යෙදුමෙන් කියවන්න

සික‍්ඛාදුබ‍්බල්‍ය සතිපට‍්ඨාන සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

9. 2. 2. 1.

9. 2. 2. 1.

සික‍්ඛාදුබ‍්බල්‍ය සතිපට‍්ඨාන සුත‍්තං

සික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමානි භික‍්ඛවෙ සික‍්ඛාදුබ‍්බල්‍යානි. කතමානි පඤ‍්ච: පාණාතිපාතො, අදින‍්නාදානං, කාමෙසු මිච‍්ඡාචාරො, මුසාවාදො, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච සික‍්ඛා දුබ‍්බල්‍යානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං සික‍්ඛාදුබ‍්බල්‍යානං පහානාය චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ශික්‍ෂා දෞර්බල්‍යයෝ පස්දෙනෙක. කවර පසෙක යත්: පණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසවා ය, මදපමාදෙකට කරුණු වූ රහමෙරය දැයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයෝ යි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස සතර සීවටන් වැඩිය යුතු. කවර සතරෙක යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු වෙදනානුපස‍්සී විහරති -පෙ- චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං සික‍්ඛාදුබ‍්බල්‍යානං පහානාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ සස්නෙහි මහණ කයෙහි කායානුදර්ශී වූයේ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ (පඤ්චස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය විෂ්කම්භණ කොට වාස කෙරෙයි. වේදනාවන්හි වේදනානුදර්ශී වූයේ වේදනානුදර්ශී ව වාස කෙරෙයි … චිත්තයෙහි චිත්තානුදර්ශී ව වාස කෙරෙයි … ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ ස්මෘතිමත් වූයේ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍යයන් විෂ්කම්භණ කොට වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.

9. 2. 2. 2.

9. 2. 2. 2.

නීවරණ සතිපට‍්ඨාන සුත‍්තං

නීවරණ සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමානි භික‍්ඛවෙ නීවරණානි. කතමානි පඤ‍්ච:

මහණෙනි, මේ නීවරණ පසෙකි, කවර පසෙක යත්:

කාමච‍්ඡන්‍දනීවරණං, ව්‍යාපාදනීවරණං, ථීනමිද‍්ධනීවරණං, උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං, විචිකිච‍්ඡානීවරණං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච නීවරණානි.

කාමච්ඡන්‍ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණ යි. මහණෙනි, මේ පඤ්ච නීවරණ යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං නීවරණානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්ච නීවරණයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන් වැඩිය යුතුවෙ යි.

9. 2. 2. 3.

9. 2. 2. 3.

කාමගුණ සතිපට‍්ඨාන සුත‍්තං

කාමගුණ සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා.

චක්‍ෂුර්විඥානග්‍රාහ්‍ය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය රූපයහ. ශ්‍රෝතවිඥානග්‍රාහ්‍ය … ශබ්දයහ. ඝ්‍රාණවිඥානග්‍රාහ්‍ය … ගන්‍ධයහ. ජිහ්වාවිඥානග්‍රාහ්‍ය … රසයහ. කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යහ යී, මහණෙනි, මේ පඤ්චකාම ගුණයෝය.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං කාමගුණානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.

9. 2. 2. 4.

9. 2. 2. 4.

උපාදානක‍්ඛන්‍ධ සතිපට‍්ඨාන සුත‍්තං

උපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමෙ භික‍්ඛවෙ උපාදානක‍්ඛන්‍ධා. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

රූපූපාදානක‍්ඛන්‍ධො, වෙදනූපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ඛො භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා.

රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනූපාදානක්ඛන්‍ධ ය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරූපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මොහු පඤ්චූපාදානක්ඛන්‍ධ යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්චූපාදානක්ඛන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩියයුතුවහ.

9. 2. 2. 5.

9. 2. 2. 5.

ඔරම‍්භාගිය සතිපට‍්ඨාන සුත‍්තං

ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමානි භික‍්ඛවෙ ඔරම‍්භාගියානි සඤ‍්ඤොජනානි. කතමානි පඤ‍්ච:

මහණෙනි, මේ ඕරම්භාගියසංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

සක‍්කායදිට‍්ඨි, විචිකිච‍්ඡා, සීලබ‍්බතපරාමාසො, කාමච‍්ඡන්‍දො, බ්‍යාපාදො. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චොරම‍්භාගියානි සඤ‍්ඤොජනානි.

සක්කායදිට්ඨිය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, කාමච්ඡන්‍ද ය, ව්‍යාපාදය දැයි, මහණෙනි, මොහු පඤ්චෝරම්භාගියසංයෝජන යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සීවටන්හු වැඩිය යුතුවහ යි.

9. 2. 2. 6.

9. 2. 2. 6.

ගති සතිපට‍්ඨාන සුත‍්තං

ගති සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමා භික‍්ඛවෙ ගතියො. කතමෙ පඤ‍්ච:

මහණෙනි, මේ ගති පසෙක, කවර පසෙක යත්:

නිරයො, තිරච‍්ඡානයොනි, පෙත‍්තිවිසයො, මනුස‍්සා, දෙවා. ඉමා ඛො භික‍්ඛවෙ පඤ‍්ච ගතියො.

නිරය, තිරච්ඡානයෝනි ය, පෙත්තිවිසය ය, මනුස්සයහ, දේවයහ යි. මහණෙනි, මේ පස්ගතිහු යි.

ඉමාසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං ගතීනං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්චගතීන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.

9. 2. 2. 7.

9. 2. 2. 7.

මච‍්ඡරිය සතිපට‍්ඨාන සුත‍්තං

මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමානි භික‍්ඛවෙ මච‍්ඡරියානි. කතමානි පඤ‍්ච:

මහණෙනි, මේ මච්ඡරියයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

ආවාසමච‍්ඡරියං, කුලමච‍්ඡරියං, ලාභමච‍්ඡරියං, වණ‍්ණමච‍්ඡරියං, ධම‍්මමච‍්ඡරියං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්ච මච‍්ඡරියානි.

ආවාසමච්ඡරිය, කුලමච්ඡරිය, ලාභමච්ඡරිය, වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරි ය යී. මහණෙනි, මේ පඤ්චමච්ඡරිය යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං මච‍්ඡරියානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය පිණිස … මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුතුවහ යි.

9. 2. 2. 8.

9. 2. 2. 8.

උද‍්ධම‍්භාගිය සතිපට‍්ඨාන සුත‍්තං

උද්ධම්භාගිය සතිපට්ඨාන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඤ‍්චිමානි භික‍්ඛවෙ, උද‍්ධම‍්භාගියානි සඤ‍්ඤොජනානි, කතමානි පඤ‍්ච:

මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:

රූපරාගො, අරූපරාගො, මානො, උද‍්ධච‍්චං, අවිජ‍්ජා. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චුද‍්ධම‍්භාගියානි සඤ‍්ඤොජනාති.

රූපරාග ය, අරූපරාග ය, මාන ය, උද්ධච්ච ය, අවිජ්ජා යි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන යි.

ඉමෙසං ඛො භික‍්ඛවෙ පඤ‍්චන‍්නං උද‍්ධම‍්භාගියානං සඤ‍්ඤොජනානං පහානාය -පෙ- ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.

මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සතිපට්ඨාන වැඩිය යුතු යි.