යෙදුමෙන් කියවන්න

ඣානනිස‍්සය සුත‍්තං

9. 1. 4. 5.

9. 1. 4. 5.

ඣානනිස‍්සය සුත‍්තං

ඣානනිස්සය සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

පඨමම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය ආසවානං ඛයං වදාමි. දුතියම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය ආසවානං ඛයං වදාමි. තතියම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය ආසවානං ඛයං වදාමි. චතුත්‍ථම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය ආසවානං ඛයං වදාමි. ආකාසානඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමි. විඤ‍්ඤානඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමි. ආකිඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමි. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමි. සඤ‍්ඤාවෙදයිතනිරොධම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමි.

මහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය (වේ ය යි) කියමි. මහණෙනි, මම ද්විතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම තෘතීයධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම චතුර්‍ත්‍ථධ්‍යානය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකාසානඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම විඤ්ඤාණඤ්චායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම ආකිඤ්චඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි. මහණෙනි, මම සඤ්ඤාවේදයිත නිරෝධය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි.

“පඨමම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය ආසවානං ඛයං වදාමී”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං; ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති.

“මහණෙනි, මම ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි මෙසේ තෙල යමක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාසය කෙරෙයි.

සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තෙ ධම‍්මෙ අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සති. සො තෙහි ධම‍්මෙහි චිත‍්තං පටිවාපෙති සො තෙහි ධම‍්මෙහි චිත‍්තං පටිවාපෙත්‍වා අමතාය ධාතුයා චිත‍්තං උපසංහරති. “එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායි අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා.

හේ ඒ දැහැන්හි රූපගත වේවයි වේදනාගත වේවයි සඤ්ඤාගත වේවයි සඞ්ඛාරගත වේවයි විඤ්ඤාණගත වේවයි යමෙක් මැ වේ නම් ඒ දහම් අනිත්‍ය විසින් රෝග විසින් ගණ්ඩ (ගඬු) විසින් සල්ල (හුල්) විසින් අඝ (දුක සහිත) විසින් ආබාධ (පීඩාකර) විසින් පර (අයත් නැති) විසින් පලෝක (පලුදු) විසින් සුඤ්ඤ (හිස්වූවන්) විසින් අනත්ත (අනාත්ම) විසින් මොනොවට විදසුන් නුවණින් දක්නේ ය. හේ ඒ දහමුන්ගෙන් සිත නිවන් විසින් නවතා ලයි. එ දහමුන් ගෙන් සිත නවතා “යම් මේ සර්‍වසංස්කාරයන්ගේ සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුර ලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත යයි අමෘතධාතුයෙහි සිත බස්වයි. හේ එ දැහැන්හි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් ඒ (ශමථ-විදර්‍ශනා) ධර්‍මරාගයෙන් මැ ඒ ධර්‍මනන්‍දියෙන් මැ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි මැ පිරිනිවෙන සුලු එ ලොවින් පිළිසිඳ විසින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතිකයෙක් වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉස‍්සාසො වා ඉස‍්සාසන‍්තෙවාසී වා තිණපුරිසකෙ වා මත‍්තිකාපුඤ‍්ජෙ වා යොග‍්ගං කරිත්‍වා සො අපරෙන සමයෙන දුරෙපාතී ච හොති අක‍්ඛණවෙධී ච මහතො ච කායස‍්ස පදාලෙතා.

මහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටි පිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට හේ පසු කලෙක (දුර හී හෙළනා) දූරේපාතියෙක් ද (විදුලියෙහි දු නො වරද ව විදුනා) අක්ඛණවේධියෙක් ද මහත් කයත් බිඳුනේ ද වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තෙ ධම‍්මෙ අනිච‍්චතො දුක‍්ඛතො රොගතො ගණ‍්ඩතො සල‍්ලතො අඝතො ආබාධතො පරතො පලොකතො සුඤ‍්ඤතො අනත‍්තතො සමනුපස‍්සති සො තෙහි ධම‍්මෙහි චිත‍්තං පටිවාපෙති සො තෙහි ධම‍්මෙහි චිත‍්තං පටිවාපෙත්‍වා අමතාය ධාතුයා චිත‍්තං උපසංහරති. “එතං සන‍්තං එතං පණීතං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති. සො තත්‍ථ ඨිතො ආසවානං ඛයං පාපුණාති. නො චෙ ආසවානං ඛයං පාපුණාති. තෙනෙව ධම‍්මරාගෙන තාය ධම‍්මනන්‍දියා පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති. තත්‍ථ පරිනිබ‍්බායි අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. “පඨමම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සායං ආසවානං ඛයං වදාමී”ති ඉති යං තං වුත‍්තං. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, එ සෙයින් මැ මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් වැ ම … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ රූපගත වේවයි, වේදනාගත වේවයි, සඤ්ඤාගත වේවයි, සඞ්ඛාරගත වේවයි, විඤ්ඤාණගත වේවයි, යම් ම ධර්‍මයෙක් වේ නම් ඒ ධර්‍මයන් අනිත්‍ය විසින් දුක්ඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් සල්ල විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් පලෝක විසින් සුඤ්ඤ විසින් අනත්ත විසින් විවසුන් නුවණින් දක්නේ ය, හේ එ දහමුන්ගෙන් සිත නවත්වයි. හේ එ දහමුන්ගෙන් සිත නවත්වා “යම් මේ සර්‍වසංස්කාර සමථයෙක් වේ නම් සර්‍වොපධීන්ගේ දුරලීමෙක් වේ නම් තෘෂ්ණාක්‍ෂයයෙක් වේ නම් විරාගයෙක් වේ නම් නිරෝධයෙක් වේ නම් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්තය තෙල ප්‍රණීතය”යි. නිර්‍වාණධාතුයෙහි සිත බහයි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණේ.

