යෙදුමෙන් කියවන්න

තපුස‍්සගහපති සුත‍්තං

9. 1. 4. 10.

9. 1. 4. 10.

තපුස‍්සගහපති සුත‍්තං

තපුස්සගහපති සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා මලතෙසු විහරති උරුවෙලකප‍්පං නාම මලතානං නිගමො. අථ ඛො භගවා පුබ‍්බන‍්හ සමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය උරුවෙලකප‍්පං පිණ‍්ඩාය පාවිසි. උරුවෙලකප‍්පෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි. ‘ඉධෙව තාව ත්‍වං ආනන්‍ද හොහි, යාවාහං මහාවනං අජ‍්ඣොගාහාමි දිවාවිහාරායා’ති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පච‍්චස‍්සොසි. අථඛො භගවා මහාවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.

මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මලත ජනපදයෙහි උරුවේලකප්ප නම් මලතයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වාහ්නයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන උරුවේලකප්පයට පිඬු පිණිස වන්සේක. උරුවේලකප්පයෙහි පිඬු සිඟා හැසිර පසුබතෙහි පිඬුවායෙන් වැළකුණාහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, මම් දිවාවිහාර පිණිස මහාවනයට යම්තාක් වදනෙම් නම් තෙපි ඒ තාක් මෙහි ම රඳව”යි. ‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් හට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහවනයට වැද එක්තරා රුක් මුලෙක දිවා විහරණ සඳහා වැඩ හුන් සේක.

අථ ඛො තපුස‍්සො ගහපති යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො තපුස‍්සො ගහපති ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච:

ඉක්බිති තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ යම් තෙනෙක්හි ද එහි එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් තපුස්ස ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරුන් හට තෙල කීය:

මයං භන‍්තෙ ආනන්‍ද, ගිහී කාමභොගී කාමාරාමා කාමරතා කාමසම‍්මුදිතා. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං ගිහීනං කාමභොගීනං කාමාරාමානං කාමරතානං කාමසම‍්මුදිතානං පපාතො විය ඛායති. යදිදං නෙක‍්ඛම‍්මං. සුතං මෙතං භන‍්තෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ දහරානං දහරානං භික‍්ඛූනං නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති. එතං සන‍්තන‍්ති පස‍්සතං, නයිදං භන‍්තෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ භික‍්ඛූනං බහුනා ජනෙන විසභාගො යදදිං නෙක‍්ඛම‍්මන‍්ති.

වහන්ස, ආනන්‍දයෙනි, ගෘහස්ථ වූ අපි කම්සුව විඳුනාහු කාමයෙහි ඇලුණාහු කාමයෙහි වෙසෙසින් ඇලුණාහු කාමයෙන් තුස්නාහු වම්හ. හිමියෙනි, කාමභෝගී වූ කාමාරාම වූ කාමරත වූ කාමසම්මුදිත වූ ගිහිගෙහි වසන ඒ අපට යම් මේ (ප්‍රවුජ්‍යාසඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය ප්‍රපාතයක් මෙන් වැටහෙයි. වහන්ස, මේ ධර්‍මවිනයෙහි තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි (අරමුණු වසයෙන්) නො බැස ගනියි. (එ අරමුණු කොට) පහදියි. (එහි ම) පිහිටයි. (සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් එය බොහෝදෙන සමග සභාග නොවන්නේයි.

අත්‍ථි ඛො එතං ගහපති, කථාපාභතං භගවන‍්තං දස‍්සනාය, ආයාම ගහපති, යෙන භගවා තෙනුපසංකමිස‍්සාම, උපසඞ‍්කමිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙස‍්සාම. යථා නො භගවා බ්‍යාකරිස‍්සතී තථා නං ධාරෙස‍්සාමාති, එවං භන‍්තෙති ඛො තපුස‍්සො ගහපති ආයස‍්මතො ආනන්‍දස‍්ස පච‍්චස‍්සොසි. අථ ඛො ආයස‍්මා ආනන්‍දො තපුස‍්සෙන ගහපතිනා සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා -පෙ- භගවන‍්තං එතදවොච:

ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස තෙල කථා ප්‍රාහෘතයෙක් (කථා මූලයෙක්) වෙයි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද, එහි එළැඹෙමු. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හට මෙ කරුණ සැල කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයෙකින් අපට පවසන සේක් නම් එසෙයින් එ ධරම්හ යි. ‘එසේ ය වහන්සැ’යි තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් ඇස්වීය. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තපුස්ස ගැහැවිහු සමඟ භාග්‍යවතුන් වහන්සේ යම් තෙනෙක වූහු නම් එතනට එළැඹියහ. එළැඹ … භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:

අයං භන‍්තෙ තපුස‍්සො ගහපති එවමාහ: මයං භන‍්තෙ ආනන්‍ද ගිහී කාමභොගී කාමාරාමා කාමාරතා කාමසම‍්මුදිතා. තෙසං නො භන‍්තෙ, අම‍්හාකං ගිහීනං කාමභොගීනං කාමාරාමානං කාමරතානං කාමසම‍්මුදිතානං. පපාතො විය ඛායති යදිදං නෙක‍්ඛම‍්මං. සුතං මෙතං භන‍්තෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ දහරානං දහරානං භික‍්ඛූනං නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති එතං සන‍්තන‍්ති පස‍්සතං තයිදං භන‍්තෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ භික‍්ඛූනං බහුනා ජනෙන විසභාගො යදිදං නෙක‍්ඛම‍්මන‍්ති.

වහන්ස, මේ තපස්සු ගැහැවි මෙසේ කියයි: “වහන්ස, ආනන්‍දයෙනි, අපි කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත වූ ගිහියම්හ. වහන්ස, කාමභෝගී, කාමාරාම, කාමරත, කාමසම්මුදිත ගිහි වූ ඒ අපට මේ නෛෂ්ක්‍රම්‍යය (පැවිද්ද) ප්‍රපාතයක් මෙන් වැටහෙයි. මේ ධර්‍මවිනයෙහි තෙල (නෛෂ්ක්‍රම්‍යය) ශාන්තය යි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත බැස ගනියි, පහදියි, සිටියි, (ඒ අරමුණුකොට සතුරු දහමුන්ගෙන් ද) මිදෙයි යන තෙල පුවත මා විසින් අසන ලද්දේ ය. වහන්ස, මේ ධර්‍මවිනයෙහි මහණුන්ගේ යම් මේ නෛෂ්ක්‍රම්‍යයෙක් වේ නම් ඒ මේ කරුණ බොහෝ දෙනා සමඟ අසදෘශ ය”යි.

එවමෙතං ආනන්‍ද, එවමෙතං ආනන්‍ද, මය‍්හම‍්පි ඛො ආනන්‍ද, පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි: ‘සාධු නෙක‍්ඛම‍්මං, සාධු පවිවෙකො’ති. තස‍්ස මය‍්හං ආනන්‍ද නෙක‍්ඛම‍්මෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති, එතං සන‍්තන‍්ති පස‍්සතො, තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: කො නුඛො හෙතු, කො පච‍්චයො යෙන මෙ නෙක‍්ඛම‍්මෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති, එතං සන‍්තන‍්ති පස‍්සතො. තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: කාමෙසු ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො, නෙක‍්ඛම‍්මෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස‍්මා නෙක‍්ඛම‍්මෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති එතං සන‍්තන‍්ති පස‍්සතො.

ආනන්‍දය, තෙල කරුණ එසේ ම ය. ආනන්‍දය, තෙල කරුණ එසේ මැ යි. සම්බෝධියෙන් පෙර ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට දු නෛෂ්ක්‍රම්‍යය මැනැවි, ප්‍රවිවේකය මැනවි යන තෙල සිත වී ය. තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යය කෙරෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (ඒ අරමුණු කොට කෙලෙසුන්ගෙන්) නො මිදේ. ආනන්‍දය, ඒ මට තෙල සිත විය: “තෙල නෛෂ්ක්‍රම්‍යය ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නෛෂ්ක්‍රම්‍යයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, (ඒ අරමුණු කොට කෙලෙසුන් කෙරෙන්) නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවරැ”යි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් කාමයන්හි ආදීනව නො දක්නා ලද ම ය, හේ ද මා විසින් අබහුලීකෘත ය, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ නො කරන ලද, හේ ද මා විසින් ආදරයෙන් සේවන නො කරන ලද, එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි නො බැස ගනියි. නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන් ගෙන්) නො මිදෙයි”.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘සචෙ ඛො අහං කාමෙසු ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය එතං සන‍්තන‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම කාමයන්හි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ලැබ එය අවබෝධ කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නෛෂ්ක්‍රම්‍යෙයහි යම් හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, (කෙලෙසුන් කෙරෙන්) මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත්ම ය.

