දෙවාසුරසඞ්ගාම සුත්තං
9. 1. 4. 8.
9. 1. 4. 8.
දෙවාසුරසඞ්ගාම සුත්තං
දේවාසුරසඞ්ගාම සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
භූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ, සඞ්ගාමෙ අසුරා ජිනිංසු දෙවා පරාජියිංසු. පරාජිතා ච භික්ඛවෙ දෙවා අපයංස්වෙව උත්තරෙන මුඛා අභියංසු අසුරා. අථ ඛො භික්ඛවෙ, දෙවානං එතදහොසි: ‘අභියන්තෙව ඛො අසුරා යන්නූන මයං දුතියම්පි අසුරෙහි සඞ්ගාමෙය්යාමා’ති. දුතියම්පි ඛො භික්ඛවෙ, දෙවා අසුරෙහි සඞ්ගාමෙසුං දුතියම්පි ඛො භික්ඛවෙ, අසුරාව ජිනිංසු දෙවා පරාජියිංසු පරාජිතා ච භික්ඛවෙ දෙවා භීතා අපයංස්වෙව උත්තරෙනමුඛා අභියංසු අසුරා:
මහණෙනි, යටගියදවස වූවක් කියමි: දෙවාසුර සංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි අසුරයෝ දිනූහ, දෙවියෝ පැරදුණහ. මහණෙනි, දෙවියෝ පැරදුණාහු උතුරදිශාභිමුඛ වැ පලාගියාහු ම ය. අසුරයෝ ලුහුබැඳියහ. මහණෙනි, ඉක්බිති දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳිත් මැ යි, අපි අසුරයන් හා දෙවනවටත් යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, දෙවනවටදු දෙවියෝ අසුරයන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටදු අසුරයෝ ම දිනූහ, දෙවියෝ පැරදුණහ. පැරදුණාහු ද දෙවියෝ බියපත්ව උත්තරාභිමුඛව පැන ගියහ. අසුරයෝ ලුහුබැඳියහ.
අථ ඛො භික්ඛවෙ දෙවානං එතදහොසි: “අභියන්තෙව ඛො අසුරා, යන්නූන මයං තතියම්පි අසුරෙහි සඞ්ගාමෙය්යාමාති”. තතියම්පි ඛො භික්ඛවෙ, දෙවා අසුරෙහි සඞ්ගාමෙසුං. තතියම්පි ඛො භික්ඛවෙ, අසුරාව ජිනිංසු දෙවා පරාජියිංසු. පරාජිතා ච භික්ඛවෙ, දෙවා භීතා දෙවපුරං යෙව පවිසිංසු.
මහණෙනි, එකල්හි දෙවියනට මෙබඳු සිතෙක් විය: අසුරයෝ ලුහුබඳනාහු මැ යි, තෙවනවටදු අසුරයන් හා යුද කරමෝ නම් යෙහෙකැ’යි. මහණෙනි, තෙවනවටදු දෙවියෝ අසුරයන් හා සමග යුද වන්හ. මහණෙනි, තෙවනවටත් අසුරයෝ ම දිනූහ. දෙවියෝ පැරදුණාහ. මහණෙනි, පැරදුණාහු ද දෙවියෝ භීතව දේවපුරයට ම වන්හ.
දෙවපුරගතානඤ්ච පන භික්ඛවෙ, දෙවානං එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි මයං එතරහි අත්තනා විහරාම. අකරණීයා අසුරෙහී” ති. අසුරානම්පි භික්ඛවෙ, එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි දෙවා එතරහි අත්තනා විහරන්ති. අකරණීයා අම්භෙහී”ති.
මහණෙනි, දෙව්පුරයට ගිය දෙවියනට ද තෙල සිත විය: ‘භීරුත්‍රාණයට (භය නැති තැනට) ගිය සිතින් අපි දැන් වාසය කරම්හ. අසුරයන් විසින් අකරණීය යම්හ (කිසිත් නොකළ යුත්තම්හ) යි. මහණෙනි, අසුරයනට ද තෙල සිත විය: දැන් දෙවියෝ භීරුත්‍රාණයට ගිය සිතින් වාස කරත්. අප විසින් අකරණීය (කිසිවක් නොකළ යුත්තාහ) වෙති යි.
භූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු. අසුරා පරාජියිසු, පරාජිතා ච භික්ඛවෙ අසුරා අපයංස්වෙව දක්ඛිණෙන මුඛා, අභියංසු දෙවා. අථ ඛො භික්ඛවෙ, අසුරානං එතදහොසි: අභියන්තෙව ඛො දෙවා යන්නූන මයං දුතියම්පි දෙවෙහි සඞ්ගාමෙය්යාමාති. දුතියම්පි ඛො භික්ඛවෙ, අසුරා දෙවෙහි සඞ්ගාමෙසුං. දුතියම්පි ඛො භික්ඛවෙ, දෙවො ච ජිනිංසු. අසුරා පරාජිංසු. පරාජිතා ච භික්ඛවෙ, අසුරා අපයංස්වෙ ව දක්ඛිණෙන මුඛා. අභියංසු දෙවා. අථ ඛො භික්ඛවෙ අසුරානං එතදහොසි: “අභියන්තෙව ඛො දෙවා, යන්නූන මයං තතියම්පි දෙවෙහි සඞ්ගාමෙය්යාමාති. තතියම්පි ඛො භික්ඛවෙ, අසුරා දෙවෙහි සඞ්ගාමෙසුං, තතියම්පි ඛො භික්ඛවෙ, දෙවා ව ජිනිංසු අසුරා පරාජියිංසු. පරාජිතා ව භික්ඛවෙ, අසුරා භීතා අසුරපුරඤ්ඤෙව පවිසිංසු. අසුරපුර ගතානඤ්ච පන භික්ඛවෙ, අසුරානං එතදහොසි: භීරුත්තානගතෙන ඛො දානි මයං එතරහි අත්තනා විහරාම. අකරණීයා දෙවෙහී”ති. දෙවානම්පි භික්ඛවෙ, එතදහොසි: “භීරුත්තානගතෙන ඛො දානි අසුරා එතරහි අත්තනා විහරන්ති, අකරණීයා අම්හෙහී”ති.
