යෙදුමෙන් කියවන්න

1. සාරිපුත‍්ත සීහනාද සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සාරිපුත‍්ත සීහනාද සුත‍්තවණ‍්ණනා

1. සාරිපුත්ත සීහනාද සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ යෙන භගවා තෙනුපසඞ‍්කමීති “සචෙ සත්‍ථා චාරිකං පක‍්කමිතුකාමො අස‍්ස, ඉමස‍්මිං කාලෙ පක‍්කමෙය්‍ය. හන්‍දාහං චාරිකං ගමනත්‍ථාය සත්‍ථාරං ආපුච‍්ඡාමී”ති චින‍්තෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපසඞ‍්කමි. ආයස‍්මා මං, භන‍්තෙති සො කිර භික‍්ඛු ථෙරං මහතා භික‍්ඛුපරිවාරෙන ගච‍්ඡන‍්තං දිස‍්වා “ඉමෙ භික‍්ඛූ තථාගතං පහාය සාරිපුත‍්තං පරිවාරෙත්‍වා නික‍්ඛන‍්තා, ගමනවිච‍්ඡෙදමස‍්ස කරිස‍්සාමී”ති අට‍්ඨානෙ කොපං බන්‍ධිත්‍වා එවමාහ. තත්‍ථ ආසජ‍්ජාති ඝට‍්ටෙත්‍වා. අප‍්පටිනිස‍්සජ‍්ජාති අක‍්ඛමාපෙත්‍වා අච‍්චයං අදෙසෙත්‍වා. කිස‍්මිං පන සො කාරණෙ ආඝාතං බන්‍ධීති? ථෙරස‍්ස කිර දසබලං වන්‍දිත්‍වා උට‍්ඨාය ගච‍්ඡතො චීවරකණ‍්ණො තස‍්ස සරීරං ඵුසි, වාතො පහරීතිපි වදන‍්ති. එත‍්තකෙන ආඝාතං බන්‍ධිත්‍වා ථෙරං මහතා පරිවාරෙන ගච‍්ඡන‍්තං දිස‍්වා උසූයමානො “ගමනවිච‍්ඡෙදමස‍්ස කරිස‍්සාමී”ති එවමාහ. එහි ත්‍වං භික‍්ඛූති සත්‍ථා තස‍්ස භික‍්ඛුනො වචනං සුත්‍වා “න තං භික‍්ඛු සාරිපුත‍්තො පහරීති වුත‍්තෙ, ‘භන‍්තෙ, තුම‍්හෙ අත‍්තනො අග‍්ගසාවකස‍්සෙව පක‍්ඛං වහථ, න මය‍්හ’න‍්ති මයි මනොපදොසං කත්‍වා අපායෙ නිබ‍්බත‍්තෙය්‍යා”ති ඤත්‍වා “සාරිපුත‍්තං පක‍්කොසාපෙත්‍වා ඉමමත්‍ථං පුච‍්ඡිස‍්සාමී”ති එකං භික‍්ඛුං ආමන‍්තෙත්‍වා එවමාහ. අවාපුරණං ආදායාති කුඤ‍්චිකං ගහෙත්‍වා. සීහනාදන‍්ති සෙට‍්ඨනාදං පමුඛනාදං අප‍්පටිවත‍්තියනාදං. එවං ද‍්වීහි මහාථෙරෙහි ආරොචිතො භික‍්ඛුසඞ‍්ඝො රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානානි පහාය සත්‍ථු සන‍්තිකං අගමාසි. ඛීයනධම‍්මන‍්ති කථාධම‍්මං.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි යෙන භගවා තෙනුපසඞ්කමි යනු ඉදින් ශාස්තෲන් වහන්සේ චාරිකාවෙහි යනු කැමති සේක් වන්නේද මෙ කල්හි එළඹෙන්නේය. මම චාරිකාවෙහි හැසිරීම සඳහා ශාස්තෲන් වහන්සේගෙන් අසමැයි සිතා බික්සඟන විසින් පිරිවරන ලද්දේ එළැඹියේය. ආයස්මා මං භන්තෙ යනු ඒ භික්ෂුව මහත් පිරිවරින් යන්නාවූ තෙරුන් දැක මේ භික්ෂුහු තථාගතයන් වහන්සේ අත්හැර සැරියුත් තෙරුන් පිරිවරා නික්මුණාහුය. මොහුගේ යාම නවත්වන්නෙමැයි නිකරුණෙහි කෝප බැඳ මෙසේ කීවේය. එහි ආසජ්ජා යනු ගටායි, අප්පටිනිස්සජ්ජ යනු ක්‍ෂමා නොකොට වරද නොදෙසායි, කවර කරුණක හෙතෙම ආඝාත බැන්දේද යත්? බුදුන්වහන්සේ වැඳ නැඟිට යන්නාවූ තෙරුන්ගේ සිවුරු කොණ ඔහුගේ සිරුර පැහැසීය. සුළඟ වැදුනේයයි ද කියත්. මෙපමණකින් වෛර බැඳ මහත් පිරිවරින් යන තෙරුන් දැක ඊර්‍ෂ්‍යා කරනු ලබන්නේ මොහුගේ ගමන සිඳින්නෙමැයි මෙසේ කීවේය. එහි ත්‍වං භික්ඛු යනු ශාස්තෘන් වහන්සේ එම භික්ෂුවගේ වචනය අසා සාරිපුත්‍රතෙමේ ඒ භික්‍ෂුවට නොපැහැරියයි කීවිට ස්වාමීනි නුඹවහන්සේ තමන්ගේ අග්‍රශ්‍රාවකයාගේ පැත්ත ගනිති මගේ පැත්ත නොවේයයි මා කෙරෙහි සිත දූෂ්‍ය කොට අපායෙහි උපදින්නේයයි දැන සැරියුත් තෙරුන් කැඳවා මෙකරුණ විමසන්නෙමැයි එක් භික්ෂුවක අමතා මෙසේ කී සේක. අවාපුරණං ආදාය යනු යතුරක් ගෙනයි, සීහනාදං යනු ශ්‍රේෂ්ඨ නාදයයි, ප්‍රමුඛනාදයයි, නොපැවැත්විය හැකි නාදයයි. මෙසේ මහතෙරවරුන් දෙදෙනා විසින් සැළකරනලද භික්ෂුසඞ්ඝයා රාත්‍රිස්ථාන දිවාස්ථානයන් අතහැර ශාස්තෲන් සමීපයට ගියේය. ඛියනධම්මං යනු කථාධර්‍මයයි,

