10. වෙලාම සුත්තවණ්ණනා අට්ඨකථා
10. වෙලාම සුත්තවණ්ණනා
10. වේලාම සූත්‍ර වර්ණනාව
දසමෙ අපි නු තෙ, ගහපති, කුලෙ දානං දීයතීති නයිදං භගවා භික්ඛුසඞ්ඝස්ස දානං සන්ධාය පුච්ඡති. සෙට්ඨිස්ස හි ඝරෙ භික්ඛුසඞ්ඝස්ස නිච්චං පණීතදානං දීයති, න තං සත්ථා න ජානාති. ලොකියමහාජනස්ස පන දිය්යමානදානං අත්ථි, තං ලූඛං හොති, සෙට්ඨිස්ස චිත්තං න පීණෙති. තං පුච්ඡාමීති පුච්ඡති. කණාජකන්ති සකුණ්ඩකභත්තං, සකුණ්ඩකෙහිපි කණිකතණ්ඩුලෙහෙව පක්කං. බිළඞ්ගදුතියන්ති කඤ්ජියදුතියං. අසක්කච්චං දෙතීති අසක්කරිත්වා දෙති. අචිත්තීකත්වාති අචිත්තීකාරෙන දක්ඛිණෙය්‍ය අගාරවෙන දෙති. අසහත්ථා දෙතීති සහත්ථෙන අදත්වා පරහත්ථෙන දෙති, ආණත්තිමත්තමෙව කරොතීති අත්ථො. අපවිද්ධං දෙතීති න නිරන්තරං දෙති, සංවච්ඡරිකං සොණ්ඩබලි විය හොති. අනාගමනදිට්ඨිකො දෙතීති න කම්මඤ්ච ඵලඤ්ච සද්දහිත්වා දෙති.
දසවැන්නෙහි අපි නු තෙ ගහපති කුලෙ දානං දීයති යනු භාග්‍යවතුන් වහන්සේ මෙය භික්ෂු සංඝයාට දෙන දානය සඳහා නොවිමසන සේක. සිටුවරයාගේ නිවසෙහි භික්ෂු සංඝයාට නිබඳව ප්‍රණීත දානය දෙනු ලැබේ. එය ශාස්තෲන් වහන්සේ නොදන්නා සේක් නොවෙති. ලෞකික මහජනයාට දෙනු ලබන දානයක් ඇත. එය රළු වෙයි. සිටුවරයාගේ සිත නොපිණවෙයි. එය අසමැයි අසයි, කණාජකං යනු සහල් පොතෙන් සෑදු බතයි, සහල් පොතුවලින් ද සුන්සහලින් ද පිසූ බතයි, බිලඞ්ගදූතියං යනු කැඳ දෙවැනි කොට ඇත්තේයි. අසක්කච්චං දෙති යනු සත්කාර නොකොට දෙයි, අගෞරවයෙන් දක්ෂිණෙය්ය පුද්ගලයා කෙරෙහි අගෞරවයෙන් දෙයි, අසහත්ථා දෙති යනු සියතින් නොදී අනුන් අතින් දෙයි. ඇණවීම් පමණම කරයි යන අරුත්ය, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, අවුරුද්දකට වරක් ඇතිවන යමක් මෙන් වෙයි. අනාගමනදිට්ඨිකො දෙති යනු කර්මඵල අදහා නොදෙයි,
යත්ථ යත්ථාති තීසු කුලසම්පදාසු යස්මිං යස්මිං කුලෙ. න උළාරාය භත්තභොගායාතිආදීසු නානග්ගරසසුගන්ධසාලිභොජනෙ උපනීතෙ චිත්තං න නමති, “හරථෙතං රොගවඩ්ඪන”න්ති වත්වා යෙන වා තෙන වා ඩාකෙන සද්ධිං සකුණ්ඩකභත්තං අමතං විය සම්පියායමානො භුඤ්ජති. කාසිකාදීසු වරවත්ථෙසු උපනීතෙසු “හරථෙතානි නිවාසෙන්තස්ස පටිච්ඡාදෙතුම්පි න සක්කොන්ති, ගත්තෙසුපි න සණ්ඨහන්තී”ති වත්වා නාළිකෙරසාටකමූලතචසදිසානි පන ථූලවත්ථානි “ඉමානි නිවාසෙන්තො නිවත්ථභාවම්පි ජානාති, පටිච්ඡාදෙතබ්බම්පි පටිච්ඡාදෙන්තී”ති සම්පියායමානො නිවාසෙති. හත්ථියානඅස්සයානරථයානසුවණ්ණසිවිකාදීසු උපනීතෙසු “හරථෙතානි චලාචලානි, න සක්කා එත්ථ නිසීදිතු”න්ති වත්වා ජජ්ජරරථකෙ උපනීතෙ “අයං නිච්චලො, එත්ථ සුඛං නිසීදිතු”න්ති තං සාදියති. න උළාරෙසු පඤ්චසු කාමගුණෙසූති අලඞ්කතපටියත්තා රූපවතියො ඉත්ථියො දිස්වා “යක්ඛිනියො මඤ්ඤෙ, එතා ඛාදිතුකාමා, කිං එතාහී”ති යථාඵාසුකෙනෙව වීතිනාමෙති. න සුස්සූසන්තීති සොතුං න ඉච්ඡන්ති, න සද්දහන්තීති අත්ථො. න සොතං ඔදහන්තීති කථිතස්ස සවනත්ථං න සොතපසාදං ඔදහන්ති. සක්කච්චන්තිආදීනි වුත්තවිපරියායෙන වෙදිතබ්බානි.
