යෙදුමෙන් කියවන්න

අනුපුබ‍්බනිරොධ සුත‍්තං

9. 1. 3. 11.

9. 1. 3. 11.

අනුපුබ‍්බනිරොධ සුත‍්තං

අනුපුබ්බනිරෝධ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නව ඉමෙ භික‍්ඛවෙ අනුපුබ‍්බනිරොධා, කතමෙ නව

මහණෙනි, මේ අනුපූර්‍ව නිරෝධයෝ නවදෙනෙක. කවර නව දෙනෙක් යත්:

පඨමං ඣානං සමාපන‍්නස‍්ස කාමසඤ‍්ඤා නිරුද‍්ධා හොති. දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා නිරුද‍්ධා හොන‍්ති. තතියං ඣානං සමාපන‍්නස‍්ස පීති නිරුද‍්ධා හොති. චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අස‍්සාසපස‍්සාසා නිරුද‍්ධා හොන‍්ති. ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා නිරුද‍්ධා හොති. විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතන සඤ‍්ඤා නිරුද‍්ධා හොති, ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති. සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච නිරුද‍්ධා හොන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ නව අනුපුබ‍්බනිරොධාති.

ප්‍රථමධ්‍යානය සමවන්හට කාමසංඥා නිරුද්ධ වෙයි, ද්විතීය ධ්‍යාන සමවන්හට විතර්‍කවිචාරයෝ නිරුද්ධ වෙති, තෘතීය ධ්‍යාන සමවන්හට ප්‍රීතිය නිරුද්ධ වෙයි, චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්හට ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති, ආකාසානඤ්චායතන සමවන්හට රූපසංඥා නිරුද්ධ වෙයි, විඤ්ඤාණඤ්චායතන සමවන්හට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවන්හට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්හට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වෙයි, සඤ්ඤාවේදයිත නිරෝධ සමවන්හට සංඥා වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මොහු නව අනුපුබ්බ නිරෝධයෝ යි.

සත‍්තාවාසවග‍්ගො තතියො

තෙවැනි සත්තාවසා වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

ඨානබලුඞ‍්කා තණ‍්හා ච සත‍්තපඤ‍්ඤා සීලායුපො, ද‍්වෙ වෙරා ච ද‍්වෙ ආඝාතානි, අනුපුබ‍්බනිරොධෙන චාති.

ඨානසූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, තණ්හා (මූලක) සූත්‍රය, සත්තාවාස, පඤ්ඤාපරිචිත සූත්‍ර දෙකය, සිලායූප සූත්‍රය, වෙර සූත්‍ර දෙකෙක, ආඝාත සූත්‍ර දෙකෙක, අනුපුබ්බනිරෝධ සූත්‍රය දැයි මේ වර්‍ගයෙහි සූත්‍ර ඒකාදශයෙකි.