යෙදුමෙන් කියවන්න

සමිද‍්ධි සුත‍්තං

9. 1. 2. 4.

9. 1. 2. 4.

සමිද‍්ධි සුත‍්තං

සමිද්ධි සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අථ ඛො ආයස‍්මා සමිද‍්ධි යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සමිද‍්ධිං ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:

එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුනට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:

‘කිමාරම‍්මණා සමිද‍්ධි, පුරිසස‍්ස සඞ‍්කප‍්පවිතක‍්කා උප‍්පජ‍්ජන‍්තීති? නාමරූපාරම‍්මණා භන‍්තෙති.

සමිද්ධිය, පුරුෂයාට සඞ්කල්පවූ විතර්‍කයෝ කුමක් අරමුණු කොට උපදනාහු දැයි? වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය.

තෙ පන සමිද‍්ධි, ක්‍ව නානත‍්තං ගච‍්ඡන‍්තීති? ධාතුසු භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කොතැන්හි නානාස්වභාවයට යෙත් දැයි.? වහන්ස, ධාතූන් කෙරෙහි ය.

තෙ පන සමිද‍්ධි, කිං සමුදයාති? ඵස‍්සසමුදයා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහු දැයි.? වහන්ස, ස්පර්‍ශ සමුදය කොට ඇතිය හ.

තෙ පන සමිද‍්ධි, කිං සමොසරණාති? වෙදනා සමොසරණා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ (එක් රැස්වීම ස්වභාව) කොට ඇත්තාහු දැයි. වහන්ස, වේදනාව සමවසරණකොට ඇත්තාහ.

තෙ පන සමිද‍්ධි, කිං පමුඛාති? සමාධිපමුඛා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු දැයි? වහන්ස, සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ.

තෙ පන සමිද‍්ධි, කිං ආධිපතෙය්‍යාති? සතාධිපතෙය්‍යා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහු දැයි? වහන්ස, ස්මෘතිය අධිපති කොට ඇත්තාහ.

තෙ පන සමිද‍්ධි, කිමුත‍්තරාති? පඤ‍්ඤුත‍්තරා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහු දැයි? වහන්ස, ප්‍රඥාව උතුරු කොට ඇතියහයි.

තෙ පන සමිද‍්ධි, කිං සාරාති? විමුත‍්තිසාරා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කුමක් සාරය කොට ඇත්තාහු දැයි? වහන්ස, විමුක්තිය සාර කොට ඇත්තාහ.

තෙ පන සමිද‍්ධි කිං ඔගධාති? අමතොගධා භන‍්තෙති.

සමිද්ධිය, ඔහු කිමෙක බැසගත්තාහු දැයි? වහන්ස, අමෘතයෙහි බැසගත්තාහයි.

කිමාරම‍්මණා සමිද‍්ධි, පුරිසස‍්ස සඞ‍්කප‍්පවිතක‍්කා උප‍්පජ‍්ජන‍්තීති? ඉති පුට‍්ඨො සමානො නාමරූපාරම‍්මණා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, පුරුෂයාගේ සඞ්කල්ප විතර්‍කයෝ කුමක් ප්‍රත්‍යය කොට උපදනාහුදැයි මෙසේත් පුළුවුස්නා ලදුයේ වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය’යි කියහි.

තෙ පන සමිද‍්ධි, ක්‍ව නානත‍්තං ගච‍්ඡන‍්තීති. ඉති පුට‍්ඨො සමානො ධාතුසු භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කො තන්හි නානාස්වභාවයට යෙත් දැයි පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ධාතූන් කෙරෙහි’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංසමුදයාති ඉති පුට‍්ඨො සමානො ඵස‍්සසමුදයා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ස්පර්‍ශය සමුදය කොට ඇතියහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංසමොසරණාති ඉති පුට‍්ඨො සමානො වෙදනා සමොසරණා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, වේදනා සමෝසරණ කොට ඇතියහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංපමුඛාති ඉති පුට‍්ඨො සමානො සමාධිපමුඛා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සමාධිප්‍රමුඛයහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංආධිපතෙය්‍යාති ඉති පුට‍්ඨො සමානො සතාධිපතෙය්‍යා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සතාධිපතෙය්‍යහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංඋත‍්තරාති ඉති පුට‍්ඨො සමානො පඤ‍්ඤුත‍්තරා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, පඤ්ඤුත්තරයහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංසාරාති ඉති පුට‍්ඨො සමානො විමුත‍්තිසාරා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් සාර කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, විමුත්තිසාරයහ’යි කියහි.

තෙ පන සමිද‍්ධි, කිංඔගධාති ඉති පුට‍්ඨො සමානො අමතොගධා භන‍්තෙති වදෙසි.

සමිද්ධිය, ඔහු කුමක් ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇතියහ’යි කියහි.

සාධු සාධු සමිද‍්ධි, සාධු ඛො ත්‍වං සමිද‍්ධි, පඤ‍්හං පුට‍්ඨො විස‍්සජ‍්ජෙසි තෙන ච මා මඤ‍්ඤීති.

සමිද්ධිය, මැනැව, මැනැව, තෝ පැණ පුළුවුස්නා ලදුයේ මොනොවට විසඳුයෙහි, ඉනුදු (අගසව්වකු ඇසූ පැණ විසැඳියෙමියි) මානය නො කෙළෙහි යි.