යෙදුමෙන් කියවන්න

නිබ‍්බානසුඛ සුත‍්තං

9. 1. 4. 3.

9. 1. 4. 3.

නිබ‍්බානසුඛ සුත‍්තං

නිබ්බානසුඛ සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං ආයස‍්මා සාරිපුත‍්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ, තත්‍ර ඛො ආයස‍්මා සාරිපුත‍්තො භික‍්ඛු ආමන‍්තෙසි ආවුසො භික‍්ඛවොති. ආවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච: සුඛමිදං ආවුසො නිබ‍්බානං සුඛමිදං ආවුසො, නිබ‍්බානන‍්ති.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහ නුවර වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වාසය කෙරෙත්. එකල්හි ඇවැත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’ යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’ යී ඒ මහණහු ඇවැත් සැරියුත් තෙරුනට පිළිවදන් ඇස් වූහ. ඇවැත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ. “ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ යි, ඇවැත්නි, මේ නිර්‍වාණය සුඛ”යි.

එවං වුත‍්තෙ ආයස‍්මා උදායී ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: කිං පනෙත්‍ථ ආවුසො සාරිපුත‍්ත සුඛං යදෙත්‍ථ නත්‍ථි වෙදයිතන‍්ති? එතදෙව ඛොත්‍ථ ආවුසො සුඛං, යදෙත්‍ථ නත්‍ථි වෙදයිතං.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කීහ: “ඇවැත්නි ශාරිපුත්‍රය, යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, එහි කවර සුඛයෙක් දැ”යි. “ඇවැත්නි, ඉදින් යම් තැනෙක වේදයිතයෙක් නැද්ද, තෙල ම සුඛ වේ”යි.

පඤ‍්චිමෙ ආවුසො කාමගුණා, කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආවුසො පඤ‍්චකාමගුණා, යං ඛො ආවුසො ඉමෙ පඤ‍්චකාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං. ඉදං වුච‍්චතාවුසො කාමසුඛං.

ඇවැත්නි, මෙ කාමගුණ පසෙක් වෙයි, කවර පසක යත් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපහ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දහ … ඝ්‍රාණවිඥේය ගන්‍ධහ … ජිහ්වාවිඥේය රස හ. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ රජනීය වූ ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යහ. ඇවැත්නි, මේ පඤ්චකාමගුණ යි. ඇවැත්නි, මේ පස්කම් ගුණනිසා යම් බඳු සුඛයෙක් සෞමනස්සයෙක් උපදනේ ද, ඇවැත්නි, මේ කාමසුඛ යි.

1. ඉධාවුසො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්ස චෙ ආවුසො භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය, යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස තෙ කාමසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති ස‍්වාස‍්ස හොති ආබාධො, යො ඛො පනාවුසො ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්‍ය්‍යායෙනුදු නිර්‍වාණය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.

2. පුන චපරං ආවුසො භික‍්ඛු විතක‍්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්ස චෙ ආවුසො, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස තෙ විතක‍්කසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

2. ඇවැත්නි, තව ද මහණ විතර්‍ක විචාරයන්ගෙන් ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන ඒ මහණහට විතර්‍ක සහගත සංඥාමනසිකාරයෝ ඉදින් පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට යම් සේ හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එපරිදි ම ඕහට ඒ විතර්‍කසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ කාරණයෙනුදු තෙල නිර්‍වාණය සුඛ වූ පරිදි දතයුතු යි.

3. පුන චපරං ආවුසො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්ස තෙ ආවුසො භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස තෙ පීතිසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

3. තවද ඇවැත්නි, මහණ ප්‍රීතිහුගේ විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ඒ ප්‍රීතිසහගත සංඥාමනසිකාරයෝ උපදනාහ. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ප්‍රීතිසහගතසංඥාමනසිකාරයෝ උපදිත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙපරිද්දෙනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.

4. පුන චපරං ආවුසො, භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්ස චෙ ආවුසො, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො උපෙක‍්ඛා සහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස තෙ උපෙක‍්ඛා සහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

4. ඇවැත්නි, තව ද මහණ සුඛප්‍රහාණයෙනුදු දුක්ඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ උපදනාහු නම් ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට උපේක්‍ෂාසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දතයුතු.

5. පුන චපරං ආවුසො භික‍්ඛු රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්ස චෙ ආවුසො, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො, සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමෙවස‍්ස තෙ රූපසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

5. තව ද ඇවැත්නි, මහණ රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන එ මහණහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට රූපසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය දුඛ පරිදි දතයුතු.

6. පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්ස චෙ ආවුසො භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ‍්චායතනසහගතා සඤ‍්ඤා මනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය, එවමස‍්ස තෙ ආකාසානඤ‍්චායතනසහගතා සඤ‍්ඤා මනසිකාරා සමුදාචරන‍්ති. ස‍්වාස‍්ස හොති ආබාධො, යො ඛො පනාවුසො ආබාධො, දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං යථා සුඛං නිබ‍්බානන‍්ති.

6. ඇවැත්නි, තවද මහණ හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනය උපයා වෙසෙයි. ඇවැත්නි, ඉදින් මේ විහාරයෙන් වාස කරන ඒ මහණහට ආකාසානඤ්චායතන සහගත මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධ පිණිස ම දුක් උපදනේ ද, එපරිදි ඔහුගේ ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිර්‍වාණය සුඛ පරිදි දත යුතු.

7. පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්ස චෙ ආවුසො, භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විඤ‍්ඤාණඤ‍්චායතන සහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො, සුඛිනො දුක‍්ඛා උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස තෙ විඤ‍්ඤාණඤ‍්චායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

7. තවද ඇවැත්නි, මහණ හැම පරිදි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහාරයෙන් වාසය කරන එ මහණහට විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ ද, එ පරිදි ම ඕහට එ විඤ්ඤාණඤ්චායතන සංඥා මනසිකාරයෝ පහළ වෙත්. එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ ද, තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මේ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.

8. පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතිකම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. තස‍්ස චෙ ආවුසො භික‍්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකිඤ‍්චඤ‍්ඤායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. සෙය්‍යථාපි ආවුසො සුඛිනො දුක‍්ඛං උප‍්පජ‍්ජෙය්‍ය යාවදෙව ආබාධාය. එවමෙවස‍්ස තෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසහගතා සඤ‍්ඤාමනසිකාරා සමුදාචරන‍්ති, ස‍්වාස‍්ස හොති ආබාධො. යො ඛො පනාවුසො ආබාධො, දුක‍්ඛමෙතං වුත‍්තං භගවතා. ඉමිනාපි ඛො එතං ආවුසො, පරියායෙන වෙදිතබ‍්බං යථාසුඛං නිබ‍්බානන‍්ති.

8. ඇවැත්නි, තවද මහණ සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. ඇවැන්ති, ඉදින් මේ විහාරයෙන් වාසය කරන එ මහණහට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පහළ වෙත් නම් එ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යම් පරිදි සුව ඇතියහුට හුදෙක් ආබාධය පිණිස ම දුක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත්. ඒ ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල දුකැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඇවැත්නි, මෙ අයුරිනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.

9. පුන චපරං ආවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති, පඤ‍්ඤායං චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. ඉමිනාපි ඛො එතං ආවුසො පරියායෙන වෙදිතබ‍්බං යථා සුඛං නිබ‍්බානන‍්ති.

9. තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. ප්‍රඥායෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ ද වෙත්. මෙ කරුණෙනුදු තෙල නිවන සුව පරිදි දත යුතු.