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන කාමෙසු ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං, නෙක‍්ඛම‍්මෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං, තස‍්ස මය‍්හං ආනන්‍ද, නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති, ‘එතං සන‍්තන‍්ති’ පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවනය කෙළෙමි. තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ නෛෂ්ක්‍රම්‍යයෙහි පනියි, පහදියි, පිහිටයි, (ඒ අරමුණුකොට කෙලෙසුන් කෙරෙන්) මිදෙයි.

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ‍්ඤා මනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස මෙ කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමසහගත සංඥාමනසිකාරයෝ (මනෝද්වාරයෙහි) හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට හුදු ආබාධ පිණිසම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට කාමසහගතසංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: “යන‍්නූනාහං විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති” තස‍්ස මය‍්හං ආනන්‍ද, අවිතක‍්කෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චතී “එතං සන‍්තන‍්ති” පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, (කෙලෙසුන්ගෙන්) නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: “කො නු ඛො හෙතු, කො පච‍්චයො යෙන මෙ අවිතක‍්කෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති “එතං සන‍්තන‍්ති” පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්ත ය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි යම්හෙයෙකින් නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”යි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: “විතක‍්කෙසු ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො, අවිතක‍්කෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ අවිතක‍්කෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති. “එතං සන‍්තන‍්ති” පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විතර්‍ක (විචාර) යන්හි ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි නො බැසගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: “සචෙ ඛො අහං විතක‍්කෙසු ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං අවිතක‍්කෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ අවිතක‍්කෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය, පසීදෙය්‍ය, සන‍්තිට‍්ඨෙය්‍ය, විමුච‍්චෙය්‍ය ‘එතං සන‍්තන‍්ති’ පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විතර්‍ක (විචාර) යන්හි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් අවිතර්‍කයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි තෙල කරුණ විද්‍යමාන වේ මැ යි.

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන විතක‍්කෙසු ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං. අවිතක‍්කෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං. තස‍්ස මය‍්හං ආනන්‍ද, අවිතක‍්කෙ චිත‍්තං පක‍්ඛන්‍දති, පසීදති, සන‍්තිට‍්ඨති, විමුච‍්චති ‘එතං සන‍්තන‍්ති’ පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්හි ආදීනව දැක එය බහුල කෙළෙමි. අවිතර්‍ක (අවිචාර) යෙහි අනුසස් අවබෝධ කොට ගෙන එය ආසේවන කෙළෙමි, ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අවිතර්‍ක අවිචාරයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

2. සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි, තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස මෙ විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්තී, ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

2. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවෙනි ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නාවූ ඒ මට විතර්‍කසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි. ආනන්‍දය, යම්සේ සුව ඇතියහට ආබාධ පිණිසම දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විතර්‍කසහගත මනස්කාරයෝ හැසිරෙත්. එය මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: “යන‍්නූනාහං පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. තස‍්ස මය‍්හං ආනන්‍ද, නිප‍්පීතිකෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති “එතං සන‍්තන‍්ති” පස‍්සතො. තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි, “කො නු ඛො හෙතු කො පච‍්චයො, යෙන මෙ නිප‍්පීතිකෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති “එතං සන‍්තන‍්ති” පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෙවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි. ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැසගනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කිම? ප්‍රත්‍යය කිමැ”යි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: පීතියා ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, යො ච මෙ අබහුලීකතො. නිප‍්පීතිකෙ ආනිසංසො අනධිගතො සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ නිප‍්පීතිකෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති “එතං සන‍්ති”න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ප්‍රීතිහුගේ ආදීනව නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ නො කරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මා ගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: “සචෙ ඛො අහං පීතියා ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, නිප‍්පීතිකෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං මෙ නිප‍්පීතිකෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය, සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය “එතං සන‍්තන‍්ති” පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කරනෙම් නම් නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානය කෙරෙහි යම්හෙයෙකින් බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන පීතියා ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං. නිප‍්පීතිකෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං. තස‍්ස මය‍්හං ආනන්‍ද, නිප‍්පීතිකෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති එතං සන‍්තන‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ප්‍රීතිහුගේ දොස් දැක එය බහුල කෙළෙමි. ප්‍රීතිවිරහිත ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නිෂ්ප්‍රීතික ධ්‍යානයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

