යෙදුමෙන් කියවන්න

සන්‍දිට‍්ඨිකධම‍්ම සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

9. 1. 5. 5.

9. 1. 5. 5.

සන්‍දිට‍්ඨිකධම‍්ම සුත‍්තං

සන්‍දිට්ඨිකධම්ම සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

”සන්‍දිට‍්ඨිකො ධම‍්මො සන්‍දිට‍්ඨිකො ධම‍්මො” ති ආවුසො වුච‍්චති, කිත‍්තාවතා නු ඛො ආවුසො සන්‍දිට‍්ඨිකො ධම‍්මො වුත‍්තො භගවතාති:

ඇවැත්නි, ධර්‍මය සන්‍දිට්ඨික ය, (තමා විසින් දැකිය යුත්තෙක) ධර්‍මය සන්‍දිට්ඨික යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් ධර්‍මය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- එත‍්තාවතාපි ඛො ආවුසො සන්‍දිට‍්ඨිකො ධම‍්මො වුත‍්තො භගවතා පරියායෙන.

ඇවැත්නි මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි … ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ...

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. එත‍්තාවතාපි ඛො ආවුසො සන්‍දිට‍්ඨිකො ධම‍්මො වුත‍්තො භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) නුවණිනුදු දැකැ ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.

9. 1. 5. 6.

9. 1. 5. 6.

සන්‍දිට‍්ඨිකනිබ‍්බාන සුත‍්තං

සන්‍දිට්ඨිකනිබ්බාන සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

“සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං සන්‍දිට‍්ඨිකං නිබ‍්බාන”න‍්ති ආවුසො වුච‍්චති, කිත‍්තාවතා නු ඛො ආවුසො සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං වුත‍්තං භගවතාති:

ඇවැත්නි, සන්‍දිට්ඨික නිබ්බානය (තමා විසින් දැක්ක යුතු නිවන) සන්‍දිට්ඨික නිබ්බාන”යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් විසින් නිර්‍වාණය සන්‍දිට්ඨික යයි දෙසන ලද දැයි.

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත‍්තාවතාපි ඛො ආවුසො සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං වුත‍්තං භගවතා පරියායෙන -පෙ-

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. එත‍්තාවතාපි ඛො ආවුසො සන්‍දිට‍්ඨිකං නිබ‍්බානං වුත‍්තං භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යි භගවත්හු විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැ යි.

9. 1. 5. 7.

9. 1. 5. 7.

නිබ‍්බාන සුත‍්තං

නිබ්බාන සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘නිබ‍්බානං නිබ‍්බාන’න‍්ති. ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, නිබ්බාන (කෙලෙස් නිවීම) නිබ්බාන යයි කියනු ලැබේ …

9. 1. 5. 8.

9. 1. 5. 8.

පරිනිබ‍්බාන සුත‍්තං

පරිනිබ්බාන සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘පරිනිබ‍්බානං පරිනිබ‍්බාන’න‍්ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, පරිනිබ්බානය (පිරිනිවීම) පරිනිබ්බාන යයි කියනු ලැබේ …

9. 1. 5. 9.

9. 1. 5. 9.

තදඞ‍්ගනිබ‍්බාන සුත‍්තං

තදඞ්ග නිබ්බාන සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

‘තදඞ‍්ගනිබ‍්බානං තදඞ‍්ගනිබ‍්බාන’න‍්ති ආවුසො වුච‍්චති -පෙ-

ඇවැත්නි, තදඞ්ගනිබ්බාන (ප්‍රථම ධ්‍යානාදි ඒ ඒ අංගයෙන් නිවීම) තදඞ්ගනිබ්බාන යයි කියනු ලැබේ ...