යත්ථ යත්ථ යනු ත්‍රිවිධ කුලසම්පදාවන්හි යම් යම් කුලයකයි, න උළාරාය භත්තභොගාය යනාදියෙහි නොයෙක් අග්‍ර රසය ඇති පැරණි හැල් බොජුන එළවූ කල්හි සිත නොනැමෙයි, ලෙඩ වැඩිකරන මෙය ඉවත් කරවයි කියා යම්කිසි එළවුළුවක් සමඟ සුන් සහල්බත් අමෘතයක් මෙන් සතුටු වෙමින් වළඳයි, කසීසළු ආදී උතුම් වස්ත්‍ර එළවූවිට මේවා ඉවත් කරවූ හිඳින්නහුගේ ඇඟ වසන්නටවත් නොහැකි වෙයි, ඇඟෙහි මනාව දරා නොසිටියි, කියා පොල්සුඹුලෙන් කළ රෙදි මුල් පොතු සමාන වූ රළු වස්ත්‍ර මේවා හඳින තැනැත්තා හැඳි බවද දනියි. වැසියයුතු දෙය ද වසයියි (කියමින්) ඇල්මෙන් හඳියි. ඇත්යාන අස්යාන ගිය යාන රන්සිවිගෙවල් ආදිය එළවූ කල්හි සෙලවෙන නොසෙල්වෙන මේවා ඉවත් කරවු. මෙහි හිඳීමට ද නොහැකැයි කියා දිරාපත් රියක් එළවූ විට මෙය නොසෙල්වෙයි. මෙහි හිඳීම සැපයයි කියා එය ඉවසයි. න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු යනු අබරණින් සැරසුණු රූමත් කතුන් දැක මොවුහු කනු කැමති යකින්නන් යයි සිතමි. මොවුන්ගෙන් කවර වැඩෙක්දැයි කැමැති පරිද්දෙන්ම කල්යවයි, න සුස්සුසං යනු ඇසීමට කැමති නොවෙති. නොඅදහත් යනු ද අරුත්ය. න සොතං ඔදහන්ති යනු කියනලද දෙය ඇසීම සඳහා ශ්‍රොත ප්‍රසාදය යොමු නොකරත්, සක්කච්චං යනාදිය කියන ලද්දට විරුද්ධ නයින් දතයුතුය.
වෙලාමොති ජාතිගොත්තරූපභොගසද්ධාපඤ්ඤාදීහි මරියාදවෙලං අතික්කන්තෙහි උළාරෙහි ගුණෙහි සමන්නාගතත්තා එවංලද්ධනාමො. සො එවරූපං දානං අදාසි මහාදානන්ති එත්ථ අයං අනුපුබ්බීකථා – සො කිර අතීතෙ බාරාණසියං පුරොහිතගෙහෙ පටිසන්ධිං ගණ්හි, වෙලාමකුමාරොතිස්ස නාමං අකංසු. සො සොළසවස්සකාලෙ බාරාණසිරාජකුමාරෙන සද්ධිං සිප්පුග්ගහණත්ථං තක්කසිලං අගමාසි. තෙ උභොපි දිසාපාමොක්ඛස්ස ආචරියස්ස සන්තිකෙ සිප්පං පට්ඨපයිංසු. යථා ච තෙ, එවං අඤ්ඤෙපි ජම්බුදීපෙ චතුරාසීතිසහස්සරාජකුමාරා. බොධිසත්තො අත්තනා ගහිතට්ඨානෙ පිට්ඨිආචරියො හුත්වා චතුරාසීති රාජකුමාරසහස්සානි සික්ඛාපෙති, සයම්පි සොළසවස්සෙහි ගහෙතබ්බසිප්පං තීහි වස්සෙහි උග්ගණ්හි. ආචරියො “වෙලාමකුමාරස්ස සිප්පං පගුණ”න්ති ඤත්වා, “තාතා, වෙලාමො මයා ඤාතං සබ්බං ජානාති, තුම්හෙ සබ්බෙපි සමග්ගා ගන්ත්වා එතස්ස සන්තිකෙ සිප්පං උග්ගණ්හථා”ති චතුරාසීති කුමාරසහස්සානි බොධිසත්තස්ස නිය්යාදෙසි.
වෙලාමො යනු ජාති ගෝත්රරූප භොග ශ්‍රද්ධා ප්‍රඥාදියෙන් සීමා ඉක්මවන්නාවූ උතුම් ගුණයන්ගෙන් යුක්ත බැවින් මෙසේ ලබන ලද නම් ඇත්තේයි, සො එවරූපං දානං අදාසි මහාදානං යන මෙහි මේ පිළිවෙල කථාවයි. හෙතෙම අතීතයෙහි බරණැස පුරෝහිත ගෙයක පිළිසිඳ ගත්තේය. ඔහුට වෙලාම කුමරුයි නම් කළාහුය. හෙතෙම සොළොස් කාලයෙහි බරණැස රජකුමරු සමග සිප් සතර හැදෑරීම සඳහා තක්සලාවට ගියේය. ඒ දෙදෙනාම දිසාපාමොක් ඇදුරු සමීපයෙහි ශිල්ප උගත්හ. ඔවුහු යම්සේ ද එසේ දඹදිව අනෙක් අසූසාර දහසක් රජකුමරුවෝ ද උගත්ත. බෝසත් තෙමේ තමන් උගත් උගත් දෙයට උපදේශක ආචාර්ය්යවරයා වී අසූහාර දහසක් කුමරුවන් හික්මවයි. තෙමේත් සොළොස් වසකින් උගතයුතු ශිල්පය තෙමසකින් උගත්තේය. ඇදුරු තෙමේ වෙලාම කුමරුට ශිල්පය ප්රගුණයයි දැන “දරුවනි, වෙලාම තෙමේ මා දත් සියල්ල දනියි. නුඹලා සියල්ලෝම සමගිව ගොස් ඔහු සමීපයෙහි සිල්ප උගනිවුයයි අසුසාර දහසක් කුමරුන් බෝසතුන්ට පාවා දුන්නේය.
