අප්පසාදප්පසාද සුත්තං
8. 2. 9. 8.
8. 2. 9. 8.
අප්පසාදප්පසාද සුත්තං
අප්පසාදප්පසාද සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්යුං. කතමෙහි අට්ඨහි:
මහණෙනි, අටඟෙකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් අප්‍රසාදය දන්වන්නාහ. කවර අටඟෙකින් යත්:
ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති, ගිහීනං අක්කොසති පරිභාසති, ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරෙ ච තං පස්සන්ති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවෙදෙය්යුං.
ගිහියනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, අගෝචරයෙහිදු ඔහු දකිති. මහණෙනි, මේ අටඟින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වන්නාහු නම් අප්‍රසාදය දන්වන්නාහ.
අට්ඨහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා පසාදං පවෙදෙය්යුං. කතමෙහි අට්ඨහි:
මහණෙනි, දහම් අටකින් සමන්වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් ප්‍රසාදය දන්වන්නාහ. කවර අටකරුණෙකින යත්:
න ගිහීනං අලාභාය පරිසක්කති, න ගිහීනං අනත්ථාය පරිසක්කති, න ගිහීනං අක්කොසති පරිභාසති, න ගිහී ගිහීහි භෙදෙති. බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති, ගොචරෙ ච නං පස්සන්ති. ඉමෙහි ඛො භික්ඛවෙ අට්ඨහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො ආකඞ්ඛමානා උපාසකා පසාදං පවෙදෙය්යුන්ති.
ගිහීන්ගේ අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි, දහම්හි ගුණ කියයි, සඟුන්ගේ ගුණ කියයි, ගෝචරස්ථානයෙහිදු ඔහු දකිති. මහණෙනි, උපාසකයෝ කැමැති වෙත් නම් මේ අටකරුණින් සමන්වාගත මහණහට ප්‍රසාදය දන්වන්නාහු යි.