යෙදුමෙන් කියවන්න

තණ‍්හා මූලක සුත‍්තං

9. 1. 3. 3.

9. 1. 3. 3.

තණ‍්හා මූලක සුත‍්තං

තණ්හාමූලක සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නව භික‍්ඛවෙ, තණ‍්හාමූලකෙ ධම‍්මෙ දෙසෙස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙ ති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

‘මහණෙනි, තෘෂ්ණා මූලක ධර්‍ම නවය දෙසමි. අසවු, මොනවට මෙනෙහි කරවු, කියමි’ යි. ‘එසේය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

කතමෙ ච භික‍්ඛවෙ, නව තණ‍්හාමූලකා ධම‍්මා? තණ‍්හං පටිච‍්ච පරියෙසනා. පරියෙසනං පටිච‍්ච ලාභො, ලාභං පටිච‍්ච විනිච‍්ඡයො, විනිච‍්ඡයං පටිච‍්ච ඡන්‍දරාගො, ඡන්‍දරාගං පටිච‍්ච අජ‍්ඣොසානං, අජ‍්ඣොසානං පටිච‍්ච පරිග‍්ගහො, පරිග‍්ගහං පටිච‍්ච මච‍්ඡරියං, මච‍්ඡරියං පටිච‍්ච ආරක‍්ඛා, ආරක‍්ඛාධිකරණං දණ‍්ඩාදානසත්‍ථාදාන කලහ විග‍්ගහ විවාදා තුවංතුවපෙසුඤ‍්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ, නව තණ‍්හාමූලකා ධම‍්මාති.

මහණෙනි, නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: (වස්තු සෙවීමේ) තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) පර්‍ය්‍යෙෂණය, පර්‍ය්‍යෙෂණ නිසා (රූපාදි අරමුණු) ලාභය, ලාභය නිසා විනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ යයි) බලවත් සනිටුහනය, බලවත් සනිටුහන නිසා (තණ්හා දිට්ඨි වශයෙන්) පරිග්‍රහකරණ ය, පරිග්‍රහකරණය නිසා මාත්සර්‍ය්‍යය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාය, ආරක්‍ෂා හේතුවෙන් දණ්ඩාදාන ය ශාස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද ය තෝ තෝ යි බිණුම් පෛශුන්‍යය මුසාවාදය යන අනේක ලාමක අකුශලධර්‍මයෝ උපදනාහ. මහණෙනි, මේ නව තෘෂ්ණා මූලක ධර්‍ම යි.