එ භික්ෂුහුගේ ඒ අරන විහරණින් සතුටු සිතැතියෙම් වෙමි.
7. ඉධ පනාහං නාගිත භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත එවං හොති: ඉදානි අයමායස්මා අවිමුත්තං වා චිත්තං විමුච්චිස්සති, විමුත්තං වා චිත්තං අනුරක්ඛිස්සතීති. තෙනාහං නාගිත තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
7. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණක්හු දකිමි. නාගිතය, මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ සිත විමුක්ත කරයි, විමුක්ත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, එ මහණහුගේ එම අරන විහරණින් මම තුටුසිතැතියෙම් වෙමි.
8. යස්මාහං නාගිත සමයෙ අද්ධානමග්ගපටිපන්නො න කඤ්චි පස්සාමි පුරතො වා පච්ඡතො වා, ඵාසු මෙ නාගිත තස්මිං සමයෙ හොති අන්තමසො උච්චාරපස්සාවකම්මායාති.
8. නාගිතය, යම් සමයෙක්හි මම අදන්මඟට පිළිපන්නෙම් ඉදිරිපස්හි වේවයි පසුපස්හි වේවයි කිසිවකු නොදක්නෙම් නම් නාගිතය, එකල්හි මට යටත්පිරිසෙයින් මලමූකිසට ද පහසු වෙයි.