සම්බාධ සුත්තං
9. 1. 5. 1.
9. 1. 5. 1.
සම්බාධ සුත්තං
සම්බාධ සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා උදායී යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච: වුත්තමිදං ආවුසො, පඤ්චාලචණ්ඩෙන දෙවපුත්තෙන:
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වාස කෙරෙත්. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන් හා සමඟ සතුටු වූහ. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි, පඤ්චාලචණ්ඩ දේවපුත්‍ර විසින් මෙය කියන ලද:
1. “සම්බාධෙ වත ඔකාසං අවින්දි භූරි මෙධසො යො ඣානමබුධා බුද්ධො - පතිලීනනිසභො මුනී” ති.
1. සිවුසස් පිළිවිදි (එකී භාවයෙන්) ප්‍රතිලීන වූ ද (උත්තමාර්‍ත්‍ථයෙන්) නිසභ වූ ද යම් බුද්ධ වූ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේ ද ඒ මහාප්‍රාඥ තෙමේ එකැතින් පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත සම්බෝධයෙහි අවකාශ දතුයේ ය.
කතමො නු ඛො ආවුසො සම්බාධො කතමො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතාති:
ඇවැත්නි, සම්බාධ නම් කවර? භාග්‍යවතුන් විසින් වදාරන ලද සම්බාධයෙහි ඕකාසාධිගමය කවර?
පඤ්චිමෙ ආවුසො කාමගුණා සම්බාධො වුත්තො භගවතා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආවුසො පඤ්චකාමගුණා සම්බාධො වුත්තො භගවතා.
ඇවැත්නි, මේ පස්කම් ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි වදාරන ලද, කවර පසෙක යත්: චක්ෂුර්විඥාන ග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය රූපයහ, ශ්‍රොතවිඥාන ග්‍රාහ්‍ය ශබ්දයහ … ඝ්‍රාණවිඥාන ග්‍රාහ්‍ය ගන්‍ධයහ … ජිව්හාවිඥාන ග්‍රාහ්‍ය රසයහ … කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රජනීය ස්ප්රෂ්ටව්යයහ. ඇවැත්නි, මේ පඤ්චකාම ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි කියන ලද.
ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා. පරියායෙන තත්ථ’පත්ථී සම්බාධො, කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ විතක්කවිචාරා අනිරුද්ධා හොන්ති අයමෙත්ථ සම්බාධො.
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේය. ඇවැත්නි, මෙ පමණෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විතර්ක විචාරයෝ අනිරුද්ධ වෙත් නම් මේ මෙහි සම්බාධ වෙයි.
පුන චපරං ආවුසො භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන. තත්ථ පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ: පීති අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ පමණකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධය කවර? යම් හෙයකින් එහි ප්‍රීතිය අනිරුද්ධ වේ නම් මේ එහි සම්බාධ යි.
පුන චපරං ආවුසො භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බොධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන. තත්ථ’පත්ථී සම්බාධො, කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ උපෙක්ඛාසුඛං අනිරුද්ධං හොති, අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ද … තෘතීය ධ්‍යානයට පැමිණ වාස කරනේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, එහිදු පර්‍ය්‍යායයෙන් සම්බාධය ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි උපේක්ෂා සුඛය අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධය වෙයි.
පුන චපරං ආවුසො භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො, සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා. තත්ථ’පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ රූපසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ සුඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි රූපසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ වෙයි.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථී සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ ආකාසානඤ්චායතනසඤ්ඤා අනිරුද්ධා හොති. අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තය යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු සම්බාධයෙහි ඕකාසාධිගම ය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකාසානඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ ද මේ මෙහි සම්බාධ යි.
පුන චපරං ආවුසො, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො යදෙව තත්ථ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා අනිරුද්ධා හොති. අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් ආකාසානඤ්චායතන ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විඤ්ඤාණඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ’පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය දෙසන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එත්තාවතා පි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා පරියායෙන, තත්ථ පත්ථි සම්බාධො. කිඤ්ච තත්ථ සම්බාධො: යදෙව තත්ථ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා අනිරුද්ධා හොති, අයමෙත්ථ සම්බාධො.
තවද ඇවැත්නි, මහණ සර්වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාසය කරන්නේ ය. ඇවැත්නි මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය වදාරන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො ආවුසො සම්බාධෙ ඔකාසාධිගමො වුත්තො භගවතා නිප්පරියායෙනාති.
තවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලදැ යි.