3. සො ඛො අහං ආනන්‍ද, පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස මෙ පීතිසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

3. ආනන්‍දය, ඒ මම ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන ඒ මට ප්‍රීතිසහගත සංඥා මනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුවඇතියහට ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිද්දෙන් ම ඒ මට ප්‍රීතිසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘යන‍්නූනාහං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. තස‍්ස මය‍්හං ආනන්‍ද, අදුක‍්ඛමසුඛෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත් වී ය: “මම සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිවුවන ධ්‍යානයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච‍්චයො යෙන මෙ අදුක‍්ඛමසුඛෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති’ ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛඅසුඛයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘උපෙක‍්ඛාසුඛෙ ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො. අදුක‍්ඛමසුඛෙ ච ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ අදුක‍්ඛමසුඛෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති “එතං සන‍්ත”න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “උපේක්‍ෂාසුඛයෙහි ආදීනව මා විසින් නො දක්නා ලද ය. හේ මා විසින් අබහුලීකෘත ද වෙයි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. හේ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත අදුක්ඛඅසුඛයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘සචෙ ඛො අහං උපෙක‍්ඛාසුඛෙ ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, අදුක‍්ඛමසුඛෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං මෙ අදුක‍්ඛමසුඛෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය ‘එතං සන‍්තන‍්ති’ පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම උපේක්‍ෂා සුඛයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් අදුක්ඛ අසුඛයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය, යන තෙල කරුණ ඇත්ම ය.”

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන උපෙක‍්ඛාසුඛෙ ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං, අදුක‍්ඛමසුඛෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං, තස‍්ස මය‍්හං ආනන්‍ද අදුක‍්ඛමසුඛෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි උපේක්‍ෂාසුඛයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. අදුක්ඛ අසුඛයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. තෙල ශාන්තය යි දක්නා ඒ මාගේ සිත අදුක්ඛ අසුඛයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

4. සො ඛො අහං ආනන්‍ද අපරෙන සමයෙන සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද ඉමිනා විහාරෙන විහරතො උපෙක‍්ඛාසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද සුඛිනො දුක‍්ඛං උපපජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස මෙ උපෙක‍්ඛාසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

4. ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි සුඛයාගේ ද ප්‍රහාණයෙන් … සිව්වන ධ්‍යානයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, යම් සේ සුව ඇතියහට ආබාධ පිණිස ම දුක උපදනේ ද, එපරිදි ම ඒ මට උපේක්‍ෂාසහගත සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘යන‍්නූනාහං සබ‍්බසො රූපසඤ‍්ඤානං -පෙ- අනන‍්තො ආකාසොති, ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය’න‍්ති, තස‍්ස මය‍්හං ආනන්‍ද. ආකාසානඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ … ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච‍්චයො යෙන මෙ ආකාසානඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි නො පනී ද, නො පහදියි ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘රූපෙසු ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො. ආකාසානඤ‍්චායතනෙ ආනිසංසො අනධිගතො. සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ ආකාසානඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් රූපයන්හි දෝස නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද ය. ඒ මා විසින් අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දන්නා වූ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘සචෙ ඛො අහං රූපෙසු ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, ආකාසානඤ‍්චායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආකාසානඤ‍්චායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම රූපයන්හි ආදීනව දැක එය බහුලකරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකාසානඤ්චායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ මැයි.”

