යෙදුමෙන් කියවන්න

3. සත‍්තාවාසවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. සත්තාවාස වර්ගය

1. ඨාන සුත‍්තවණ‍්ණනා

1. ඨාන සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ උත‍්තරකුරුකාති උත‍්තරකුරුවාසිනො. අධිග‍්ගණ‍්හන‍්තීති අධිභවන‍්ති, අධිකා විසිට‍්ඨා ජෙට‍්ඨකා හොන‍්ති. අමමාති නිත‍්තණ‍්හා. අට‍්ඨකථායං පන නිද‍්දුක‍්ඛාති වුත‍්තං. අපරිග‍්ගහාති “ඉදං මය‍්හ”න‍්ති පරිග‍්ගහරහිතා. නියතායුකාති තෙසඤ‍්හි නිබද‍්ධං ආයු වස‍්සසහස‍්සමෙව, ගතිපි නිබද‍්ධා, තතො චවිත්‍වා සග‍්ගෙයෙව නිබ‍්බත‍්තන‍්ති. සතිමන‍්තොති දෙවතානඤ‍්හි එකන‍්තසුඛිතාය සති ථිරා න හොති, නෙරයිකානං එකන‍්තදුක‍්ඛිතාය. ඉමෙසං පන වොකිණ‍්ණසුඛදුක‍්ඛත‍්තා සති ථිරා හොති. ඉධ බ්‍රහ‍්මචරියවාසොති ජම‍්බුදීපෙ බුද‍්ධපච‍්චෙකබුද‍්ධානං උප‍්පජ‍්ජනතො අට‍්ඨඞ‍්ගිකමග‍්ගබ්‍රහ‍්මචරියවාසොපි ඉධෙව හොති.

තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි උත්තරකූරුකා යනු උතුරුකුරු දිවයින් වැසියෝයි, අධිගණ්හන්ති යනු ශ්‍රේෂ්ඨ වෙති, අධික විශිෂ්ට ජ්‍යෙෂ්ඨවූවෝ වෙත්. අමමා යනු තෘෂ්ණා නැත්තෝයි, අට්ඨකථාවෙහි දුක් නැත්තෝයි කියනලදි. අපරිග්ගහා යනු මෙය මගේ යයි සත්තකයන් නොමැත්තෝයි, නියතායුකා යනු ඔවුන්ගේ ආයුෂ නොවෙනස්ව පවතියි. අවුරුදු දහසක්මය. ගතිය ද නොවෙනස්ය. එයින් සැව ස්වර්‍ගයෙහිම උපදිත්. සතිමන්තො යනු දෙවියන්ගේ වනාහි එකාන්ත සැපවත් බැවින් සිහිය ස්ථිර නොවෙයි. නිරාසතුන්ගේ එකාන්ත දුක් ඇති බැවින් සිහිය අනිස්ථිරය. මොවුන්ගේ වනාහි මිශ්‍ර සුවදුක් බැවින් සිහිය ස්ථිර වෙයි. ඉධ බ්‍රහ්මචරියවාසො යනු දඹදිවෙහි බුදු පසේබුදුවරුන්ගේ පහළවීම ඇති බැවින් අෂ්ටාංගිකමාර්‍ග බ්‍රහ්මචරිය වාසය ද මෙහිම වෙයි.

2. ඛලුඞ‍්ක සුත‍්තවණ‍්ණනා

2. ඛලුඞ්කොපම සූත්‍ර වර්ණනාව

දුතියෙ ජවසම‍්පන‍්නොති පදජවෙන සම‍්පන‍්නො. න වණ‍්ණසම‍්පන‍්නොති න සරීරවණ‍්ණෙන සම‍්පන‍්නො. පුරිසඛළුඞ‍්කෙසු ජවසම‍්පන‍්නොති ඤාණජවෙන සම‍්පන‍්නො. න වණ‍්ණසම‍්පන‍්නොති න ගුණවණ‍්ණෙන සම‍්පන‍්නො. සෙසං පාළිනයෙනෙව වෙදිතබ‍්බං. යඤ‍්හෙත්‍ථ වත‍්තබ‍්බං සියා, තං තිකනිපාතවණ‍්ණනායං වුත‍්තමෙව.

