යෙදුමෙන් කියවන්න

මහා චොරඞ‍්ග සුත‍්තං

8. 2. 9. 4.

8. 2. 9. 4.

මහා චොරඞ‍්ග සුත‍්තං

මහාචෝරඞ්ග සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො ඛිප‍්පං පරියාපජ‍්ජති, න චිරට‍්ඨිතිකො හොති. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට පැමිණෙයි, චිරස්ථිතික නො වෙයි. කවර අටෙකින යත්:

අප‍්පහරන‍්තස‍්ස පහරති, අනවසෙසං ආදියති, ඉත්‍ථිං හනති, කුමාරිං දූසෙති, පබ‍්බජිතං විලුම‍්පති, රාජකොසං විලුම‍්පති, අච‍්චාසන‍්නෙ කම‍්මං කරොති, න ච නිධානකුසලො හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො ඛිප‍්පං පරියාපජ‍්ජති, න චිරට‍්ඨිතිකො හොති.

නො පහරනුවහට පහර දෙයි, නිඃශේෂ කොට ගනියි, ස්ත්‍රිය නසයි. කුමරිය දුෂණ කෙරෙයි, පැවිද්දා පැහැර ගනියි, රාජභාණ්ඩාගාරය පැහැර ගනියි, ඉතා නුදුරෙහි සොරකම් කෙරෙයි, නිධානයෙහි (ලද දෙය පරලොව තකා දක්‍ෂිණාර්‍හයන් වෙත් පිදීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට යෙයි, චිරස්ථිතික නො වේ.

අට‍්ඨහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො න ඛිප‍්පං පරියාපජ‍්ජති, චිරට‍්ඨිතිකො හොති. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට නො යෙයි, චිරස්ථිතික වෙයි. කවර අටෙකින යත්:

න අප‍්පහරන‍්තස‍්ස පහරති, න අනවසෙසං ආදියති, න ඉත්‍ථිං හන‍්ති, න කුමාරිං දූසෙති, න පබ‍්බජිතං විලුම‍්පති, න රාජකොසං විලුම‍්පති, න අච‍්චාසන‍්නෙ කම‍්මං කරොති, නිධාන කුසලො ච හොති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි අඞ‍්ගෙහි සමන‍්නාගතො මහාචොරො න ඛිප‍්පං පරියාපජ‍්ජති, චිරට‍්ඨිතිකො හොති.

නො පහරනුව හට නො පහරයි, නිඃශේෂකොට නො ගනියි, ස්ත්‍රිය නො නසයි, කුමරිය දුෂණ නො කරයි, පැවිද්දා වොලො ගැනුම් නො කෙරෙයි, රාජකොෂය වොලො ගැනුම් නො කෙරෙයි, ඉතා නුදුරෙහි සොරකම් නො කෙරෙයි, නිධානයෙහි කුශල වේ, මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට නො යෙයි, චිරස්ථිතික වේ.