සො ඛො ආනන්‍ද, අපරෙන සමයෙන රූපෙසු ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං, ආකාසානඤ‍්චායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං, තස‍්ස මය‍්හං ආනන්‍ද, ආකාසානඤ‍්චායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි රූපයන්හි දොස් දැක එය බහුල කෙළෙමි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් සාක්‍ෂාත් කොට එය ආදරයෙන් සෙව්වෙමි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

5. සො ඛො ආනන්‍ද, සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා -පෙ- අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය, යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස මෙ රූපසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

5. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් … (කසිණුග්ඝාටික) ආකාසය අනන්තය යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට රූපසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත්. ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: යන‍්නූනාහං සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති. ‘තස‍්ස මය‍්හං ආනන්‍ද විඤ‍්ඤාණඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති එතං සන‍්තන‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා (ආකාසාරම්මණ) විඤ්ඤාණය අනන්තයි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්ත යි දක්නා වූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච‍්චයො, යෙන මෙ විඤ‍්ඤාණඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර, ප්‍රත්‍ය කවර යත්:

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ආකාසානඤ‍්චායතනෙ ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො. විඤ‍්ඤාණඤ‍්චායතනෙ ච ආනිසංසො අනධිගතො සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ විඤ‍්ඤාණඤ‍්චායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති’ ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකාසානඤ්චායතනයයෙහි ආදීනව නො දක්නා ලද ය. ඒ මා විසින් අබහුලීකෘත ද වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් ද නො ලබන ලද ය. මා විසින් ඒ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

සචෙ ඛො අහං ආකාසානඤ‍්චායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, විඤ‍්ඤාණඤ‍්චායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ විඤ‍්ඤාණඤ‍්චායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ඉදින් මම ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරන්නෙම් නම් විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරන්නෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත යම් හෙයෙකින් විඤ්ඤාණඤ්චායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ ඇත් ම ය.”

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන ආකාසානඤ‍්චායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං, විඤ‍්ඤාණඤ‍්චායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං. තස‍්ස මය‍්හං ආනන්‍ද, විඤ‍්ඤාණඤ‍්චායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නාවූ ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

6. සො ඛො අහං ආනන්‍ද, සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස මෙ ආකාසානඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

6. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට බාධා වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක් උපදනේ ද, එසේ ම ඒ මට ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: ‘යන‍්නූනාහං සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය’න‍්ති. තස‍්ස මය‍්හං ආනන්‍ද, ආකිඤ‍්චඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: කො නු ඛො හෙතු, කො පච‍්චයො, යෙන මෙ ආකිඤ‍්චඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පනියි ද, නො පහදියි ද, නො පිහිටයි ද, නො මිදෙයි ද එයට හේතු කවර, ප්‍රත්‍යය කවර යත්:

තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: “විඤ‍්ඤාණඤ‍්චායතනෙ ඛො මෙ ආදීනවො අදිට‍්ඨො. සො ච මෙ අබහුලීකතො. ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ච ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ ආකිඤ‍්චඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව නොදක්නා ලද ය. හේ ද මා විසින් අබහුලීකෘත ය. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් ද අවබෝධ නො කරන ලද ය, හේ මා විසින් සේවිත ද නො වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නො පැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.”

තස‍්ස මය‍්හං ආනන්‍ද එතදහොසි: ‘සචෙ ඛො අහං විඤ‍්ඤාණඤ‍්චායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ ආකිඤ‍්චඤ‍්ඤායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය පසීදෙය්‍ය සන‍්තිට‍්ඨෙය්‍ය විමුච‍්චෙය්‍ය “එතං සන‍්ත”න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කරනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන විඤ‍්ඤාණඤ‍්චායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං, තස‍්ස මය‍්හං ආනන්‍ද ආකිඤ‍්චඤ‍්ඤායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි විඤ්ඤාණඤ්චායතනයෙහි දොස් දැක එය බහුල කෙළෙමි. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

7. සො ඛො අහං ආනන්‍ද සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාමි. තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො විඤ‍්ඤාණඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

7. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි.

