ඨාන සුත‍්තං
9. 1. 3. 1.
9. 1. 3. 1.
ඨාන සුත‍්තං
ඨාන සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
තීහි භික‍්ඛවෙ, ඨානෙහි උත‍්තරකුරුකා මනුස‍්සා දෙවෙ ච තාවතිංසෙ අධිගණ‍්හන‍්ති ජම‍්බුදීපිකෙ ච මනුස‍්සෙ. කතමෙහි තීහි:
මහණෙනි, කරුණු තුනෙකින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන් ද දඹදිව් වැසි මිනිසුන් ද මැඩ සිටුනාහ (විශිෂ්ට වෙති) කවර තුනෙකින් යත්:
අමමා අපරිග‍්ගහා, නියතායුකා, විසෙසභුනො. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ඨානෙහි උත‍්තරකුරුකා මනුස‍්සා දෙවෙ ච තාවතිංසෙ අධිගණ‍්හන‍්ති ජම‍්බුදීපිකෙ ච මනුස‍්සෙ.
මමත්‍වය නැතියාහු පරිග්‍රහ රහිතයහ, නියතගති හා ආයු හා ඇතියහ, වෙසෙස් වැඩුම් ඇතියහ. මහණෙනි, මේ තෙකරුණින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
තීහි භික‍්ඛවෙ, ඨානෙහි දෙවා තාවතිංසා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිගණ‍්හන‍්ති ජම‍්බුදීපිකෙ ච මනුස‍්සෙ. කතමෙහි තීහි:
මහණෙනි, කරුණු තුනෙකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ. කවර තුනෙකින් ද යත්:
දිබ‍්බෙන ආයුනා, දිබ‍්බෙන වණ‍්ණෙන, දිබ‍්බෙන සුඛෙන. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ඨානෙහි දෙවා තාවතිංසා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිගණ‍්හන‍්ති ජම‍්බුදීපිකෙ ච මනුස‍්සෙ.
දිව්‍ය ආයුෂයෙන, දිව්‍ය වර්‍ණයෙන, දිව්‍ය සුඛයෙනැ. මහණෙනි, මේ තෙකරුණින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
තීහි භික‍්ඛවෙ, ඨානෙහි ජම‍්බුදිපිකා මනුස‍්සා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිගණ‍්හන‍්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි:
මහණෙනි, තෙකරුණෙකින් දඹදිව්වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ. කවර තුනකින යත්:
සූරා, සතිමන‍්තො, ඉධ බ්‍රහ‍්මචරියවාසො. ඉමෙහි ඛො භික‍්ඛවෙ, තීහි ඨානෙහි ජම‍්බුදීපිකා මනුස‍්සා උත‍්තරකුරුකෙ ච මනුස‍්සෙ අධිගණ‍්හන‍්ති දෙවෙ ච තාවතිංසෙති.
ශූරයහ, ස්මෘතිමත් හ, මේ අත්බව්හි බඹසර විසුම ය. මහණෙනි, මේ තෙකරුණින් දඹදිව් වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ.