යෙදුමෙන් කියවන්න

4. මහාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. මහා වර්ගය

1-2. අනුපුබ‍්බවිහාර සුත‍්තාදිවණ‍්ණනා

1-2. අනුපුබ්බවිහාර ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථස‍්ස පඨමෙ අනුපුබ‍්බවිහාරාති අනුපටිපාටියා සමාපජ‍්ජිතබ‍්බවිහාරා. දුතියෙ යත්‍ථ කාමා නිරුජ‍්ඣන‍්තීති යස‍්මිං ඨානෙ කාමා වූපසම‍්මන‍්ති. නිරොධෙත්‍වාති අප‍්පටිවත‍්තෙ කත්‍වා. නිච‍්ඡාතාති තණ‍්හාදිට‍්ඨිච‍්ඡාතානං අභාවෙන නිච‍්ඡාතා. නිබ‍්බුතාති අත‍්තපරිතාපනකිලෙසානං අභාවෙන නිබ‍්බුතා. තිණ‍්ණාති කාමතො තිණ‍්ණා. පාරංගතාති කාමෙ පාරං ගතා. තදඞ‍්ගෙනාති තෙන ඣානඞ‍්ගෙන. එත්‍ථ කාමා නිරුජ‍්ඣන‍්තීති එත්‍ථ පඨමජ‍්ඣානෙ කාමා නිරුජ‍්ඣන‍්ති. තෙ චාති යෙ පඨමජ‍්ඣානං සමාපජ‍්ජන‍්ති, තෙ කාමෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති නාම. පඤ‍්ජලිකොති පග‍්ගහිතඅඤ‍්ජලිකො හුත්‍වා. පයිරුපාසෙය්‍යාති උපට‍්ඨාපෙය්‍ය. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අනුපුබ්බවිහාරා යනු අනුපිළිවෙලින් සමවැදිය යුතු විසීම්ය, දෙවැන්නෙහි යත්‍ථ කාමා නිරුජ්ඣන්ති යනු තැනක කාමයෝ සංසිදෙත්ද? නිරොධෙත්‍වා යනු නොපවතින්නවුන් කොටයි, නිච්ඡාතා යනු තෘෂ්ණා දෘෂ්ටි නමැති කුසගිනි නැති බැවින් නිච්ඡාත වූවාහුයි, නිබ්බුතා යනු ඇතුළත තවන කෙලෙසුන් නැති බැවින් නිවුනාවූයි, තිත්තණ්හා යනු කාමතෘෂ්ණාවෙන් තෘෂ්ණා රහිත වූවාහුයි, පාරගතා යනු කාමයෙහි පරතෙරට ගියාවූයි, තදඞ්ගෙන යනු ඒ ධ්‍යාන අංගයෙනි, එත්‍ථ කාමා නිරුජ්ඣන්ති යනු මෙහි ප්‍රථම ධ්‍යානයෙහි කාමයෝ නිරුද්ධ වෙති, තෙ ච යනු යමෙක් ප්‍රථම ධ්‍යානයට සමවදිත්ද ඔවුහු කාමයන් නිරොධ කරමින් වසත් නමි. පඤ්ජලිකො යනු බැඳගත් ඇඳිලි ඇත්තේ වීයි, පයිරුපාසෙය්‍ය යනු සේවය කරන්නේය, මේ ක්‍රමයෙන් සියලු තැන්හි අර්‍ත්‍ථය දතයුතුය.

3. නිබ‍්බානසුඛ සුත‍්තවණ‍්ණනා

3. නිබ්බානසුඛ සූත්‍ර වර්ණනාව

තතියෙ උදායීති ලාළුදායිත්‍ථෙරො. එතදෙව ඛ‍්වෙත්‍ථාති එතදෙව ඛො එත්‍ථ. කාමසහගතාති කාමනිස‍්සිතා. සමුදාචරන‍්තීති මනොද‍්වාරෙ සඤ‍්චරන‍්ති. ආබාධායාති ආබාධනාය පීළනාය. පරියායෙනාති කාරණෙන. එවං සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං සුත‍්තෙ අවෙදයිතසුඛං නාම කථිතං.

තෙවැන්නෙහි උදායී යනු ලාළුදායී තෙරුන් වහන්සේයි, එතදෙව ඛොත්‍ථ යනු එතදෙව ඛො එත්‍ථ යන පද සන්ධියයි. කාමසහගතා යනු කාමය ඇසුරුකොට ඇත්තාවූයි, සමුදාචරන්ති යනු මනොද්වාරයෙහි හැසිරෙති, ආබාධාය යනු පෙළීම් ඇති කරනු සඳහා, පෙළනු සඳහායි, පරියාගෙන යනු කාරණයෙනි, මෙසේ සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුය. මේ සූත්‍රයෙහි අවෙදයිත සුඛය කියන ලදි.

4. ගාවීඋපමා සුත‍්තවණ‍්ණනා

4. ගාවීඋපමා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පබ‍්බතෙය්‍යාති පබ‍්බතචාරිනී. න සුප‍්පතිට‍්ඨිතං පතිට‍්ඨාපෙත්‍වාති යථා සුප‍්පතිට‍්ඨිතා හොති, එවං න පතිට‍්ඨාපෙත්‍වා. තං නිමිත‍්තන‍්ති තං පඨමජ‍්ඣානසඞ‍්ඛාතං නිමිත‍්තං. න ස‍්වාධිට‍්ඨිතං අධිට‍්ඨාතීති යථා සුට‍්ඨු අධිට‍්ඨිතං හොති, න එවං අධිට‍්ඨාති. අනභිහිංසමානොති අපොථෙන‍්තො අවිහෙඨෙන‍්තො. මුදු චිත‍්තං හොති කම‍්මඤ‍්ඤන‍්ති යථා විපස‍්සනාචිත‍්තං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ මුදු කම‍්මක‍්ඛමං කම‍්මයොග‍්ගං හොති, එවමස‍්ස අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානචිත‍්තං මුදු හොති කම‍්මඤ‍්ඤං. අප‍්පමාණො සමාධීති චතුබ්‍රහ‍්මවිහාරසමාධිපි මග‍්ගඵලසමාධිපි අප‍්පමාණො සමාධි නාම, ඉධ පන “අප‍්පමාණං අප‍්පමාණාරම‍්මණ”න‍්ති ඉමිනා පරියායෙන සුප‍්පගුණසමාධි අප‍්පමාණසමාධීති දට‍්ඨබ‍්බො. සො අප‍්පමාණෙන සමාධිනා සුභාවිතෙනාති ඉමස‍්මිං ඨානෙ අයං භික‍්ඛු විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තො. ඉදානි ඛීණාසවස‍්ස අභිඤ‍්ඤාපටිපාටිං දස‍්සෙන‍්තො යස‍්ස යස‍්ස චාතිආදිමාහ.

සිවුවැන්නෙහි පබ්බතෙය්‍යා යනු පර්‍වතයෙහි හැසිරෙන්නාවූයි, න සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්‍වා යනු මනාව පිහිටියේ වෙයිද මෙසේ නොපිහිටුවායි, තං නිමිත්තං යනු ඒ ප්‍රථමධ්‍යාන සංඛ්‍යාත වූ නිමිත්තයි, න සමාධිට්ඨිතං අධිට්ඨාති යනු යම්සේ මනාව අදිටන් කරන ලද්දේ වේද එසේ අදිටන් නොකරයි, අනභිහිංසමානො යනු නොපෙළන්නේ නොවෙහෙසන්නේයි, මුදුචිත්තං හොති කම්මඤ්ඤං යනු යම්සේ විදසුන් සිත ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි මෘදු කර්‍මක්‍ෂම වූයේ කර්‍මයට යොග්‍යවූයේ වෙයිද එසේ ඔහුගේ අභිඥාපාදක චතුර්ථධ්‍යාන සිත මෘදුවෙයි, කර්‍මණ්‍ය වෙයි. අප්පමාණො සමාධි යනු සතර බ්‍රහ්මවිහාර සමාධිය ද මාර්‍ගඵල සමාධිය ද අප්‍රමාණ සමාධි නමි. මෙහි වනාහි අප්පමාණං අප්පමාණාරම්මණං යන මේ ක්‍රමයෙන් මනාව ප්‍රගුණ කළ සමාධිය අප්පමාණසමාධියයි දතයුතුය. සො අප්පමාණෙන සමාධිනා සුභාවිතෙන යනු මෙතැන්හි මේ භික්ෂුව විදසුන් වඩා රහත්බවට පත්වූයේය. දැන් රහතන් වහන්සේගේ අභිඥා පිළිවෙල දක්වමින් යස්ස යස්ස ච යනාදිය වදාළ සේක.

5. ඣානනිස‍්සය සුත‍්තවණ‍්ණනා

5. ඣානනිස්සය සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ ආසවානං ඛයන‍්ති අරහත‍්තං. යදෙව තත්‍ථ හොති රූපගතන‍්ති තස‍්මිං පඨමජ‍්ඣානක‍්ඛණෙ වත්‍ථුවසෙන වා චිත‍්තසමුට‍්ඨානිකාදිවසෙන වා යං රූපං නාම පවත‍්තති. වෙදනාගතාදීනි සම‍්පයුත‍්තවෙදනාදීනං වසෙන වෙදිතබ‍්බානි. තෙ ධම‍්මෙති තෙ රූපාදයො පඤ‍්චක‍්ඛන්‍ධධම‍්මෙ. අනිච‍්චතොතිආදීසු හුත්‍වා අභාවාකාරෙන අනිච‍්චතො, පටිපීළනාකාරෙන දුක‍්ඛතො, රුජ‍්ජනාකාරෙන රොගතො, අන‍්තොදුස‍්සනට‍්ඨෙන ගණ‍්ඩතො, අනුපවිට‍්ඨට‍්ඨෙන අනුකන‍්තනට‍්ඨෙන ච සල‍්ලතො, දුක‍්ඛට‍්ඨෙන අඝතො, ආබාධනට‍්ඨෙන ආබාධතො, අසකට‍්ඨෙන පරතො, පලුජ‍්ජනට‍්ඨෙන පලොකතො, අස‍්සාමිකට‍්ඨෙන සුඤ‍්ඤතො, අවසවත‍්තනට‍්ඨෙන අනත‍්තතො. සමනුපස‍්සතීති බලවවිපස‍්සනාපඤ‍්ඤාය පස‍්සති.

පස්වැන්නෙහි ආසවානං ඛයං යනු රහත්බවයි, යදෙව තත්‍ථ හොති රූපගතං යනු ඒ ප්‍රථමධ්‍යානක්‍ෂණයෙහි වස්තු වශයෙන් හෝ සිත් හටගැනීම් ආදි වශයෙන් හෝ යම් රූපයක් නම් පවතීද යනුයි, වේදනාගතාදිය එක්ව යෙදුණු වේදනාදීන්ගේ වශයෙන් දතයුතුය. තෙ ධම්මෙ යනු ඒ රූපාදීවූ පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ය. අනිච්චතො යනාදියෙහි වී නැතිවීයාම් ආදී ක්‍රමයෙන් අනිත්‍ය වශයෙනි, පෙළන ආකාරයෙන් දුක් වශයෙනි, රිදීම් ඇතිකරවන ආකාරයෙන් රෝග වශයෙනි, ඇතුළත දුෂ්‍යකරන අර්‍ත්‍ථයෙන් ගඩු වශයෙනි, අනුපිවිසීම් අරුතින් මෙන්ම දියුණු කිරීම් අරුතින් හුල් වශයෙනි, නොඉවසිය හැකි අරුතින් අඝ (ශෝක) වශයෙනි, ආබාධ ඇතිකිරීම් අරුතින් ආබාධ වශයෙනි, ස්වකීය නොවන අරුතින් අනුන්ගේ වශයෙනි, බිඳෙන අරුතින් පලොක වශයෙනි, වසඟයෙහි නොපවත්වන අරුතින් අනාත්ම වශයෙන්, සමනුපස්සති යනු බලවත් විදසුන් නුවණින් බලයි,

තෙහි ධම‍්මෙහීති තෙහි පඤ‍්චක‍්ඛන්‍ධධම‍්මෙහි. පටිවාපෙතීති නිබ‍්බානවසෙන නිවත‍්තෙති. අමතාය ධාතුයාති නිබ‍්බානධාතුයා. චිත‍්තං උපසංහරතීති ඤාණෙන ආනිසංසං දිස‍්වා ඔතාරෙති. සන‍්තන‍්ති පච‍්චනීකසන‍්තතාය සන‍්තං. පණීතන‍්ති අතප‍්පකං. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාතීති සො තස‍්මිං පඨමජ‍්ඣානෙ ඨිතො තං බලවවිපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණාති. අපරො නයො – සො තෙහි ධම‍්මෙහීති යස‍්මා අනිච‍්චතොතිආදීසු අනිච‍්චතො පලොකතොති ද‍්වීහි පදෙහි අනිච‍්චලක‍්ඛණං කථිතං, දුක‍්ඛතොතිආදීහි ඡහි දුක‍්ඛලක‍්ඛණං, පරතො, සුඤ‍්ඤතො, අනත‍්තතොති තීහි අනත‍්තලක‍්ඛණං. තස‍්මා සො තෙහි එවං තිලක‍්ඛණං ආරොපෙත්‍වා දිට‍්ඨෙහි අන‍්තොසමාපත‍්තියං පඤ‍්චක‍්ඛන්‍ධධම‍්මෙහි. චිත‍්තං පටිවාපෙතීති චිත‍්තං පටිසංහරති මොචෙති අපනෙති. උපසංහරතීති විපස‍්සනාචිත‍්තං තාව සවනවසෙන ථුතිවසෙන පරියත‍්තිවසෙන පඤ‍්ඤත‍්තිවසෙන ච සන‍්තං නිබ‍්බානන‍්ති එවං අසඞ‍්ඛතාය අමතාය ධාතුයා උපසංහරති. මග‍්ගචිත‍්තං නිබ‍්බානං ආරම‍්මණකරණවසෙනෙව “එතං සන‍්තං එතං පණීත”න‍්ති න එවං වදති. ඉමිනා පනාකාරෙන තං පටිවිජ‍්ඣන‍්තො තත්‍ථ චිත‍්තං උපසංහරතීති අත්‍ථො.

