ආරඤ්ඤකනාගොපම සුත්තං
9. 1. 4. 9.
9. 1. 4. 9.
ආරඤ්ඤකනාගොපම සුත්තං
ආරඤ්ඤකනාගෝපම සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
යස්මිං භික්ඛවෙ සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ගොචරපසුතස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපි පුරතො ගන්ත්වා තිණග්ගානි ඡින්දන්ති, තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති. යස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ගොචරපසුතස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපාපි ඔභග්ගොභග්ගං සාඛාභඞ්ගං ඛාදන්ති. තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
මහණෙනි, යම් කලෙක වනවැසි ගොදුරු සෙවුමට යන ඇත්රජහුගේ පෙරට පෙරට ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද තණඅක් සිඳිති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි. මහණෙනි, යම් කලෙක්හි ගොදුරු සෙවුමට යන ඒ වනවැසි ඇත්රජහු විසින් නතු-නතු කොට තැබූ අතු කඩ මහ ඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්තු ද ඇත් පොව්වෝ ද කති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි. ලජ්ජිත වෙයි. ජුගුප්සා කෙරෙයි.
යස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ඔගාහං ඔතිණ්ණස්ස හත්ථීපි හත්ථිනියොපි හත්ථිකලභාපි හත්ථිච්ඡාපාපි පුරතො පුරතො ගන්ත්වා සොණ්ඩාය උදකං ආලොලෙන්ති. තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජහු පෙරට පෙරට ව ගොස් මහඇත්හු ද ඇතිනියෝ ද නහඹු ඇත්හු ද ඇත්පොව්වෝ ද සොඬින් දිය අළලති, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
යස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස ඔගාහං ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති, තෙන භික්ඛවෙ, ආරඤ්ඤකො නාගො අට්ටීයති හරායති ජිගුච්ඡති.
මහණෙනි, යම් කලෙක පැන්තොටට බට වනවැසි ඇත්රජුගේ සිරුර ඇතින්නෝ ගටා යෙත් ද, මහණෙනි, එයින් වනවැසි ඇත්රජ පෙළෙයි, ලජ්ජිත වෙයි, ජුගුප්සා කෙරෙයි.
තස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස එවං හොති: “අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානිචෙව පානීයානි පිවාමි ඔගාහං මෙ ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති යන්නූනාහං එකො ගණස්මා වූපකට්ඨො විහරෙය්යන්ති.”
මහණෙනි, එකල වනවැසි ඇත්රජහට මෙවන් සිතෙක් වෙයි: “මෙ සමාහි මම් මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් වෙසෙම්. සුන්අග් ඇති තණුදු කමි. ම විසින් නතු-නතු කොට තැබූ අතුකඩදු කති. කැලැත් දිය ද බොමි. පැන්තොටට බට මාගේ සිරුර ගටමින් ඇතින්නෝ යෙති. මම් ගණයාගෙන් එකලා වූයෙම් දුරු වූයෙම් නම් යෙහෙකැ”යි.
සො අපරෙන සමයෙන එකො ගණස්මා වූපකට්ඨො විහරති අච්ඡින්නග්ගානිචෙව තිණානි ඛාදති. ඔභග්ගොභග්ගඤ්චස්ස සාඛාභඞ්ගං න ඛාදන්ති. අනාවිලානි ච පානීයානි පිවති. ඔගාහඤ්චස්ස ඔතිණ්ණස්ස න හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති. තස්මිං භික්ඛවෙ, සමයෙ ආරඤ්ඤකස්ස නාගස්ස එවං හොති:
හේ පසු කල්හි එකලා වූයේ ඇත්ගණයා කෙරෙන් වෙන් වූයේ වෙසෙයි. නො සුන් අග් ඇති තණුදු කයි. ඔහු විසින් නතු නතු කොට තැබූ අතුකඩදු නො කති. නො කැලැත් පැනුදු බොයි. පැන්තොටට බට ඔහුගේ සිරුර ඇතින්නෝ ගටා නො යෙත්. මහණෙනි, එ සමාහි වනවැසි ඇත්රජුට මෙ බඳු සිතෙක් වෙයි:
“අහං ඛො පුබ්බෙ ආකිණ්ණො විහාසිං හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි, ඡින්නග්ගානි චෙව තිණානි ඛාදිං, ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි ආපායිං, ඔගාහඤ්ච මෙ ඔතිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො අගමංසු. සොහං එතරහි එකො ගණස්මා වූපකට්ඨො විහරාමි, අච්ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං න ඛාදන්ති අනාවිලානි ච පානීයානි පිවාමි, ඔගාහඤ්ච ඔතිණ්ණස්ස න හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති.” සො සොණ්ඩාය සාඛාභඞ්ගං භඤ්ජිත්වා සාඛාභඞ්ගෙන කායං පරිමද්දිත්වා අත්තමනො කණ්ඩුං සංහන්ති.’