ගූථගතන‍්ති ගූථමෙව. සෙසෙසුපි එසෙව නයො. පථවීසමෙනාති අකුජ‍්ඣනට‍්ඨෙන පථවියා සමානෙන. න හි පථවී “මයි සුචිං නික‍්ඛිපන‍්තී”ති සොමනස‍්සං කරොති, න “අසුචිං නික‍්ඛිපන‍්තී”ති දොමනස‍්සං. මය‍්හම‍්පි එවරූපං චිත‍්තන‍්ති දස‍්සෙති. විපුලෙනාති අපරිත‍්තෙන. මහග‍්ගතෙනාති මහන‍්තභාවං ගතෙන. අප‍්පමාණෙනාති වඩ‍්ඪිතප‍්පමාණෙන. අවෙරෙනාති අකුසලවෙරපුග‍්ගලවෙරරහිතෙන. අබ්‍යාපජ‍්ඣෙනාති නිද‍්දුක‍්ඛෙන විගතදොමනස‍්සෙන. සො ඉධාති සො අනුපට‍්ඨිතකායානුපස‍්සනාසතිපට‍්ඨානො භික‍්ඛු එවං කරෙය්‍ය, මාදිසො කථං එවරූපං කරිස‍්සති, භන‍්තෙති පඨමං සීහනාදං නදි. එවං සබ‍්බත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

ගුථගතං යනු ගූථයම (අසූචිය) ගූථගතං නමි. සෙසු තැන්හි ද ක්‍රමයමයි, පඨවිසමෙන යනු නොකිපෙන දූෂ්‍ය නොවන අර්‍ත්‍ථයෙන් පොළව සම වූයෙනි, පොළොව මාමත පිරිසුදු දේ හෙළතියි සොම්නස් නොවෙයි, අපිරිසුදු දෑ හෙළතියි දොම්නස් ද නොවේ. මගේ සිත ද එසේයයි දක්වයි. විපුලෙන යනු නොමඳ දෙයිනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි, අප්පමාණෙන යනු වැඩුණු පමණිනි, අවෙරෙන යනු අකුසල වෛර පුද්ගල වෛර රහිත වූවෙනි, අව්‍යාපජ්ඣෙන යනු නිදුකිනි, පහවූ දොම්නසිනි, සො ඉධ යනු ඒ නොඑළඹසිටි කායානුපස්සනා සතිපට්ඨාන ඇති භික්ෂුව මෙසේ කරන්නේය. මාවැන්නෙක් කෙසේ මෙබඳු දෙයක් කරයිද ස්වාමීනියි පළමු සිංහනාදය නැඟීය. මෙසේ සියලු තැන යෙදීම දතයුතුය.

රජොහරණන‍්ති රජසම‍්මජ‍්ජනචොළකං, පාදපුඤ‍්ඡන‍්ති, තස‍්සෙව නාමං. කළොපිහත්‍ථොති පච‍්ඡිහත්‍ථො උක‍්ඛලිහත්‍ථො වා. නන‍්තකවාසීති අන‍්තච‍්ඡින‍්නපිලොතිකවසනො. සූරතොති සුචිසීලො සොරච‍්චෙන සමන‍්නාගතො. සුදන‍්තොති සුට‍්ඨු දමථං උපගතො. සුවිනීතොති සුට‍්ඨු සික‍්ඛිතො. න කඤ‍්චි හිංසතීති විසාණාදීසු ගණ‍්හන‍්තම‍්පි පිට‍්ඨිං පරිමජ‍්ජන‍්තම‍්පි න කඤ‍්චි විහෙඨෙති. උසභඡින‍්නවිසාණසමෙනාති උසභස‍්ස ඡින‍්නවිසාණස‍්ස චිත‍්තසදිසෙන.