තෙහි ධම්මෙහි යනු ඒ පඤ්චස්කන්‍ධ ධර්‍මයන්ගෙනි, පටිවාපෙති යනු නිවන් වශයෙන් නවතියි, අමතාය ධාතුයා යනු නිවන් ධාතුවෙනි. චිත්තං උපසංහරති යනු නුවණින් අනුසස් දැන බසියි, සන්තං යනු විරුද්ධ ධර්‍මයන් තවනලද බැවින් සන්සුන්වූයි, පණීතං යනු නොතවන්නා වූයි, සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති යනු හෙතෙම ඒ ප්‍රථමධ්‍යානයෙහි සිටියේ බලවත්ව විදසුන් වඩා රහත්බවට පැමිණෙයි. වෙනත් ක්‍රමයක් වේ. සො තෙහි ධම්මෙහි යනු යම් හෙයකින් අනිච්චතො යනාදියෙහි අනිච්චතො පලොකතො යන දෙපදයෙන් අනිත්‍ය ලක්ෂණය කියන ලද්දේ ද දුක්‍ඛතො ආදී පදසයෙන් දුක්ඛ ලක්ෂණය හා පරතො සුඤ්ඤතො අනන්තතො යන පද තුනෙන් අනාත්ම ලක්ෂණය කියන ලද්දේ ද එහෙයින් හෙතෙම ඒවායින් තිලකුණු නංවා සමාපත්තිය තුළදී දක්නාලද පංචස්කන්ධ ධර්‍මයන්ගෙන්, චිත්තං පටිවාරෙති යනු සිත හකුළුවයි, මුදවයි, ඉවත්කරයි, උපසංහරති යනු විදසුන් සිත එතෙක් ඇසීම් වශයෙන් ස්තුති වශයෙන්, පර්‍ය්‍යාප්ති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් ද නිවන ශාන්තයයි මෙසේ අසඞ්ඛත වූ අමා ධාතුවෙන් අවධානය යොමු කරයි. මාර්‍ග සිතවූ නිවන අරමුණු කිරීම් වශයෙන්ම මෙය ශාන්තය මෙය ප්‍රණීතයයි මෙසේ නොකියයි. මේ අයුරින් එය අවබෝධ කරන්නේ එහි සිත එකඟ කරයි යන අරුත්ය.

සො තත්‍ථ ඨිතොති තස‍්සා තිලක‍්ඛණාරම‍්මණාය විපස‍්සනාය ඨිතො. ආසවානං ඛයං පාපුණාතීති අනුක‍්කමෙන චත‍්තාරො මග‍්ගෙ භාවෙත්‍වා අරහත‍්තං පාපුණාති. තෙනෙව ධම‍්මරාගෙනාති සමථවිපස‍්සනාධම‍්මෙ ඡන්‍දරාගෙන. ධම‍්මනන්‍දියාති තස‍්සෙව වෙවචනං. සමථවිපස‍්සනාසු හි සබ‍්බසො ඡන්‍දරාගං පරියාදාතුං සක‍්කොන‍්තො අරහත‍්තං පාපුණාති, අසක‍්කොන‍්තො අනාගාමී හොති.

සො තත්‍ථ ඨිතො යනු ඒ තිලකුණු අරමුණු කොට ඇති විදසුනෙහි සිටියේයි, ආසවානං ඛයං පාපුණාති යනු පිළිවෙලින් සතර මග වඩා රහත්බවට පැමිණෙයි, තෙනෙව ධම්මරාගෙන යනු සමථ විදර්‍ශනා ධර්‍මයෙහි ඇල්මෙනි, ධම්මනන්‍දියා යනු ඊටම අපරනාමයකි. සමථ විදර්‍ශනාවන්හි සර්‍වප්‍රකාරයෙන් ඡන්‍දරාගය සම්පූර්‍ණයෙන් ගැනීමට හැකිවන්නේ රහත්බවට පැමිණෙයි, නොහැකිවන්නේ අනාගාමී වෙයි,

තිණපුරිසරූපකෙ වාති තිණපොත්‍ථකරූපෙ වා. දූරෙ කණ‍්ඩෙ පාතෙතීති දූරෙපාතී. අවිරාධිතං විජ‍්ඣතීති අක‍්ඛණවෙධී. යදෙව තත්‍ථ හොති වෙදනාගතන‍්ති ඉධ රූපං න ගහිතං. කස‍්මා? සමතික‍්කන‍්තත‍්තා. අයඤ‍්හි හෙට‍්ඨා රූපාවචරජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා රූපං අතික‍්කමිත්‍වා අරූපාවචරසමාපත‍්තිං සමාපන‍්නොති සමථවසෙනාපි අනෙන රූපං සමතික‍්කන‍්තං, හෙට‍්ඨා රූපං සම‍්මසිත්‍වා තං අතික‍්කම‍්ම ඉදානි අරූපං සම‍්මසතීති විපස‍්සනාවසෙනාපි අනෙන රූපං අතික‍්කන‍්තං. ආරුප‍්පෙ පන සබ‍්බසොපි රූපං නත්‍ථීති තං සන්‍ධායපි රූපං න ගහිතං. අථ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං කස‍්මා න ගහිතන‍්ති? සුඛුමත‍්තා. තස‍්මිඤ‍්හි චත‍්තාරොපි අරූපක‍්ඛන්‍ධා සුඛුමා න සම‍්මසනූපගා. තෙනෙවාහ – “ඉති ඛො, භික‍්ඛවෙ, යාවතා සඤ‍්ඤාසමාපත‍්ති තාවතා අඤ‍්ඤාපටිවෙධො”ති. ඉදං වුත‍්තං හොති – යාවතා සචිත‍්තකසමාපත‍්ති නාම අත්‍ථි, තාවතා ඔළාරිකෙ ධම‍්මෙ සම‍්මසතො අඤ‍්ඤාපටිවෙධො හොති, අරහත‍්තං සම‍්පජ‍්ජති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං පන සුඛුමත‍්තා සඤ‍්ඤාසමාපත‍්තීති න වුච‍්චති. ඣායීහෙතෙති ඣායීහි ඣානාභිරතෙහි එතානි. වුට‍්ඨහිත්‍වාති තතො සමාපත‍්තිතො වුට‍්ඨාය. සමක‍්ඛාතබ‍්බානීති සම‍්මා අක‍්ඛාතබ‍්බානි, “සන‍්තානි පණීතානී”ති එවං කෙවලං ආචික‍්ඛිතබ‍්බානි ථොමෙතබ‍්බානි වණ‍්ණෙතබ‍්බානීති.