සෙය්‍යථාපි ආනන්‍ද සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස මෙ විඤ‍්ඤාණඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිසම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම ඒ මට විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනස්කාරයෝ හැසිරෙති. හේ ඒ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘යන‍්නූනාහං සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය’න‍්ති. තස‍්ස මය‍්හං ආනන්‍ද, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති, න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති, ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘කො නුඛො හෙතු, කො පච‍්චයො, යෙන මෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, එයට හේතු කවර ප්‍රත්‍යය කවර යත්:

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ආනිසංසො අනධිගතො, සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනවය නොදක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අනධිගත වෙයි. මා විසින් හේ අනාසේවිත ද වෙයි. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නො පනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘සචෙ ඛො අහං ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං, ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍ය, පසීදෙය්‍ය, සන‍්තිට‍්ඨෙය්‍ය, විමුච‍්චෙය්‍ය, ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කරනෙම් නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය අදරින් සෙවුනෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනින්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.

සො ඛො ආහං ආනන්‍ද, අපරෙන සමයෙන ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං, තස‍්ස මය‍්හං ආනන්‍ද නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක එය බහුල කෙළෙමි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

8. සො ඛො අහං ආනන්‍ද, සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරාමි, තස‍්ස මය‍්හං ආනන්‍ද, ඉමිනා විහාරෙන විහරතො ආකිඤ‍්චඤ‍්ඤායතන සහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති’ ස‍්වාස‍්ස මෙ හොති ආබාධො. සෙය්‍යථාපි ආනන්‍ද, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස මෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස මෙ හොති ආබාධො.

8. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙමි. ආනන්‍දය, මේ විහාරයෙන් වසන්නා වූ මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනස්කාරයෝ මනෝද්වාරයෙහි හැසිරෙත්. හේ ඒ මට ආබාධ වෙයි. ආනන්‍දය, සුව ඇතියහට ආබාධ පිණිස ම යම්සේ දුක උපදනේ ද, එසෙයින් ම මට ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ හැසිරෙත් හේ මට ආබාධ වෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘යන‍්නූනාහං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤා වෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යන‍්ති’ තස‍්ස මය‍්හං ආනන්‍ද, සඤ‍්ඤාවෙදයිතනිරොධෙ චිත‍්තං න පක‍්ඛන්‍දති, නප‍්පසීදති න සන‍්තිට‍්ඨති, න විමුච‍්චති, ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙන්නෙම් නම් යෙහෙකැ”යි. ආනන්‍දය, තෙල ශාන්තයයි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනී, නො පහදී, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘කො නුඛො හෙතු, කො පච‍්චයො, යෙන මෙ සඤ‍්ඤාවෙදයිතනිරොධෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම් හෙයෙකින් සසඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො පනී ද, නො පහදී ද, නො පිහිටා ද, නො මිදේ ද, හේතු කවරේ දෝ! ප්‍රත්‍යය කවරේ දෝ!”

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ඛො මෙ ආදීනවො අදිට‍්ඨො, සො ච මෙ අබහුලීකතො සඤ‍්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසො අනධිගතො. සො ච මෙ අනාසෙවිතො. තස‍්මා මෙ සඤ‍්ඤාවෙදයිතනිරොධෙ චිත‍්තං න පක‍්ඛන්‍දති නප‍්පසීදති න සන‍්තිට‍්ඨති න විමුච‍්චති ‘එතං සන‍්ති’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “මා විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනව නො දක්නා ලද ය. මා විසින් හේ අබහුලීකෘත ද වෙයි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ නො කරන ලද්දේ වෙයි. මා විසින් හේ අනාසේවිත ද වේ. එහෙයින් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි නො බැස ගනියි, නො පහදියි, නො පිහිටයි, නො මිදෙයි.