රජොහරණං යනු රජකුල ආදීන්ගේ මුස්නෙන් නොහමදිත්. රෙදි කඩකින් පිසිත්. එයට මේ නමයි. කළොපිහත්‍ථො යනු පැසක් ගත් අත් ඇත්තේ හෝ පිරිසිදු අත් ඇත්තේයි, නන්තකවාසී යනු කෙළවර සිඳුණු රෙදිකඩක් අඳින්නාවූයි. සූරතො යනු පිරිසුදු සිල් ඇත්තේයි, සුරත බවින් යුක්ත වූයේයි, සුදන්තො යනු මනාව දමනයට හික්මුනේයි, න කිඤ්චි හිංසති යනු අං ආදිය ගන්නකු ද පිට පිරිමදින්නකු ද (යනාදී) කිසිවකු නොවෙහෙසවයි. උසභච්ඡින්නවිසාණසමෙන යනු සිඳින ලද අං ඇති ගොනුගේ සිතට සමාන වූයි,

අට‍්ටීයෙය්‍යාති අට‍්ටො පීළිතො භවෙය්‍ය. හරායෙය්‍යාති ලජ‍්ජෙය්‍ය. ජිගුච‍්ඡෙය්‍යාති ජිගුච‍්ඡං ආපජ‍්ජෙය්‍ය.

අට්ටියෙය්‍ය යනු පෙළෙන ලද්දේ වන්නේය, හරායෙය්‍ය යනු ලජ්ජා වන්නේය, ජිගුච්ඡෙය්‍ය යනු පිළිකුලට පත්වන්නේය,

මෙදකථාලිකන‍්ති මෙදකථාලිකා වුච‍්චති සූනකාරකෙහි යූසනික‍්ඛමනත්‍ථාය තත්‍ථ තත්‍ථ කතඡිද‍්දා ථාලිකා. පරිහරෙය්‍යාති මංසස‍්ස පූරෙත්‍වා උක‍්ඛිපිත්‍වා ගච‍්ඡෙය්‍ය. ඡිද‍්දාවඡිද‍්දන‍්ති පරිත‍්තමහන‍්තෙහි ඡිද‍්දෙහි සමන‍්නාගතං. උග‍්ඝරන‍්තන‍්ති උපරිමුඛෙහි ඡිද‍්දෙහි නික‍්ඛමමානයූසං. පග‍්ඝරන‍්තන‍්ති අධොමුඛෙහි නික‍්ඛමමානයූසං. එවමස‍්ස සකලසරීරං යූසමක‍්ඛිතං භවෙය්‍ය. ඡිද‍්දාවඡිද‍්දන‍්ති නවහි වණමුඛෙහි පරිත‍්තමහන‍්ත ඡිද‍්දං. එවමෙත්‍ථ අට‍්ඨමනවමෙහි ද‍්වීහි අඞ‍්ගෙහි ථෙරො අත‍්තනො සරීරෙ නිච‍්ඡන්‍දරාගතං කථෙසි.

මෙදකථාලිකං යනු ඝාතකයන් විසින් යුෂ නික්මෙනු සඳහා තැනින් තැන කළ හිල් ඇති සැළියයි, පරිහරෙය්‍ය යනු මස් පුරවා ඔසවාගෙන යන්නේය, ජිද්දාචඡිද්දං යනු ලොකු කුඩා සිදුරුවලින් යුක්ත වූයි, උග්ඝරන්තං පග්ඝරන්තං යනු අධොමුඛයන්ගෙන් (යටිමුවෙන්) නික්මෙන යුෂයි, මෙසේ ඔහුගේ සියල් සිරුර යුෂයෙන් වැකුණක් වන්නේය, ඡිද්දාචජිද්දං යනු නවවැදෑරුම් වණමුවවලින් ලොකු-කුඩා සිදුරුයි, මෙසේ මෙහි අටවැනි නවවැනි අංගදෙකින් තෙරණුවෝ තම සිරුරෙහි ඡන්‍දරාගය නැතිබව කීහ.