බොධිසත්තො ආචරියං වන්දිත්වා චතුරාසීති කුමාරසහස්සපරිවාරො නික්ඛමිත්වා එකං ආසන්නනගරං පත්වා නගරසාමිකං රාජකුමාරං උග්ගණ්හාපෙත්වා තස්ස සිප්පෙ පගුණෙ ජාතෙ තං තත්ථෙව නිවත්තෙසි. එතෙනුපායෙන චතුරාසීති නගරසහස්සානි ගන්ත්වා චතුරාසීතියා රාජකුමාරානං සිප්පං පගුණං කාරෙත්වා තස්මිං තස්මිං නගරෙ තං තං නිවත්තෙත්වා බාරාණසිරාජකුමාරං ආදාය බාරාණසිං පච්චාගඤ්ඡි. මනුස්සා කුමාරං පරියොසිතසිප්පං රජ්ජෙ අභිසිඤ්චිංසු, වෙලාමස්ස පුරොහිතට්ඨානං අදංසු. තෙපි චතුරාසීතිසහස්සරාජකුමාරා සකෙසු සකෙසු රජ්ජෙසු අභිසෙකං පත්වා අනුසංවච්ඡරං බාරාණසිරඤ්ඤො උපට්ඨානං ආගච්ඡන්ති. තෙ රාජානං දිස්වා වෙලාමස්ස සන්තිකං ගන්ත්වා, “ආචරිය, අම්හෙ රජ්ජෙසු පතිට්ඨිතා, වදෙය්යාථ යෙනත්ථො”ති වත්වා ගච්ඡන්ති. තෙසං ගමනාගමනකාලෙ සකටසන්දමානිකගාවිගොණකුක්කුටසූකරාදයො ගණ්හන්තානං ජනපදො අතිවිය උඋපද්දුතො හොති, මහාජනො සන්නිපතිත්වා රාජඞ්ගණෙ කන්දති.
බෝසත් තෙමේ ඇඳුරුතුමන් වැඳ අසූහාර දහසක් කුමරුන් පිරිවර ඇතිව නික්ම එක් සමීප නුවරකට පැමිණ ඒ නුවර හිමි රජකුමරු උගන්වා ඔහුට ශිල්පය ප්‍රගුණවූ විට ඔහු එහිම නැවැත්වීය. මේ ක්‍රමයෙන් අසූසාරදහසක් නගරයන්ට ගොස් අසූහාර දහසක් රජකුමරුන්ට ශිල්ප ප්‍රගුණ කරවා ඒ ඒ නුවරෙහි ඒ ඒ කුමරු නවත්වා බරණැස රජකුමරු රැගෙන බරණැසට ආවේය. එහි බරණැස රජකුමරු අවසන් කළ ශිල්ප ඇත්තේ රාජ්‍යයෙහි අභිෂෙක කළාහුය. බෝසතුන්ට පුරෝහිත තනතුර දුන්නාහ. ඒ අසූසාර දහසක් රජ කුමරුවෝ ස්වකීය රාජ්‍යයන්හි අභිෂේකයට පත්ව අවුරුදු පතා බරණැස් රජුගේ උවටැනට එයි. ඔවුහු රජු දැක වේලාම සමීපයට ගොස් “ඇඳුරුතුමනි, අපි රාජ්‍යයන්හි පිහිටියෙමු. යමෙකුගෙන් වැඩක් ඇත්නම් කියනු මැනවැයි කියා යති. ඔවුන් යන එන කල්හි ගැල්රියවලට දෙනුන් ගවයන් කුකුළන් ඌරන් ආදීන් බලයෙන් ගන්නාවූ ඔවුන්ගෙන් ජනපදය බෙහෙවින් උවදුරට පත්වෙයි. මහජනයා රැස්ව රජ මිදුලෙහි හඬයි.
රාජා වෙලාමං පක්කොසිත්‍වා, “ආචරිය, උපද්දුතො ජනපදො, රාජානො ගමනාගමනකාලෙ මහාවිලොපං කරොන්ති, මනුස්සා සන්ධාරෙතුං න සක්කොන්ති, ජනපදපීළාය උපසමං එකං උපායං කරොථා”ති. සාධු මහාරාජ, උපායං කරිස්සාමි, තුම්හාකං යත්තකෙන ජනපදෙන අත්ථො, තං පරිච්ඡින්දිත්වා ගණ්හථාති. රාජා තථා අකාසි. වෙලාමො චතුරාසීතියා රාජසහස්සානං ජනපදෙ විචාරෙත්වා චක්කනාභියං අරෙ විය රඤ්ඤො ජනපදස්මිං ඔරොපෙසි. තතො පට්ඨාය තෙ රාජානො ආගච්ඡන්තාපි ගච්ඡන්තාපි අත්තනො අත්තනො ජනපදෙනෙව සඤ්චරන්ති, අම්හාකං ජනපදොති විලොපං න කරොන්ති. රාජගාරවෙන රඤ්ඤො ජනපදම්පි න පීළෙන්ති. ජනපදා සන්නිසින්නා නිස්සද්දා නිරවා අහෙසුං. සබ්බෙ රාජානො හට්ඨතුට්ඨා “යෙන වො, ආචරිය, අත්ථො, තං අම්හාකං වදෙථා”ති පවාරයිංසු.
