පත්තනික්කුජ්ජන සුත්තං
8. 2. 9. 7.
8. 2. 9. 7.
පත්තනික්කුජ්ජන සුත්තං
පත්තනිකුජ්ජන සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං නික්කුජ්ජෙය්ය. කතමෙහි අට්ඨහි:
මහණෙනි, අටඟින් සමන්වාගත උපාසකයාහට සඞ්ඝ තෙමේ කැමැති වේ නම් පත්තනික්කුජ්ජන කර්මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
භික්ඛූනං අලාභාය පරිසක්කති, භික්ඛූනං අනත්ථාය පරිසක්කති, භික්ඛූනං අවාසාය පරිසක්කති, භික්ඛූනං අක්කොසති පරිභාසති. භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං නික්කුජ්ජෙය්ය.
භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කෙරෙයි. භික්ෂූන්ගේ අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. භික්ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කෙරෙයි, භික්ෂූන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, මහණුන් මහණුන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි. මහණෙනි, මේ අටඟින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්තනික්කුජ්ජන කර්මය (පිඬුවා නො පිළිගැනුම්) කරන්නේ ය.
අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං උක්කුජ්ජෙය්ය. කතමෙහි අට්ඨහි:
මහණෙනි, අටඟෙකින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
න භික්ඛූනං අලාභාය පරිසක්කති, න භික්ඛූනං අනත්ථාය පරිසක්කති, න භික්ඛූනං අවාසාය පරිසක්කති, න භික්ඛූනං අක්කොසති පරිභාසති. න භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති, ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස ආකඞ්ඛමානො සඞ්ඝො පත්තං උක්කුජ්ජෙය්යාති.
භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, භික්ෂූන්ට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්ෂූන්ට අවාසය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්ෂූන්ට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි. භික්ෂූන් භික්ෂූන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ වනයි. දහම්හි ගුණ වනයි. සඟුන්ගේ ගුණ වනයි. මහණෙනි, මේ අටඟින් සමන්වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්මය කරන්නේ යි.