ඛලුඞ්ක සුත්තං
9. 1. 3. 2.
9. 1. 3. 2.
ඛලුඞ්ක සුත්තං
ඛලුඞ්කෝපම සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
තයො ච භික්ඛවෙ, අස්සඛලුඞ්කෙ දෙසිස්සාමි තයො ච පුරිසඛලුඞ්කෙ, තයො ච අස්සසදස්සෙ තයො ච පුරිසසදස්සෙ තයො ච භද්රෙ අස්සාජානීයො තයො ච භද්රෙ පුරිසාජානීයෙ. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
‘මහණෙනි, තුන් අස්කුංඩයනුදු තුන් මිනිස් කුංඩයනුදු තුන් අභිජාත අශ්වයනුදු තුන් භද්‍ර අශ්වාජානේයනුදු තුන් භද්රපුරුෂාභිජානේයයනුදු දෙසමි. ඒ අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසමී’ යි.
එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
‘එසේ ය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල වදාළහ:
කතමෙ ච භික්ඛවෙ, තයො අස්සඛලුඞ්කා:
මහණෙනි, තුන් අස්කුංඩයෝ කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
ඉධ පන භික්ඛවෙ, එකච්චො අස්සඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ තයො අස්සඛලුඞ්කා.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ අස් කුංඩයෝ තුන්දෙන ය.
කතමෙ ච භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා:
මහණෙනි, මිනිස් කුංඩයෝ තිදෙන කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො හොති, න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න නො වේ.
ඉධ පන භික්ඛවෙ, එකච්චො පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො, ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො:
මහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න නො වේද, ආරෝහපරිණාහ සම්පන්න නො වේද යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ ති යථාභූතං පජානාති ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො සංසාදෙති, නො විස්සජ්ජෙති, ඉදමස්ස න වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො හොති න වණ්ණසම්පන්නො, න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මේ දුකැ’යි යථාභූත කොට (ඇති සැටියෙන්) දනී. ‘මේ දුක්ඛසමුදය’යි යථාභූතය දනී. ‘මේ දුක්ඛනිරෝධය’යි යථාභූත කොට දනී. ‘මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දනී. මේ ඔහුගේ ජවයෙහි ලා කියමි. අභිධර්මවිෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ (කථාව) හිඳුවයි. විසර්ජනා නො කෙරෙයි. මේ ඔහුගේ අවර්ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබනසුලු වෙයි. මෙය ඔහුගේ අනාරෝහපරිණාහයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො:
මහණෙනි, කෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්නත් වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද:
ඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. න ඛො පන ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස න ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති න වණ්ණසම්පන්නො ච, න ආරොහපරිණාහ සම්පන්නො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මෙ දුකැ’යි යථාභූත කොට දන්නේ ය, ‘මේ දුක්ඛසමුදය’යි යථාභූත කොට දන්නේය, ‘මේ දුක්ඛ නිරෝධය’යි යථාභූත කොට දන්නේය, මේ ‘දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්ම විෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්ජනා කෙරෙයි. අවසාදනා නො කෙරෙයි. මේ ඔහුගේ වර්ණයයි කියමි. සිදුරු පිඬුවා සෙනුස් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ අනාරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
කතඤ්ච භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජව සම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච:
මහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න වේ ද, ආරෝහපරිණාහසම්පන්න වේ ද යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති, ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසඛලුඞ්කො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසඛලුඞ්කා.
මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මේ දුකැ’යි යථාභූත කොට දන්නේ ය … ‘මේ දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්ජනා කෙරෙයි (කථාව) නො හිඳුවයි. මේ ඔහුගේ වර්ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් පොව්වා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ මිනිස් කුංඩයෝ තිදෙන ය.
කතමෙ ච භික්ඛවෙ, තයො අස්සසදස්සා
මහණෙනි, අභිජාතාශ්වයෝ තිදෙන කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො අස්සසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච, ඉමෙ ඛො භික්ඛවෙ තයො අස්සසදස්සා.
මහණෙනි, මෙ ලොව්හි එක් අභිජාත අශ්වයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ අභිජාත අශ්වයෝ තිදෙනා යි.
කතමෙ ච භික්ඛවෙ, තයො පුරිස සදස්සා:
මහණෙනි, අභිජාත පුරුෂයෝ තිදෙන කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො පුරිසසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච.
මහණෙනි, මේ සස්නෙහි එක් අභිජාත පුරුෂයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ, පුරිසසදස්සො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නොච:
මහණෙනි, කෙසේ අභිජාතපුරුෂ … ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න වේද, ආරෝහපරිණාහ සම්පන්න වේද යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි හොති අනාවත්තිධම්මො තස්මා ලොකා, ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති නො සංසාදෙති, ඉදමස්ස වණ්ණස්මිං වදාමි. ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි. එවං ඛො භික්ඛවෙ, පුරිසසදස්සො ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො පුරිසසදස්සා.
මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් ඕපපාතික වෙයි. එ ලොවින් නො පෙරළෙන සැහැවි ඇතියේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ විසර්ජනා කෙරෙයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්ණය යි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ අභිජාත පුරුෂ ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ පුරුෂාභිජාතයෝ තිදෙනයහ.
කතමෙ ච භික්ඛවෙ, තයො භද්‍රා අස්සාජානීයා:
මහණෙනි, භද්රාශ්වාජානේයයෝ තිදෙන කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො භද්රො අස්සාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, න වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්‍රා අස්සාජානීයා.
මහණෙනි, මෙලොව්හි එක් භද්‍ර අශ්වාජානෙයයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානේයයෝ තිදෙන යි.
කතමෙ ච භික්ඛවෙ, තයො භද්‍රා පුරිසාජානීයා:
මහණෙනි, භද්රපුරුෂජානේයයෝ තිදෙන කවරහ යත්:
ඉධ භික්ඛවෙ, එකච්චො භද්රො පුරිසාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච.
මහණෙනි, මෙ ලොව්හි එක් භද්‍ර පුරුෂාජානෙයයෙක් … ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වේ.
කථඤ්ච භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො -පෙ- ජවසම්පන්නො ච හොති, වණ්ණසම්පන්නො ච, ආරොහපරිණාහ සම්පන්නො ච:
මහණෙනි, කෙසේ භද්‍රපුරුෂාජානේය තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදමස්ස ජවස්මිං වදාමි. අභිධම්මෙ ඛො පන අභිවිනයෙ පඤ්හං පුට්ඨො විස්සජ්ජෙති, නො සංසාදෙති. ඉද මස්ස වණ්ණස්මිං වදාමි, ලාභී ඛො පන හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, ඉදමස්ස ආරොහපරිණාහස්මිං වදාමි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ දැන පසක් කොට එළැඹ වෙසෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නාලදුයේ විසර්ජනා කරයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි.
එවං ඛො භික්ඛවෙ, භද්රො පුරිසාජානීයො ජවසම්පන්නො ච හොති වණ්ණසම්පන්නො ච ආරොහපරිණාහ සම්පන්නො ච. ඉමෙ ඛො භික්ඛවෙ, තයො භද්‍රා පුරිසාජානීයාති.
මහණෙනි, මෙසේ භද්‍රපුරුෂාජානේය ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ භද්රපුරුෂාජානේයයෝ තිදෙනාහ යි.