ගාවීඋපමා සුත්තං
9. 1. 4. 4.
9. 1. 4. 4.
ගාවීඋපමා සුත්තං
ගාවීඋපමා සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සෙය්යථාපි භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං, තස්සා එවමස්ස: ‘යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි ච තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්යන්ති. සා පුරිමං පාදං න සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්ඡිමං පාදං උද්ධරෙය්ය, සා න චෙව අගතපුබ්බං දිසං ගච්ඡෙය්ය, න ච අඛාදිතපුබ්බානි තිණානි ඛාදෙය්ය. න ච අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්ය, යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස: යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි චෙ ව පානීයානි පිවෙය්යන්ති, තඤ්ච පදෙසං න සොත්ථිනා පච්චාගච්ඡෙය්ය. තං කිස්ස හෙතු: තථා හි සා භික්ඛවෙ, ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
මහණෙනි, යම් පරිදි බාල අව්‍යක්ත ක්ෂේත්රය නොදන්නා පර්වතයෙහි හැසිරෙන දෙන විසම පර්වතයෙහි සරනට අසමත් වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම නො ගිය විරූ දිගට යෙම් නම්, නො කෑ විරූ තණ කන්නෙම් නම්, නො පී විරී පැන් බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඔ පළමු පා මොනවට පිහිටියක් කොට නො පිහිටුවා පැසුළු පා නඟයි. ඕ නො ගිය විරූ දිගට නො යයි. නො කෑ විරූ තණ ද නො කයි. නො පී විරී පැන් නො බොයි. යම් පියසෙක්හිදු සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට යෙමි යි, නො කෑ විරූ තණ ද කමි යි, නො පී විරී පැනුදු බොමි”යි එ පියසට නිදුකින් පෙරළා නො යෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, බාල අව්‍යක්ත ක්ෂේත්රඥ නො වූ ඒ දෙන යම් හෙයකින් විසම පර්වතයෙහි සරනට නො සමත් ද, එහෙයිනි.
එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු බාලො අබ්යත්තො අඛෙත්තඤ්ඤූ අකුසලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සො තං නිමිත්තං න ආසෙවති, න භාවෙති, න බහුලීකරොති, න ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි බාල අව්‍යක්ත ක්ෂේත්රඥ නො වන අදක්ෂ වූ කිසියම් මහණෙක් කාමයන්ගෙන් වෙන් වැ ම අකුශල ධර්මයන්ගෙන් වෙන් වැ සවිතර්ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන උපයා වෙසෙයි. හේ ඒ දැහැන් නිමිත්ත පුනපුනා සේවනය නො කෙරෙයි, නො වඩයි, බහුල විසින් නො කරයි, මොනවට ඉටන ලද්දක් කොට නො ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො න සක්කොති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරිතුං. තස්සෙවං හොති; යන්නූනාහං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො න සක්කොති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො. සෙය්යථාපි සා ගාවී පබ්බතෙය්යා බාලා අබ්යත්තා අඛෙත්තඤ්ඤූ අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … දෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් මැනව”යි. හේ විතර්ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් දෙවන දැහැනට එළැඹ වසනට නො හැකියේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාමයන්ගෙන් වෙන් වැ ම පළමු දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ කාමයන්ගෙන් වෙන්වැ … පළමු දැහැනට එළඹ වසනට නො හැකි වෙයි. මහණෙනි, මෙ මහණ දෙපසින් නටුයේ දෙපසින් පිරිහුනේ යයි කියනු ලැබේ. බාල අව්‍යක්ත ක්ෂේත්රඥ නො වන පර්වතයෙහි සරණ ඒ දෙන විසම පර්වතයෙහි සරනට අදක්ෂ වූවා යම් සේ ද, එ මෙනි.
