යෙදුමෙන් කියවන්න

අනුපුබ‍්බවිහාරසමාපත‍්ති සුත‍්තං

9. 1. 4. 2.

9. 1. 4. 2.

අනුපුබ‍්බවිහාරසමාපත‍්ති සුත‍්තං

අනුපුබ්බවිහාර සමාපත්ති සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නව ඉමා භික‍්ඛවෙ, අනුපුබ‍්බවිහාරසමාපත‍්තියො දෙසෙස‍්සාමි. තං සුණාථ -පෙ- කතමා ච භික‍්ඛවෙ, නව අනුපුබ‍්බවිහාර සමාපත‍්තියො:

මහණෙනි, මේ නවානුපූර්‍වවිහාරසමාපත්තීන් දෙසමි. එය අසවු … මහණෙනි, අනුපූර්‍ව විහාර සමාපත්තීහු නවදෙන කවරහු ද යත්:

1. යත්‍ථ කාමා නිරුජ‍්ඣන‍්ති, යෙ ච කාමෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා, පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. ‘කත්‍ථ කාමා නිරුජ‍්ඣන‍්ති, කෙ ච කාමෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති: අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමී’ති ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො:

1. යම් තැනෙක් හි කාමයෝ නිරුද්ධ වෙත් ද, යම්කෙනෙක් කාමයන් පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු ඒ අංගයෙන් (තෘෂ්ණාදෘෂ්ටි ක්‍ෂුධා නැතියෙන්) නිච්ඡාතයහ. (ඇතුළත තවන කෙලෙසුන් නැතියෙන්) නිබ්බුතය හ. (කාමතණ්හා නැතියෙන්) තිත්තණ්හයහ. (කාමයෙහි පරතෙරට ගියෙන්) පාරගතයහ යි කියමි. කාමයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවුරු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් ද: මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි යමෙක් මෙසේ කියා නම්, හේ මෙසේ කිය යුතු වන්නේ ය:

‘ඉධාවුසො, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ කාමා නිරුජ‍්ඣන‍්ති, තෙ ච කාමෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තීති. අද‍්ධා භික‍්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම … ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. මෙහි කාමයෝ නිරුද්ධ වෙත්, ඔහු දු කාමයන් පුන පුනා නිරුද්ධ කොට වාස කෙරෙත් යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට වඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

2. යත්‍ථ විතක‍්කවිචාරා නිරුජ‍්ඣන‍්ති, යෙ ච විතක‍්කවිචාරෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. කත්‍ථ විතක‍්කවිචාරා නිරුජ‍්ඣන‍්ති. කෙ ච විතක‍්කවිචාරෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති? අහමෙතං න ජානාමි අහමෙතං න පස‍්සාමීති. ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: “ඉධාවුසො, භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ විතක‍්කවිචාරා නිරුජ‍්ඣන‍්ති, තෙ ච විතක‍්කවිචාරෙ නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තීති. අද‍්ධා භික‍්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

2. යම් තැනෙක් හි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක් විතර්‍කවිචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් (තණ්හා දිට්ඨි නමැති සාගිනි නැතියෙන්) නිච්ඡාතය හ. (ඇතුළත තවන කෙලෙස් නැතියෙන්) නිබ්බුතයහ, (කාම තණ්හා නැතියෙන්) තිත්තණ්හයහ, පාරගතයහ, (කාමයෙහි පරතෙරට ගියහ)යි කියමි. විතර්‍ක විචාරයෝ කොහි නිරුද්ධ වෙත් ද, කවරහු විතර්‍ක විචාරයන් පුනපුනා නිරුද්ධ කොට වාසය කරත් ද, ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම්, හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි විතර්‍ක විචාරයෝ නිරුද්ධ වෙත්, ඔහු ද විතර්‍ක විචාරයන් පුන පුනා නිරුද්ධ කොට වාසය කරත්ය’යි. මහණෙනි, එකැතින් අශඨවූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්ගේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

3. යත්‍ථ පීති නිරුජ‍්ඣති, යෙ ච පීතිං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. කත්‍ථ පීති නිරුජ‍්ඣති: කෙ ච පීතිං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තීති: අහමෙතං න ජානාමි. අහමෙතං න පස‍්සාමීති. ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: ඉධාවුසො, භික‍්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ පීති නිරුජ‍්ඣති, තං ච පීතිං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තීති. අද‍්ධා භික‍්ඛවෙ,අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