අථ ඛො සො භික‍්ඛූති එවං ථෙරෙන නවහි කාරණෙහි සීහනාදෙ නදිතෙ අථ සො භික‍්ඛු. අච‍්චයොති අපරාධො. මං අච‍්චගමාති මං අතික‍්කම‍්ම අභිභවිත්‍වා පවත‍්තො. පතිග‍්ගණ‍්හතූති ඛමතු. ආයතිං සංවරායාති අනාගතෙ සංවරණත්‍ථාය, පුන එවරූපස‍්ස අපරාධස‍්ස අකරණත්‍ථාය. තග‍්ඝාති එකංසෙන. යථාධම‍්මං පටිකරොසීති යථා ධම‍්මො ඨිතො, තථෙව කරොසි, ඛමාපෙසීති වුත‍්තං හොති. තං තෙ මයං පටිග‍්ගණ‍්හාමාති තං තව අපරාධං මයං ඛමාම. වුද‍්ධිහෙසා භික‍්ඛු අරියස‍්ස විනයෙති එසා භික‍්ඛු අරියස‍්ස විනයෙ බුද‍්ධස‍්ස භගවතො සාසනෙ වුඩ‍්ඪි නාම. කතමා? අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරිත්‍වා ආයතිං සංවරාපජ‍්ජනා. දෙසනං පන පුග‍්ගලාධිට‍්ඨානං කරොන‍්තො යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ‍්ජතීති ආහ. ඵලතීති සචෙ හි ථෙරො න ඛමෙය්‍ය, තස‍්ස භික‍්ඛුනො තත්‍ථෙව සත‍්තධා මුද‍්ධා ඵලෙය්‍ය. තස‍්මා භගවා එවමාහ. සචෙ මං සොති සචෙ මං අයං භික‍්ඛු ඛමාහීති එවං වදති. ඛමතු ච මෙ සොති අයම‍්පි චායස‍්මා මය‍්හං ඛමතූති එවං ථෙරො තස‍්ස අච‍්චයං පටිග‍්ගණ‍්හිත්‍වා සයම‍්පි තං සත්‍ථු සම‍්මුඛෙ ඛමාපෙසීති.

අථ ඛො සො භික්ඛු යනු මෙසේ තෙරුන් විසින් කරුණු නවයකින් සිංහනාදය කළ විට ඉක්බිති ඒ භික්ෂුවයි, අච්චයො යනු අපරාධයයි, මං අච්චගමා යනු මා ඉක්මවා යටපත් කොට පැවැතියේයි, පතිගණ්හාතු යනු ක්ෂමා කෙරේවායි, ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරවීම සඳහායි, යළි මෙබඳු අපරාධයක් නොකරනු සඳහායි, තග්ඝ යනු ඒකාන්තයෙනි, යථාධම්මං පටිකරොසි යනු යම්සේ ධර්‍මය පිහිටියේද එසේම කරව. ක්‍ෂමා කළේයයි කියන ලද්දේ වෙයි. තං තෙ මයං පටිගණ්හාම යනු ඒ ඔබගේ අපරාධය අපි ඉවසමු, වුද්ධිහෙසා භික්ඛුං අරියස්ස විනයෙ යනු මහණ, මේ ආර්‍ය්‍ය විනයෙහි - භාග්‍යවත් බුදුරදුන්ගේ සසුනෙහි අභිවෘද්ධිය නම් කවරේද යත්? වරද වරද ලෙස දැක ධර්‍මයට අනුව පිළියම් කොට අනාගතයෙහි සංවරයට එළඹීමයි. දේශනාව පුද්ගලාධිෂ්ඨානව පවත්වන සේක් යමෙක් වරද වරද ලෙස දැක ධර්‍මයට අනුව පිළියම් කරයිද අනාගතයෙහි සංවරයට පැමිණේදැයි දෙසූ සේක. ඵලති යනු ඉදින් තෙරණුවෝ ක්‍ෂමා නොකරත්ද, එහිදීම එම භික්ෂුවගේ හිස සත් කඩකට පැලෙන්නේය එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සචෙ මං සො යනු ඉදින් මේ භික්ෂුව මට ක්‍ෂමා කරවයි මෙසේ කියයි. ඛමතු ච මෙ සො යනු මේ ආයුෂ්මත්තෙමේ ද මට ක්‍ෂමා වේවායි මෙසේ තෙරණුවෝ ඔහුගේ වරද පිළිගෙන තෙමේත් ඔහු ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ක්‍ෂමා කරවූහ.

2. සොපාදිසෙස සුත‍්තවණ‍්ණනා

2. සොපාදිසෙස සූත්‍ර වර්ණනාව

දුතියෙ සඋපාදිසෙසන‍්ති සඋපාදානසෙසං. අනුපාදිසෙසන‍්ති උපාදානසෙසරහිතං නිග‍්ගහණං. මත‍්තසො කාරීති පමාණකාරී න පරිපූරකාරී. න තාවායං, සාරිපුත‍්ත, ධම‍්මපරියායො පටිභාසීති අප‍්පටිභානං නාම භගවතො නත්‍ථි, න තාවාහං ඉමං ධම‍්මපරියායං කථෙසින‍්ති අයං පනෙත්‍ථ අත්‍ථො. මායිමං ධම‍්මපරියායං සුත්‍වා පමාදං ආහරිංසූති “මයං කිර චතූහි අපායෙහි මුත‍්තා”ති උපරි අරහත‍්තත්‍ථාය වීරියං අකරොන‍්තා මා පමාදං ආපජ‍්ජිංසු. පඤ‍්හාධිප‍්පායෙන භාසිතොති තයා පුච‍්ඡිතපඤ‍්හස‍්ස සභාවෙන කථිතොති දස‍්සෙති. ඉමෙසං පන නවන‍්නං පුග‍්ගලානං භවෙසු ඡන්‍දරාගවිනොදනත්‍ථං එතමෙව අත්‍ථුප‍්පත‍්තිං කත්‍වා – “සෙය්‍යථාපි, භික‍්ඛවෙ, අප‍්පමත‍්තකොපි ගූථො දුග‍්ගන්‍ධො හොති, එවමෙව ඛො ඛ‍්වාහං, භික‍්ඛවෙ, අප‍්පමත‍්තකම‍්පි භවං න වණ‍්ණෙමි අන‍්තමසො අච‍්ඡරාසඞ‍්ඝාතමත‍්තම‍්පී”ති ඉමං සුත‍්තං (අ· නි· 1.321) අභාසි. න කෙවලඤ‍්ච එතෙසංයෙව නවන‍්නං පුග‍්ගලානං ගති නිබද‍්ධා, යෙසං පන කුලානං තීණි සරණානි පඤ‍්ච සීලානි එකං සලාකභත‍්තං එකං පක‍්ඛියභත‍්තං එකං වස‍්සාවාසිකං එකා පොක‍්ඛරණී එකො ආවාසො, එවරූපානි නිබද‍්ධපුඤ‍්ඤානි අත්‍ථි. තෙසම‍්පි ගති නිබද‍්ධා, සොතාපන‍්නසදිසානෙව තානි කුලානි.

