යෙදුමෙන් කියවන්න

5. සාමඤ‍්ඤවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. සාමඤ්ඤ වර්ගය

1. සම‍්බාධ සුත‍්තවණ‍්ණනා

1. සම්බාධ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ උදායීති කාළුදායිත්‍ථෙරො. අවිද‍්වාති අඤ‍්ඤාසි. භූරිමෙධසොති මහාපඤ‍්ඤො. යො ඣානමබුජ‍්ඣීති යො ඣානං අබුජ‍්ඣි. පටිලීනනිසභොති එකීභාවවසෙන පටිලීනො චෙව උත‍්තමට‍්ඨෙන ච නිසභො. මුනීති බුද‍්ධමුනි. පරියායෙනාති එකෙන කාරණෙන. කාමසම‍්බාධස‍්ස හි අභාවමත‍්තෙනෙව පඨමජ‍්ඣානං ඔකාසාධිගමො නාම, න සබ‍්බථා සබ‍්බං. තත්‍රාපත්‍ථි සම‍්බාධොති තස‍්මිම‍්පි පඨමජ‍්ඣානෙ සම‍්බාධො පටිපීළනං අත්‍ථියෙව. තත්‍රාපිත්‍ථීතිපි පාඨො. කිඤ‍්ච තත්‍ථ සම‍්බාධොති තස‍්මිං පන ඣානෙ කිං සම‍්බාධො නාම. අයමෙත්‍ථ සම‍්බාධොති අයං විතක‍්කවිචාරානං අනිරුද‍්ධභාවො සම‍්බාධො සංපීළා නාම. ඉමිනා උපායෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. නිප‍්පරියායෙනාති න එකෙන කාරණෙන, අථ ඛො ආසවක‍්ඛයො නාම සබ‍්බසම‍්බාධානං පහීනත‍්තා සබ‍්බෙන සබ‍්බං ඔකාසාධිගමො නාමාති.

පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි උදායී යනු කාළුදායි තෙරුණුවෝයි, අවිදා යනු දත්තේය, භූරිමෙධසො යනු මහ පැනවතායි, යො ඣානමබුද්ධා බුද්ධො යනු යමෙක් ධ්‍යානය අවබෝධ කළේ ද යනුයි. පතිලීනනිසභො යනු හුදෙකලාවීම් වශයෙන් තනිවූයේද උත්තමාර්ථයෙන් ශ්‍රේෂ්ඨවූයේ ද වේ. මුනි යනු බුද්ධ මුනිවරයායි, පරියායෙන යනු එක් කරුණකිනි, කාමසම්බාධයේ අභාවමාත්‍රයෙන්ම ප්‍රථම ධ්‍යානය ඔකාසාධිගමය නමි. සර්‍වප්‍රකාරයෙන් නොවේ. තත්‍රාපත්‍ථි සම්බාධො යනු ඒ ප්‍රථම ධ්‍යානයෙහි සම්බාධයක් පෙළීමක් ඇත්තේමය. එහි පත්‍ථි යනුද පාඨයි. කිඤ්ච තත්‍ථ සම්බාධො යනු ධ්‍යානයෙහි සම්බාධය නම් කුමක්ද? අයමෙත්‍ථ සම්බාධො යනු විතර්‍ක විචාරයන්ගේ මේ නිරුද්ධ නොවන බව සම්බාධයයි, පීඩාවයි ද නමි. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුය. නිප්පරියායෙන යනු එක් කරුණකින් නොවේ. ආශ්‍රව විනාශය නම් සියලු සම්බාධයන්ගේ දුරුකිරීම වන බැවින් සියල්ලෙන් සියල්ල එක් ඔකාසාධිගමයක් නමි.

2. කායසක‍්ඛි සුත‍්තවණ‍්ණනා

2. කායසක්ඛී සූත්‍ර වර්ණනාව

දුතියෙ යථා යථා ච තදායතනන‍්ති යෙන යෙන කාරණෙන යෙන යෙනාකාරෙන තං පඨමජ‍්ඣානසඞ‍්ඛාතං ආයතනං හොති. තථා තථා නං කායෙන ඵුසිත්‍වා විහරතීති තෙන තෙන කාරණෙන තෙන තෙනාකාරෙන තං සමාපත‍්තිං සහජාතනාමකායෙන ඵුසිත්‍වා විහරති, සමාපජ‍්ජතීති අත්‍ථො. කායසක‍්ඛි වුත‍්තො භගවතා පරියායෙනාති යස‍්මා තෙන නාමාකායෙන පඨමජ‍්ඣානං සච‍්ඡිකතං, තස‍්මා ඉමිනා පරියායෙන කායසක‍්ඛි වුත‍්තො. නිප‍්පරියායෙනාති යත‍්තකං කායෙන සච‍්ඡිකාතබ‍්බං, සබ‍්බස‍්ස කතත‍්තා අයං නිප‍්පරියායෙන කායසක‍්ඛි නාම.