තිණපුරිසකෙ වා යනු වස්ත්‍රයක අඳනාලද චිත්‍රයෙහිය හෝ යි, දුරට හීය හෙලයිනුයි දූරෙපාතී නමි. නොවළහා විදියිනුයි අක්‍ඛණවෙදී නමි. යදෙව තත්‍ථ හොති වෙදනාගතං යනු මෙහි රූපය නොගන්නා ලදි, කුමක් හෙයින් ද? ඉක්මවා ඇති බැවින්, මෙතෙම යටින් රූපාවචර ධ්‍යානයට සමවැද රූපය ඉක්මවා අරූපාවචර සමාපත්තියට සමවත් තැනැත්තෙකියි සමථ වශයෙන් ද ඔහු විසින් රූපය ඉක්මවන ලදි. යට රූපය සම්මර්‍ශනය කොට එය ඉක්මවා දැන් අරූපය මෙනෙහි කරතැයි විදසුන් වශයෙන් ද ඔහු විසින් රූපය මනාව ඉක්මවනලදි. අරූප ධ්‍යානයෙහි සර්‍වප්‍රකාරයෙන්ම රූපයක් නැතැයි යන කරුණ සඳහා ද මෙහි රූපය නොගැණිණ. ඉක්බිති නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය කුමක් නිසා නොගන්නා ලද්දේ ද යත් සියුම් බැවිනි. එහි අරූපස්කන්‍ධ සතරම සියුම්ය. මෙනෙහි කිරීමට නොපැමිණෙයි. එහෙයින්ම “මෙසේ මහණෙනි, යම්තාක් සඤ්ඤා සමාපත්තිය ද ඒතාක් දැන අවබෝධ කිරීමයි” කියන ලදි. මෙය කියන ලද්දේ වෙයි, යම්තාක් සචිත්තක සමාපත්තියක් නම් ඇත්ද ඒතාක් ඕලාරික ධර්‍මයන් මෙනෙහි කරන්නාට අඤ්ඤාපටිවෙධය (දැන අවබෝධ කිරීම) වෙයි. රහත් බවට පැමිණෙයි, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය සියුම් බැවින් සඤ්ඤාසමාපත්ති යයි නොකියයි” ඣායීහෙතෙ යනු ධ්‍යාන වඩන්නන් විසින් ධ්‍යානයෙහි ඇල්ම ඇතියවුන් විසින් මේවා යනුයි. වුට්ඨහිත්‍වා යනු ඒ සමවතින් නැඟිටයි. සමක්‍ඛාතබ්බානි යනු මනාව කිවයුත්තෝය. ශාන්තයහ, ප්‍රණීතයහයි මෙසේ හුදෙක් කිවයුත්තෝය, පැසසිය යුත්තෝය, වැණිය යුත්තෝය.

6. ආනන්‍ද සුත‍්තවණ‍්ණනා

6. ආනන්ද සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සම‍්බාධෙති පඤ‍්චකාමගුණසම‍්බාධෙ. ඔකාසාධිගමොති ඔකාසස‍්ස අධිගමො. සත‍්තානං විසුද‍්ධියාති සත‍්තානං විසුද‍්ධිං පාපනත්‍ථාය. සමතික‍්කමායාති සමතික‍්කමනත්‍ථාය. අත්‍ථඞ‍්ගමායාති අත්‍ථං ගමනත්‍ථාය. ඤායස‍්ස අධිගමායාති සහවිපස‍්සනකස‍්ස මග‍්ගස‍්ස අධිගමනත්‍ථාය. නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති අපච‍්චයනිබ‍්බානස‍්ස පච‍්චක‍්ඛකරණත්‍ථාය. තදෙව නාම චක‍්ඛුං භවිස‍්සතීති තඤ‍්ඤෙව පසාදචක‍්ඛු අසම‍්භින‍්නං භවිස‍්සති. තෙ රූපාති තදෙව රූපාරම‍්මණං ආපාථං ආගමිස‍්සති. තඤ‍්චායතනං නො පටිසංවෙදිස‍්සතීති තඤ‍්ච රූපායතනං න ජානිස‍්සති. සෙසෙසුපි එසෙව නයො.

සවැන්නෙහි සම්බාධෙ යනු පඤ්චකාම ගුණයන්ගෙන් වන සම්බාධයෙහියි, ඔකාසාධිගමො යනු අවකාශය (අවස්ථාව) වැටහීමයි, සත්තානං විසුද්ධියා යනු සත්ත්වයන්ගේ පවිත්‍රත්වයට පැමිණීමටයි, සමතික්කමාය යනු ඉක්මවීම සඳහායි, අත්‍ථගමාය යනු බැසයාම (අස්තයට යාම) සඳහායි, ඤායස්ස අධිගමාය යනු විදසුන් සහිත මාර්‍ගය අවබෝධ කිරීම සඳහායි, නිබ්බානස්ස සච්ඡිකිරියාය යනු අප්‍රත්‍යය වූ නිර්‍වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහායි, තදෙව නාම චක්ඛුං භවිස්සති යනු ප්‍රසාද චක්‍ෂුස නොබිඳුනේ වන්නේය, තෙ රූපා යනු ඒ රූපාරම්මණයම ආපාථයට එන්නේය, තඤ්චායතනං නො පටිසංවෙදිස්සති යනු ඒ රූපායතනය නොදන්නේය, සෙසු තන්හි ද මේ ක්‍රමයමයි.

උදායීති කාළුදායිත්‍ථෙරො. සඤ‍්ඤීමෙව නු ඛොති සචිත‍්තකොයෙව නු ඛො. මකාරො පදසන්‍ධිමත‍්තං. කිංසඤ‍්ඤීති කතරසඤ‍්ඤාය සඤ‍්ඤී හුත්‍වා. සබ‍්බසො රූපසඤ‍්ඤානන‍්ති ඉදං කස‍්මා ගණ‍්හි, කිං පඨමජ‍්ඣානාදිසමඞ‍්ගිනො රූපාදිපටිසංවෙදනා හොතීති? න හොති, යාව පන කසිණරූපං ආරම‍්මණං හොති, තාව රූපං සමතික‍්කන‍්තං නාම න හොති. අසමතික‍්කන‍්තත‍්තා පච‍්චයො භවිතුං සක‍්ඛිස‍්සති. සමතික‍්කන‍්තත‍්තා පන තං නත්‍ථි නාම හොති, නත්‍ථිතාය පච‍්චයො භවිතුං න සක‍්කොතීති දස‍්සෙතුං ඉදමෙව ගණ‍්හි.