දෙවැන්නෙහි ස උපාදිස්සෙං යනු උපාදාන ඉතිරිය සහිතවූයි, අනුපාදිසෙසං යනු උපාදාන ඉතිරියක් නැතිවූයි, නොගැනීමයි. මත්තසොකාරී යනු පමණට කරන්නායි, සම්පූර්‍ණ කොට නොකරන්නායි, න තාවායං සාරිපුත්ත ධම්මපරියායො පටිභාසි යනු භාග්‍යවතුන් වහන්සේට නොවැටහෙන්නක් නම් නැත. එතෙක් මේ ධර්‍මක්‍රමය මම නොකීමි යන අරුත්ය. මා ඉමං ධම්මපරියායං සුත්‍වා පමාදං ආහරිංසු යනු අපි සතර අපායෙන් මිදුනාහු වෙමුයි මත්තෙහි රහත්බව සඳහා වීර්‍ය්‍ය නොකරමින් ප්‍රමාදයට නොපැමිණියාහුය, පඤ්ඤාධිප්පායෙන භාසිතො යනු ඔහු විසින් අසන ලද ප්‍රශ්නයට සමාන දෙයින් කියන ලදැයි දක්වයි, මෙම නවවැදෑරුම් පුද්ගලයන්ගේ භවයන්හි ඡන්‍දරාගය දුරුකිරීම සඳහා එයම අර්‍ත්‍ථොත්පත්ති කොට “යම්සේ නම් මහණෙනි සුළු වූ ද අසූවිය දුගඳ වේද එපරිද්දෙන්ම මහණෙනි, මම අල්පමාත්‍ර වූ ද භවය යටත් පිරිසෙයින් අසුරුසණක් ගසන කාලයකුදු නොවණමි.” යන මෙම සූත්‍රාන්තය දෙසූසේක. හුදෙක් මේ පුද්ගලයන් නව දෙනාගේ පමණක් ගතිය ක්‍රමවත් වූයේ නොවේ. යම් කුලයන්ගේ තිසරණය, පන්සිල් එක්ලහබතක්, එක් පක්ෂයක බතක්, එක් වස්වසන්නන්ට දෙන බතක්, එක් පොකුණක්. එක් ආවාසයක්, යන මෙබඳු වූ අඛණ්ඩව කෙරෙන පින් ඇත්තේද ඔවුන්ගේ ගතිය ද ක්‍රමවත් වූයේය. ඒ කුලයෝ සෝවාන් වූවන්ට සමාන වෙති.

3. මහාකොට‍්ඨිත සුත‍්තවණ‍්ණනා

3. මහාකොට්ඨිත සූත්‍ර වර්ණනාව

තතියෙ දිට‍්ඨධම‍්මවෙදනීයන‍්ති ඉමස‍්මිං යෙවත‍්තභාවෙ විපච‍්චනකකම‍්මං. සම‍්පරායවෙදනීයන‍්ති දුතියෙ අත‍්තභාවෙ විපච‍්චනකකම‍්මං. සුඛවෙදනීයන‍්ති සුඛවෙදනාජනකකම‍්මං. දුක‍්ඛවෙදනීයන‍්ති දුක‍්ඛවෙදනාජනකකම‍්මං. පරිපක‍්කවෙදනීයන‍්ති ලද‍්ධවිපාකවාරං. අපරිපක‍්කවෙදනීයන‍්ති අලද‍්ධවිපාකවාරං. බහුවෙදනීයන‍්ති බහුවිපාකදායකං. අප‍්පවෙදනීයන‍්ති න බහුවිපාකදායකං. අවෙදනීයන‍්ති විපාකවෙදනාය අදායකං. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං.