දෙවැන්නෙහි ජවසම්පන්නො යනු පාජවයෙන් යුක්ත වූයේයි, න වණ්ණාසම්පන්නො යනු ශරීර වර්‍ණයෙන් යුක්ත නොවූයේයි, ශරීර ශක්තියෙන් හීන පුරුෂයන් කෙරෙහි “ජවසම්පන්නො” යනු ඥාන ජවයෙන් යුක්ත වූ තැනැත්තේයි, න වණ්ණසම්පන්නො යනු ගුණ වර්‍ණයෙන් යුක්ත නොවූයේයි, සෙස්ස පෙළ ක්‍රමයෙන්ම දතයුතුය. මෙහි යමක් කිවයුතු වන්නේද එය තික නිපාත වර්‍ණනාවෙහි කියන ලද්දේමය.

3. තණ‍්හා මූලක සුත‍්තවණ‍්ණනා

3. තණ්හාමූලක සූත්‍ර වර්ණනාව

තතියෙ තණ‍්හං පටිච‍්චාති ද‍්වෙ තණ‍්හා එසනතණ‍්හා එසිතතණ‍්හා ච. යාය තණ‍්හාය අජපථසඞ‍්කුපථාදීනි පටිපජ‍්ජිත්‍වා භොගෙ එසති ගවෙසති, අයං එසනතණ‍්හා නාම. යා තෙසු එසිතෙසු ගවෙසිතෙසු පටිලද‍්ධෙසු තණ‍්හා, අයං එසිතතණ‍්හා නාම. ඉධ පන එසනතණ‍්හා දට‍්ඨබ‍්බා. පරියෙසනාති රූපාදිආරම‍්මණපරියෙසනා. සා හි එසනතණ‍්හාය සති හොති. ලාභොති රූපාදිආරම‍්මණපටිලාභො. සො හි පරියෙසනාය සති හොති.

තෙවැන්නෙහි තණ්හං පටිච්ච යනු එසන (අපේක්‍ෂා කරන) තෘෂ්ණාව හා එසිත (අපේක්ෂා කළ) තෘෂ්ණාව යයි තෘෂ්ණා දෙකෙකි. යම් තෘෂ්ණාවකින් එඑමං ලීහුල් ආදියේ උදව්වෙන් යායුතු මං ආදියට එළඹ භොගයන් සොයයිද පරීක්ෂාකරයිද මෙය එසනතණ්හා නමි. ඒ කියන ලද සොයාගන්නා ලද පරීක්ෂා කරනලද ලබනලද දෙයෙහි යම් තාෂ්ණාවක් වේද එය එසිත තණ්හා නමි. මෙහි වනාහි එසන තණ්හාව දැක්විය යුතුයි. පරියෙසනා යනු රූපාදී අරමුණු සෙවීමයි. එය එසන තෘෂ්ණාව ඇතිවිට වෙයි.

විනිච‍්ඡයො පන ඤාණතණ‍්හාදිට‍්ඨිවිතක‍්කවසෙන චතුබ‍්බිධො. තත්‍ථ “සුඛවිනිච‍්ඡයං ජඤ‍්ඤා, සුඛවිනිච‍්ඡයං ඤත්‍වා අජ‍්ඣත‍්තං සුඛමනුයුඤ‍්ජෙය්‍යා”ති (ම· නි· 3.323) අයං ඤාණවිනිච‍්ඡයො. “විනිච‍්ඡයාති ද‍්වෙ විනිච‍්ඡයා තණ‍්හාවිනිච‍්ඡයො ච දිට‍්ඨිවිනිච‍්ඡයො චා”ති (මහානි· 102) එවං ආගතානි අට‍්ඨසතතණ‍්හාවිචරිතානි තණ‍්හාවිනිච‍්ඡයො. ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨිවිනිච‍්ඡයො. “ඡන්‍දො ඛො, දෙවානමින්‍ද, විතක‍්කනිදානො”ති (දී· නි· 2.358) ඉමස‍්මිං පන සුත‍්තෙ ඉධ විනිච‍්ඡයොති වුත‍්තො විතක‍්කොයෙව ආගතො. ලාභං ලභිත්‍වා හි ඉට‍්ඨානිට‍්ඨං සුන්‍දරාසුන්‍දරං විතක‍්කෙනෙව විනිච‍්ඡිනන‍්ති “එත‍්තකං මෙ රූපාරම‍්මණත්‍ථාය භවිස‍්සති, එත‍්තකං සද‍්ධාරම‍්මණත්‍ථාය, එත‍්තකං මය‍්හං භවිස‍්සති, එත‍්තකං පරස‍්ස, එත‍්තකං පරිභුඤ‍්ජිස‍්සාමි, එත‍්තකං නිදහිස‍්සාමී”ති. තෙන වුත‍්තං – ලාභං පටිච‍්ච විනිච‍්ඡයොති.