දෙවැන්නෙහි යථා යථා ච තදායතනං යනු යම් යම් කරුණකින් යම් යම් නොකරුණකින් ඒ ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත ආයතනය වෙයිද? තථා තථා නං කායෙන ඵස්සිත්‍වා විහරති යනු ඒ ඒ කරුණින් ඒ ඒ නොකරුණින් ඒ සමවත එකට උපන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වාසය කරයි. සමවදීයයි අරුත්ය. කායසක්‍ඛි වුත්තො භගවතා පරියායෙන යනු යම් හෙයකින් ඒ නාමකායයෙන් ප්‍රථමධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කළේ වේද එහෙයින් මේ කාරණයෙන් “කායසක්‍ඛි” යි කියන ලදි. නිප්පරියායෙන යනු යම්තාක් කයින් සාක්ෂ්‍ය කළයුතුද සියල්ල කළ බැවින් මෙය නිෂ්පරියායයෙන් කායසක්‍ඛි නමි.

3. පඤ‍්ඤාවිමුත‍්ත සුත‍්තවණ‍්ණනා

3. පඤ්ඤාවිමුත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ පඤ‍්ඤාය ච නං පජානාතීති තං පඨමජ‍්ඣානවිපස‍්සනාපඤ‍්ඤාය ජානාති. ඉධාපි පරියායනිප‍්පරියායා පුරිමනයෙනෙව වෙදිතබ‍්බා. යථා ච ඉධ, එවං ඉතො පරෙසුපි.

තෙවැන්නෙහි පඤ්ඤාය ච නං පජානාති යනු ප්‍රථමධ්‍යාන විදර්‍ශනා ප්‍රඥාවෙන් මනාව දනියි. මෙහි ද පරියාය නිප්පරියායයෝ මුල් ක්‍රමයෙන්ම දතයුත්තාහ. මෙහි යම්සේද මෙයින් මත්තෙහි ද එසේමය.

4. උභතොභාගවිමුත‍්ත සුත‍්තවණ‍්ණනා

4. උභතොභාගවිමුත්ත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථං උභයෙන වෙදිතබ‍්බං. එත්‍ථ ච උභතොභාගවිමුත‍්තොති උභතොභාගෙහි සමථවිපස‍්සනානං පච‍්චනීකකිලෙසෙහි විමුත‍්තො. පරියොසානෙ පන සමාපත‍්තියා රූපකායතො, අරියමග‍්ගෙන නාමකායතො විමුත‍්තොයෙව උභතොභාගවිමුත‍්තොති වෙදිතබ‍්බො.

සිවුවැන්න ක්‍රම දෙකින් දතයුතුය. මෙහි ද උභතොභොගවිමුත්තො යනු දෙඅංශයෙන් සමථ විදර්‍ශනාවන්ට විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදුනේයි, අවසානයෙහි වනාහි සමාපත්තියෙන් රූපකායයෙන් ද ආර්‍ය්‍ය මාර්‍ගයෙන් නාමකායයෙන් ද මිදුනේම උභතොභාගවිමුත්ත යයි දතයුතුය.

5-10. සන්‍දිට‍්ඨිකධම‍්ම සුත‍්තාදිවණ‍්ණනා

5-10. සන්දිට්ඨිකධම්ම ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමාදීසු සන්‍දිට‍්ඨිකොති සයං පස‍්සිතබ‍්බකො. නිබ‍්බානන‍්ති කිලෙසනිබ‍්බානං. පරිනිබ‍්බානන‍්ති තස‍්සෙව වෙවචනං. තදඞ‍්ගනිබ‍්බානන‍්ති පඨමජ‍්ඣානාදිනා තෙන තෙන අඞ‍්ගෙන නිබ‍්බානං. දිට‍්ඨධම‍්මනිබ‍්බානන‍්ති ඉස‍්මිංයෙව අත‍්තභාවෙ නිබ‍්බානං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පස්වැන්න ආදියෙහි සන්‍දිට්ඨිකො යනු තෙමේම දැකිය යුතුවූයේයි, නිබ්බානං යනු කෙලෙස් නිවීමයි, පරිනිබ්බානං යනු එයටම අපරනාමයෙකි, තදඞ්ගනිබ්බානං යනු ප්‍රථමධ්‍යානාදියෙන් ඒ ඒ අංගයෙන් නිවීමයි. දිට්ඨධම්මනිබ්බානං යනු ඒ අත්බැව්හිදීම නිවීමයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

සාමඤ‍්ඤවග‍්ගො පඤ‍්චමො.

දසවැනි මහා වර්‍ගයයි.

පඨමපණ‍්ණාසකං නිට‍්ඨිතං.

පළමු පණ්ණාසකය නිමියේයි.