තෙවැන්නෙහි දිට්ඨධම්මවෙදනීයං යනු මෙම ආත්මභවයෙහිදීම විපාකදෙන කර්‍මයයි, සම්පරායවෙදනීයං යනු දෙවැනි අත් බවෙහි විපාක දෙන කර්‍මයයි, සුඛවෙදනියං යනු සුව වේදනා දෙන කර්‍මයයි, දුක්ඛවෙදනියං යනු දුක් වේදනා දනවන කර්‍මයයි, පරිපක්කවෙදනියං යනු ලැබූ විපාක වාරයයි, අපරිපක්කවෙදනියං යනු නොලද විපාක වාරයයි, බහුවෙදනියං යනු බොහෝ විපාක දෙන්නාවූයි, අප්පවෙදනියං යනු බොහෝ විපාක නොදෙන්නා වූයි, අවෙදනියං යනු විපාක වේදනාව නොදෙන්නාවූයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියනලදි.

4. සමිද‍්ධි සුත‍්තවණ‍්ණනා

4. සමිද්ධි සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ සමිද‍්ධීති අත‍්තභාවසමිද‍්ධතාය එවංලද‍්ධනාමො ථෙරස‍්ස සද‍්ධිවිහාරිකත්‍ථෙරො. කිමාරම‍්මණාති කිංපච‍්චයා. සඞ‍්කප‍්පවිතක‍්කාති සඞ‍්කප‍්පභූතා විතක‍්කා. නාමරූපාරම‍්මණාති නාමරූපපච‍්චයා. ඉමිනා චත‍්තාරො අරූපක‍්ඛන්‍ධා භූතුපාදායරූපඤ‍්ච විතක‍්කානං පච‍්චයොති දස‍්සෙති. ක්‍ව නානත‍්තං ගච‍්ඡන‍්තීති කස‍්මිං ඨානෙ නානාසභාවතං වෙමත‍්තං ගච‍්ඡන‍්ති. ධාතුසූති රූපධාතුආදීසු. අඤ‍්ඤොයෙව හි රූපවිතක‍්කො, අඤ‍්ඤෙ සද‍්දවිතක‍්කාදයොති. ඵස‍්සසමුදයාති සම‍්පයුත‍්තඵස‍්සපච‍්චයා. වෙදනාසමොසරණාති තිස‍්සො වෙදනා සමොසරණා. එත‍්තකෙන කුසලාකුසලමිස‍්සකා කථිතා. සමාධිප‍්පමුඛාතිආදයො පන අපචයපක‍්ඛිකාති වෙදිතබ‍්බා. තත්‍ථ පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන ජෙට‍්ඨකට‍්ඨෙන වා සමාධි පමුඛං එතෙසන‍්ති සමාධිප‍්පමුඛා. ජෙට‍්ඨකකාරණට‍්ඨෙන සති අධිපතෙය්‍යා එතෙසන‍්ති සතාධිපතෙය්‍යා. මග‍්ගපඤ‍්ඤා උත‍්තරා එතෙසන‍්ති පඤ‍්ඤුත‍්තරා. ඵලවිමුත‍්තිං පත්‍වා සාරප‍්පත‍්තා හොන‍්තීති විමුත‍්තිසාරා. ආරම‍්මණවසෙන අමතං නිබ‍්බානං ඔගාහිත්‍වා තත්‍ථ පතිට‍්ඨිතාති අමතොගධා. තෙන ච මා මඤ‍්ඤීති තෙන විස‍්සජ‍්ජනෙන “අහං අග‍්ගසාවකෙන පුච‍්ඡිතෙ පඤ‍්හෙ විස‍්සජ‍්ජෙසි”න‍්ති මා මානං වා දප‍්පං වා අකාසි.

සිවුවැන්නෙහි සමිද්ධි යනු ආත්මභාව සමෘද්ධවීම නිසා මෙසේ ලබන ලද නම ඇති, තෙරුන් සමග වෙසෙන තෙරනමකි. කිමාරම්මණා යනු කවර ප්‍රත්‍යයෝද? සඞ්කප්පවිතක්කා යනු සංකල්ප වූ විතර්‍කයෝයි, නාමරූපාරම්මණා යනු නාමරූප ප්‍රත්‍යයෝයි, මෙයින් අරූපස්කන්‍ධ සතර ද මහාභූතයන්ගේ උපාදාය රූප ද විතර්‍කයන්ගේ ප්‍රත්‍යය යි දක්වයි, ක්‍ව නාතත්තං ගච්ඡන්ති යනු කවර තැනක විවිධ ස්වභාවය ඇති බවට - විවිධත්වයට යත්ද? ධාතුසු යනු රූප ධාතු ආදීන්හි රූපවිර්‍තය එකෙකි ශබ්දවිතර්‍කාදීහු (එයින්) වෙනස් වූවෝය. ඵස්සසමුදයා යනු එක්ව යෙදුනු ස්පර්‍ශ ප්‍රත්‍යයෙනි, වෙදනාසමොසරණා යනු තුන්වේදනා එක්වීමයි, පෙමණකින් කුශල අකුශල මිශ්‍රකයෝ කියනලදය. සමාධිපමුඛා යනාදීහු ක්‍ෂයවීමේ පක්‍ෂයෙහි වූවෝයි දතයුත්තාහ. එහි පෙරදැරිවීමේ අරුතින් හෝ දෙටුවීමේ අරුතින් සමාධිය ප්‍රමුඛවූයේ මොවුන්ගේනුයි සමාධිපමුඛා නමි. ජ්‍යෙෂ්ඨ කාරණය යන අර්‍ත්‍ථයෙන් සිහිය අධිපතිවූවෝ මොවුන්ගේනුයි සතාධිපතෙය්‍යා නමි. ශ්‍රේෂ්ඨ වූ මාර්‍ගප්‍රඥාව මොවුන්ගේනුයි පඤ්ඤුත්තරා නමි. ඵලවිමුක්තියට පැමිණ හරයට පැමිණියාහු වෙත්නුයි විමුත්තිසාරා නමි. අරමුණු වශයෙන් අමා නිවනට බැස එහි පිහිටියාහුයි අමතොගධා නමි, තෙන ච මා මඤ්ඤී යනු එම විසඳීමෙන් මම අගසවු විසින් ප්‍රශ්න ඇසූවිට විසඳීමියි මානයක් හෝ ගර්‍වයක් නොකළේය.