විස්තර විනිශ්චය වනාහි ඥාන තෘෂ්ණා දෘෂ්ටි විතර්‍ක වශයෙන් සතර වැදෑරුම්ය. එහි සුඛවිනිච්ඡයං ඡඤ්ඤ යනු සුඛවිනිශ්චය දැනයි. අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්‍ය යනු මෙය ඥාන විනිශ්චයයි. මිනිසා යනු තෘෂ්ණා විනිශ්චය දෘෂ්ටි විනිශ්චයයි විනිශ්චය දෙකෙකියි මෙසේ ආවාවූ අටසියයක් තෘෂ්ණාවිචරිතයෝ තෘෂ්ණා විනිශ්චයයි. දෙසැටක් දෘෂ්ටීහු දෘෂ්ටි විනිශ්චයයි. ඡන්‍දො ඛො දෙවානමින්‍ද විතක්කනිදානො යන මේ සූත්‍රයෙහි මෙහි විනිච්ඡයයි කියනලද විතර්‍කයම ආයේයි. ලාභයක් ලැබ ඉෂ්ටානිෂ්ටය සුන්‍දරාසුන්දරය විතර්‍කයෙන්ම විනිශ්චය කරන ලදැයි යනු මෙපමණක් මගේ රූපාරම්මණය සඳහාය. මෙපමණක් මට වන්නේය, මෙපමණක් අනුන්ටය, මෙපමණක් පරිභොග කරමි. මෙපමණක් තැන්පත් කරමි. (යනුවෙන් විතර්‍කනය කිරීමයි.) ලාභං පටිච්ච විනිච්ඡයො යි. එහෙයින් කියන ලදි.

ඡන්‍දරාගොති එවං අකුසලවිතක‍්කෙන විතක‍්කිතෙ වත්‍ථුස‍්මිං දුබ‍්බලරාගො ච බලවරාගො ච උප‍්පජ‍්ජති. ඉදඤ‍්හි ඉධ ඡන්‍දොති දුබ‍්බලරාගස‍්සාධිවචනං. අජ‍්ඣොසානන‍්ති අහං මමන‍්ති බලවසන‍්නිට‍්ඨානං. පරිග‍්ගහොති තණ‍්හාදිට‍්ඨිවසෙන පරිග‍්ගහකරණං. මච‍්ඡරියන‍්ති පරෙහි සාධාරණභාවස‍්ස අසහනතා. තෙනෙවස‍්ස පොරාණා එවං වචනත්‍ථං වදන‍්ති – “ඉදං අච‍්ඡරියං මය‍්හමෙව හොතු, මා අඤ‍්ඤස‍්ස අච‍්ඡරියං හොතූති පවත‍්තත‍්තා මච‍්ඡරියන‍්ති වුච‍්චතී”ති. ආරක‍්ඛොති ද‍්වාරපිදහනමඤ‍්ජූසාගොපනාදිවසෙන සුට‍්ඨු රක‍්ඛනං. අධිකරොතීති අධිකරණං, කාරණස‍්සෙතං නාමං. ආරක‍්ඛාධිකරණන‍්ති භාවනපුංසකං, ආරක‍්ඛාහෙතූති අත්‍ථො. දණ‍්ඩාදානාදීසු පරනිසෙධනත්‍ථං දණ‍්ඩස‍්ස ආදානං දණ‍්ඩාදානං. එකතො ධාරාදිනො සත්‍ථස‍්ස ආදානං සත්‍ථාදානං. කලහොති කායකලහොපි වාචාකලහොපි. පුරිමො විග‍්ගහො, පච‍්ඡිමො විවාදො (දී· නි· අට‍්ඨ· 2.103). තුවංතුවන‍්ති අගාරවවසෙන තුවංතුවංවචනං.