උදායී යනු කාළුදායි තෙරණුවෝයි. සඤ්ඤිමෙව නුඛො යනු සිත් සහිත වූයේම නොවේද? මකාරය පදසන්‍දි මාත්‍රයකි. කිංසඤ්ඤී යනු කවර සංඥාවකින් සංඥා ඇත්තේ වීයි, සබ්බසො රූපසඤ්ඤානං යන මෙය හෙයින් ගත්තේද? කිම ප්‍රථමධ්‍යානාදියෙන් යුක්ත පුද්ගලයාට රූපාදිය විදීමක් වේද? නොවෙයි. යම්තාක් කසිණරූපය අරමුණු වෙයිද ඒතාක් රූපය ඉක්මවන ලද්දේ නම් නොවෙයි. එය නොයික්මවනලද බැවින් ප්‍රත්‍යය වීමට හැක්කේය. ඉක්මවන ලද බැවින් එය නැත නම් වෙයි. නැති බැවින් ප්‍රත්‍යය වීමට නොහැක්කේයයි දැක්වීමට මෙයම ගත්තේය.

ජටිලවාසිකාති ජටිලනගරවාසිනී. න චාභිනතොතිආදීසු රාගවසෙන න අභිනතො, දොසවසෙන න අපනතො. සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන කිලෙසෙ නිග‍්ගණ‍්හිත්‍වා වාරෙත්‍වා ඨිතො, කිලෙසානං පන ඡින‍්නන‍්තෙ උප‍්පන‍්නොති න සසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතො. විමුත‍්තත‍්තා ඨිතොති කිලෙසෙහි විමුත‍්තත‍්තායෙව ඨිතො. ඨිතත‍්තා සන‍්තුසිතොති ඨිතත‍්තායෙව සන‍්තුට‍්ඨො නාම ජාතො. සන‍්තුසිතත‍්තා නො පරිතස‍්සතීති සන‍්තුට‍්ඨත‍්තායෙව පරිතාසං නාපජ‍්ජති. අයං, භන‍්තෙ ආනන්‍ද, සමාධි කිං ඵලොති ඉමිනා අයං ථෙරී තාලඵලඤ‍්ඤෙව ගහෙත්‍වා “ඉදං ඵලං කිං ඵලං නාමා”ති පුච‍්ඡමානා විය අරහත‍්තඵලසමාධිං ගහෙත්‍වා “අයං, භන‍්තෙ ආනන්‍ද, සමාධි කිං ඵලො වුත‍්තො භගවතා”ති පුච‍්ඡති. අඤ‍්ඤාඵලො වුත‍්තොති අඤ‍්ඤා වුච‍්චති අරහත‍්තං, අරහත‍්තඵලසමාධි නාමෙසො වුත‍්තො භගවතාති අත්‍ථො. එවංසඤ‍්ඤීපීති ඉමාය අරහත‍්තඵලසඤ‍්ඤාය සඤ‍්ඤීපි තදායතනං නො පටිසංවෙදෙතීති එවං ඉමස‍්මිං සුත‍්තෙ අරහත‍්තඵලසමාධි කථිතොති.

ජටිලගාහියා යනු ජටිලගහ නුවර වසන්නී, න වාභිණතො යනාදියෙහි රාග වශයෙන් න අභිණතො (නො නැමුණේයි). ද්වෙශ වශයෙන් න අපනතො (ඉවත් නොවූයේ) යි. මෙහෙයවීම් සහිතව, ප්‍රයෝග සහිතව කෙලෙසුන් නිගන්වා වළහා නොසිටියේ, කෙලෙසුන් විනාශ වූ අන්තයෙහි උපන්නේනුයි න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො නමි, විමුත්තත්තා ඨිතො යනු පිහිටි බැවින්ම සතුටු වූයේ නම් වෙයි, සන්තුසිත්තතා නො පරිතස්සති යනු සතුටු වූ බැවින්ම බියට නොපැමිණෙයි, අයමහන්තෙ ආනන්‍ද සමාධි කිං එලො යන මෙයින් තෙරණිය තල්ගෙඩියක් ගෙන මේ ඵලය කවර ඵලයක් නම්දැයි අසමින් මෙන් රහත් ඵලසමාධිය ගෙන ස්වාමිනි ආනන්‍දය, මේ සමාධිය කවර ඵලයක්යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේදැයි ඇසයි. අඤ්ඤාඵලො වුත්තො යනු අඤ්ඤා යනු රහත් බවයි. මෙය අරහත්ඵලසමාධියයි භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලදැයි අරුත්ය. එවං සඤ්ඤීපි යනු මේ අරහත්ඵල සංඥාවෙන් සංඥා ඇත්තේ ද එම ආයතනය නොවිඳින්නේ යයි මෙසේ මේ සූත්‍රයෙහි අරහත්ඵල සමාධිය කියන ලදි.

7. ලොකායතික බ්‍රාහ‍්මණ සුත‍්තවණ‍්ණනා

7. ලොකායතික බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ලොකායතිකාති ලොකායතවාදකා. සතතන‍්ති සදා. සමිතන‍්ති නිරන‍්තරං. තිට‍්ඨතෙතන‍්ති තිට‍්ඨතු එතං, මා එතං පට‍්ඨපෙථ, කො වො එතෙන අත්‍ථො. ධම‍්මං වො බ්‍රාහ‍්මණා දෙසෙස‍්සාමීති අහං වො චතුසච‍්චධම‍්මං දෙසෙස‍්සාමි.

සත්වැන්නෙහි ලොකායතිකා යනු ලොකායතය කියන්නෝයි, සත්තං යනු හැම කල්හියි, සමිතං යනු නිරතුරුවයි, තිට්ඨතෙතං යනු මෙය තිබේවා! මෙය තහවුරු නොකරවු. තොපට මින් කවර අර්‍ත්‍ථයක්ද? ධම්මං වො බ්‍රාහ්මණා දෙසිස්සාමි යනු මම තොපට සිවුසස් දහම දෙසන්නෙමි.

