යෙදුමෙන් කියවන්න

තස‍්සපාපිය්‍යසිකා සම‍්මාවත‍්තන සුත‍්තං

8. 2. 9. 10.

8. 2. 9. 10.

තස‍්සපාපිය්‍යසිකා සම‍්මාවත‍්තන සුත‍්තං

තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

තස‍්සපාපිය්‍යසිකාකම‍්මකතෙන භික‍්ඛවෙ භික‍්ඛුනා අට‍්ඨසු ධම‍්මෙසු සම‍්මා වත‍්තිතබ‍්බං. න උපසම‍්පාදෙතබ‍්බං. න නිස‍්සයො දාතබ‍්බො, න සාමණෙරො උපට‍්ඨාපෙතබ‍්බො, න භික‍්ඛුනොවාදකසම‍්මුති සාදිතබ‍්බා, සම‍්මතෙන පි භික‍්ඛුනියො න ඔවදිතබ‍්බා, න කාචි සඞ‍්ඝසම‍්මුති සාදිතබ‍්බා, න කිස‍්මිඤ‍්චි පච‍්චෙකට‍්ඨානෙ ඨපෙතබ‍්බො. න ච තෙනමූලෙන වුට‍්ඨාපෙතබ‍්බං.

මහණෙනි, තස්සපාපිය්‍යසිකා කර්‍මය කරනලද මහණහු විසින් දහම් අටෙක මොනොවට පැවැත්තයුතු: උපසපන් නො කට යුතු. නිස නො දිය යුතු. හෙරණක් නො එළවිය යුතු. භික්ඛුනෝවාදක සම්මුතිය නො ඉවසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණන් ඔවා නො දිය යුතු කිසි සඞ්ඝසම්මුතියක් නො ඉවසිය යුතු. කිසි දෙටු තැනෙක නො තැබිය යුතු. ඔහු පාමොක් කොට ඇති සඟහු විසින් අබ්භාන කම් නො කට යුතු.

තස‍්ස පාපිය්‍යසිකාකම‍්මකතෙන භික‍්ඛවෙ භික‍්ඛුනා ඉමෙසු අට‍්ඨසු ධම‍්මෙසු සම‍්මා වත‍්තිතබ‍්බන‍්ති.

මහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරනලද මහණහු විසින් මේ අටදම්හි මොනොවට පැවැත්ත යුතු.

සතිවග‍්ගො නවමො.

නවවැනි සතිවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සති පුණ‍්ණියමූලෙන චොරාධිවචන පඤ‍්චමං නාගිත පත‍්තාප‍්පසාදො පටිසාරණීයඤ‍්ච වත‍්තතී.

සතිසූත්‍රය, පුණ්ණියසූත්‍රය, මූලසූත්‍රය, චෝරසූත්‍රය, පස්වැනි තථාගතාධිවනසූත්‍රය, නාගිතසූත්‍රය, පත්තසූත්‍රය, පසාදසූත්‍රය, පටිසාරණී සූත්‍රය, වත්තනසූත්‍රයදැයි දසය යි.