ඡන්‍දරාගො යනු මෙසේ අකුශල විතර්‍කයෙන් විතර්‍කනය කරන ලද වස්තුවෙහි දුබල රාගය ද බලවත් රාගය ද උපදියි. මෙහි මේ ඡන්‍දය යනු දුර්‍වල රාගයට නමකි. අජ්ඣෙසානං යනු මමය මගේ යයි බලවත් සනිටුහන් කිරීමයි. පරිග්ගහො යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් දැඩිව ගැනීමයි, මච්ඡරියං යනු අනුන් සමඟ සාධාරණභාවය නොඉවසීමයි. එහෙයින්ම මෙයට පැරැන්නෝ මේ ආශ්චර්‍ය්‍යය මටම වේවා! ආශ්චර්‍ය්‍යය අනෙකෙකුට නොවේවායි පැවැති දෙය මච්ඡරිය යැයි මෙබඳු වචනාර්‍ත්‍ථයක් කියති. ආරක්ඛා යනු දොරවැසීම් මඤ්ජුසාවෙහි සුරැකීමේ ආදි වශයෙන් මනාව රැකීමයි. දැඩි කරයිනුයි අධිකරණං නමි. කාරණයට මේ නමෙකි. ආරක්ඛාධිකරණං යනු භාවකාරක නපුංසක ලිංගික පදයකි. ආරක්‍ෂාහේතුව යන අරුතයි. දණ්ඩාදානාදියෙහි ප්‍රතිශෙධනය (වැළැක්වීම) සඳහා දඬු ගැනීම දණ්ඩාදානං නමි. එක්පසෙක මුවහත ඇති ආදි වශයෙන් වූ අවි ගැනීම සත්‍ථාදානං නමි. කලහො යනු කාය කලහය ද වාචාකලහය ද වේ. පළමුවැන්න විග්ගහො නමි. අන්තිමය විවාදො නමි. තුවං තුවං යනු අගෞරව වශයෙන් තුවං තුවං යන වචනය වේ.

4. සත‍්තාවාස සුත‍්තවණ‍්ණනා

4. සත්තාවාස සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සත‍්තාවාසාති සත‍්තානං ආවාසා, වසනට‍්ඨානානීති අත්‍ථො. තත්‍ථ සුද‍්ධාවාසාපි සත‍්තාවාසොව, අසබ‍්බකාලිකත‍්තා පන න ගහිතා. සුද‍්ධාවාසා හි බුද‍්ධානං ඛන්‍ධාවාරට‍්ඨානසදිසා, අසඞ‍්ඛෙය්‍යකප‍්පෙ බුද‍්ධෙසු අනිබ‍්බත‍්තෙසු තං ඨානං සුඤ‍්ඤං හොති. ඉති අසබ‍්බකාලිකත‍්තා න ගහිතා. සෙසමෙත්‍ථ විඤ‍්ඤාණට‍්ඨිතීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

සිවුවැන්නෙහි සත්තාවාසා යනු සත්ත්වයන්ගේ ආවාසයෝයි. වසන තැන් යන අරුත්ය. එහි සුද්ධාවසයෝ ද සත්වාවාසයක්මය. සදාකාලික නොවන බැවින් නොගන්නා ලදහ. සත්වාවාසයෝ වනාහි බුදුවරුන්ගේ කඳවුරු තුන් සමාන වෙති. අසංඛ්‍ය කල්පයන්හි බුදුවරුන් නොපහළවන කල්හි ඒ ස්ථානය ශුන්‍ය වෙයි. මෙසේ සදාකාලයෙහිම නොපවත්නා බැවින් නොගන්නා ලදහ. මෙහි සෙස්ස විඤ්ඤාණට්ඨිතීන්හි කියනලද ක්‍රමයෙන් දතයුතුය.

