පඤ්ඤාවිමුත්ති සුත්තං
9. 1. 5. 3.
9. 1. 5. 3.
පඤ්ඤාවිමුත්ති සුත්තං
පඤ්ඤාවිමුත්ත සූත්‍රය
[කොසම්බිනිදාන]
[කොසැඹෑනිදාන යි]
“පඤ්ඤාවිමුත්තො පඤ්ඤාවිමුත්තො” ති ආවුසො වුච්චති, කිත්තාවතා නු ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතාති:
ඇවැත්නි, ‘පඤ්ඤාවිමුත්ත’ ‘පඤ්ඤාවිමුත්ත’යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රඥාවිමුක්ත පුද්ගලයා දෙසන ලද්දේ දැයි.
ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන -පෙ-
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රඥාවිමුක්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
පුන චපරං ආවුසො භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතා පි ඛො ආවුසො, පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන -පෙ-
තවද ඇවැත්නි, මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්ත්ථ ධ්‍යානයට එළැඹ වාසය කරන්නේ ය. (චතුර්ත්ථධ්යාන විදර්ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥා විමුක්තයා දෙසන ලද්දේ ය.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය ච නං පජානාති. එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා පරියායෙන.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. (නේවසඤ්ඤානාසඤ්ඤායතන විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ප්රඥාවිමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස්සිත්වා විහරති පඤ්ඤාය ච නං පජානාති, එත්තාවතාපි ඛො ආවුසො පඤ්ඤාවිමුත්තො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
තවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණ කොට සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතන වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් විසින් ප්රඥාවිමුක්ත පුද්ගල නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලද්දේ යි.