“මම වනාහි පෙර මහ ඇතුන් විසිනුදු ඇතින්නන් විසිනුදු නහඹු ඇතුන් විසිනුදු ඇත්පොව්වන් විසිනුදු මුසුයෙම් විසීමි. සුන්අග් ඇති තණුදු කෑයෙමි. මවිසින් නතු නතු කොට තැබූ අතුකඩුදු කෑ හ. කැලැත් පැනුදු පීමි. පැන්තොට වන් මාගේ සිරුර ඇතින්නෝ ගටමින් ගියහ. ඒ මම් එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙමි. නො සුන් අක් තණුදු කමි. මා විසින් නතු නතු කොට තැබූ අතුකඩ ද (ඔහු) නො කත්. නො කැලැත් පැනුදු බොමි. ඇතින්නෝ තොට වන් මා සිරුර ද නො ගටමින් යෙති.” හේ සොඬින් අතුකඬක් බිඳ බුන් අතුකඬින් කය පිරිමැද තුටු සිත් ඇත්තේ කැසිලි නසයි.
එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ භික්ඛු ආකිණ්ණො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්මිං සමයෙ භික්ඛුස්ස එවං හොති: අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, භික්ඛූහී භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. යන්නූනාහං එකො ගණස්මා වූපකට්ඨො විහරෙය්යන්ති. සො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
මහණෙනි, එ සෙයින් ම යම් කලෙක්හි මහණ, මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහ ඇමැතියන් විසින් තොටුවන් විසින් තොටුසව්වන් විසින් නො මුසු වූයේ වෙසේ ද, මහණෙනි, එසමයෙහි මහණ හට මෙ බඳු සිතෙක් වෙයි: මම් වනාහි මෙ සමාහි මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජුන් විසින් රජමහ ඇමතියන් විසින් තොටුවන් විසින් තොටු සව්වන් විසින් මුසුයෙම් වෙසෙමි. මම එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් වෙසෙම් නම් මනා”යී. හේ වනය, රුක්මුල් ය, පර්වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත ය, අභ්‍යවකාශය, පිදුරුරැස ය, යන විවික්තශයනාසන බෙජෙයි. හේ අරනට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස්ගෙට ගියේ වේවයි පළක් බැඳ සිරුර ඉදි වැ තබා ගෙන සිහි පෙරට කොට එළවා හිඳියි.
සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති, බ්යාපාද පදොසං පහාය අබ්යාපන්න චිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාද පදොසා චිත්තං පරිසොධෙති. ථීන මිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති, උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති, විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
හේ උපාදානස්කන්ධලෝකයෙහි අභිධ්‍යා දුරැර පහ වූ අභිධ්‍යා ඇති සිතින් වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්රකර්ෂදොෂය දුරැර ව්‍යාපාද රහිත සිත් ඇතියේ සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියේ ඇතියේ වෙසෙයි, ව්යාපාදප්රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුරැර පහ වූ ථීනමිද්ධය ඇතියේ ආලෝකසංඥා ඇතියේ සිහි ඇතියේ මනා නුවණ ඇතියේ වෙසෙයි. ථිනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරැර නො වුහුටු සිතැතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වෙසෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා දුරැර තරණය කළ විචිකිච්ඡා ඇතියේ කුසල්දහම් හි කථඞ්කථම්භාව (කෙසේ ද කෙසේ ද යන සැක) නැතියේ වෙසෙයි, විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො අත්තමනො කණ්ඩුං සංහන්ති. විතක්කවිචාරානං වූපසමා දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො අත්තමනො කණ්ඩුං සංහන්ති.
හේ චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් දුරැර කාමයන්ගෙන් වෙන් වැ ම … ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. හේ තුටුසිතැතියේ (ක්ලේශ) කණ්ඩුති නසයි. විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි, හේ තුටුසිතැතියේ ක්ලේශකණ්ඩුති නසයි.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති, ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සො අත්තමනො කණ්ඩුං සංහන්ති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති, විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, සො අත්තමනො කණ්ඩුං සංහන්ති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. සො අත්තමනො කණ්ඩුං සංහන්තීති
සර්වථායෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් “ආකාශය අනන්ත”යි ආකාසානඤ්චායනයට පැමිණ වෙසෙයි. තුටුසිතැති හේ ක්ලේශකණ්ඩුති නසයි. සර්වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ “විඥානය අනන්ත”යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ තුටු සිතැත්තේ කෙලෙස් කැසිලි නසයි. සර්වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. සර්වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි … සර්වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙත්. හේ තුටු සිතැතියේ කෙලෙස් කැසිලි නසයි.