3. යම් තැනෙක ප්‍රීතිය නිරුද්ධ වේ නම් යම් කෙනෙකුත් ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාස කරත් නම් එකැතින් ඒ ආයුෂ්මත් හු ඒ අඞ්ගයෙන් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි ප්‍රීතිය නිරුද්ධ වේ ද? කවරහු ප්‍රීතිය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? යි. මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වෙයි: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීය ධ්‍යානයට එළැඔ වාස කරයි. මෙහි ප්‍රීතිය නිරුද්ධ වෙයි. ඔහුත් පුන පුනා ප්‍රීතිය නිරුද්ධ කොට වාසය කරතැයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’ යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමොවන්නේ ය. ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

4. යත්‍ථ උපෙඛාසුඛං නිරුජ‍්ඣති, යෙ ච උපෙඛාසුඛං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. “කත්‍ථ උපෙඛාසුඛං නිරුජ‍්ඣති, කෙ ච උපෙක‍්ඛාසුඛං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති? අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමීති ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: “ඉධාවුසො, භික‍්ඛු සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ උපෙඛාසුඛං නිරුජ‍්ඣති, තෙ ච උපෙඛාසුඛං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තී”ති. අද‍්ධා භික‍්ඛවෙ, අසඨො අමායාවී ‘සාධු’ති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, ‘සාධූ’ති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

4. යම් තැනෙක උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද, යම් කෙනෙකුත් උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු ඒ කරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හය හ, පාරඞ්ගතයහ යි කියමි. කොහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වේ ද? කවරහු උපේක්‍ෂා පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සුඛ ප්‍රහාණයෙන් ද දුක්ඛ ප්‍රහාණයෙන් ද … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරයි. මෙහි උපේක්‍ෂා සුඛය නිරුද්ධ වෙයි. ඔහු ද උපේක්‍ෂා සුඛය පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි එකතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේය, අනුමෝදන් කොට ගන්නේය. සාධුයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳිනුයේ බඳැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

5. යත්‍ථ රූපසඤ‍්ඤා නිරුජ‍්ඣන‍්ති, යෙ ච රූපසඤ‍්ඤා නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි, “කත්‍ථ රූපසඤ‍්ඤා නිරුජ‍්ඣන‍්ති, කෙ ච රූපසඤ‍්ඤා නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමී”ති. ඉති යො එවං වදෙය්‍ය සො එවමස‍්ස වචනීයො: “ඉධාවුසො, භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ රූපසඤ‍්ඤා නිරුජ‍්ඣන‍්ති.

5. යම් තැනෙක රූපසංඥා නිරුද්ධ වෙත් ද, යම් කෙනෙක්හුදු රූප සංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද, එකතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, තිත්තණ්හයහ, පාරගතයහ යි කියමි. කොහි රූපසංඥා හු නිරුද්ධ වෙත් ද? කවරහු රූපසංඥාවන් පුන පුනා නිරුද්ධ කොට වාස කරත් ද? මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමණය කොට ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’යි ආකාසානඤ්චායතනයට එළැඹ වාස කරයි. මෙහි රූපසංඥා හු නිරුද්ධ වෙත්.

තෙ ව රූපසඤ‍්ඤා නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තීති. අද‍්ධා භික‍්ඛවෙ, අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

ඔහු ද රූපසංඥා පුන පුනා නිරුද්ධ කොට වාස කරති යි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කොට ගන්නේ ය, ‘සාධු’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බැදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේය.

6. යත්‍ථ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති. යෙ ච ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. “කත්‍ථ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, කෙ ච ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අහමෙතං න ජානාමි අහමෙතං න පස‍්සාමී”ති ඉති සො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: “ඉධාවුසො, භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති එත්‍ථ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති. තෙ ච ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා විහරන‍්තී”ති. අද‍්ධා භික‍්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

6. යම් තැනෙක් හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද, යම් කෙනෙකුදු ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හ ය, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් ආකාසානඤ්චායතනසංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් දැ?යි ‘මම් තෙල නො දන්මි, මම් තෙල නො දක්මි’යි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු ආකාසානඤ්චායතනය පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් යයි. මහණෙනි, එකැතින් අශඨ වූ අමායාවී තැනැත්තේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදන් කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමඳනේ බදැඳිලි වූයේ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

