යෙදුමෙන් කියවන්න

පටිසාරණියකම‍්ම සුත‍්තං

8. 2. 9. 9.

8. 2. 9. 9.

පටිසාරණියකම‍්ම සුත‍්තං

පටිසාරණීයකම්ම සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පටිසාරණීයකම‍්මං කරෙය්‍ය. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය. කවර අට දහමින යත්:

ගිහීනං අලාභාය පරිසක‍්කති, ගිහීනං අනත්‍ථාය පරිසක‍්කති, ගිහීනං අක‍්කොසති පරිභාසති. ගිහී ගිහීහි භෙදෙති. බුද‍්ධස‍්ස අවණ‍්ණං භාසති, ධම‍්මස‍්ස අවණ‍්ණං භාසති, සඞ‍්ඝස‍්ස අවණ‍්ණං භාසති, ධම‍්මිකඤ‍්ච ගිහීපටිස‍්සවං න සච‍්චාපෙති. ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පටිසාරණීය කම‍්මං කරෙය්‍ය.

ගිහීනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව බෙණෙයි ගිහියන් ගිහියන් හා බිඳුවයි, බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, දැහැමි වූ ද ගිහි පිළිණ සත්‍ය නො කෙරෙයි. (වරදවයි) මහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත වූ මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය කරන්නේ ය.

අට‍්ඨහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පටිසාරණීය කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍ය. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. කවර අටකරුණෙකිනයත්:

න ගිහීනං අලාභාය පරිසක‍්කති, න ගිහීනං අනත්‍ථාය පරිසක‍්කති, න ගිහීනං අක‍්කොසති පරිභාසති, න ගිහී ගිහීහි භෙදෙති. බුද‍්ධස‍්ස වණ‍්ණං භාසති, ධම‍්මස‍්ස වණ‍්ණං භාසති, සඞ‍්ඝස‍්ස වණ‍්ණං භාසති, ධම‍්මිකඤ‍්ච ගිහීපටිස‍්සවං සච‍්චාපෙති. ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො ආකඞ‍්ඛමානො සඞ‍්ඝො පටිසාරණීය කම‍්මං පටිප‍්පස‍්සම‍්භෙය්‍යාති.

ගිහීනට අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො බෙණෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි. දහම්හි ගුණ කියයි. සඟුන්ගේ ගුණ කියයි, දැහැමි ගිහි පිළිණ ද සත්‍ය කෙරෙයි. මහණෙනි, මේ කරුණු අටින් සමන්‍වාගත මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය සංහිඳුවන්නේ යි.