දළ‍්හධම‍්මොති දළ‍්හධනුං ගහෙත්‍වා ඨිතො. ධනුග‍්ගහොති ඉස‍්සාසො. දළ‍්හධනු නාම ද‍්විසහස‍්සථාමං වුච‍්චති. ද‍්විසහස‍්සථාමං නාම යස‍්ස ආරොපිතස‍්ස ජියාබද‍්ධො ලොහසීසාදීනං භාරො දණ‍්ඩෙ ගහෙත්‍වා යාව කණ‍්ඩප‍්පමාණා උක‍්ඛිත‍්තස‍්ස පථවිතො මුච‍්චති. සික‍්ඛිතොති දස ද‍්වාදස වස‍්සානි ආචරියකුලෙ උග‍්ගහිතසිප‍්පො. කතහත්‍ථොති එකො සිප‍්පමෙව උග‍්ගණ‍්හාති, කතහත්‍ථො න හොති අයං පන කතහත්‍ථො චිණ‍්ණවසිභාවො. කතූපාසනොති රාජකුලාදීසු දස‍්සිතසිප‍්පො. ලහුකෙන අසනෙනාති අන‍්තො සුසිරං කත්‍වා තූලාදීහි පූරෙත්‍වා කතලක‍්ඛපරිකම‍්මෙන සල‍්ලහුකකණ‍්ඩෙන. එවං කතඤ‍්හි එකඋසභගාමී ද‍්වෙ උසභානිපි ගච‍්ඡති…පෙ… අට‍්ඨුසභගාමී සොළස උසභානිපි ගච‍්ඡති. අප‍්පකසිරෙනාති නිද‍්දුක‍්ඛෙන. අතිපාතෙය්‍යාති අතික‍්කමෙය්‍ය. ඉදං වුත‍්තං හොති – යථා සො ධනුග‍්ගහො තං විදත්‍ථිචතුරඞ‍්ගුලං ඡායං සීඝමෙව අතික‍්කාමෙති, එවං සකලචක‍්කවාළං සීඝං සීඝං අතික‍්කමනසමත්‍ථෙන ජවෙන සමන‍්නාගතො. සන්‍ධාවනිකායාති පදසා ධාවනෙන. එවමාහංසූති එවං වදන‍්ති.

දළ්හධම්මො යනු දැඩි දුන්නක් ගෙන සිටියේයි, ධනුග්ගහො යනු දුනුවායායි, දළ්හධනු නම් දෙදහසක් ථාම යයි කියනු ලැබේ. දෙදහසක් ථාමය (ශක්තිය) නම් නංවනලද යම් දුන්නක දුනුදියෙහි බඳනාලද ලොහො ඊයම් ආදියේ බර දණ්ඩෙහි ගෙන පොළොවෙන් ගෙල පමණ දක්වා විසිකොට මුදයි ද (එම ශක්තියයි). සික්ඛිතො යනු දස දොළොස් වසරක් ආචාර්‍ය්‍ය කුලයෙහි උගන්නා ලද ශිල්ප ඇත්තේයි, කතහත්‍ථො යනු එකෙක් ශිල්පයම උගනියි, කෘතහස්ත නොවෙයි. මේ කෘතහස්ත නම් පුරුදු පුහුණු කරන ලද බවයි. කතුපාසනො යනු රජගෙවල් ආදියෙහි දක්වන ලද ශිල්ප ඇත්තේයි. ලහුකෙන අසනෙන යනු ඇතුළත සිදුරුකොට පුඑන් ආදියෙන් පුරවා කරනලද ලක්ෂ්‍යය පිරියම් කිරීම් ඇති (කරන ලද ලතු පිරියම් ඇති?) සැහැල්ලු හෙලෙනි. මෙසේ කරනලද එක් උසභයක් ගමන්කරන සුලු වූයේ උසභ දෙකක් යයි. -පෙ- උසභ අටක් ගමන්කරනසුලු වූයේ සොළොස් උසභයක් යයි. අප්පකසිරෙන යනු නිදුකිනි, අතිපාතෙය්‍ය යනු ඉක්මවන්නේය, මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ඒ දුනුවායා වියත් සතරඟුල් වූ සෙවනැල්ල ඉක්මණින්ම ඉක්මවයිද එසේ සියලු සක්වළ ඉක්මණින් ඉක්මණින් ඉක්මවන සමත්කම් ඇති පා ජවයෙන් යුක්ත වූයේයි සන්‍ධාවනිකායා යනු පයින් දිවීමෙනි, එවමාහංසු යනු මෙසේ කියත්.

8. දෙවාසුරසඞ‍්ගාම සුත‍්තවණ‍්ණනා

8. දෙවාසුරසඞ්ගාම සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සමුපබ්‍යූළ‍්හො අහොසීති පච‍්චුපට‍්ඨිතො අහොසි. සඞ‍්ගාමෙය්‍යාමාති සඞ‍්ගාමං කරෙය්‍යාම යුජ‍්ඣෙය්‍යාම. අපයිංසුයෙවාති පලායිංසුයෙව. උත‍්තරෙනාභිමුඛාති උත‍්තරාමුඛා හුත්‍වා. අභියන‍්තෙ වාති අනුබන්‍ධන‍්තියෙව. භීරුත‍්තානගතෙනාති භීරුත‍්තානං භයනිවාරණං පතිට‍්ඨානං ගතෙන. අකරණීයාති යුද‍්ධෙන කිඤ‍්චි අකත‍්තබ‍්බා. කස‍්මා පන නෙසං සඞ‍්ගාමො හොතීති? අසුරා හි පුබ‍්බෙ තාවතිංසවාසිනො, තෙ චිත‍්තපාටලියා පුප‍්ඵනකාලෙ දිබ‍්බපාරිච‍්ඡත‍්තකපුප‍්ඵං අනුස‍්සරන‍්ති. තතො උප‍්පන‍්නකොධා “ගණ‍්හථ දෙවෙ”ති සම‍්මුඛසම‍්මුඛට‍්ඨානෙනෙව සිනෙරුං අභිරුහන‍්ති, දෙවාපි නික‍්ඛමන‍්ති. තෙසං ගොපාලකදාරකානං අඤ‍්ඤමඤ‍්ඤං දණ‍්ඩකෙහි පහරණසදිසං යුද‍්ධං හොති. සක‍්කො දෙවරාජා හෙට‍්ඨා පඤ‍්චසු ඨානෙසු ආරක‍්ඛං ඨපෙත්‍වා උපරි දෙවපුරං පරිවාරෙත්‍වා අත‍්තසදිසා වජිරහත්‍ථා පටිමා ඨපාපෙසි. අසුරා හෙට‍්ඨා පඤ‍්ච ඨානානි පටිබාහිත්‍වා අභිරුළ‍්හා ඉන්‍දපටිමායො දිස‍්වා නිවත‍්තිත්‍වා අසුරපුරමෙව ගච‍්ඡන‍්ති.

