යෙදුමෙන් කියවන්න

උභතොභාගවිමුත‍්ත සුත‍්තං

9. 1. 5. 4.

9. 1. 5. 4.

උභතොභාගවිමුත‍්ත සුත‍්තං

උභතෝභාගවිමුත්ත සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

“උභතොභාගවිමුත‍්තො උභතොභාගවිමුත‍්තො” ති ආවුසො වුච‍්චති, කිත‍්තාවතා නු ඛො ආවුසො උභතොභාගවිමුත‍්තො වුත‍්තො භගවතාති:

ඇවැත්නි, ‘උභතෝභාගවිමුත්තය’ ‘උභතෝභාගවිමුත්තය’ යි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් උභතෝභාගවිමුත්ත පුද්ගල දෙසන ලදුයේ දැයි.

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති, පඤ‍්ඤාය ච නං පජානාති. එත‍්තාවතා පි ඛො ආවුසො උභතොභාගවිමුත‍්තො වුත‍්තො භගවතා පරියායෙන -පෙ-

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව මැ ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු එම දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති, පඤ‍්ඤාය ච නං පජානාති. එත‍්තාවතාපි ඛො ආවුසො උභතොභාගවිමුත‍්තො වුත‍්තො භගවතා පරියායෙන.

තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (නෙවසඤ්ඤානාසඤ්ඤා විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුත්ත පුද්ගල දෙසන ලද්දේ ය ...

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති. පඤ‍්ඤාය ච නං පජානාති. එත‍්තාවතාපි ඛො ආවුසො උභතොභාගවිමුත‍්තො වුත‍්තො භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු දැන ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දැන ගන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්තයා දෙසන ලදුයේ ය යි.