5-6. ගණ‍්ඩොපම සුත‍්තාදිවණ‍්ණනා

5-6. ගණ්ඩොපම ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ තීණි චත‍්තාරි වස‍්සානි වස‍්සගණා, අනෙකෙ වස‍්සගණා උප‍්පන‍්නා අස‍්සාති අනෙකවස‍්සගණිකො. තස‍්සස‍්සූති තස‍්ස භවෙය්‍යුං. අභෙදනමුඛානීති න කෙනචි භින්‍දිත්‍වා කතානි, කෙවලං කම‍්මසමුට‍්ඨිතානෙව වණමුඛානි. ජෙගුච‍්ඡියංයෙවාති ජිගුච‍්ඡිතබ‍්බමෙව පටිකූලමෙව. චාතුමහාභූතිකස‍්සාති චතුමහාභූතමයස‍්ස. ඔදනකුම‍්මාසූපචයස‍්සාති ඔදනෙන චෙව කුම‍්මාසෙන ච උපචිතස‍්ස වඩ‍්ඪිතස‍්ස. අනිච‍්චුච‍්ඡාදනපරිමද‍්දනභෙදනවිද‍්ධංසනධම‍්මස‍්සාති හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චධම‍්මස‍්ස, දුග‍්ගන්‍ධවිඝාතත්‍ථාය තනුවිලෙපනෙන උච‍්ඡාදනධම‍්මස‍්ස, අඞ‍්ගපච‍්චඞ‍්ගාබාධවිනොදනත්‍ථාය ඛුද‍්දකසම‍්බාහනෙන පරිමද‍්දනධම‍්මස‍්ස, දහරකාලෙ වා ඌරූසු සයාපෙත්‍වා ගබ‍්භවාසෙන දුස‍්සණ‍්ඨිතානං තෙසං තෙසං අඞ‍්ගපච‍්චඞ‍්ගානං සණ‍්ඨානසම‍්පාදනත්‍ථං අඤ‍්ඡනපීළනාදිවසෙන පරිමද‍්දනධම‍්මස‍්ස, එවං පරිහරිතස‍්සාපි ච භෙදනවිද‍්ධංසනධම‍්මස‍්ස, භිජ‍්ජනවිකිරණසභාවස‍්සෙවාති අත්‍ථො. එත්‍ථ ච අනිච‍්චපදෙන චෙව භෙදනවිද‍්ධංසනපදෙහි චස‍්ස අත්‍ථඞ‍්ගමො කථිතො, සෙසෙහි සමුදයො. නිබ‍්බින්‍දථාති උක‍්කණ‍්ඨථ පජහථ ඉමං කායන‍්ති දස‍්සෙති. එවමිමස‍්මිං සුත‍්තෙ බලවවිපස‍්සනා කථිතා. ඡට‍්ඨං වුත‍්තනයමෙව. සඤ‍්ඤාසීසෙන පනෙත්‍ථ ඤාණමෙව කථිතං.