5. පඤ‍්ඤාපරිචිත සුත‍්තවණ‍්ණනා

5. පඤ්ඤාපරිචිත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ යතොති යස‍්මිං කාලෙ. සුපරිචිතං හොතීති සුට‍්ඨු උපචිතං සුවඩ‍්ඪිතං හොති. කල‍්ලං වචනායාති යුත‍්තං වත‍්තුං. වීතරාගන‍්ති විගතරාගං. අසරාගධම‍්මන‍්ති න සරජ‍්ජනසභාවං. අනාවත‍්තිධම‍්මන‍්ති අනාවත‍්තනසභාවං අනිබ‍්බත‍්තාරහං, අප‍්පටිසන්‍ධිකභාවෙනෙව නිරුජ‍්ඣනසභාවන‍්ති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙ ඛීණාසවොව කථිතො.

පස්වැන්නෙහි යතො යනු යම් කලෙක්හියි, සුපරිචිතං හොති යනු මනාව රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. කලලං වචනාය යනු කීමට සුදුසුය, වීතරාගං යනු පහවූ රාග ඇත්තේයි, අසාරාගධම්මං යනු නො ඇලෙන ස්වභාවයයි, අනාවත්තිධම්මං නොකැරකෙන ස්වභාවයයි, නොඉපදීමට සුදුසුවූයි, ප්‍රතිසන්ධිරහිත බවින් නිරුද්ධවන ස්වභාවයයි අර්‍ත්‍ථයයි. මේ සූත්‍රයෙහි ක්ෂීණාශ්‍රවයාම කියන ලදි.

6. සිලායූපොපම සුත‍්තවණ‍්ණනා

6. සිලායූපොම සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ චන්‍දිකාපුත‍්තොති මාතු නාමවසෙන පඤ‍්ඤාතො චන්‍දිකාපුත‍්තත්‍ථෙරො. චෙතසා චිත‍්තං හොතීති චිත‍්තවාරපරියායෙන චිත‍්තවාරපරියායො චිතො වඩ‍්ඪිතො හොති. චෙතසා චිත‍්තං සුපරිචිතන‍්ති චිත‍්තවාරපරියායෙන චිත‍්තවාරපරියායො උපරූපරි සුචිතො සුවඩ‍්ඪිතො හොති. නෙවස‍්ස චිත‍්තං පරියාදියන‍්තීති තානි ආරම‍්මණානි තස‍්ස ඛීණාසවස‍්ස චිත‍්තුප‍්පාදං ගහෙත්‍වා ඛෙපෙත්‍වා ඨාතුං න සක‍්කොන‍්ති. අමිස‍්සීකතන‍්ති තානි ආරම‍්මණානි අනල‍්ලීනත‍්තා තෙහි අමිස‍්සීකතං. ආනෙඤ‍්ජප‍්පත‍්තන‍්ති අනිඤ‍්ජනභාවං නිප‍්ඵන්‍දනභාවං පත‍්තං.

සවැන්නෙහි චන්‍දිකාපුත්තො යන මවගේ නම් වශයෙන් ප්‍රසිද්ධ වූ චන්‍දිකාපුත්ත තෙරුන් වහන්සේයි, චෙතසා චිත්තං පරිචිතං හොති යනු සිත් හැසිරීම් ක්‍රමයෙන් සිත් හැසිරීමේ ක්‍රමය රැස්කරන ලද්දේ වඩන ලද්දේ වෙයි. චෙතසා චිත්තසුපරිචිතං යනු සිත් හැසිරීමේ ක්‍රමයෙන් සිත් හැසිරීමේ ක්‍රමය මතු මත්තෙහි රැස්කරන ලද්දේ මනාව වඩන ලද්දේ වෙයි. නෙවස්ස චිත්තං පරියාදියන්ති යනු ඒ අරමුණු ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේ සිත ඉපදීම ගෙන ගෙවා සිටින්නට නොහැකිවෙයි. අමිස්සීකතං යනු ඒ අරමුණු නොඇලෙන බැවින් ඒවා සමඟ මුසුනොවීය. ආනෙජ්ජප්පත්තං යනු නොසැලෙන බවට, නොසෙල්වෙන බවට පත්විය.