රජතෙමේ වෙලාම කැඳවා ඇඳුරුතුමනි, ජනපදය උවදුරට පත්ව ඇත. රජවරු යන එන කල්හි මහත් කලබලයක් කරති. මිනිස්සු දැරීමට නොහැකි වෙති. ජනපද පෙළීම සංසිඳීම සඳහා එක් උපායක් කරනු මැනවැයි කීවේය. “යහපත, මහරජතුමනි, උපායක් කරන්නෙම් නුඹවහන්සේට යම් පමණ ජනපදයකින් වැඩක් වේද, එය වෙන්කොට ගනු මැනවැ”යි කීවේය. රජතෙමේ එසේ කළේය. වෙලාම තෙමේ අසූසාරදහසක් රජවරුන්ට ජනපදයන් විචාරා සක්නැඹෙහි අර මෙන් රජුගේ ජනපදයෙහි තහවුරු කරවූයේය. එතැන් පටන් ඒ රජවරු යන්නෝ ද එන්නෝ ද තමතමන්ගේ දනවුවලින්ම සංචාරය කරති. අපගේ ජනපදය (යන හැඟීමෙන්) කොල්ලකෑමක් නොකරති. රාජ ගෞරවයෙන් රජුගේ ජනපදය ද නොපෙළත්. ජනපදයෝ මනාව පිහිටියාහු නිහඬ නිරවුල් බවට පත්වූහ. සියලු රජවරු තුටු පහටු වූවාහු ඇඳුරුතුමනි, යම්යම් දෙයකින් ඔබට වැඩක් වේද එය අපට කියනු මැනවැයි පැවරූහ.
වෙලාමො සීසංන්හාතො අත්තනො අන්තොනිවෙසනෙ සත්තරතනපරිපූරානං ගබ්භානං ද්වාරානි විවරාපෙත්වා යාව සත්තමා කුලපරිවට්ටා ඨපිතං ධනං ඔලොකෙත්වා ආයවයං උපධාරෙත්වා “මයා සකලජම්බුදීපං ඛොභෙන්තෙන දානං දාතුං වට්ටතී”ති රඤ්ඤො ආරොචෙත්වා ගඞ්ගාතීරෙ ද්වාදසයොජනිකා උද්ධනපන්තියො කාරෙත්වා තස්මිං තස්මිං ඨානෙ සප්පිමධුඵාණිතතෙලතිලතණ්ඩුලාදීනං ඨපනත්ථාය මහාකොට්ඨාගාරානි පතිට්ඨාපෙත්වා “එකෙකස්මිං ඨානෙ එත්තකා එත්තකා ජනා සංවිදහථ, යංකිඤ්චි මනුස්සානං ලද්ධබ්බං නාම අත්ථි, තතො එකස්මිම්පි අසති මය්හං ආරොචෙය්යාථා”ති මනුස්සෙ සංවිධාය “අසුකදිවසතො පට්ඨාය වෙලාමබ්රාහ්මණස්ස දානං භුඤ්ජන්තූ”ති නගරෙ භෙරිං චරාපෙත්වා “දානග්ගං පරිනිට්ඨිත”න්ති දානයුත්තෙහි ආරොචිතෙ සහස්සග්ඝනකං වත්ථං නිවාසෙත්වා පඤ්චසතග්ඝනකං එකංසං කත්වා සබ්බාලඞ්කාරභූසිතො දානවීමංසනත්ථාය ඵලිකවණ්ණස්ස උදකස්ස සුවණ්ණභිඞ්ගාරං පූරෙත්වා “ඉමස්මිං ලොකෙ සචෙ ඉමං දානං පටිග්ගහෙතුං යුත්තරූපා දක්ඛිණෙය්යපුග්ගලා අත්ථි, ඉදං උදකං නික්ඛමිත්වා පථවිං ගණ්හාතු. සචෙ නත්ථි, එවමෙව තිට්ඨතූ”ති සච්චකිරියං කත්වා භිඞ්ගාරං අධොමුඛං අකාසි. උදකං ධමකරණෙන ගහිතං විය අහොසි. බොධිසත්තො “සුඤ්ඤො වත, භො, ජම්බුදීපො, එකපුග්ගලොපි දක්ඛිණං පටිග්ගහෙතුං යුත්තරූපො නත්ථී”ති විප්පටිසාරං අකත්වා “සචෙ දායකස්ස වසෙනායං දක්ඛිණා විසුජ්ඣිස්සති, උදකං නික්ඛමිත්වා පථවිං ගණ්හාතූ”ති චින්තෙසි. ඵලිකවණ්ණසදිසං උදකං නික්ඛමිත්වා පථවිං ගණ්හි. “ඉදානි දානං දස්සාමී”ති දානග්ගං පත්වා දානං ඔලොකෙත්වා යාගුවෙලාය යාගුං, ඛජ්ජකවෙලාය ඛජ්ජකං, භොජනවෙලාය භොජනං දාපෙසි. එතෙනෙව නීහාරෙන දිවසෙ දිවසෙ දානං දීයති.