පස්වැන්නෙහි අවුරුදු තුනහතරක් වස්සගණ නමි. මොහුට නොයෙක් වර්‍ෂගණයෝ උපන්නාහුයි අනෙකවස්සගණිකො නමි. තස්සස්සු යනු ඔහුට වන්නාහුය, අභෙදනමුබානි යනු කිසිවකු විසින් බිඳ කරන ලද දේ නොව හුදෙක් කර්‍මයෙන්ම හටගත් වණමුඛයෝයි, ජෙගුච්ඡියඤ්ඤෙව යනු පිළිකුල් කටයුත්තක්මය, පිළිකුලක්මය, චාතුම්මහාභූතිකස්ස යනු සතර මහා භූතයන්ගෙන් නිමවුණු, ඔදනකුම්මාසුපච්චයස්ස යනු බතින් මෙන්ම කොමුයෙන් රැස්වූ, වැඩුණුයි, අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස යනු වී නැතිවීමේ අර්‍ත්‍ථයෙන් අනිත්‍ය ස්වභාවය ඇති දුගඳ නසනු සඳහා නොයෙක් විලවුන්වලින් ඇතිල්ලීමේ ස්වභාවය ඇති අඟපසඟවල ආබාධ දුරුකරනු සඳහා පිරිමැදීමෙන් පිරිමදින ස්වභාවය ඇති, කුඩාකල හෝ කළවාවල (ඇකයෙහි) නිදිකරවා කුසතුළ විසීමෙන් නොමනාව පිහිටි ඒ ඒ අඟපසඟ සකසනු සඳහා අඳුන් පෙළීම් ආදී වශයෙන් පිරිමඬනා ස්වභාවය ඇති, මෙසේ පරිහරණය කරන ලද්දේ වුව ද බිඳීම් විනාශවීම් ස්වභාවය ඇත්තාගේයි. බිඳෙන විසිරෙන ස්වභාවය ඇත්තාගේ යන අර්‍ත්‍ථයයි. මෙහි ද අනිත්‍ය පදයෙන් මෙන්ම භෙදනවිද්ධංසන පදයන්ගෙන් ද ඔහුගේ බැසයාම (විනාශවිම) කියනලදි. සෙසු පදවලින් හටගැනීමයි, නිබ්බින්‍දථ යනු උකටලී වෙමු. මේ ශරීරය අත්හරිවුයි දක්වයි. මෙසේ මේ සූත්‍රයෙහි බලවත් විදර්‍ශනාව කියන ලදි. සවැන්න කියනලද ක්‍රමය ඇත්තේමය. මෙහි ප්‍රඥා ශීර්ෂයෙන් ඥානයම කියන ලදි.

7. කුලොපගමන සුත‍්තවණ‍්ණනා

7. කුලොපගමන සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ න මනාපෙන පච‍්චුට‍්ඨෙන‍්තීති මනවඩ‍්ඪනෙන මනං අල‍්ලීයනාකාරෙන ආසනා වුට‍්ඨාය පච‍්චුග‍්ගමනං න කරොන‍්ති. න මනාපෙන අභිවාදෙන‍්තීති න පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දන‍්ති. අසක‍්කච‍්චං දෙන‍්තීති අචිත‍්තීකාරෙන දෙන‍්ති. නො සක‍්කච‍්චන‍්ති සහත්‍ථා න දෙන‍්ති. න උපනිසීදන‍්ති ධම‍්මසවනායාති “ධම‍්මං සුණිස‍්සාමා”ති න සමීපෙ නිසීදන‍්ති. න සුස‍්සූසන‍්තීති ඝටපිට‍්ඨෙ ආසිත‍්තඋදකං විය විවට‍්ටෙත්‍වා ගච‍්ඡති.

සත්වැන්නෙහි න මනාපෙන පච්චුට්ඨෙන්ති මනවැඩීමෙන් මන බඳනා අයුරින් අසුනෙන් නැඟිට පෙරගමන් නොකරත්, න මනාපෙන අභිවාදෙන්ති පසඟ පිහිටුවීමෙන් නොවඳිත්, අසක්කච්චං දෙන්ති යනු අගෞරවයෙන් දෙත්, නො සක්කච්චං යනු සියතින් නොදෙත්, න උපනිසීදන්ති ධම්මසවණාය යනු දහම් අසන්නෙමුයි සමීපයෙහි නොහිඳිත්, න රසීයන්ති යනු සතුටු නොවෙත්. කළය මතුපිට වත්කළ දිය මෙන් පෙරලී යයි.

8. නවඞ‍්ගුපොසථ සුත‍්තවණ‍්ණනා

8. නවඞ්ගුපෝසථ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ වෙනෙය්‍යජ‍්ඣාසයවසෙන මෙත‍්තාභාවනං පක‍්ඛිපිත්‍වා නවඞ‍්ගසමන‍්නාගතොති වුත‍්තං.

අටවැන්නෙහි වෙනෙය්‍ය (හික්මවිය හැකි) ජනයන්ගේ අදහස් වශයෙන් මෛත්‍රි භාවනාව බහා නවඞ්ගසමන්තාගත යයි කියනලදි.

9. දෙවතා සුත‍්තවණ‍්ණනා

9. දේවතා සූත්‍ර වර්ණනාව

නවමෙ විප‍්පටිසාරිනියොති විප‍්පටිසාරිතං මඞ‍්කුභාවං ආපජ‍්ජිම‍්හ. හීනං කායන‍්ති උපරිදෙවලොකං උපාදාය හෙට‍්ඨිමො හීනොති වුච‍්චති. නො ච ඛො යථාසත‍්ති යථාබලං සංවිභජිම‍්හාති අත‍්තනො සත‍්තියා ච බලස‍්ස ච අනුරූපෙන සීලවන‍්තානං සංවිභාගං කත්‍වා න භුඤ‍්ජිම‍්හා.

නවවැන්නෙහි විප්පටිසාරිනියො යනු විපිළිසර බවට, වියවුල් බවට පැමිණියෙමු. හීනං කායං යනු මත්තෙහි දෙව්ලොව ගෙන යට පහත්යයි කියනු ලැබේ. නො ච ඛො යථාසත්ති යථාබලං සංවිභජිම්හ යනු තමන්ගේ ශක්තියට ද බලයට ද අනුරූප ලෙසින් සිල්වතුන් කොටස් කොට නොවැළදීමු.