යෙදුමෙන් කියවන්න

සඤ‍්ඤා සුත‍්තං

9. 1. 2. 6.

9. 1. 2. 6.

සඤ‍්ඤා සුත‍්තං

සඤ්ඤා සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

නව ඉමා භික‍්ඛවෙ, සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිංසා අමතොගධා අමතපරියොසානා. කතමා නව?

මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත වූවාහු, බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්. කවර නවයෙක් යත්:

අසුභසඤ‍්ඤා, මරණසඤ‍්ඤා, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤා, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා, අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාග සඤ‍්ඤා. ඉමා ඛො භික‍්ඛවෙ, නව සඤ‍්ඤා භාවිතා බහුලීකතා මහප‍්ඵලා හොන‍්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.

අසුභසඤ්ඤා ය, මරණ සඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුඃඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්.