යෙදුමෙන් කියවන්න

1. ඛෙමවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

1. ඛේම වර්‍ගය

9. 2. 1. 1.

9. 2. 1. 1.

ඛෙම සුත‍්තං

ඛේම සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘ඛෙමං ඛෙම”න‍්ති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො ඛෙමං වුත‍්තං භගවතාති:

ඇවැත්නි, ඛේම ය (නිරුපද්‍රව යයි) ඛේම යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඛේමය වදාරන ලද දැයි.

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත‍්තාවතා පි ඛො ආවුසො ඛෙමං වුත‍්තං භගවතා පරියායෙන -පෙ-

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලද ...

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. එත‍්තාවතාපි ඛො ආවුසො ඛෙමං වුත‍්තං භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. (සංඥාවේදයිතනිරෝධය) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන්වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලදැ යි.

9. 2. 1. 2.

9. 2. 1. 2.

ඛෙමප‍්පත‍්ත සුත‍්තං

ඛෙමප්පත්ත සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘ඛෙමප‍්පත‍්තො ඛෙමප‍්පත‍්තො’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, ඛෙමප්පත්ත ය (නිරුපද්‍රැත බවට පැමිණියේ ය) ඛෙමප්පත්ත යයි කියනු ලැබේ …

9. 2. 1. 3.

9. 2. 1. 3.

අමත සුත‍්තං

අමත සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘අමතං අමත’න‍්ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …

9. 2. 1. 4.

9. 2. 1. 4.

අමතප‍්පත‍්ත සුත‍්තං

අමතප්පත්ත සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘අමතප‍්පත‍්තො අමතප‍්පත‍්තො’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...

9. 2. 1. 5.

9. 2. 1. 5.

අභය සුත‍්තං

අභය සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘අභයං අභය’න‍්ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, අභය අභය යි කියනු ලැබේ …

9. 2. 1. 6.

9. 2. 1. 6.

අභයප‍්පත‍්ත සුත‍්තං

අභයප්පත්ත සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘අභයප‍්පත‍්තො අභයප‍්පත‍්තො’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, අභයප්පත්ත ය අභයප්පත්ත යයි කියනු ලැබේ …

9. 2. 1. 7.

9. 2. 1. 7.

පස‍්සද‍්ධි සුත‍්තං

පස්සද්ධි සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘පස‍්සද‍්ධි පස‍්සද‍්ධී’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, පස්සද්ධි පස්සද්ධි යි කියනු ලැබේ …

9. 2. 1. 8.

9. 2. 1. 8.

අනුපුබ‍්බපස‍්සද‍්ධි සුත‍්තං

අනුපුබ්බ පස්සද්ධි සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘අනුපුබ‍්බපස‍්සද‍්ධි අනුපුබ‍්බපස‍්සද‍්ධී’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, අනුපුබ්බපස්සද්ධි අනුපුබ්බපස්සද්ධි යි කියනු ලැබේ ...

9. 2. 1. 9.

9. 2. 1. 9.

නිරොධ සුත‍්තං

නිරෝධ සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘නිරොධො නිරොධො’ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, නිරෝධ ය නිරෝධ යයි කියනු ලැබේ …

9. 2. 1. 10.

9. 2. 1. 10.

අනුපුබ‍්බ නිරොධ සුත‍්තං

අනුපුබ්බ නිරෝධ සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

අනුපුබ‍්බනිරොධො අනුපුබ‍්බනිරොධොති ආවුසො වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො අනුපුබ‍්බනිරොධො වුත‍්තො භගවතාති.

ඇවැත්නි, අනුපුබ්බනිරෝධ ය අනුපුබ්බනිරෝධ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත‍්තාවතා පි ඛො ආවුසො අනුපුබ‍්බනිරොධො වුත‍්තො භගවතා පරියායෙන -පෙ-

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු අනුපුබ්බනිරෝධය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසනලදී.

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති එත‍්තාවතාපි ඛො ආවුසො අනුපුබ‍්බනිරොධො වුත‍්තො භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. සංඥා වේදයිත නිරෝධය (විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපුබ්බනිරෝධය නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැයි.

9. 2. 1. 11.

9. 2. 1. 11.

අරහත‍්තා භබ‍්බාභබ‍්බධම‍්ම සුත‍්තං

අරහත්ත භබ්බාභබ්බ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නව භික‍්ඛවෙ ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං කතමෙ නම:

මහණෙනි, නව දහම් කෙනෙක් නො පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි. කවර නවයෙක යත්:

රාගං, දොසං, මොහං, කොධං, උපනාහං, මක‍්ඛං, පලාසං, ඉස‍්සං, මච‍්ඡරියං. ඉමෙ ඛො භික‍්ඛවෙ නව ධම‍්මෙ අප‍්පහාය අභබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං.

රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් නො පහා අර්‍හත්ත්‍වය පිළිවිදුනට අභව්‍ය වෙයි.

නව භික‍්ඛවෙ ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුං කතමෙ නව:

මහණෙනි, නව දහම් කෙනෙකුන් පහ කොට අර්‍හත්ත්‍වය පිළිවිදුනට භව්‍ය වෙයි. කවර නවයෙක යත්:

රාගං, දොසං, මොහං, කොධං, උපනාහං, මක‍්ඛං, පලාසං, ඉස‍්සං මච‍්ඡරියං. ඉමෙ ඛො භික‍්ඛවෙ නව ධම‍්මෙ පහාය භබ‍්බො අරහත‍්තං සච‍්ඡිකාතුන‍්ති.

රාග ය, දෝස ය, මෝහ ය, කෝධ ය, උපනාහ ය, මක්ඛ ය, පලාස ය, ඉස්සා හා මච්ඡරිය යි. මහණෙනි, මේ නව දහම් පහා රහත් බව පිළිවිදුනට භව්‍ය වෙයි.

ඛෙමවග‍්ගො පඨමො.

ප්‍රථම ඛේම වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ඛෙමා ද‍්වෙ අමතා ද‍්වෙ ච ද‍්වෙ භයා පස‍්සද‍්ධියා දුවෙ, නිරොධො අනුපුබ‍්බො චෙව - භබ‍්බාභබ‍්බෙනෙකාදසාති.

ඛේම සූත්‍ර දෙකය, අමත සූත්‍ර දෙකය, අභය සූත්‍ර දෙකය, පස්සද්ධි සූත්‍ර දෙකය, නිරෝධ සූත්‍රය, අනුපුබ්බනිරෝධ සූත්‍රය, භබ්බාභබ්බ සූත්‍රය දැයි එකොළොසෙකි.