දුතියම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය -පෙ- තතියම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය -පෙ- චතුත්‍ථම‍්පහං භික‍්ඛවෙ ඣානං නිස‍්සාය -පෙ- ආකාසානඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමී”ති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං;

ඉදින් ආස්‍රවයන්ගේ ක්‍ෂයට නො පැමිණේ නම් එම ධර්‍මරාගයෙන් එම ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගෙන් පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු ඒ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි. මහණෙනි, ප්‍රථමධ්‍යානය නිසාත් ආස්‍රවයන්ගේ ක්‍ෂය මම කියමි යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති, සො යදෙව තත්‍ථ හොති

“මහණෙනි, මම දෙවන දැහැන නිසා ද … මහණෙනි, මම තෙවන දැහැන නිසා ද … මහණෙනි, මම සිවුවන දැහැන නිසා ද … මහණෙනි මම ආකාසානඤ්චායතනය නිසා ද ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි”යි, මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්:

වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායි අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා.

“මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්තය”යි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් මැ වේදනාගතයෙක්, සංඥාගතයෙක්, සංස්කාරගතයෙක්, විඤ්ඤාණගතයෙක් වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් එහි පිරිනිවෙන සුලු එලොවින් පෙරළා නො එන සැහැවි ඇති ඕපපාතික වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ ඉස‍්සාසො වා ඉස‍්සාසන‍්තෙවාසී වා තිණපුරිසකෙ වා මත‍්තිකාපුඤ‍්ජෙ වා යොග‍්ගං කරිත්‍වා සො අපරෙන සමයෙන දුරෙපාතී ච හොති අක‍්ඛණවෙධී ච මහතො කායස‍්ස පදාලෙතා. එවමෙව ඛො භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායි අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. ආකාසානඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමීති ඉති යං තං වුත‍්තං ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, යම් පරිදි දුනුවායෙක් වේවයි, දුනුවා අතවැසියෙක් වේවයි පෙතලි රුවෙක හෝ මැටිපිඩෙක හෝ යෝග්‍ය (අභ්‍යාස) කොට පසු කලෙක දූරේපාතිකයෙක් ද අක්‍ෂණවේධියෙක් ද මහකය බිඳුනෙක් ද වේ නම් මහණෙනි, එ සෙයින් ම මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනස්කාරයෙන් ආකාසය අනන්තය යයි ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි, හේ එහි යම් ම වේදනාගතයෙක් වේවයි, සඤ්ඤාගතයෙක් වේවයි, සඞ්ඛාරගතයෙක් වේවයි, විඤ්ඤාණගතයෙක් වේවයි … හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතිකයෙක් වෙයි. ‘මහණෙනි, ආකාසානඤ්චායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ යමෙක් කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.

විඤ‍්ඤාණඤ‍්චායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමීති -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමීති ඉති ඛො පනෙතං වුත‍්තං, කිඤ‍්චෙතං පටිච‍්ච වුත‍්තං: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සො යදෙව තත්‍ථ හොති වෙදනාගතං සඤ‍්ඤාගතං -පෙ- පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා ඔපපාතිකො හොති තත්‍ථ පරිනිබ‍්බායී අනාවත‍්තිධම‍්මො තස‍්මා ලොකා. ආකිඤ‍්චඤ‍්ඤායතනම‍්පහං භික‍්ඛවෙ නිස‍්සාය ආසවානං ඛයං වදාමීති ඉති යං තං වුත‍්තං. ඉදමෙතං පටිච‍්ච වුත‍්තං.

මහණෙනි, විඤ්ඤාණඤ්චායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි … ආකිඤ්චඤ්ඤායතනය නිසාත් මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි යි මෙසේ තෙල යමෙක් කියන ලද නම් තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. හේ එහි යම් ම වේදනාගතයෙක්, සඤ්ඤාගතයෙක්, වේ නම් … හේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් එහි පිරිනිවෙන සුලු එ ලොවින් පෙරළා නො එන සුලු ඕපපාතික වෙයි. ‘මහණෙනි, ආකිඤ්චඤ්ඤායතනය නිසා ද මම ආස්‍රවයන්ගේ ක්‍ෂය කියමි’යි මෙසේ කියන ලද නම් තෙල මේ පිණිස කියන ලදී.

ඉති ඛො භික‍්ඛවෙ යාවතා සඤ‍්ඤාසමාපත‍්ති තාවතා අඤ‍්ඤාපටිවෙධො යානි ච ඛො ඉමානි භික‍්ඛවෙ ආයතනානි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්ති ච සඤ‍්ඤාවෙදයිතනිරොධො ච ඣායීහෙතෙ භික‍්ඛවෙ භික‍්ඛූහි සමාපත‍්තිකුසලෙහි සමාපත‍්තිවුට‍්ඨානකුසලෙහි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨහිත්‍වා සමක‍්ඛාතබ‍්බානීති වදාමීති.

මහණෙනි, මෙසේ යම් තාක් සවිතක්ක සමාපත්තිය වේ නම් ඒ තාක් අර්‍හත්‍වප්‍රතිවේධය වෙයි. මහණෙනි, නේවසඤ්ඤානාසඤ්ඤායතනන සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධය දැයි යම් මේ ආයතන කෙනෙක් වෙත් නම් මහණෙනි, මොහු ධ්‍යාන කරන සුලු, සමාපත්තිකුශල සමාපත්ති වුට්ඨානයෙහි කුශල භික්‍ෂූන් විසින් සමවැද (ඉන්) නැඟී (ශාන්ත ප්‍රණීත යයි) මොනොවට කිවයුතුවහ’යි කියමි.