සෙය්යථාපි භික්ඛවෙ ගාවී පබ්බතෙය්යා පණ්ඩිතා බ්යත්තා ඛෙත්තඤ්ඤූ කුසලා විසමෙ පබ්බතෙ චරිතුං. තස්සා එවමස්ස: ‘යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි ච තිණානි ඛාදෙය්යං, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්යන්ති. සා පුරිමං පාදං සුප්පතිට්ඨිතං පතිට්ඨාපෙත්වා පච්ඡිමං පාදං උද්ධරෙය්ය, සා අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්ය, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්ය, අපීතපුබ්බානි ච පානීයානි පිවෙය්ය. යස්මිං චස්සා පදෙසෙ ඨිතාය එවමස්ස: යන්නූනාහං අගතපුබ්බඤ්චෙව දිසං ගච්ඡෙය්යං, අඛාදිතපුබ්බානි චෙව තිණානි ඛාදෙය්යං අපීතපුබ්බානි චෙව පානීයානි පිවෙය්යන්ති’ තඤ්ච පදෙසං සොත්ථිනා පච්චාගච්ඡෙය්ය. තං කිස්ස හෙතු: තථා හි සා භික්ඛවෙ ගාවී පබ්බතෙය්යා පණ්ඩිතා ව්යත්තා ඛෙත්තඤ්ඤු කුසලා විසමෙ පබ්බතෙ චරිතුං.
මහණෙනි, පණ්ඩිත ව්‍යක්ත ක්ෂේත්රඥ වූ පර්වතයෙහි සරණ දෙනක් විෂම පර්වතයෙහි සරනට යම්සේ දක්ෂ වේ ද, ඇයට මෙ බඳු සිතෙක් වෙයි: “මම් නො ගිය විරූ දිගට යෙම් නම් නො කෑ විරූ තණ ද කන්නෙම් නම් නො පී විරී පැන් ද බොන්නෙම් නම් යෙහෙකැ”යි. ඕ පළමු පා මොනවට පිහිටියක් කොට තබා පැසුළු පා නඟයි, ඕ නො ගිය විරූ දිගට ද යයි, නො කෑ විරූ තණ ද කයි, නො පී විරී පැන් ද බොයි. යම් පියෙසෙකැ සිටි ඇයට මෙ බඳු සිතෙක් වේ නම්: “මම් නො ගිය විරූ දිගට ද යමි. නො කෑ විරූ තණ ද කමි. නො පී විරි පැන් ද බොමැ” යි, එ පියසට නිදුකින් පෙරළා එයි. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් පණ්ඩිත ව්‍යක්ත ක්ෂේත්රඥ ඒ දෙන විෂම පර්වතයෙහි සරනට සමත් වේ ද, එහෙයිනි.
එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු පණ්ඩිතො බ්යත්තො ඛෙත්තඤ්ඤු කුසලො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි පණ්ඩිත ව්‍යක්ත ක්ෂේත්රඥ දක්ෂ කිසියම් මහණෙක් කාමයෙන් වෙන් වැ ම අකුශල දහමින් වෙන් වැ … පළමු දැහැනට පැමිණ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත පුනපුනා සේවනය කෙරෙයි, වඩයි, බහුලීකෘත කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති’. සො දුතියං ඣානං අනභිහිංසමානො විතක්කවිචාරානං වූපසමා දුතියං ජ්ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් විතර්ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙකැ”යි, හේ දෙවන දැහැන නො පෙළනුයේ විතර්ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් දෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති’. සො තතියං ඣානං අනභිහිංසමානො පීතියා ච විරාගා තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් ප්‍රීතියගේ ද විරාගයෙන් ද තෙවන දැහැනට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ තෙවන දැහැන නො පෙළනුයේ ප්‍රීතියගේ ද විරාගයෙන් තෙවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ සමාධිනිමිත්ත සේවනය කරයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො චතුත්ථං ඣානං අනභිහිංසමානො සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙබඳු සිතෙක් වෙයි: “මම් සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්රහාණයෙනුදු … සිවුවැනි දැහැනට එළැඹ වෙසෙම් නම් යෙහෙක” කියා යි. හේ සිවුවන දැහැන නො පෙළමින් සුඛප්‍රහාණයෙනුදු … සිවුවන දැහැනට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, මොනවට ඉටුවක් කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආකාසානඤ්චායතනං අනභිහිංසමානො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා -පෙ- ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්වාර්ත්ථයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්ත’ යයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ’යි, හේ ආකාසානඤ්චායතනය නො පෙළනුයේ සර්වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් … ආකාසානඤ්චායතනයට එළැඹ වෙසෙයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො විඤ්ඤාණඤ්චායතනං අනිභිහිංසමානො සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්වථායෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙම් නම් මැනැවයි හේ විඤ්ඤාණඤ්චායතනය නො පෙළෙමින් සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආකිඤ්චඤ්ඤායතනං අනභිහිංසමානො සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ ආකිඤ්චඤ්ඤායතනය නො පෙළමින් හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිවක් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කරයි, ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
තස්ස එවං හොති: ‘යන්නූනාහං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අනභිහිංසමානො සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සො තං නිමිත්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස්වාධිට්ඨිතං අධිට්ඨාති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරම් නම් යෙහෙකැ”යි. හේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය නොපෙළමින් හැම පරිදි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. හේ ඒ නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි. ස්වාධිෂ්ඨිත කොට ඉටයි.
