යෙදුමෙන් කියවන්න

කුලොපගමන සුත‍්තං

9. 1. 2. 7.

9. 1. 2. 7.

කුලොපගමන සුත‍්තං

කුලෝපගමන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නවහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා නාලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා නාලං උපනිසීදිතුං කතමෙහි නවහි:

මහණෙනි, කරුණු නවයෙකින් සමන්‍වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:

න මනාපෙන පච‍්චුට‍්ඨෙන‍්ති, න මනාපෙන අභිවාදෙන‍්ති, න මනාපෙන ආසනං දෙන‍්ති, සන‍්තමස‍්ස පරිගූහන‍්ති, බහුකම‍්පි ථොකං දෙන‍්ති, පණීතම‍්පි ලූඛං දෙන‍්ති, අසක‍්කච‍්චං දෙන‍්ති නො සක‍්කච‍්චං, න උපනිසීදන‍්ති ධම‍්මසවණාය, භාසිතස‍්ස න රසීයන‍්ති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, නවහඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා නාලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා නාලං උපනිසීදිතුං.

මනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්‍ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්‍ම ශ්‍රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්‍ත්‍ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්‍වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.

නවහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා අලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා අලං උපනිසීදිතුං. කතමෙහි නවහි:

මහණෙනි කරුණු නවයෙකින් සමන්‍වාගත කුලය (පෙර) එළැඹ හෝ එළැඹීමට සුදුසු ය. එළැඹ හෝ හිඳිනට සුදුසු ය. කවර නවයෙකින යත්:

මනාපෙන පච‍්චුට‍්ඨෙන‍්ති, මනාපෙන අභිවාදෙන‍්ති, මනාපෙන ආසනං දෙන‍්ති, සන‍්තමස‍්ස න පරිගූහන‍්ති, බහුකම‍්පි බහුකං දෙන‍්ති, පණීතම‍්පි පණීතං දෙන‍්ති, සක‍්කච‍්චං දෙන‍්ති නො අසක‍්කච‍්චං, උපනිසීදන‍්නි ධම‍්මසවණාය, භාසිතස‍්ස රසීයන‍්ති.

මැනැවින් හුනස්නෙන් නැගී පෙරගමන් කරත්. මැනැවින් අභිවාදනා කෙරෙත්, මැනැවින් අසුන් දෙත්, ඔහුට ඇති දෑ නො සඟවත්, බොහෝ ඇතිවත් බොහෝ කොට දෙත්. පිණී දෑ ඇතිවත් පිණී දෑ ම දෙත්. සකස් කොට දෙත් නො සකසා නො දෙත්, දහම්ඇසීමට ළඟ හිඳිත්, භාෂිතයාගේ රසවිඳිමින් සතුටු වෙත්.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, නවහඞ‍්ගෙහි සමන‍්නාගතං කුලං අනුපගන‍්ත්‍වා වා අලං උපගන‍්තුං, උපගන‍්ත්‍වා වා අලං උපනිසීදිතුන‍්ති.

මහණෙනි, මේ නව කරුණින්, සමන්‍වාගත කුලය නො එළැඹ හෝ එළැඹුමට සුදුසු ය. එළැඹ හිඳිනට හෝ සුදුසු යි.