ගණ්ඩොපම සුත්තං
9. 1. 2. 5.
9. 1. 2. 5.
ගණ්ඩොපම සුත්තං
ගණ්ඩොපම සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
සෙය්යථාපි භික්ඛවෙ, ගණ්ඩො අනෙකවස්සගණිකො තස්සස්සු නව වණමුඛානි නව අභෙදනමුඛානි, තතො යං කිඤ්චි පග්ඝරෙය්ය අසුචිඤ්ඤෙව පග්ඝරෙය්ය, දුග්ගන්ධඤ්චෙව පග්ඝරෙය්ය, ජෙගුච්ඡියඤ්ඤෙව පග්ඝරෙය්ය. යං කිඤ්චි පසවෙය්ය අසුචිඤ්ඤෙව පසවෙය්ය, දුග්ගන්ධඤ්ඤෙව පසවෙය්ය, ජෙගුච්ඡියඤ්ඤෙව පසවෙය්ය.
මහණෙනි, නොයෙක් වස් ගණන් ඇති ගඬක් යම්පරිදි වේද, එයට නවවණ මුඛකෙනෙක් වෙත්. (කිසිවකු විසින් බිඳ නො කළ) කර්ම සමුත්ථිත වූම නව අභේදන මුඛ කෙනෙක් වෙත්. එයින් යම් කිසිවක් ම වෑහේ නම් අශුචි ම වෑහේ, දුගඳ ම වෑහේ, ජුගුප්සා කටයුතු ම වෑහෙයි. යම් කිසිවක් ම ගලා නම් අශුචි වූවක් ම ගලයි. දුර්ගන්ධ වූවක් ම ගලයි ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි.
’ගණ්ඩො’ති ඛො භික්ඛවෙ, ඉමස්සෙව චාතුම්මහාභූතිකස්ස කායස්ස අධිවචනං මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදනපරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස. තස්ස නව වණමුඛානි, නව අභෙදනමුඛානි, තතො යං කිඤ්චි පග්ඝරති අසුචිඤ්ඤෙව පග්ඝරති, දුග්ගන්ධඤ්ඤෙව පග්ඝරති, ජෙගුච්ඡියඤ්ඤෙව පග්ඝරති. යං කිඤ්චි පසවති අසුචිඤ්ඤෙව පසවති, දුග්ගන්ධඤ්ඤෙව පසවති, ජෙගුච්ඡියඤ්ඤෙව පසවති. තස්මාතිහ භික්ඛවෙ ඉමස්මිං කායෙ නිබ්බින්දථාති.
මහණෙනි, ‘ගණ්ඩ’ යනු සතරමහාභූතයෙන් උපන්, මවුපියන්ගේ ශුක්රශෝණිතයෙන් හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්යස්වභාව ඇති සුවඳ ඉලීම් හා පිරිමැදීම් සැහැවි කොට ඇති, භේදන හා විද්ධවංසනය ස්වභාව කොට ඇති මේ කයට ම නමෙකි. එයම ව්රණමුඛ නවයෙක, අභේදනමුඛ නවයෙකි. එයින් යම් කිසිත් ම වෑහේ නම් අශුචි වූවක් ම වෑහෙයි, දුර්ගන්ධ වූවක් ම වෑහෙයි, ජුගුප්සා කටයුත්තක්ම වෑහෙයි. යම් කිසිත් ගලා නම්, අශුචි වූවක් ම ගලයි, දුර්ගන්ධ වූවක් ම ගලයි, ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි. මහණෙනි, එහෙයින් ම මේ කායයෙහි උකටලී වවු.