තස්ස එවං හොති: “යන්නූනාහං සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරෙය්ය’න්ති. සො සඤ්ඤාවෙදයිතනිරොධං අනභිහිංසමානො සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
ඕහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙම් නම් යෙහෙකැ”යි. හේ සඤ්ඤාවේදයිතනිරෝධය නො පෙළනුයේ හැම පරිදි නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි.
යතො ඛො භික්ඛවෙ භික්ඛු තං තදෙවසමාපත්තිං සමාපජ්ජතිපි වුට්ඨාතිපි. තස්ස මුදුං චිත්තං හොති කම්මඤ්ඤං,මුදුනා චිත්තෙන කම්මඤ්ඤෙන අප්පමාණො සමාධි හොති සුභාවිතො. සො අප්පමාණෙන සමාධිනා සුභාවිතෙන යස්ස යස්ස අභිඤ්ඤාසච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤාසච්ඡිකිරියාය. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
මහණෙනි, යම් කලෙක පටන් මහණ එම සමවතට සමවදනේ නම් නැඟී සිටුනේ නම් ඔහු සිත මෘදු වෙයි. කර්මණ්ය වෙයි. මෘදු වූ කර්මණ්ය වූ සිතින් අප්‍රමාණ සමාධිය මොනවට වඩන ලද්දේ වෙයි. හේ සුභාවිත වූ අප්‍රමාණ සමාධියෙන් (විශිෂ්ට ඥානයෙන්) දැන සාක්ෂාත් කටයුතු යම් යම් ධර්මයකට සිත (දැන් සාක්ෂාත් කරනු පිණිස) මොනොවට නමයි ද, කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්රත්යක්ෂ භාවයට පැමිණෙයි.
සො සචෙ ආකඞ්ඛති අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං, එකොපි හුත්වා බහුධා අස්සං බහුධාපි හුත්වා එකො අස්සං -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හේ කැමැති වන්නේ නම් අනේකවිහිත ඍද්ධිවිධය වළඳනෙම්, එකෙක් වැ ද බොහෝ පරිදි වෙම්වයි, බොහෝ පරිදි වැද එකෙක් වෙම්වයි … බඹලොව දක්වා කයින් වශය පවත්වමව යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම ඒ ඒ වෙසෙසෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
සො සචෙ ආකඞ්ඛති දිබ්බාය සොතධාතුයා -පෙ- සති සති ආයතනෙ.
ඉදින් හේ දිවසෝධයින් … කැමති වේ නම් කරුණු ඇති ඇති වත් ම ...
සො සචෙ ආකඞ්ඛති පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යන්ති -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හේ පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැනගන්නෙම්වයි. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගන්නෙම් වයි … විමුක්ත වූ හෝ සිත විමුක්තචිත්ත යයි දැන ගන්නෙම් වයි කැමැති වේ නම් ඒ ඒ වෙසෙසෙහි කරුණු ඇති ඇති වත් මැ පසක් බවට පැමිණෙයි.
සො සචෙ ආකඞ්ඛති “නෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
ඉදින් හේ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සමරම්වයි එනම්: එක් ජාතියකුදු … මෙසේ ආකාර සහිත උද්දේස සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳ පිළිවෙළ සමරම්වයි කැමැති වේ නම් කරුණු ඇති වත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණෙයි.
සො සචෙ ආකඞ්ඛති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
“ඉදින් හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා වූ දිවැසින් … කම් වූ පරිදි පිළිසඳට යන සත්ත්වයන් දන්නෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇති වත් ම එ එ වෙසෙස්හි ප්රත්යක්ෂ භාවයට පැමිණෙයි.
සො සචෙ ආකඞ්ඛති “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙති.
“හේ ඉදින් ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙම්වා”යි කැමැති වේ නම් කරුණු ඇති ඇතිවත් මැ ඒ ඒ වෙසෙස්හි පසක් බවට පැමිණේ.