7. යත්‍ථ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, යෙ ච විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. “කත්‍ථ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, කෙ ච විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමීති යො එවං වදෙය්‍ය. සො එවමස‍්ස වචනීයො: ඉධාවුසො, භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති, එත්‍ථ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, තෙ ච විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තී”ති. අද‍්ධා භික‍්ඛවෙ අසඨො අමායාවී ‘සාධූ’ති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, ‘සාධූ’ති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

7. යම් තැනෙක විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද යම් කෙනෙකුදු විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහ යි කියමි. කොතන්හි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ ද? කවර කෙනෙක් විඤ්ඤාණඤ්චායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වාසය කරත් ද? තෙල මම් නො දන්මි. තෙල මම් නො දක්මියි, යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ “කිසිත් නැතැ”යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. එත්නහි විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු පුනපුනා විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ කොට වාස කෙරෙත් ය යි. මහණෙනි, එකැතින් අශඨ වූයේ අමායාවී වූයේ ‘මැනවැ’යි භාෂිතය සතුටින් පිළිගන්නේ ය. අනුමෝදනා කරන්නේ ය. ‘මැනැවැ’යි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කෙරෙයි.

8. යත්‍ථ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, යෙ ච ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. “කත්‍ථ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති?, කෙ ච ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමී’ති. ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: ‘ඉධාවුසො භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති, එත්‍ථ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, තෙ ච ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තී’ති. අද‍්ධා භික‍්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය අනුමොදෙය්‍ය, සාධූති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

8. යම් තැනෙක ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුත් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත් හු එකරුණින් නිච්ඡාතයහ, නිබ්බුතයහ, නිත්තණ්හයහ, පාරඞ්ගතයහයි කියමි. කොතන්හි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුන පුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නො දන්මි, තෙල මම් නො දක්මියි මෙසේ යමෙක් කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වෙසෙයි. මෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහු ද ආකිඤ්චඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත්”යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ භාෂිතය මැනැවැයි සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. භාෂිතය මැනැවැයි සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමඳනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ ය.

9. යත්‍ථ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති, යෙ ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති, අද‍්ධා තෙ ආයස‍්මන‍්තො නිච‍්ඡාතා නිබ‍්බුතා නිත‍්තණ‍්හා පාරගතා තදඞ‍්ගෙනාති වදාමි. “කත්‍ථ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති. කෙ ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්ති. අහමෙතං න ජානාමි, අහමෙතං න පස‍්සාමී”ති ඉති යො එවං වදෙය්‍ය, සො එවමස‍්ස වචනීයො: “ඉධාවුසො භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුජ‍්ඣති. තෙ ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤං නිරොධෙත්‍වා නිරොධෙත්‍වා විහරන‍්තී”ති. අද‍්ධා භික‍්ඛවෙ අසඨො අමායාවී සාධූති භාසිතං අභිනන්‍දෙය්‍ය, අනුමොදෙය්‍ය ‘සාධූ’ති භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා නමස‍්සමානො පඤ‍්ජලිකො පයිරුපාසෙය්‍ය.

9. යම් තැනෙක නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේද, යම් කෙනෙකුන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද, එකැතින් ඒ ආයුෂ්මත්හු එකරුණින් නිච්ඡාතය හ, නිබ්බුතය හ, නිත්තණ්හය හ, පාරඞ්ගතය හ යි කියමි. කොතන්හි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ ද, කවර කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙත් ද? තෙල මම් නොදන්මි, තෙල මම් නො දක්මියි යමෙක් මෙසේ කියා නම් හේ මෙසේ කිය යුතු වන්නේ ය: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. එත්නහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි. ඔහුදු නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව පුනපුනා නිරුද්ධ කොට වෙසෙති යි මහණෙනි, එකැතින් අසඨ වූයේ අමායාවී වූයේ මැනැවැයි භාෂිතය සතුටින් පිළිගන්නේ ය, අනුමෝදනා කරන්නේ ය. මැනැවැයි භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදනා කොට ගෙන නමදනේ බඳැඳිලි වැ පර්‍ය්‍යුපාසනා කරන්නේ යි.

ඉමා ඛො භික‍්ඛවෙ, නව අනුපුබ‍්බ විහාරසමාපත‍්තියොති.

මහණෙනි, මේ නව අනුපූර්‍ව විහාරසමාපත්තීහු යි.