වෙලාම තෙමේ හිසෙහි නහා තමන්ගේ ඇතුළු නිවස්නෙහි සත්රුවනින් පිරුණු කාමරවල දොරටු විවර කරවා සත්වැනි කුලපරපුර දක්වා රැස්කළ ධනය බලා අය වැය සලකා මවිසින් සියලු දඹදිව සොලවා දානයක් දීමට වටීයයි රජුට දන්වා ගංගා තෙරෙහි දොළොස් යොදුනක් වූ උදුන් පෙළක් තනවා ඒ ඒ තන්හි ගිතෙල් මී පැණි තෙල් තල සහල් ආදිය තැබීම සඳහා කොටු ගෙවල් පිහිටුවා මේ මේ තැන මෙපමණ මෙපමණ දෙනා සංවිධාන කරවු. මිනිසුන්ට ලැබිය යුතු යම් කිසිවක් ඇත්නම් එයින් එකක් හෝ නැති කල්හි මට දන්වවුයි මිනිසුන් යොදවා අසුවල් දිනයෙහි සිට වෙලාම බමුණාගේ දානය වළඳත්වායි නුවර බෙර හසුරුවා දාන කටයුතු නිමවිණැයි දානයෙහි යෙදවූවන් විසින් සැළකල කල්හි දහසක් අගනා වස්ත්‍රයක් හැඳ පන්සියයක් අගනා වස්ත්‍රයක් එකාංශ කොට සියලු අබරණින් සැරසුණේ දානය විමසනු සඳහා පළිඟුවන් දියෙන් රං කෙණ්ඩිය පුරවා මෙලොව ඉදින් මේ දානය පිළිගැනීමට සුදුසු වූ දක්ෂිණාර්භ පුද්ගලයෝ වෙත්ද මේ දිය නික්ම පොළව (පිළි) ගනීවා! ඉදින් නැත්නම් එසේම තිබේවායි සත්‍යක්‍රියා කොට කෙණ්ඩිය යටිකුරු කළේය. දිය ඩඹරයකින් ගත්තාක් මෙන් විය. බෝසත්තෙමේ ඒකාන්තයෙන්ම දඹදිව හිස්ය. දානය පිළිගැනීමට සුදුසු සුදුසු එක් පුද්ගලයෙකුදු නැතැයි විපිළිසර නොවී ඉදින් දායකයාගේ වශයෙන් මේ දානය පිරිසුදු වන්නේ නම් දිය නික්ම පොළවට ගනීවායි සිතුවේය. පළිඟුවැටියක් සමාන දිය නික්ම පොළවට (උරා) ගත්තේය. දැන් දානය දෙමැයි දන්හලට ගොස් දානය බලා කැඳ වේලෙහි කැඳ, කෑයුතු වේලෙහි කෑම බිදිය යුතු වේලෙහි බොජුන් දෙවීය. මේ අයුරින්ම දිනපතා දන් දෙනු ලැබේ.
තස්මිං ඛො පන දානග්ගෙ “ඉදං නාම අත්ථි, ඉදං නාම නත්ථී”ති වත්තබ්බං නත්ථි. ඉදානි තං දානං එත්තකමත්තෙනෙව න නිට්ඨං ගමිස්සතීති රත්තසුවණ්ණං නීහරාපෙත්වා සුවණ්ණපාතියො කාරෙත්වා චතුරාසීතිසුවණ්ණපාතිසහස්සාදීනං අත්ථාය චතුරාසීතිරාජසහස්සානං සාසනං පහිණි. රාජානො “චිරස්සං වත මයං ආචරියෙන අනුග්ගහිතා”ති සබ්බං සම්පාදෙත්වා පෙසෙසුං. දානෙ දිය්යමානෙයෙව සත්ත වස්සානි සත්ත මාසා අතික්කන්තා. අථ බ්රාහ්මණො “හිරඤ්ඤං භාජෙත්වා දානං දස්සාමී”ති මහන්තෙ ඔකාසෙ දානං සජ්ජාපෙසි. සජ්ජාපෙත්වා චතුරාසීති සුවණ්ණපාතිසහස්සානි ආදිං කත්වා කොටිතො පට්ඨාය අදාසි.
ඒ දන්හලෙහි මෙනම් දෙය ඇත මෙනම් දෙය නැතැයි කිවයුත්තක් නැත. මේ දානය මෙපමණකින් නිමාවට නොවන්නේයයි රත්රන් ගෙන්වා රන් පාත්‍රයක් කරවා අසූසාර දහසක් රන් පාත්‍ර සඳහා අසූහාර දහසක් රජවරුනට හසුනක් යැවීය. රජවරු අපි බොහෝ කලකින් ආචාර්‍ය්‍යයන් විසින් අනුග්‍රහ කරන ලද්දමෝයි සියල්ල සපයා යැව්වාහුය. දානය දෙනුලබමින්ම සත් අවුරුදු සත් මසක් ඉක්මණි. ඉක්බිති බමුණුතෙමේ අමුරන් කොටස් කොට දන් දෙමැයි මහත් තැනක දානය පිළියෙල කර වූයේය. පිළියෙල කරවා අසූසාරදහසක් රන් පාත්‍ර ආදිකොට කෙළවරෙහි පටන් දුන්නේය.
තත්ථ රූපියපූරානීති රජතතට්ටිරජතඵාලරජතමාසකෙහි පූරානි. පාතියො පන ඛුද්දිකාති න සල්ලක්ඛෙතබ්බා, එකකරීසප්පමාණෙ භූමිභාගෙ චතස්සොව පාතියො ඨපයිංසු. පාතිමකුළං නවරතනං හොති, මුඛවට්ටිතො පට්ඨාය අට්ඨරතනං, පාතිමුඛවට්ටියා ඡයුත්තො ආජඤ්ඤරථො අනුපරියායති, දදමානො පාතියා බාහිරන්තෙන වග්ගවග්ගෙ පටිග්ගාහකෙ ඨපෙත්වා පඨමං පාතියා පක්ඛිත්තං දත්වා පච්ඡා සන්ධිසන්ධිතො වියොජෙත්‍වා පාතින්ති එවං චතුරාසීති පාතිසහස්සානි අදාසි. රූපියපාතිආදීසුපි එසෙව නයො. එත්ථපි ච සුවණ්ණපූරානීති සුවණ්ණතට්ටිසුවණ්ණඵාලසුවණ්ණමාසකෙහි පූරානි. හිරඤ්ඤපූරානීති සත්තවිධරතනපූරානි. සොවණ්ණාලඞ්කාරානීති සුවණ්ණාලඞ්කාරානි. කංසූපධාරණානීති රජතමයඛීරපටිච්ඡකානි. තාසං පන ධෙනූනං සිඞ්ගානි සුවණ්ණකොසකපරියොනද්ධානි අහෙසුං, ගීවාය සුමනදාමං පිළන්ධිංසු, චතූසු පාදෙසු නුපූරානි, පිට්ඨියං වරදුකූලං පාරුතං, කණ්ඨෙ සුවණ්ණඝණ්ටං බන්ධිංසු. වත්ථකොටිසහස්සානීති ලොකවොහාරතො වීසතිවත්ථයුගානි එකා කොටි, ඉධ පන දස සාටකාති වුත්තං. ඛොමසුඛුමානන්තිආදිම්හි ඛොමාදීසු යං යං සුඛුමං, තං තදෙව අදාසි. යානි පනෙතානි ඉත්ථිදානං උසභදානං මජ්ජදානං සමජ්ජාදානන්ති අදානසම්මතානි, තානිපි එස “වෙලාමස්ස දානමුඛෙ ඉදං නාම නත්ථී”ති වචනපථං පච්ඡින්දිතුං පරිවාරත්ථාය අදාසි. නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්තීති නදියො විය විස්සන්දන්ති.
එහි රූපියපුරානි යනු රිදී කට්ඨි රිදීඵාල රිදී මාසක (යන මුදල් ප්‍රමාණ) යන්ගෙන් පිරුණා වූයි, පාත්‍ර කුඩා යයි නොසැලකිය යුතුය. එක් කිරියක් පමණ බිම් පෙදෙසක පාත්‍ර සතරක්ම තැබවූහ. පාත්‍රයෙහි මුදුන නවරත්නය, මුවවිට පටන් අට රුවන්ය. මුවවිටෙහි සදෙනකු යෙදූ ආජඤ්ඤ රථයක් වටා ගමන් කරයි. දෙනු ලබන්නේ පාත්‍රයෙහි පිට කෙළවරින් වර්ග වශයෙන් ප්‍රතිග්‍රාහකයන් තබා පළමුව පාත්‍රයෙහි බහාලූ දෙය දී පසුව පාත්‍රය සන්ධි (මූට්ටු) වලින් බිඳ (කොටස් කොට) ඒවාද දුන්නේය. මෙසේ අසූසාර දහසක් පාත්‍ර දුන්නේය. රූපියපාත්ර ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙහි ද සුවණ්ණපුරානි යනු රන්කට්ඨි රන්ඵාල රන් මාසකයන්ගෙන් පිරුණාවූයි, හිරඤ්ඤපූරානි යනු සත්වැදෑරුම් උතුම් රුවනින් පිරුණාවූයි, සොවණ්ණාලඞ්කාරානි යනු රන් අබරණයි, කංසුපධාරණානි යනු රිදියෙන් කළ කිරිදෙන දෙනුන්ය. ඒ දෙනුන්ගේ අං රන්කොපුවකින් වටකරන ලද්දේ විය. ගෙලෙහි සමන්මල් දමක් පැළඳවූහ. සතර පයෙහි නූපුරය. පිටෙහි පෙරවූ උතුම් දුහුල් සළුවකි. ගෙලෙහි රන් සීනුවක් බැන්දවූහ. වත්ථකොටිසහස්සානි යනු ලෝකව්යවහාරයෙන් වස්ත්‍ර යුගල විස්සක් එක් කෝටියකි. මෙහි වනාහි සළු දහය බැගිනැයි කියනලදි. බොමසුඛුමානං යනාදියෙහි හණරෙදි ආදියෙහි යම් යම් සියුම් දෙයක් වේද එයම දුන්නේය. යම් මේ ස්ත්‍රී දානය වෘෂභ දානය, මද්‍ය දානය, උත්සව දානයයි කියනලද අදාන සංඛ්‍යාත යමක් වේද ඒවාද මේ වේලාමගේ දානමුඛයෙහි මෙනම් දෙය නැතැයි කීම වැලැක්වීම සඳහා දුන්නේය. නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්ති යනු නදීන් මෙන් ගලායති.
ඉමිනා සත්ථා වෙලාමස්ස දානං කථෙත්වා, “ගහපති, එතං මහාදානං නාඤ්ඤො අදාසි, අහං අදාසිං. එවරූපං පන දානං දදන්තොපි අහං පටිග්ගහෙතුං යුත්තරූපං පුග්ගලං නාලත්ථං, ත්වං මාදිසෙ බුද්ධෙ ලොකස්මිං දිට්ඨමානෙ දානං දදමානො කස්මා චින්තෙසී”ති සෙට්ඨිස්ස දෙසනං වඩ්ඪෙන්තො සියා ඛො පන තෙතිආදිමාහ. නනු ච යානි තදා අහෙසුං රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණානි, තානි නිරුද්ධානි? කස්මා “අහං තෙන සමයෙන වෙලාමො බ්රාහ්මණො”ති ආහාති? පවෙණියා අවිච්ඡින්නත්තා. තානි හි රූපාදීනි නිරුජ්ඣමානානි ඉමෙසං පච්චයෙ දත්වා නිරුද්ධානි අපරාපරං අවිච්ඡින්නං පවෙණිං ගහෙත්වා එවමාහ. න තං කොචි දක්ඛිණං සොධෙතීති කොචි සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා උට්ඨාය තං දක්ඛිණං සොධෙතීති වත්තබ්බො නාහොසි. තඤ්හි දක්ඛිණං සොධෙන්තො උත්තමකොටියා බුද්ධො, හෙට්ඨිමකොටියා ධම්මසෙනාපතිසාරිපුත්තත්ථෙරසදිසො සාවකො සොධෙය්ය.
