චෙතොඛිල සතිපට්ඨාන සුත්තං
9. 2. 2. 9.
9. 2. 2. 9.
චෙතොඛිල සතිපට්ඨාන සුත්තං
චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
පඤ්චිමෙ භික්ඛවෙ චෙතොඛිලා. කතමෙ පඤ්ච:
මහණෙනි, මේ චේතෝඛිලයෝ (චිත්තයාගේ ස්තබ්ධභාවයෝ) පස්දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති, විචිකිච්ඡති, නාධිමුච්චති, න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. අධිමෝක්ෂ (ඇලීම) නො කරයි, නො පහදියි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙයි සැක කරන්නේ ද, විචිකිච්ඡා කරන්නේ ද, අධිමෝක්ෂ නොකරන්නේ ද, නො පහදනේ ද, ඔහු සිත ආතාපය (වීර්‍ය්‍යය) පිණිස අනුයෝගය (යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පළමු චේතෝඛිල යි.
පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති -පෙ- සඞ්ඝෙ කඞ්ඛති -පෙ- සික්ඛාය කඞ්ඛති -පෙ- සබ්රහ්මචාරිසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිල ජාතො. යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරිසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිල ජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය, සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතොඛිලො. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච චෙතොඛිලා.
තවද මහණෙනි, මහණ ධර්මයෙහි ශඞ්කා කෙරෙයි … සඞ්ඝයා කෙරෙහි ශඞ්කා කෙරෙයි … ශික්ෂාව කෙරෙහි ශඞ්කා කෙරෙයි … සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිල ජාත වෙයි. (කණුවක් මෙන් තදගති ඇතියේ වෙයි.) මහණෙනි, යම් ම මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිතැතියේ ගැටුණු සිතැතියේ ඛිලජාත වේ නම් ඔහු සිත ආතාපය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) පිණිස අනුයෝග (පුනපුනා යෙදීම) පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමක්හුගේ සිත ආතප්පය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන් වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම් මේ පස්වන චේතෝඛිල යි. මහණෙනි, මේ පඤ්ච චේතෝඛිල යි.
ඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං චෙතොඛිලානං පහානාය -පෙ- ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
මහණෙනි, මේ පඤ්ච චේතෝඛිලයන්ගේ ප්රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.