ලොකායතික බ්‍රාහ්මණ සුත්තං
9. 1. 4. 7.
9. 1. 4. 7.
ලොකායතික බ්‍රාහ්මණ සුත්තං
ලෝකායතික බ්‍රාහ්මණ සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො ද්වෙ ලොකායතිකා බ්රාහ්මණා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ බ්රාහ්මණා භගවන්තං එතදවොචුං:
එකල්හි ලෝකායතශාස්ත්‍රය හදාරන බ්‍රාහ්මණ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
පූරණො භො ගොතම කස්සපො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසඤාණදස්සනං පටිජානාති “චරතො ච මෙ තිට්ඨිතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති”. සො එවමාහ: “අහං අනන්තෙන ඤාණෙන අන්තවන්තං ලොකං ජානං පස්සං විහරාමී” ති.
භවත් ගෞතමයන් වහන්ස, සර්වඥ සර්වදර්ශී පූර්ණකාශ්යප අපරිශේෂ ඥානදර්ශනය පිළිණ කෙරෙයි: “යන්නාවූත් සිටිනාවූත් සුප්තවූත් නිදිවැරීමෙහි යෙදුණවූත් මට හැමකල්හි නිරතුරු ව ඥානදර්ශනය එළැඹ සිටියේය යි: හේ මෙසේ කියයි: “මම් අනන්තඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියා යි.
අයම්පි භො ගොතම, නිගණ්ඨො නාතපුත්තො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙස ඤාණදස්සනං පටිජානාති “චරතො ච මෙ තිට්ඨිතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති’. සො එවමාහ: “අහං අන්තවන්තෙන ඤාණෙන අන්තවන්තං ලොකං ජානං පස්සං විහරාමීති. ඉමෙසං භො ගොතම, උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසාති?
භවත් ගෞතමයන් වහන්ස, සර්වඥ සර්වදර්ශී මේ නිගණ්ඨ නාතපුත්‍ර ද අපරිශේෂ ඥානදර්ශනය පිළිණ කෙරෙයි: “යන්නා වූත් සිටුනා වූත් සුප්ත වූත් ජාගරණයෙහි යෙදුනාවූත් මට හැම කල්හි නිරතුරු ව ඥානදර්ශනය එළැඹ සිටියේ ය”යි. හේ මෙසේ කියයි: “මම් අනන්තවත් ඥානයෙන් අනන්තවත් ලෝකය දන්නෙම් දක්නෙම් වාස කරමි” කියායි. භවත් ගෞතමයන් වහන්ස, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍යනීක වාද දෙකක් ඇති මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියා ද? කවරෙක් මුසවා කියාදැ යි.
අලං බ්රාහ්මණා, තිට්ඨතෙතං “ඉමෙසං උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසා” ? ති. ධම්මං වො බ්රාහ්මණා, දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවං භොති ඛො තෙ බ්රාහ්මණා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
බ්‍රාහ්මණයෙනි, කම් නැති, ඥානවාද දෙකක් ඇති අන්‍යෝන්‍ය විරුද්ධ වාද දෙකක් ඇති, මොවුන්ගෙන් කවරෙක් සත්‍යය කියාද? කවරෙක් මුසවා කියාදැ?යි යන තෙල කරුණ තිබේවා, ‘බ්‍රාහ්මණයෙනි, තොපට දහම් දෙසන්නෙමි, එය අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසන්නෙමි’යි. ‘භවත්නි, එසේ ය’යි ඒ බ්‍රාහ්මණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
සෙය්යථාපි බ්රාහ්මණා, චත්තාරො පුරිසා චතුද්දිසා ඨිතා පරමාය ගතියා ච ජවෙන ච සමන්නාගතා පරමෙන ච පදවීතිහාරෙන. තෙ එවරූපෙන ජවෙන සමන්නාගතා අස්සු, සෙය්යථාපි නාම බ්රාහ්මණා, දළ්හධම්මො ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය, එවරූපෙන ච පදවීතිහාරෙන. සෙය්යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො. අථ පුරත්ථිමාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති. සො අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්රෙව උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්රෙව නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්ය. අථ පච්ඡිමාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: -පෙ- අථ උත්තරාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: -පෙ- අථ දක්ඛිණාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්ය: “අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී”ති. සො අඤ්ඤත්රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්රෙව උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්රෙව නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්ය. තං කිස්ස හෙතු: නාහං බ්රාහ්මණා, එවරූපාය සන්ධාවනිකාය ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න චාහං බ්රාහ්මණා, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්සන්තකිරියං වදාමීති.