අටවැන්නෙහි සමූපබ්බුළ්හො අහොසි යනු එළඹ සිටියේ වූයේය, සඞ්ගාමෙය්‍යාම [missing trans] අපයිංසුයෙවා යනු පළාගියාහුමය, උත්තරෙන මුඛා යනු උතුරට මුහුණලායි, අභියන්තෙව යනු එහුබඳිත්මය, භීරුත්තාණාගතෙන යනු බියෙන් ආරක්ෂාවට, බිය වැලැක්මට පිහිටට ගිය තැනැත්තා විසිනි, අකරණීයා යනු යුද්ධයෙන් කිසිවක් නොකළයුතුය, කුමක් නිසා මේ යුද්ධය වේද යත්? අසුරයෝ පෙර තව්තිසා භවනයෙහි විසුවෝයි, ඔවුහු චිත්තපාටලී පිපෙන කාලයෙහි දිව්‍යමයවූ පරසතුමල් සිහිකරත්. එයින් උපන් ක්‍රෝධයෙන් දෙවියන් ගනිවුයි (කියමින්) හමුවූ හමුවූ තැනින් මහමෙරට නඟිත්. දෙවියෝ ද නික්මෙති. ගොපලු දරුවන්ගේ ඔවුනොවුන් වරා තුඬුවලින් පැහැරීමක් බඳු යුද්ධයක් ඔවුනතර විය. සක්දෙවි රජ තෙමේ යට පස්තැනක රැකවල් පිහිටුවා මත්තෙහි දෙවිපුරය වටකොට තමා වැනි විදුරවි ගත් අතැති ප්‍රතිමා තැබ්බවීය. අසුරයෝ යට පස් තැන වළක්වා (යටත්කොට) නැංගාහු ඉන්‍ද්‍රප්‍රතිමා දැක නැවතී අසුරපුරයටම යති.

දක‍්ඛිණෙනාභිමුඛාති දක‍්ඛිණාමුඛා හුත්‍වා. අපදං වධිත්‍වාති නිප‍්පදං නිරවසෙසං වධිත්‍වා. අදස‍්සනං ගතොති මාරොපි වට‍්ටපාදකං කත්‍වා රූපාවචරචතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නස‍්ස චිත‍්තං ජානාති, තදෙව විපස‍්සනාපාදකං කත්‍වා සමාපන‍්නස‍්ස චිත‍්තං ජානාති. අරූපාවචරසමාපත‍්ති පන වට‍්ටපාදා වා හොතු විපස‍්සනාපාදා වා, තං සමාපන‍්නස‍්ස මාරො චිත‍්තං න ජානාති. තෙන වුත‍්තං – “අදස‍්සනං ගතො පාපිමතො”ති.

දක්‍ඛිණෙන මුඛා යනු දකුණට මුහුණලායි, අපදං වධිත්‍වා යනු පානැත්තහු ඉතිරි නොවනසේ වනසායි, අදස්සනං ගතො යනු මාරයා ද සංසාරය පාදකකොට රූපාවචර චතුර්ථ ධ්‍යානයට සම වැදුනු පුද්ගලයාගේ සිත දනියි. එයම විදර්‍ශනා පාදක කොට සමවන් තැනැත්තාගේ සිත දනියි. අරූපාවචර සමාපත්තිය වනාහි සංසාරපාදක හෝ විදර්‍ශනාපාදක හෝ වෙයි. මාරයා එයට සමවත් තැනැත්තාගේ සිත නොදනියි. එහෙයින්, මාරයාගේ නොදැකීමට ගියේයයි කියනලදි.

9. ආරඤ‍්ඤකනාගොපම සුත‍්තවණ‍්ණනා

9. ආරඤ්ඤකනාගොපම සූත්‍ර වර්ණනාව

නවමෙ ආරඤ‍්ඤකස‍්සාති අරඤ‍්ඤවාසිනො. ගොචරපසුතස‍්සාති ගොචරග‍්ගහණත්‍ථාය ගච‍්ඡන‍්තස‍්ස. හත්‍ථිකලභාති මහන‍්තා මහන‍්තා නාගා. හත්‍ථිච‍්ඡාපාති තරුණපොතකා. ඔභග‍්ගොභග‍්ගන‍්ති නාමෙත්‍වා නාමෙත්‍වා ඨපිතං. ඔගාහං ඔතිණ‍්ණස‍්සාති ඔගාහිතබ‍්බත‍්තා ඔගාහන‍්ති ලද‍්ධනාමං උදකතිත්‍ථං ඔතිණ‍්ණස‍්ස. ඔගාහා උත‍්තිණ‍්ණස‍්සාති උදකතිත්‍ථතො උත‍්තිණ‍්ණස‍්ස. වූපකට‍්ඨොති වූපකට‍්ඨො හුත්‍වා. ඉදානි යස‍්මා දසබලස‍්ස හත්‍ථිනාගෙන කිච‍්චං නත්‍ථි, සාසනෙ පන තංසරික‍්ඛකං පුග‍්ගලං දස‍්සෙතුං ඉදමාහටං, තස‍්මා තං පුග‍්ගලං දස‍්සෙන‍්තො එවමෙව ඛොතිආදිමාහ.

නවවැන්නෙහි ආරඤ්ඤකස්ස යනු වනයෙහි වසන්නාගේයි, ගොචරපසුතස්ස යනු ගොදුරු ගැනීම සඳහා යන්නාගේයි, හත්‍ථිකළහා යනු මහත් මහත් ඇත්තුයි, හත්‍ථිච්ඡාපා යනු තරුණ ඇත් පොව්වෝයි, ඔභග්ගො භග්ගං යනු නවනවා තැබුවාවූයි, ඔගාහං ඔතිණ්ණස්ස යනු බැසිය යුතු බැවින් ඔගාහ’යි ලබන ලද නම් ඇති දිය තොටට බැස්සහුගේයි, ඔගාහා උත්තිණ්ණස්ස යනු දියතොටෙන් උඩට ආවාහුගේයි, වූපකට්ඨො යනු හුදෙකලා වීයි, දැන් යම්හෙයකින් බුදුන් වහන්සේට ඇතකුගෙන් වැඩක් නැත්ද සසුනෙහි වනාහි ඊට සමානවූ පුද්ගලයකු දැක්වීමට මෙය ආයේයි. එහෙයින් ඒ පුද්ගලයා දක්වන සේක් එවමෙව ඛො යනාදිය වදාළ සේක.