තස‍්ස මය‍්හං ආනන්‍ද, එතදහොසි: ‘සචෙ ඛො අහං නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලීකරෙය්‍යං සඤ‍්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවෙය්‍යං ඨානං ඛො පනෙතං විජ‍්ජති යං මෙ සඤ‍්ඤාවෙදයිතනිරොධෙ චිත‍්තං පක‍්ඛන්‍දෙය්‍යං, පසීදෙය්‍ය, සන‍්තිට‍්ඨෙය්‍ය, විමුච‍්චෙය්‍ය ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මට තෙල සිත වී ය: “ඉදින් මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනවය දැක එය බහුල කරනෙම් නම් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය ආසේවන කෙරෙම් නම් තෙල ශාන්තය යි දක්නා වූ මාගේ සිත යම්හෙයෙකින් සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, මිදෙන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ම ය.”

සො ඛො අහං ආනන්‍ද, අපරෙන සමයෙන නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ ආදීනවං දිස‍්වා තං බහුලමකාසිං, සඤ‍්ඤාවෙදයිතනිරොධෙ ආනිසංසං අධිගම‍්ම තමාසෙවිං. තස‍්ස මය‍්හං ආනන්‍ද, සඤ‍්ඤාවෙදයිතනිරොධෙ චිත‍්තං පක‍්ඛන්‍දති පසීදති සන‍්තිට‍්ඨති විමුච‍්චති ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතො.

ආනන්‍දය, ඒ මම පසුකාලයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි දෝස දැක එය බහුල කෙළෙමි. සඤ්ඤාවේදයිතනිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය භජනය කෙළෙමි. ආනන්‍දය, තෙල ශාන්තය යි දක්නා වූ ඒ මාගේ සිත සඤ්ඤාවේදයිතනිරෝධයෙහි බැස ගනියි, පහදියි, පිහිටයි, මිදෙයි.

9. සො ඛො අහං ආනන්‍ද සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරාමි, පඤ‍්ඤාය ච මෙ දිස‍්වා ආසවා පරික‍්ඛයං අගමංසු.

9. ආනන්‍දය, ඒ මම සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙමි. ප්‍රඥායෙනුදු දැක මාගේ ආස්‍රවයෝ පරික්‍ෂයට ගියහ.

යාවකීවඤ‍්චාහං ආනන්‍ද ඉමා නව අනුපුබ‍්බවිහාරසමාපත‍්තියො න එවං අනුලොමපටිලොමං සමාපජ‍්ජිම‍්පි, වුට‍්ඨහිම‍්පි නෙව තාවාහං ආනන්‍ද සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං.

ආනන්‍දය, යම්තාක් කල් මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොමපටිලොමවසයෙන් නො සමවැදියෙම් ද, නො නැඟී සිටියෙම් ද, ආනන්‍දය, ඒ තාක්කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළින නො කෙළෙම්ම ය.

යතො ච ඛො අහං ආනන්‍ද, ඉමා නව අනුපුබ‍්බවිහාරසමාපත‍්තියො එවං අනුලොමපටිලොමං සමාපජ‍්ජිම‍්පි වුට‍්ඨහිම‍්පි, අථාහං ආනන්‍ද, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති. අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

ආනන්‍දය, යම් කලෙක්හි මම මේ නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට මෙසේ අනුලොම් පිළිලොම් විසින් සමවැදුණෙම් ද, නැඟී සිටියෙම් ද, ආනන්‍දය, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමැයි පිළිණ කෙළෙමි. මට ඥානදර්‍ශනය (ප්‍රත්‍යවේක්‍ෂාඥානය) ද උපන, “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිමජාති යි, දැන් පුනර්‍භවයෙක් නැත” කියා යි.

මහාවග‍්ගො චතුත්‍ථො.

සතරවන මහාවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ද‍්වෙ විහාරා ච නිබ‍්බානං ගාවිඣානෙන පඤ‍්චමං, ආනන්‍දො බ්‍රාහ‍්මණො දෙවො නාගෙන තපුස‍්සෙන චාති.

අනුපුබ්බවිහාර සූත්‍රදෙක ය, නිබ්බානසූත්‍ර ය, ගාවීසූත්‍රය, පස්වන ඣාන සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, දෙවාසුර සූත්‍රය, නාග සූත්‍රය, තපුස්ස සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.