යෙදුමෙන් කියවන්න

පඨම ආහුනෙය්‍යභික‍්ඛු සුත‍්තං

8. 2. 6. 7.

8. 2. 6. 7.

පඨම ආහුනෙය්‍යභික‍්ඛු සුත‍්තං

පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස, කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, දහම් අටෙකින් යුතු මහණ සිවුපසය පිළිගැනීමට සුදුසු වෙයි, ආගන්තුක දානාදියට සුදුසු වෙයි. පරලොව අදහා දෙන දානයට සුදුසු වෙයි, ඇඳිලිබැඳීමට සුදුසු වෙයි, ලොවට අසදෘස පුණ්‍යක්‍ෂේත්‍ර වේ.

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු, බහුස‍්සුතො හොති -පෙ- දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධො. කල්‍යාණමිත‍්තො හොති , කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. සම‍්මාදිට‍්ඨිකො හොති, සම‍්මාදස‍්සනෙන සමන‍්නාගතො. චතුන‍්නං ඣානානං ආභිචෙතසිකානං දිට‍්ඨධම‍්මසුඛවිහාරානං නිකාමලාභී හොති. අකිච‍්ඡලාභී අකසිරලාභී. අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති එකම‍්පි ජාතිං ද‍්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද‍්දෙසං අනෙකවිහිතං පුබ‍්බෙනිවාසං අනුස‍්සරති, දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන -පෙ- යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාති, ආසවානං ඛයා -පෙ- සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු ආහුනෙය්‍යො හොති -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

කවර අටෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පදයන් හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටි (ප්‍රඥා) යෙන් මොනොවට පිළිවිදියේ වෙයි, කල්‍යාණ සහායයන් ඇත්තේ කල්‍යාණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි, සම්‍යක් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්දෘෂ්ටික වෙයි, ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති අධිචිත්තයෙහි උපන් සිවුදැහැන් කැමැති සේ ලබන සුලු වූයේ සුවසේ ලබන සුලු වූයේ විපුලසේ ලබන සුලු වූයේ වෙයි, අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කරන්නේ ය. කෙසේ ය යත්: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයයෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ. මහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.