මෙයින් මෙපමණකින් ශාස්තෲන් වහන්සේ වේලාමගේ දානය පවසා “ගෘහපතිය මේ මහාදානය වෙනෙකෙක් නොදුනේය. මම දුන්නෙමි. මෙබඳු වූ දානයක් දෙන්නා වූ ද මම පිළිගැනීමට සුදුසු පුද්ගලයෙක් නොලැබීමි. ඔබ මා වැනි බුදුකෙනකු ලොව දක්නට ලැබෙනවිට දානය දෙමින් කුමහෙයින් සිතන්නෙහිදැයි සිටාණන්ට දෙසුම වඩමින් සියා ඛො පන තෙ යනාදිය වදාළ සේක. එකල්හි යම් රූපවෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෝ වූවාහුද ඒවා නිරුද්ධ වුවෝ නොවෙත්ද? කුමක් හෙයින් මම එකල්හි වෙලාම බ්‍රාහ්මණයායි කීවේද? ප්‍රවේණියෙන් නොසිඳුණු බැවිනි. නිරුද්ධ වන්නාවූ ඒ රූපාදිය මොවුනට ප්රත්යයදී (හේතුවී) නිරුද්ධ වූහ. අපරාපරව නොසිඳුණු ප්‍රවෙණිය ගෙන එසේ කීවේය. න තං කොචි දක්ඛිණං සොධෙති යනු කිසියම් මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරුවෙක් හෝ නැඟිට ඒ දානය පිරිසුදු කරතැයි කිවයුත්තෙක් නොවීය. ඒ දක්ෂිණාව පිරිසුදු කරන්නේ උපරිම කෙළවරින් බුදුරජාණන් වහන්සේ අවම කෙළවරින් දම් සෙනෙවි සැරියුත් තෙරුන් සමාන ශ්‍රාවකයෙක් පිරිසිදු කරන්නේය.
දිට්ඨිසම්පන්නන්ති දස්සනසම්පන්නං සොතාපන්නං. ඉදං තතො මහප්ඵලතරන්ති ඉදං සොතාපන්නස්ස දින්නදානං ලොකියමහාජනස්ස සත්තමාසාධිකානි සත්ත සංවච්ඡරානි එත්තකං හිරඤ්ඤසුවණ්ණං පරිච්චජන්තෙන දින්නදානතො මහප්ඵලං.
දිට්ඨිසම්පන්නං යනු දර්ශනයෙන් යුත් සෝවාන් වූවහුයි, ඉදං තතො මහප්ඵලතරං යනු මේ සෝවාන් තැනැත්තාට දුන් දානය ලෞකික මහජනයාට සත් අවුරුදු සත්මසක් මෙපමණ රන්රුවන් පරිත්‍යාග කරමින් දුන් දානයට වඩා මහත්ඵලය.
යො ච සතං දිට්ඨිසම්පන්නානන්ති එත්ථ එකස්ස සකදාගාමිස්ස වසෙන එකුත්තරසතං සොතාපන්නෙ කත්වා සොතාපන්නගණනා වෙදිතබ්බා. ඉමිනා උපායෙන සබ්බවාරෙසු හෙට්ඨා හෙට්ඨා ආගතෙ අනන්තරෙන සතගුණං කත්වා පුග්ගලගණනා වෙදිතබ්බා.
යො ච සතං දිට්ඨිසම්පන්නානං යනු මෙහි එක් සකෘදාගාමියකුට එකසිය එකක් සෝවාන් වූවන් වශයෙන් කොට සෝවාන් ගණන දතයුතුය. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි යටින් යටින් පැමිණි තැනැත්තාගෙන් අනතුරු අනතුරු එන්නා සියගුණයක් කොට පුද්ගල සංඛ්‍යාව දතයුතුයි.
බුද්ධප්පමුඛන්ති එත්ථ සම්මාසම්බුද්ධං සඞ්ඝත්ථෙරං කත්වා නිසින්නො සඞ්ඝො බුද්ධප්පමුඛො සඞ්ඝොති වෙදිතබ්බො. චාතුද්දිසං සඞ්ඝං උද්දිස්සාති එත්ථ චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස කතවිහාරො නාම යත්ථ චෙතියං පතිට්ඨිතං හොති, ධම්මස්සවනං කරීයති, චතූහි දිසාහි අනුදිසාහි ච භික්ඛූ ආගන්ත්වා අප්පටිපුච්ඡිත්වායෙව පාදෙ ධොවිත්වා කුඤ්චිකාය ද්වාරං විවරිත්වා සෙනාසනං පටිජග්ගිත්වා වසිත්වා යථාඵාසුකං ගච්ඡන්ති. සො අන්තමසො චතුරතනියා පණ්ණසාලාපි හොතු, චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස කතවිහාරොත්වෙව වුච්චති.
බුද්ධපමුඛං යනු මෙහි සම්මා සම්බුදුන් වහන්සේ සඞ්ඝස්ථවිරයන් කොට හුන්නාවූ සඞ්ඝයා බුද්ධ ප්රමුඛ සංඝයායි දතයුතුය. චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස යනු මෙහි සිවුදිගට අයත් සඞ්ඝයා උදෙසා කළ විහාරය නම් යම්තැනක චෛත්‍යයක් පිහිටියේ වේද ධර්මශ්රවණය කරනු ලැබේද සිවුදිගින් භික්ෂූන් පැමිණ නොවිමසාම පාදොවා යතුරෙන් දොර හැර සෙනසුන පිළිදැඟුම් කොට වැස පහසු පරිද්දෙන් යත්ද එය යටත් පිරිසෙයින් සිවුරියන් පන්සලක් වේවා සිවුදිගින් වඩින සංඝයා උදෙසා කළ විහාර යයි කියනු ලැබේ.
