යෙදුමෙන් කියවන්න

දුතියාහුනෙය්‍යභික‍්ඛු සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 2. 6. 8.

8. 2. 6. 8.

දුතියාහුනෙය්‍යභික‍්ඛු සුත‍්තං

දෙවැනි ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අටදහමෙකින් සමන්‍වාගත මහණ ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර අටෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලවා හොති. -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධො. ආරද‍්ධවිරියො විහරති ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ආරඤ‍්ඤිකො හොති පන්‍ථ-සෙනාසනො. අරතිරති සහො හොති, උප‍්පන‍්නං අරතිං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති. භයභෙරවසහො හොති, උප‍්පන‍්නං භයභෙරවං අභිභුය්‍ය අභිභුය්‍ය විහරති. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී, ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට පිළිපිදියේ වෙයි, ඇරඹු වැර ඇතියේ වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙසෙයි: ප්‍රාන්ත ශයනාසන ඇතියේ ආරණ්‍යක වෙයි, අරති හා රති හා ඉවසනුයේ වෙයි, උපන් අරතිය මැඩ මැඩ වෙසේ, භය හා භෛරව හා ඉවසනුයේ උපන් අරතිය මැඩ මැඩ වෙසේ, අධිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛ විහරණ වූ සතර ධ්‍යානයන් කැමතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... පසක් කොට එයට එළඹ වාසය කරයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.

8. 2. 6. 9.

8. 2. 6. 9.

පඨම අට‍්ඨපුග‍්ගල සුත‍්තං

ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙහි අට‍්ඨ:

මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අටදෙනෙක යත්:

සොතාපන‍්නො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, සකදාගාමී සකදාගාමිඵල සච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අරහා අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො. ඉමෙ ඛො භික‍්ඛවෙ, අට‍්ඨපුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

සෝතාපන්නය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය. රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.

1. චත‍්තාරො ච පටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතා එස සඞ‍්ඝො උජුභූතො පඤ‍්ඤාසීලසමාහිතො.

1. සතර මඟට පිළිපන්නාහු ය, සතර ඵලයෙහි සිටියහ යන තෙල සඞ්ඝ තෙමේ ඍජු වූයේ ප්‍රඥා ශීල සමාධියෙන් යුක්ත වූයේ ය.

2. යජමානානං මනුස‍්සානං පුඤ‍්ඤපෙක‍්ඛානපාණිනං කරොතං ඔපධිකං පුඤ‍්ඤං සඞ‍්ඝෙ දින‍්නං මහප‍්ඵලන‍්ති.

2. දන් දෙන මිනිස්නට පින් කැමති ප්‍රාණීන්හට උපධිවිපාක ඇති (ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක දෙන) පින් කරනුවට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වෙයි.

8. 2. 6. 10.

8. 2. 6. 10.

දුතිය අට‍්ඨපුග‍්ගල සුත‍්තං

ද්විතීය අට්ඨපුග්ගල සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ අට‍්ඨ: සොතාපන‍්නො සොතාපන‍්නඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො -පෙ- අරහා අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො. ඉමෙ ඛො භික‍්ඛවෙ, අට‍්ඨපුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

මහණෙනි, මේ පුද්ගලයෝ අටදෙනෙක් ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අට දෙනෙක යත්: සෝතාපන්න ය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය. සකදාගාමීඵල පසක් කිරීමට පිළිපන්නේ ය; අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.

1. චත‍්තාරො ච පටිපන‍්නා චත‍්තාරො ච ඵලෙ ඨිතා එස සඞ‍්ඝො සමුක‍්කට‍්ඨො සත‍්තානං අට‍්ඨපුග‍්ගලා.

1. මාර්‍ගයට පිළිපන් සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි සතර දෙනෙක් ද යන පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සත්ත්‍වයනට මෙය උත්කෘෂ්ට සඞ්ඝ වෙයි.

2. යජමානානං මනුස‍්සානං පුඤ‍්ඤපෙක‍්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ‍්ඤං එත්‍ථ දින‍්නං මහප‍්ඵලන‍්ති.

2. දන් දෙන මිනිස්නට පින් කැමති සත්නට උපධිවිපාක ඇති පින් කරනුවට මේ සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේයයි.

ගොතමීවග‍්ගො ඡට‍්ඨො.

සවැනි ගෝතමී වර්‍ගය යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ගොතමී ඔවාදං සඞ‍්ඛිත‍්තං දීඝජාණු ච උජ‍්ජයො, භයං ද‍්වෙ ආහුනෙය්‍යා ච ද‍්වෙ ච අට‍්ඨපුග‍්ගලා ති.

ගෝතමී සූත්‍රය, ඕවාද සූත්‍රය, සඞ්ඛිත්ත (ගෝතමීයො වාද) සූත්‍රය, දීඝජාණු (ව්‍යග්ඝපජ්ජ) සූත්‍රය, උජ්ජය සූත්‍ර ය, භය (කාමාධි වචන) සූත්‍ර ය, ආහුනෙය්‍ය සූත්‍ර දෙකය අට්ඨපුග්ගල සූත්‍ර දෙක දැයි සූත්‍ර දශයෙකි.