මහණෙනි, පෙර වූවක් කියමි: දෙවාසුර සඞ්ග්‍රාමයෙක් එළැඹ සිටියේ ය, මහණෙනි, ඒ සඞ්ග්‍රාමයෙහි දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුනු අසුරයෝ දක්ෂිණාභිමුඛ වූවාහු පලාගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ; මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැ”යි. “අපි දෙවියන් හා සමඟ දෙවනවටදු යුදවදනමෝ නම් යෙහෙකැ”යි. මහණෙනි, දෙවනවටත් දෙවියන් හා යුද වන්හ. මහණෙනි, දෙවනවටත් දෙවියෝ ම දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණා වූ අසුරයෝ දක්ෂිණාභිමුඛ ව පැන ගියාහු ම ය. දෙවියෝ ලුහුබැඳියහ. මහණෙනි, එකල්හි අසුරයනට තෙල සිත විය: “දෙවියෝ ලුහුබඳිත්මැයි, අපි තෙවනවටදු දෙවියන් හා යුද වදිමුනම් යෙහෙකැ”යි. මහණෙනි, තෙවනවටත් අසුරයෝ දෙවියන් හා යුදවන්හ. මහණෙනි, තෙවනවටත් දෙවියෝ දිනූහ, අසුරයෝ පැරදුණහ. මහණෙනි, අසුරයෝ පැරදුණාහු ම බියපත් ව අසුරපුරයට ම වන්හ. මහණෙනි, අසුරපුරයට ගියා වූ අසුරයනට තෙල සිත විය: දැන් වනාහි අපි භීරුත්‍රාණගත වූ සිතින් වාසය කරමු. දෙවියන් විසින් අකරණීය යම්හ”යි. මහණෙනි, දෙවියනට තෙල සිත විය: මෙකල්හි අසුරයෝ භීරුත්‍රාණගත සිතින් වාසය කරත්. අප විසින් අකරණීය වෙත්”යි.
එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛුස්ස එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානාහං එතරහි අත්තනා විහරාමි, අකරණීයො මාරස්සා”ති.
මහණෙනි, එ පරිදි ම යම් සමයෙක්හි මහණ කාමයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වාස කරයි ද, මහණෙනි, එකල්හි මහණහට මෙබඳු සිතෙක් වෙයි: මෙකල්හි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාසය කරමි. මාරයා විසින් අකරණීය වෙමි’යි.
මාරස්සපි භික්ඛවෙ, පාපිමතො එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානි භික්ඛු එතරහි අත්තනා විහරති. අකරණීයො මය්හන්ති”.
මහණෙනි, පාපී මාරයාහට ද තෙල සිත වෙයි, දැන් මෙ සමයෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරන්නේ ය, මා විසින් අකරණීය වෙයි.
යස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති තස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛුස්ස එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානාහං එතරහි අත්තනා විහරාමි, අකරණීයෙ මාරස්සා”ති. මාරස්සාපි භික්ඛවෙ, පාපිමතො එවං හොති: “භීරුත්තානගතෙන ඛො දානි භික්ඛු එතරහි අත්තනා විහරති, අකරණීයො මය්හන්ති”
මහණෙනි, යම් සමයෙක්හි මහණ විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … එළැඹ වෙසෙයි ද, මහණෙනි, එසමයෙහි මහණහට මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙසෙමෙහි මම් භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරමි. මාරයා විසින් අකරණීය වෙමි”යි. මහණෙනි, මාරහට ද මෙබඳු සිතෙක් වෙයි: දැන් මෙ සෙමෙහි මහණ භීරුත්‍රාණගත චිත්තයෙන් වාස කරයි. මා විසින් අකරණීය වෙයි.
යස්මිං භික්ඛවෙ සමයෙ භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අන්තමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො.
මහණෙනි, යම් කලෙක මහණ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාසය අනන්ත”යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි, මහණෙනි, මෙ මහණ මරහු අන්ත කෙළේ යි ද මාරචක්ෂුස නිරවශේෂ කොට වනසා පාපිමත්හුගේ අදර්ශනයට ගියේයි ද කියනු ලැබේ.
යස්මිං භික්ඛවෙ, සමයෙ භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අන්තමකාසි මාරං අපදං වධිත්වා මාරචක්ඛුං අදස්සනං ගතො පාපිමතො, තිණ්ණං ලොකෙ විසත්තිකන්ති.
මහණෙනි, යම් සමයෙක්හි මහණ සර්වථායෙන් ආකාසානඤ්චායනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කරයි … සර්වථායෙන් විඤ්ඤාණඤ්චායතනයට ඉක්මැ ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනට එළැඹ වාස කරයි ද … සර්වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරයි … සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරයි, ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. මහණෙනි, මේ මහණ මාරයා අන්ත කෙළේ යයි ද මාරචක්ෂුස නිරවශේෂ කොට නසා පාපිමත්හුගේ අදර්ශනයට ගියේ ලෝකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යයි ද කියනු ලැබේ.