සරණං ගච්ඡෙය්යාති එත්ථ මග්ගෙනාගතං අනිවත්තනසරණං අධිප්පෙතං. අපරෙ පනාහු – අත්තානං නිය්යාදෙත්වා දින්නත්තා සරණාගමනං තතො මහප්ඵලතරන්ති වුත්තං. සික්ඛාපදානි සමාදියෙය්යාති පඤ්ච සීලානි ගණ්හෙය්ය. සීලම්පි මග්ගෙන ආගතං අනිවත්තනසීලමෙව කථිතං. අපරෙ පනාහු – සබ්බසත්තානං අභයදානස්ස දින්නත්තා සීලං තතො මහප්ඵලතරන්ති වුත්තං. ගන්ධොහනමත්තන්ති ගන්ධඌහනමත්තං, ද්වීහඞ්ගුලීහි ගණ්ඩපිණ්ඩං ගහෙත්වා උපසිඞ්ඝනමත්තං. අපරෙ පන “ගද්දොහනමත්ත”න්ති පාළිං වත්වා ගාවියා එකවාරං ථනඅඤ්ඡනමත්තන්ති අත්ථං වදන්ති. මෙත්තචිත්තන්ති සබ්බසත්තානං හිතානුඵරණචිත්තං. තං පන අප්පනාවසෙනෙව ගහිතං. අනිච්චසඤ්ඤන්ති මග්ගස්ස අනන්තරපච්චයභාවෙන සිඛාපත්තබලවවිපස්සනං.
සරණං ගච්ඡෙය්ය යනු මෙහි මාර්ගයෙන් පැමිණි නොපෙරළෙන සරණය අදහස් කරන ලදි. සමහරු තමන් පවරා දුන් බැවින් සරණයාම එයින් මහත්ඵලතරයයි කීවාහුය. සික්ඛාපදං සමාදියෙය්ය යනු පන්සිල් ගන්නහුය, ශීලයද (සෝවාන් ආදී) මාර්ගයෙන් පැමිණි නොපෙරලෙන ශීලයම කියනලදි. අන්‍යයෝ වනාහි සියලු සතුන්ට අභයදානය දුන් බැවින් ශීලය ඊට වඩා මහත්ඵලතරයයි කීවාහුයි කියනලදි. ගන්ධූහනමත්තං යනු සුවඳ සලකා බැලීම් මාත්‍රයකි. දෙඇඟිල්ලෙන් සුවඳ පිඬක් ගෙන සිඹ බැලීම් මාත්‍රයකි. ඇතැම්හු වනාහි ගද්දූහනමත්තංයි පෙළ කියා දෙනගෙන් එක් වරක් තන අදින පමණකැයි අර්ත්ථය කියත්. මෙත්තචිත්තං යනු සියලු සතුන්ට හිතවත්බව පතුරවා සිතයි. එයද අර්පණා වශයෙන්ම ගන්නා ලදි. අනිච්චසඤ්ඤං යනු මාර්ගයට අනන්තර (අනතුරු) ප්‍රත්‍යය භාවයෙන් මුදුන්පත් බලවත් විදර්ශනාවයි,
උපමාතො පන ඉමානි දානාදීනි පුඤ්ඤානි එවං වෙදිතබ්බානි – සචෙපි හි ජම්බුදීපං භෙරිතලසදිසං සමතලං කත්වා කොටිතො පට්ඨාය පල්ලඞ්කෙ අත්ථරිත්වා අරියපුග්ගලෙ නිසීදාපෙය්ය, තත්ථ සොතාපන්නානං දස පන්තියො අස්සු, සකදාගාමීනං පඤ්ච, අනාගාමීනං අඩ්ඪතෙය්යා, ඛිණාසවානං දියඩ්ඪා, පච්චෙකබුද්ධානං එකා පන්ති භවෙය්ය, සම්මාසම්බුද්ධො එකකොව. එත්තකස්ස ජනස්ස දින්නදානතො සම්මාසම්බුද්ධස්ස දින්නමෙව මහප්ඵලං. ඉතරං පන –
උපමා වශයෙන් මේ දානාදී වූ පින්කම් මෙසේ දතයුතුය. ඉදින් දඹදිව බෙරතලයක් මෙන් සමතලා කොට කෙළවරෙහි පටන් පර්‍ය්‍යංක අතුරා ආර්‍ය්‍ය පුද්ගලයන් හිඳුවා එහි සෝවාන් වූවන්ගේ පේලි දහයක් ද සකෘදාගාමීන්ගේ පේලි පහක් ද අනාගාමීන්ගේ පේලි දෙකහමාරක් ද ක්ෂීණාශ්රවයන්ගේ පේලි එකහමාරක් ද පසේ බුදුවරුන්ගේ එක් පෙලක් ද වන්නේ නම් සම්මා සම්බුදුන් වහන්සේ එකළාම වෙති. එපමණ දෙනෙකුට දුන් දානයෙන් සම්මා සම්බුදුන් වහන්සේට දුන් දානයම මහත්ඵල වෙයි. සෙස්ස වනාහි,
“විහාරදානං පණිපාතො, සික්ඛා මෙත්තාය භාවනා; ඛයතො සම්මසන්තස්ස, කලං නාග්ඝති සොළසිං”.
“විහාරදානය, වැඳීම, ශික්ෂාව, මෛත්‍රී භාවනාව (යන මේවා) ක්ෂය වශයෙන් භාවනා වඩන්නාගේ සොළොස් කලාවෙන් එක්කලාවක් නොඅඟියි.”
තෙනෙව භගවා පරිනිබ්බානසමයෙ “ධම්මානුධම්මප්පටිපත්ති අනුත්තරා පූජා”ති ආහ. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා වේලෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය උතුම්යයි වදාළ සේක. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සීහනාදවග්ගො දුතියො.
දෙවැනි වූ සීහනාද වර්ගයයි.