ආඝාතවත්ථු සුත්තං
9. 1. 3. 9.
9. 1. 3. 9.
ආඝාතවත්ථු සුත්තං
ආඝාතවත්ථු සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නව ඉමානි භික්ඛවෙ ආඝාතවත්ථූනි, කතමානි නව:
මහණෙනි, මේ ආඝාත වස්තූහු නව දෙනෙකි. කවර නවදෙනෙක යත්:
අනත්ථං මෙ අචරීති ආඝාතං බන්ධති. අනත්ථං මෙ චරතීති ආඝාතං බන්ධති, අනත්ථං මෙ චරිස්සතීති ආඝාතං බන්ධති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති. ඉමානි ඛො භික්ඛවෙ නව ආඝාතවත්ථූනීති.
මට අනර්ත්ථ කළහ යි කෝපය බඳනේ ය. මට අනර්ත්ථ කරති යි කෝපය බඳනේ ය. මට මතුයෙහි අනර්ත්ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මනවඩන ප්රියයාහට අනර්ත්ථ කළහ යි … අනර්ත්ථ කරති යි … මතුයෙහි දු අනර්ත්ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මන නො ගත් අප්රියයාහට අර්ත්ථ කළහ යි … අර්ත්ථ කරති යි … මතුයෙහි දු අර්ත්ථ කරති යි කෝපය බඳනේය. මහණෙනි, මොහු නව ආඝාතවස්තූහු යි.
9. 1. 3. 10.
9. 1. 3. 10.
ආඝාතපටිවිනය සුත්තං
ආඝාතපටිවිනය සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නව ඉමෙ භික්ඛවෙ ආඝාත පටිවිනයා, කතමෙ නව:
මහණෙනි, මේ ආඝාතප්රතිවිනයයෝ නම දෙනෙකි. කවර නව දෙනෙක් යත්:
අනත්ථං මෙ අචරි තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති, අනත්ථං මෙ චරති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති, අනත්ථං මෙ චරිස්සති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි -පෙ- අනත්ථං චරති -පෙ- අනත්ථං චරිස්සති තං කුතෙත්ථ ලබ්භාති ආඝාතං පටිවිනෙති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි -පෙ- අත්ථං චරති -පෙ- අත්ථං චරිස්සති. තං කුතෙත්ථ ලබ්භාති, ආඝාතං පටිවිනෙති, ඉමෙ ඛො භික්ඛවෙ නව ආඝාතපටිවිනයාති.
මට අනර්ත්ථ කෙළේ ය, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට අනර්ත්ථ කරයි. ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මට මතුයෙහි අනර්ත්ථ කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මනවඩනා ප්රියයාහට අනර්ත්ථයක් කෙළේය … අනර්ත්ථයක් කරයි .. අනර්ත්ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබිය හේ දැයි කෝපය සන්හිඳුවයි. මාගේ මන නො ගත් අප්රියයාහට අර්ත්ථයක් කෙළේය … අර්ත්ථයක් කරයි … අර්ත්ථයක් මතුයෙහි කරයි, ඒ (නහමක් වේවයි) තෙල පුඟුලා කෙරෙහි කිනම් කරුණින් ලැබියහේදැයි කෝපය සන්හිඳුවයි, මහණෙනි, මොහු නව ආඝාත පටිවිනයෝ ය.