ආනන්ද සුත්තං
9. 1. 4. 6.
9. 1. 4. 6.
ආනන්ද සුත්තං
ආනන්ද සූත්‍රය
එවං මෙ සුතං එකං: සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො ආයස්මා ආනන්දො භික්ඛු ආමන්තෙසි. ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසුං. ආයස්මා ආනන්දො එතදවොච:
මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක ආයුෂ්මත් අනඳ තෙරණුවෝ කොසඹෑනුවර ඝෝෂිත ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ: එ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරණුවනට ‘ඇවැත්නි, ආනන්දයෙනි’ යී පිළිවදන් ඇස් වූහ. ආයුෂ්මත් තෙරණුවෝ තෙල කීහ:
අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො; යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධෙන සම්බාධො ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. තදෙව නාම චක්ඛුං භවිස්සති තෙ රූපා තඤ්චායතනං නො පටිසංවෙදිස්සති. තදෙව නාම සොතං භවිස්සති, තෙ සද්දා, තඤ්චායතනං නො පටිසංවෙදිස්සති. තදෙව නාම ඝානං භවිස්සති, තෙ ගන්ධා. තඤ්චායතනං, නො පටිසංවෙදිස්සති. සා ච නාම ජිව්හා භවිස්සති, තෙ රසා. තඤ්චායතනං නො පටිසංවෙදිස්සති, සො ච නාම කායො භවිස්සති තෙ ඵොට්ඨබ්බා තඤ්චායතනං නො පටිසංවෙදිස්සතීති.
ඇවැත්නි, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්මාසම්බුද්ධයන් වහන්සේ විසින් (පඤ්චකාමගුණයෙන්) සම්බාධස්ථානයෙක සත්ත්වයන්ගේ විශුද්ධිප්රාප්තිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තඞ්ගමය පිණිස මාර්ගයාගේ අධිගමය පිණිස නිර්වාණයාගේ සාක්ෂාත්කරණය පිණිස අවකාශාධිගමය ඉමහත් සේ පිළිවිඳුනා ලද්දේ ය. ආශ්චර්‍ය්‍ය ය! අද්භූත ය! “එ ඇස ම (අසම්භින්න) වෙයි. ඒ රූපයෝ ම වෙත්, ඒ රූපායතනය නොදන්නේ ය. එ කන ම (අසම්භින්න) වෙයි, එ ශබ්දයෝ ම වෙත්. ඒ ශබ්දායතනය නො දන්නේ ය. එ නැහැය ම (අසම්භින්න) වෙයි. එ ගන්ධයෝ ම වෙත්, ඒ ගන්ධායතනය නො දන්නේ ය. එ දිව (අසම්භින්න) ම වෙයි, එ රසයෝ ම වෙත්, එ රසායතනය නො දන්නේ ය. එ කය (අසම්භින්න) ම වෙයි, එ ස්ප්‍රෂ්ටව්‍යයෝ ම වෙත්, ඒ ස්පර්‍ශායතනය නො දන්නේ ය”යි.
එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං ආනන්දං එතදවොච: “සඤ්ඤීමෙව නුඛො ආවුසො ආනන්ද තදායතනං නො පටිසංවෙදෙති උදාහු අසඤ්ඤී”ති? සඤ්ඤීමෙව ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති. නො අසඤ්ඤීති.
මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කීහ: ඇවැත්නි ආනන්දයෙනි, සචිත්තක වූයේ ම ඒ රූපායතනය නො දන්නේ වේ ද, නො හොත් අචිත්තක ව සිට නො දන්නේ වේදැ”යි. ඇවැත, සචිත්තක වූයේ ම එ රූපායතන නො දන්නේ ය. අචිත්තක වූයේ නො දන්නේ නො වෙයි.
කිං සඤ්ඤී පනාවුසො තදායතනං නො පටිසංවෙදෙතීති?
ඇවැත්නි, කෙබඳු සංඥා ඇති එ රූපායතන නො දන්නේ වේ ද?
ඉධාවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්ව සංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායතනය උපයා ගෙන වෙසෙයි. ඇවත, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතන නො දන්නේ ය.
පුන චපරං ආවුසො භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඥානය අනන්තය” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් එ ආයතනය නො දන්නේ ය.
පුන චපරං ආවුසො, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙතීති.
තවද ඇවැත්නි, මහණ සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේත් ඒ ආයතනය නො දන්නේ ය.
එකමිදාහං ආවුසො, සමයං සාකෙතෙ විහරාමි අඤ්ජනවනෙ මිගදායෙ. අථ ඛො ආවුසො, ජටිලගාහියා භික්ඛුනී යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො ආවුසො, ජටිලභාගියා භික්ඛුනී මං එතදවොච: “යායං භන්තෙ ආනන්ද සමාධි නචාභිනතො න චාපනතො න ච සසඞ්ඛාර නිග්ගය්හ වාරිතවතෙ” විමුත්තත්තා ඨිතො, ඨිතත්තා සන්තුසිතො සන්තුසිතත්තා නො පරිතස්සති. අයං භන්තෙ ආනන්ද සමාධි කිංඵලො වුත්තො භගවතාති?
ඇවැත්නි, මම එක් කලෙක සාකේත නුවර අඤ්ජනවනයෙහි මිගදායෙහි වෙසෙමි. ඇවැන්ති, එකල ජටිලගහ නුවර වැසි මෙහෙණ මා වෙත එළැඹුණු ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියා. ඇවැත්නි, එකත්පසෙක සිටි ජටිලගාහියා මෙහෙණ මට තෙල කිවුය: “වහන්ස, ආනන්දයෙනි, යම් මේ සමාධියෙක් (රාග විසින්) නැඟ නො සිටුනේ වේ ද, (දෝෂ විසින්) බැස නො සිටුනේ වේ ද, සංස්කාරයෙන් (සප්‍රයෝගයෙන්) කෙලෙසුන් මැඩ වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් පිහිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූ යේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, වහන්ස, ආනන්දය, මේ සමාධිය කිනම් ඵල ඇතියේ භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද දැ”යි?
එවං වුත්තෙ අහං ආවුසො ජටිලගාහියං භික්ඛුනිං එතදවොචං: යායං භගිනි සමාධි න චාභිනතො න චාපනතො, න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො, විමුත්තත්තා ඨිතො, ඨිතත්තා සන්තුසිතො, සන්තුසිතත්තා නො පරිතස්සති. අයං භගිනි සමාධි අඤ්ඤාඵලො වුත්තො භගවතාති. එවං සඤ්ඤීපි ඛො ආවුසො තදායතනං නො පටිසංවෙදෙති.
ඇවැත්නි, මෙසේ කී කල්හි ජටිලගාහියා මෙහෙණට මම තෙල කීමි. “බුහුන, යම් මේ සමාධියෙක් (රාග විසින්) පෙරට නතුයේ නො වේ ද (දෝෂ වසයෙන්) බැස නොසිටුනේ වේ ද, සප්‍රයෝගයෙන් කෙලෙසුන් නිගෙන වළහා සිටියේ නො වේ ද, විමුත් බැවින් සිටියේ වේ ද, ස්ථිත බැවින් සන්තුෂ්ට වූයේ වේ ද, සන්තුෂ්ට බැවින් පරිත්‍රාසයට නො වැටේ ද, බුහුන මේ සමාධිය අර්හත්වය ඵල කොට ඇතැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. ඇවැත්නි, මෙ බඳු සංඥා ඇතියේ ද වනාහි ඒ ආයතනය නො දන්නේ ය”යි.