වෙලාම සුත්තං
9. 1. 2. 10.
9. 1. 2. 10.
වෙලාම සුත්තං
වේලාම සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
අපි නු තෙ ගහපති, කුලෙ දානං දීයතීති? දීයති මෙ භන්තෙ, කුලෙ දානං, තඤ්ච ඛො ලූඛං කණාකං බිලඞ්ගදුතියන්ති.
ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
ලූඛඤ්චෙපි ගහපති, දානං දෙති පණීතං වා, තඤ්ච අසක්කච්චං දෙති, අචිත්තීකත්වා දෙති, අසහත්ථා දෙති, අපවිද්ධං දෙති, අනාගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, න උළාරාය භත්තභොගාය චිත්තං නමති, න උළාරාය වත්ථභොගාය චිත්තං නමති, න උළාරාය යානභොගාය චිත්තං නමති,න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි න සුස්සූසන්ති, න සොතං ඔදාහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්සහෙතු: එවං හෙතං ගහපති, හොති අසක්කච්චකතානං කම්මානං විපාකො.
ගැහැවිය, රූක්ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.
ලූඛඤ්චෙපි ගහපති, දානං දෙති, පණීතං වා. තඤ්ච සක්කච්චං දෙති, චිත්තීකත්වා දෙති, සහත්ථා දෙති, අනපවිද්ධං දෙති, ආගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, උළාරාය භත්තභොගාය චිත්තං නමති. උළාරාය වත්ථභොගාය චිත්තං නමති. උළාරාය යානභොගාය චිත්තං නමති. උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා තෙපි සුස්සූසන්ති සොතං ඔදහන්ති, අඤ්ඤාය චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්ස හෙතු: එවං හෙතං ගහපති, හොති සක්කච්චකතානං කම්මානං විපාකො.
ගැහැවිය, රූක්ෂ වේවයි ප්‍රණීත වේවයි දන් දේ නම් එ ද සකසා දේ නම් ගරු කොට දේ නම් සියතින් දේ නම් නිරතුරු කොට දේ නම් කම්පල හදහා දේ නම් යම් යම් තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද, උදාර භක්තභෝගය පිණිස සිත නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස සිත නැමෙයි. උදාර යානභෝගය පිණිස සිත නැමෙයි. උදාර පස්කම්ගුණෙහි භොගයට සිත නැමේ. ඔහුගේ පුත්‍රයහ කියා වේව යි අඹුහ කියා වේව යි, දස්හ කියා වේව යි ප්‍රෙෂ්‍යයහ කියා වේව යි කම්කරුහ කියා වේවයි යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහු ද අසනු කැමැති වෙත්. සවන් දෙත්. දැනුමට සිත් එළවත්. එහෙයිනැ: කවර ගැහැවිය, සකස් කොට කළ කර්මයන්ගේ විපාකය එබඳු වේද එහෙයිනි.
භූතපුබ්බං ගහපති, වෙලාමො නාම බ්රාහ්මණො අහොසි. සො එවරූපං දානං අදාසි මහාදානං: චතුරාසීතිසුවණ්ණපාතිසහස්සානි අදාසි රූපිය පූරානි. චතුරාසීති රූපියපාතිසහස්සානි අදාසි සුවණ්ණපූරානි, චතුරාසීති කංසපාතිසහස්සානි අදාසි හිරඤ්ඤපූරානි, චතුරාසීති හත්ථිසහස්සානි අදාසි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලසඤ්ඡන්නානි. චතුරාසීතිරථසහස්සානි අදාසි සීහචම්මපරිවාරානි ව්යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලසඤ්ඡන්නානි. චතුරාසීති ධෙනුසහස්සානි අදාසි දුකූලසන්දස්සනානි කංසූපධාරණානි, චතුරාසීතිකඤ්ඤාසහස්සානි අදාසි ආමුක්තමණිකුණ්ඩලායො. චතුරාසීතිපල්ලඞ්කසහස්සානි අදාසි ගොණකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කාදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡාදානි උභතො ලොහිතකූපධානානි. චතුරාසීති වත්ථකොටිසහස්සානි අදාසි ඛොමසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං කප්පාසිකසුඛුමානං. කො පන වාදො අන්නස්ස පානස්ස බජ්ජස්ස භොජ්ජස්ස ලෙය්යස්ස පෙය්යස්ස? නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්ති.
ගැහැවිය, පෙරවූවක් කියමි. වේලාම නම් බමුණෙක් වී ය. හේ මෙ බඳු මහාදාන නම් දනක් දින: රිදියෙන් පිරූ සුවාසූ දහසක් රන්මුවා පා දින. රනින් පිරූ සුවාසූ දහසක් රිදීමුවා පා දින. අමුරනින් පිරූ සුවාසූ දහසක් කස්ලෝපා දින. ස්වර්‍ණාලඞ්කාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් ඇතුන් දින. සිහසම් අතුළ, වගසම් අතුළ, දිවිසම් අතුළ, පඬු ඇඹුල් අතුළ රන්ලකර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් රිය දින. දුහුල් අතුළ කස්ලෝ කොසු ඇති සුවාසූ දහසක් දෙනුන් දින. මිණි කොඬොල් පැළඳි සුවාසූ දහසක් කන්‍යාවන් දින. කොඳුපලස් අතුළ සුදු ඇතිරි අතුළ ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති සුවාසූ දහසක් පළඟ දින. සියුම් කොමු පිළිය, සියුම් කෝසෙය්‍ය පිළිය, සියුම් කම්බිලිය, සියුම් කපුපිළිය යන කෙළ සුවාසූ දහසක් වස්ත්‍ර දින. අන්නපාන ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙය පිළිබඳ කවර කථා ය? නදීන් මෙන් ගලති.
සියා ඛො පන තෙ ගහපති එවමස්ස “අඤ්ඤො නූන තෙන සමයෙන වෙලාමො බ්රාහ්මණො අහොසි. සො තං දානං අදාසි මහාදානන්ති න ඛො පනෙතං ගහපති, එවං දට්ඨබ්බං, අහං තෙන සමයෙන වෙලාමො බ්රාහ්මණො අහොසිං, අහං තං දානං අදාසිං මහාදානං.
ගැහැවිය, තට මෙ බඳු සිතෙක් වන්නේ ම ය: එසමයෙහි වේලාම බමුණු අනිකෙක් ම විය. හේ මහාදාන නම් ඒ දන දින” යි, ගැහැවිය, තෙල මෙසේ නො දත යුතු: එසමයෙහි මම වේලාම බ්‍රාහ්මණ වීමි, මහාදාන නම් වූ ඒ දන මම දිනිමි.
තස්මිං ඛො පන ගහපති, දානෙ න කොචි දක්ඛිණෙය්යො අහොසි. න තං කොචි දක්ඛිණං විසොධෙති. යං ගහපති, වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං. යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
ගැහැවිය, ඒ දානයෙහි දක්ෂිණාර්හ කිසිවෙක් නො වීය. කිසිවෙක් ඒ දක්ෂිණාව පිරිසිදු නො කෙළේ ය. ගැහැවිය වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනී ද, යමෙකුත් එක් දිට්ඨිසම්පන්න (සෝතාපන්න) යකු වළඳවා ද, මෙය එයට මහත්ඵලතරයි.
යඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි ද, යමෙක් දිට්ඨිසම්පන්නයන් සියයක් වළඳවා ද, යමෙකුත් එක් සකෘදාගාමි පුඟුලකු වළඳවා නම් මෙය එයට මහත්ඵලතර යි.
යඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො ච සතං සකදාගාමීනං භොජෙය්ය, යො චෙකං අනාගාමිං භොජෙය්ය, -පෙ- යො ච සතං අනාගාමීනං භොජෙය්ය, යො චෙකං අරහන්තං භොජෙය්ය -පෙ- යො ච සතං අරහන්තානං භොජෙය්ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්ය -පෙ- යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්ය, යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්ය -පෙයො ච බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භොජෙය්ය -පෙ- යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය -පෙ- යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්ය -පෙ- යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිං. යො ච අන්තමසො ගන්ධූහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, ඉදං තතො මහප්ඵලතරං.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් සකෘදාගාමින් සියයක් වළඳවා නම් ... යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම් … යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම් … එක් රහතකු වළඳවා නම් … යමෙකුත් සියක් රහතුන් වළඳවා නම් … යමෙකුත් එක් පසේ බුදු කෙනකුන් වළඳවා නම් … යමෙකුත් සියක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම් … යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම් … යමෙකුත් බුදුපාමොක් බික්සඟන වළඳවා නම් … යමෙකුත් සිවුදිගින් වඩනා සඟුන් උදෙසා, වෙහෙරක් කරවා නම් … යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම් ... යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය, අයිනාදනින් දුරු වීම ය, කාමයන්හි මිසහසරින් දුරුවීම ය, මුසවායෙන් දුරුවීම ය, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීම ය යන සිකපද සමාදන් වේ නම් … යමෙකුත් යටත්පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලක් මෙත්සිත වඩා නම් මෙය එයට මහත්ඵලතර යි.
යඤ්ච ගහපති වෙලාමො බ්රාහ්මණො දානං අදාසි මහාදානං, යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්ය, යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්ය, යො චෙකං සකදාගාමිං භොජෙය්ය, යො ච සතං සකදාගාමීනං භොජෙය්ය, යො චෙකං අනාගාමිං භොජෙය්ය, යො ච සතං අනාගාමීනං භොජෙය්ය, යො චෙකං අරහන්තං භොජෙය්ය, යො ච සතං අරහන්තානං භොජෙය්ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්ය, යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්ය. යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්ය, යො ච බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භොජෙය්ය, යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්ය, යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්ය, යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්ය පාණාතිපාතා වෙරමණී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණී. යො ච අන්තමසො ගන්ධූහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්ය, යො ච අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්ය ඉදං තතො මහප්ඵලතරන්ති.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.
සීහනාදවග්ගො දුතියො
දෙවැනි සීහනාද වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
නාදො ස උපාදිසෙසො ච කොට්ඨිතෙන සමිද්ධිනා ගණ්ඩසඤ්ඤා කුලං මෙත්තා දෙවතා වෙලාමෙනචාති
සීහනාදය, සෝපාදිසේසය, කොට්ඨිතය, සමිද්ධිය, ගණ්ඩය, සඤ්ඤාය, කුලය, මෙත්තාය, දේවතාය, වේලාම ය යි, දස සූත්‍ර යි.