සිලායූපොති සිලාථම‍්භො. සොළසකුක‍්කුකොති දීඝතො සොළසහත්‍ථො. හෙට‍්ඨානෙමඞ‍්ගමාති ආවාටස‍්ස හෙට‍්ඨාගතා. උපරි නෙමස‍්සාති උපරි ආවාටස‍්ස. සුනිඛාතත‍්තාති අයමුසලෙහි කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා සුට‍්ඨු නිඛාතත‍්තා. එවමෙව ඛොති එත්‍ථ සිලායූපො විය ඛීණාසවො දට‍්ඨබ‍්බො, මහාවාතා විය ඡසු ද‍්වාරෙසු උප‍්පජ‍්ජනකා කිලෙසා, චතූහි දිසාහි ආගන‍්ත්‍වා වාතානං සිලායූපං චාලෙතුං අසමත්‍ථභාවො විය ඡසු ද‍්වාරෙසු උප‍්පජ‍්ජනකකිලෙසානං ඛීණාසවස‍්ස චිත‍්තං චාලෙතුං අසමත්‍ථභාවො වෙදිතබ‍්බො. ඉමස‍්මිම‍්පි සුත‍්තෙ ඛීණාසවොව කථිතො.

සීලායුපො යනු ගල් කණුවයි, සොළසකුක්කුකො යනු දිගින් සොළොස් රියනකි. හෙට්ඨා නෙමඞ්ගමා යනු ආවාටයේ යටට ගියේයි, උපරිනෙමස්ස යනු ද සුඛනිඛාතත්තා යනු ද යකඩ මොහොල්වලින් කොට-කොට මනාව කණින ලද බැවින්, එවමෙව ඛො යනු මෙහි ගල්කණුව මෙන් රහතන් වහන්සේ දැක්විය යුතුය. මහාවාතයන් මෙන් සදොරෙහි උපදින කෙලෙස්ය. සිවුදිගින් අවුත් වාතයන්ට ගල්කුළුණ සෙලවීමට නොහැකි බව මෙන් සදොරෙහි උපදින කෙලෙසුන්ට රහතන් වහන්සේගේ සිත සෙලවීමට අසමත්බව දතයුතුය. මේ සූත්‍රයෙහි රහතන් වහන්සේවම කියනලදි.

7-8. පඨමවෙරභය සුත‍්තාදිවණ‍්ණනා

7-8. පඨමවෙරභය ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ භයං වෙරං පසවතීති චිත‍්තුත්‍රාසභයඤ‍්ච පුග‍්ගලවෙරඤ‍්ච පටිලභති. චෙතසිකන‍්ති චිත‍්තනිස‍්සිතං. දුක‍්ඛන‍්ති කායවත්‍ථුකං. දොමනස‍්සන‍්ති පටිඝසම‍්පයුත‍්තදුක‍්ඛං. ඉමස‍්මිං සුත‍්තෙ සොතාපත‍්තිමග‍්ගො කථිතො. අට‍්ඨමං භික‍්ඛුසඞ‍්ඝස‍්ස කථිතං, ඉමස‍්මිං පන සොතාපන‍්නොව කථිතොති වුත‍්තං.

සත්වැන්නෙහි භයං වෙරං පසවති යනු සිතගැහෙන බිය ද පුද්ගල වෛරය ද ලබයි, චෙතසිකං යනු සිත ඇසුරු කොට ඇත්තේයි, දුක්ඛං යනු කායවස්තුක (දුකයි), දොමනස්සං යනු ප්‍රතිඝයෙන් (තරහෙන්) යුත් දුකයි, මේ සූත්‍රයෙහි සෝවාන් මාර්‍ගය කියනලදි, අටවැන්න භික්ෂු සඞ්ඝයාට කියනලදි, මෙහි වනාහි සෝවාන් වූ තැනැත්තාම කියනලදැයි කියනලදි.

9. ආඝාතවත්‍ථු සුත‍්තවණ‍්ණනා

9. ආඝාතවත්ථු සූත්‍ර වර්ණනාව

නවමෙ ආඝාතවත්‍ථූනීති ආඝාතකාරණානි. ආඝාතං බන්‍ධතීති කොපං බන්‍ධති උප‍්පාදෙති.

නවවැන්නෙහි ආඝාතවත්‍ථුනි යනු ආඝාතයට කරුණුයි, ආඝාතං බන්‍ධති යනු කෝපය බඳියි, කරයි, උපදවයි.

10. ආඝාතපටිවිනය සුත‍්තවණ‍්ණනා

10. ආඝාතපටිවිනය සූත්‍ර වර්ණනාව

දසමෙ ආඝාතපටිවිනයාති ආඝාතස‍්ස පටිවිනයකාරණානි. තං කුතෙත්‍ථ ලබ‍්භාති “තං අනත්‍ථචරණං මා අහොසී”ති එතස‍්මිං පුග‍්ගලෙ කුතො ලබ‍්භා, කෙන කාරණෙන සක‍්කා ලද‍්ධුං, “පරො නාම පරස‍්ස අත‍්තනො චිත‍්තරුචියා අනත්‍ථං කරොතී”ති එවං චින‍්තෙත්‍වා ආඝාතං පටිවිනෙති. අථ වා සචාහං කොපං කරෙය්‍යං, තං කොපකරණං එත්‍ථ පුග‍්ගලෙ කුතො ලබ‍්භා, කෙන කාරණෙන ලද‍්ධබ‍්බන‍්ති අත්‍ථො. කුතො ලාභාතිපි පාඨො. සචාහං එත්‍ථ කොපං කරෙය්‍යං, තස‍්මිං මෙ කොපකරණෙ කුතො ලාභා ලාභා, නාම කෙ සියුන‍්ති අත්‍ථො. ඉමස‍්මිඤ‍්ච අත්‍ථෙ තන‍්ති නිපාතමත‍්තමෙව හොති.

දසවැන්නෙහි ආඝාතපටිවිනයා යනු ආඝාතය දුරකරන කරුණුයි. තං කුතෙත්‍ථ ලබ්හා යනු ඒ අනර්‍ත්‍ථචර්‍ය්‍යාව (නොවැඩ හැසිරීම) නොවේවායි මේ පුද්ගලයා කෙරෙහි කොයින් ලැබේද? කවර කරුණකින් ලැබීමට හැකිද? අනෙකෙක් නම් අනිකකුට තමන්ගේ සිතේ කැමැත්තෙන් අවැඩක් කරතියි මෙසේ සිතා කෝපය දුරු කරයි. නැතහොත්, ඉදින් මම ප්‍රතික්‍ෂේපයක් කරන්නේ නම් ඒ කෝප කිරීම මේ පුද්ගලයා කෙරෙහි කොයින් ලැබේද? කවර කරුණකින් ලැබිය හැකිදැයි අරුත්ය. කුතොලාභා යනුද පාඨයි. ඉදින් මම මෙහි කෝප කරන්නේ නම් ඒ මගේ කෝප කිරීමෙහි කොයින් ලාභයක්ද? කවර නම් ලාභයක් වන්නේදැයි අරුත්ය. මේ අර්‍ත්‍ථයෙහි තං යන නිපාත මාත්‍රයක්ම වෙයි.

11. අනුපුබ‍්බනිරොධ සුත‍්තවණ‍්ණනා

11. අනුපුබ්බනිරොධ සූත්‍ර වර්ණනාව

එකාදසමෙ අනුපුබ‍්බනිරොධාති අනුපටිපාටිනිරොධා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

එකොළොස්වැන්නෙහි අනුපුබ්බනිරොධා යනු අනුපිළිවෙලින් සිදුවන නිරොධයයි. සෙසු සියලු තැන්හි පැහැදිලිමය.

සත‍්තාවාසවග‍්ගො තතියො.

තෙවැනි සත්තාවාස වර්‍ගයයි.