යෙදුමෙන් කියවන්න

කායසක‍්ඛි සුත‍්තං

9. 1. 5. 2.

9. 1. 5. 2.

කායසක‍්ඛි සුත‍්තං

කායසක්ඛී සූත්‍රය

[කොසම‍්බිනිදානං]

[කොසැඹෑනිදාන යි]

“කායසක‍්ඛි කායසක‍්ඛී” ති ආවුසො වුච‍්චති, කිත‍්තාවතා නු ඛො ආවුසො කායසක‍්ඛි වුත‍්තො භගවතාති.

ඇවැත්නි, කායසක්ඛී, කායසක්ඛී යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් කායසක්ඛී පුද්ගලයා දෙසන ලද්දේ දැයි:

ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා. විහරති. එත‍්තාවතාපි ඛො ආවුසො කායසක‍්ඛි වුත‍්තො භගවතා පරියායෙන.

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යම් යම් සෙයකින් ඒ (ප්‍රථම ධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතන වේ නම් ඒ ඒ සෙයින් ඒ සමාපත්තිය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ ය.

පුන චපරං ආවුසො භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති. එත‍්තාවතාපි ඛො ආවුසො කායසක‍්ඛි වුත‍්තො භගවතා පරියායෙන.

ඇවැත්නි, තවද, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගල කියන ලද්දේ ය.

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කම‍්ම පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති, යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති, එත‍්තාවතා පි ඛො ආවුසො කායසක‍්ඛි වුත‍්තො භගවතා පරියායෙන,

තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේය … සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණ කොට ‘විඤ්ඤාණය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැහැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ කායසක්ඛී පුද්ගලයා පර්‍ය්‍යායයෙන් දෙසන ලදුයේ ය.

පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. යථා යථා ච තදායතනං තථා තථා නං කායෙන ඵස‍්සිත්‍වා විහරති, එත‍්තාවතාපි ඛො ආවුසො කායසක‍්ඛි වුත‍්තො භගවතා නිප‍්පරියායෙනාති.

තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් නාම කායයෙන් පැහැස වාසය කරන්නේ ය. ඇවැත්නි, එතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ නිෂ්පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ යි.