දිට්ඨධම්මනිබ්බාන සුත්තං
9. 1. 5. 10.
9. 1. 5. 10.
දිට්ඨධම්මනිබ්බාන සුත්තං
දිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය
[කොසම්බිනිදානං]
[කොසැඹෑනිදාන යි]
“දිට්ඨධම්මනිබ්බානං දිට්ඨධම්මනිබ්බාන”න්ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතාති?
ඇවැත්නි, දිට්ඨධම්මනිබ්බාන (ඒ අත් බැව්හිම නිවීම) දිට්ඨධම්මනිබ්බාන යයි කියනු ලැබේ … ඇවැත්නි, කෙතෙක් කරුණින් දිට්ඨධම්මනිබ්බාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැ යි.
ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතා පරියායෙන -පෙ-
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති, එත්තාවතා පි ඛො ආවුසො දිට්ඨධම්මනිබ්බානං වුත්තං භගවතා නිප්පරියායෙනාති.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. (නේවසඤ්ඤානාසඤ්ඤායතනවිපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
සාමඤ්ඤවග්ගො පඤ්චමො.
පස්වැනි සාමඤ්ඤ වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සම්බාධො කායසක්ඛි පඤ්ඤා උභතො සන්දිට්ඨිකා දුවෙ නිබ්බානං පරිනිබ්බානං තදඞ්ග දිට්ඨධම්මිකෙන චාති.
සම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදඞ්ග සූත්‍රය, දිට්ඨධම්මික සූත්‍රය දැයි දසයෙකි.
පඨමො පණ්ණාසකො සමත්තො.
පඨම පණ්ණාසකය සමාප්ත යි.