බ්‍රාහ්මණයෙනි, උත්තමගතියෙනුදු ජවයෙනුදු පරම පද වීතිහාරයෙනුදු යුත් සතර පුරුෂ කෙනෙක් සිවුදික්හි යම්පරිදි සිටියාහු වෙත් ද, බ්‍රාහ්මණයෙනි, ගත් දළදුනු ඇති (ඇදුරු කුලෙහි) උගත් සිප්සතර ඇති, කෘතහස්ත වූ දැක්වූ සිප්සතර ඇති දුනුවායෙක් නො බර හීයෙන් නිදුකින් සතරඟුල් තල් සෙය යම්සේ සරස ඉක්මවන්නේ ද, ඔහු එබඳු ජවයෙන් සමන්වාගත වෙත්. පෙරදිගු මුහුදින් පෑළදිගු මුහුද යම්බඳු වේ නම්, ඉක්බිති පෙරදික්හි සිටි පුරුෂයෙක් මෙසේ කියයි. “මම් පාගමනින් ලෝකාන්තයට පැමිණෙ මැ”යි. හේ වැළඳීම, පීම, කෑම හා රසවිඳුම හැර, මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ ශතවර්ෂජීවී වූයේ ශතවර්ෂයක් ගොස් ලෝකාන්තයට නො පැමිණ ම අතර කලුරිය කරන්නේ ය. තවද පෑළදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද උතුරුදිග්හි සිටි පුරුෂ මෙසේ කියයි … තවද දකුණු දිග්හි සිටි පුරුෂ මෙසේ කියයි: “මම පා ගමනින් ලෝකාන්තයට යෙමි”යි. හේ වැළඳීම පීම කෑම රසවිඳුම හැර මලමූකිස හැර නිද්‍රාක්ලමථ දුරලීම හැර වර්‍ෂශතායුෂ්ක වූයේ වර්‍ෂශතජීවී වූයේ සියවසක් ගමන් කොට ලෝකාන්තයට නොපැමිණ ම අතුරෙහි කලුරිය කරන්නේ ය. ඒ කවර හෙයින යත්: බ්‍රාහ්මණයෙනි, මෙ බඳු වූ සන්ධාවනයෙකින් ලොකාන්තය දතයුතු යයි දැක්කයුතු යයි පැමිණිය යුතු යයි මම නො කියමි. බ්‍රාහ්මණයෙනි, ලෝකාන්තයට නො පැමිණ ද දුක්ඛයාගේ අන්තකරණය මම නො කියමි.
පඤ්චිමෙ බ්රාහ්මණා, කාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති, කතමෙ පඤ්ච? චක්ඛු විඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොත විඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝාන විඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හා විඤ්ඤෙය්යා රසා -පෙ- කාය විඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො බ්රාහ්මණා, පඤ්චකාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති.
“බ්‍රාහ්මණයෙනි, ආර්ය විනයෙහි මේ පස්කම් ගුණ ලෝක”යි කියනු ලැබේ. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප ඇති කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපය, ... ශ්‍රෝතවිඥේය ශබ්දය, … ඝ්‍රාණවිඥේය ගන්ධය, … ජිව්හාවිඥේය රසය, … ඉෂ්ට කාන්ත මනාප වූ ප්‍රියරූප කාමෝපසංහිත රජනීය කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය යන මොහු යි. බ්‍රාහ්මණයෙනි, ආර්ය විනයෙහි මේ පස්කම්ගුණ ලෝකයයි කියනු ලැබේ.
ඉධ බ්රාහ්මණා, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තමඤ්ඤෙ එවමාහංසු “අයම්පි ලොකපරියාපන්නො, අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා, එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා” ති.
බ්‍රාහ්මණයෙනි, මෙසස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අනන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කෙරේ ය යි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්: “මෙ ද ලෝකපර්ය්යාපන්නය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය” යි. බ්‍රාහ්මණයෙනි, මම් ද මෙසේ කියමි: “මෙ ද ලෝකයට ඇතුළත් වේ, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැ”යි.
පුන චපරං බ්රාහ්මණා, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ-
තව ද බ්‍රාහ්මණයෙනි, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … තෘතීය ධ්‍යානයට එළැඹ වාස කරයි … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි ...
පුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති, තමඤ්ඤෙ එවමාහංසු: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති.
බ්‍රාහ්මණයෙනි, තවද මහණ සර්වප්රකාරයෙන් රූපසංඥා සමතික්‍රමණය කිරීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මේ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාස කරන්නේ’යි කියනු ලැබේ. ඔහුගෙන අන්‍යයෝ මෙසේ කියත්: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් බැහැර නො කරන ලදැයි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියම්: ‘මෙ ද ලෝකයට ඇතුළත් වේ. මෙ ද ලෝකයෙන් අනිඃඍත’ ය කියායි.
පුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තමඤ්ඤෙ එවමාහංසු:
තව ද බ්‍රාහ්මණයෙනි, මහණ සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළඹ වාස කරයි … සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකයාගේ අන්තයෙහි වාසය කරනේ යයි කියනු ලැබේ. ඔහු ගෙන අන්‍යයෝ මෙසේ කියත්:
“අයම්පි ලොකපරියාපන්නො අයම්පි අනිස්සටො ලොකම්හා”ති. අහම්පි බ්රාහ්මණා, එවං වදාමි: “අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා”ති.
“මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත ය”යි. බ්‍රාහ්මණයෙනි, මම ද මෙසේ කියමි: ‘මෙ ද ලෝකපරියාපන්න ය, මෙ ද ලෝකයෙන් අනිඃඍත” යි.
පුන චපරං බ්රාහ්මණා, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති බ්රාහ්මණා, භික්ඛු ලොකස්ස අන්තං ආගම්ම ලොකස්ස අන්තෙ විහරති. තිණ්ණො ලොකෙ විසත්තිකන්ති.
බ්‍රාහ්මණයෙනි, තව ද මහණ සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. බ්‍රාහ්මණයෙනි, මෙ මහණ ලෝකයාගේ අන්තයට පැමිණ ලෝකාන්තයෙහි වාස කරන්නේ යි ද පඤ්චස්කන්‍ධලෝකයෙහි තෘෂ්ණාසඞ්ඛ්‍යාත විසත්තිකාව තරණය කෙළේ ය යි ද කියනු ලැබේ.