10. තපුස‍්සගහපති සුත‍්තවණ‍්ණනා

10. තපුස්සගහපති සූත්‍ර වර්ණනාව

දසමෙ මල‍්ලෙසූති මල‍්ලරට‍්ඨෙ. ඉධෙව තාව ත්‍වං, ආනන්‍ද, හොතීති ඉධ භගවා “තපුස‍්සගහපතිනො ඉධ ඨිතෙන ආනන්‍දෙන සද‍්ධිං කථාසල‍්ලාපො භවිස‍්සති, තතොනිදානං අහං මහන‍්තං ධම‍්මපරියායං දෙසෙස‍්සාමී”ති ඤත්‍වා ආහ. උපසඞ‍්කමීති සො කිර භුත‍්තපාතරාසො “දසබලස‍්ස උපට‍්ඨානං ගමිස‍්සාමී”ති නික‍්ඛමන‍්තො දූරතොව ථෙරං දිස‍්වා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. පපාතො විය ඛායති, යදිදං නෙක‍්ඛම‍්මන‍්ති යමිදං පබ‍්බජ‍්ජාසඞ‍්ඛාතං නෙක‍්ඛම‍්මං, තං අම‍්හාකං මහාපපාතො විය ඔගාහිත්‍වා උපට‍්ඨාති. නෙක‍්ඛම‍්මෙ චිත‍්තං පක‍්ඛන්‍දතීති පබ‍්බජ‍්ජාය චිත‍්තං ආරම‍්මණවසෙන පක‍්ඛන්‍දති, තදෙව ආරම‍්මණං කත්‍වා පසීදති, තදෙව පතිට‍්ඨාති, පච‍්චනීකධම‍්මෙහි ච විමුච‍්චති. ‘එතං සන‍්ත’න‍්ති පස‍්සතොති එතං නෙක‍්ඛම‍්මං සන‍්තං විගතදරථපරිළාහන‍්ති එවං පස‍්සන‍්තානං භික‍්ඛූනං. බහුනා ජනෙන විසභාගොති තයිදං බහුනා මහාජනෙන සද‍්ධිං භික‍්ඛූනං විසභාගං, අසදිසන‍්ති අත්‍ථො.

දසවැන්නෙහි මලතෙසු යනු මලත රටෙහියි, ඉධෙව තාව ත්‍වං ආනන්‍ද හොහී යන මෙය භාග්‍යවතුන් වහන්සේ තපුස්ස ගැහැවියාට “මෙහි සිටින ආනන්‍ද සමඟ කථා සල්ලාපයක් වන්නේය. එය හේතු කොටගෙන මම මහත් වූ ධර්‍මදේශනාවක් දෙසන්නෙමි”යි දැන පැවසූ සේක. උපසඞ්කමි යනු හෙතෙම වැළඳු උදා අහර ඇත්තේ භාග්‍යතුන් වහන්සේට උවටැනට යන්නෙමැයි නිකමෙන්නේ දුරදීම තෙරුන් දැක අනඳ තෙරුන් යම් තැනක ද එතැනට එළැඹියේය. පාපාතො විය ඛායති යදිදං නෙක්‍ඛම්මං යනු යම් මේ පැවිද්ද නම් වූ නික්මීමක් වේද එය අපට මහා ප්‍රපාතයක් මෙන් ගැඹුරුව නිම්නව හැඟෙයි, නෙක්‍ඛම්මෙ චිත්තං පක්‍ඛන්‍දති යනු පැවිද්දට සිත අරමුණු වශයෙන් බැසගනියි, එයම අරමුණු කොට පහදියි, එහිම පිහිටයි, විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදෙයි, එතං සන්තං යනු මේ පැවිද්ද ශාන්තය, පහවූ තැවීම් හා උවදුරු ඇත්තේයයි දකින්නාවූ භික්‍ෂූන්ටය. බහුනා ජනෙන විසභාගො යනු ඒ බොහෝ මහජනයා සමඟ භික්ෂූන්ගේ වෙනස අසමානයයි අරුත්ය.

කථාපාභතන‍්ති කථාමූලං. තස‍්ස මය‍්හං, ආනන්‍ද, නෙක‍්ඛම‍්මෙ චිත‍්තං න පක‍්ඛන්‍දතීති තස‍්ස එවං විතක‍්කෙන‍්තස‍්සාපි මය‍්හං පබ‍්බජ‍්ජාය චිත‍්තං න ඔතරති. “එතං සන‍්ත”න‍්ති පස‍්සතොති “සාධු නෙක‍්ඛම‍්ම”න‍්ති පරිවිතක‍්කනවසෙන “එතං නෙක‍්ඛම‍්මං සන‍්ත”න‍්ති පස‍්සන‍්තස‍්සපි. අනාසෙවිතොති න ආසෙවිතො න ඵස‍්සිතො න සච‍්ඡිකතො. අධිගම‍්මාති අධිගන‍්ත්‍වා පත්‍වා සච‍්ඡිකත්‍වා. තමාසෙවෙය්‍යන‍්ති තං ආනිසංසං සෙවෙය්‍යං භජෙය්‍යං. යං මෙති යෙන කාරණෙන මය‍්හං. අධිගම‍්මාති අධිගන‍්ත්‍වා. ස‍්වාස‍්ස මෙ හොති ආබාධොති සො මය‍්හං ආබාධනට‍්ඨෙන ආබාධො හොති. අවිතක‍්කෙ චිත‍්තං න පක‍්ඛන්‍දතීති අවිතක‍්කවිචාරෙ දුතියජ‍්ඣානෙ ආරම‍්මණවසෙන චිත‍්තං න පක‍්ඛන්‍දති. විතක‍්කෙසූති විතක‍්කවිචාරෙසු. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

කථාපාභතං යනු කථාවට මුදලයි, තස්ස මය්හං ආනන්‍ද නෙක්‍ඛම්මෙ චිත්තං න පක්‍ඛන්‍දති යනු එසේ සිතන්නාවූද ඒ මගේ සිත පැවිද්දෙහි නොබසියි, එතං සන්තන්ති පස්සතො යනු පැවිද්ද මැනවැයි සිතීම් වශයෙන් මේ පැවිද්ද ශාන්තයයි දකින්නාගේ වුවද යනුයි, අනාසෙවිතො යනු ඇසුරු නොකරන ලද්දේ, ස්පර්‍ශ නොකරන ලද්දේ පසක් නොකරන ලද්දේයි, අධිගම්ම යනු අවබෝධ කොට, පැමිණ පසක් කොටයි, තමාසෙවෙය්‍යං යනු ඒ ආනිශංසය ඇසුරු කරන්නේය, භජනය කරන්නේය, යං මෙ යනු යම් කරුණකින් මගේයි, අධිගමිං යනු අවබෝධ කෙළෙමි. ස්වාස්ස මෙ හොති ආබාධො යනු හෙතෙම මට වැළහීම් අරුතින් ආබාධයක් වෙයි. අවිතක්කෙ චිත්තං න පක්‍ඛන්‍දති යනු අවිතක්ක අවිචාරයන් ඇති ද්විතීයද්ධ්‍යානයෙහි අරමුණු වශයෙන් සිත බැස නොගනියි. විතක්කෙසු යනු විතර්‍ක විචාරයන්හියි, සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

මහාවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි මහා වර්‍ගයයි.