අනුපුබ්බවිහාර සුත්තං
9. 1. 4. 1.
9. 1. 4. 1.
අනුපුබ්බවිහාර සුත්තං
අනුපුබ්බවිහාර සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නව ඉමෙ භික්ඛවෙ, අනුපුබ්බවිහාරා. කතමෙ නව:
මහණෙනි, මේ අනුපිළිවලින් සමවැදිය යුතු විහාරයෝ නව දෙනෙකි. කවර නව දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම සවිතර්ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් (ඉක්මවීමෙන්) අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ඇති චිත්තයාගේ එක අරමුණෙක්හි උදා වූ බව ඇති අවිතර්ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කෙරෙයි. ප්‍රීතිහුගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුක්ඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සෞම්යතස්ස දෞර්මනස්යයන්ගේ අස්තඞ්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්ෂාස්මෘති දෙකින් වූ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කෙරෙයි.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිමාකාසය අනන්තය’යි ආකාසානඤ්චායතනය ට එළැඹ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කෙරෙයි. සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කෙරෙයි.
ඉමෙ ඛො භික්ඛවෙ, නව අනුපුබ්බ විහාරාති.
මහණෙනි, මේ නවානුපූර්වවිහාර යෝ යි.